අත්සේදීම හා මුඛ ආවරණ පළඳින්නේ නම් පොත් ප්‍රදර්ශනයේදී කොරෝනා බියක් නෑ


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය  

(දයාසීලි ලියනගේ)  

අත්සේදීම හා මුඛ ආවරණ පැළදීම නිසි අධීක්ෂණයක් මත සිදුවෙන්නේ නම් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සහභාගි වෙන ජනතාවට කොරෝනා අවද‌ානම අවම කර ගැනීමට හැකි වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  

මීටරයක පරතරය පවත්වා ගැනීම මෙරට ප්‍රවාහන ක්‍රමයේත්, පාසල්වලින් පිටතත් වෙළෙඳ සැල්වලත් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේ මෙම පොත් ප්‍රදර්ශනයේදී පමණක් එවැනි පරතරයක් රැකගැනීම ප්‍රායෝගික කරුණක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.  


 කොරෝනා වසංගත තත්ත්වය සමාජගත වී නැතත්, ආරක්ෂාවීම සුදුසු බව ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.  


මෙම පොත් ප්‍රදර්ශනයට අති විශාල ජනතාවක් රැස්වෙන නමුත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම් අවද‌ානම අවම කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.  


අත්සේදීම හා මුඛ ආවරණ පැළඳ සිටීම හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නම් එය ප්‍රමාණවත් බව ද ඔහු කීය.