අගමැති හෙට උතුරේ සංචාරයක


(දයාසීලි ලියනගේ)  

උතුරු පළාතේ ක්‍රියාත්මක වෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක යෙදේ.  

උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද නැවත පදිංචි කිරීම්, නිවාස ඉදිකිරීම්, ඉඩම් මුදාහැරීම්, රැකියා හා යටිතල පහසුකම් සැපයීම යනාදී කටයුතු පිළිබඳ විමර්ශනය කර සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.  


මෙම සංවර්ධන කටයුතුවල වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාන පරීක්ෂා කිරීමට අමතරව ඒ ඒ අංශවලට අදාළ නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමට ද අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කෙරේ.  


උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මන්ත්‍රීවරුද මෙම සංචාරයට සහභාගිවීමට නියමිතව ඇත.