අගමැති සමග අප ගියේ පෞද්ගලික සාකච්ඡාවකට නොවෙයි


දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්  

  • අප පෙනී සිටින්නේ සමස්ථ ජාතිය වෙනුවෙනුයි 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

අග්‍රාමාත්‍යවරයා සහ තම සන්ධානය අතර පැවති සාකච්ඡාව කිසිසේත්ම පෞද්ගලික අවශ්‍යතා මත සිදුවූවක් නොවන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.  

ඇතැම් පිරිස් දෙමළ සන්ධානය ජාතිවාදී සන්ධානයක් බව පැවසුව ද, තමන් සෑම විටම සමස්ථ ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.  
කොරෝනා වයිරසයෙන් උතුරු නැගෙනහිර මෙන්ම සමස්ථ ජනතාවම ආරක්ෂා කිරීම තම සන්ධානයේ ද වගකීම බව ඔහු සඳහන් කළේය.  


අගමැතිවරයා සමග පසුගිය සතියෙ පැවැති සාකච්ඡාවේදී සමස්ථ ලංකාවාසී ජනතාවට බලපාන කරුණු සාකච්ඡා කර තිබේ.  


දෙමළ ජාතික සන්ධානය ජාතිවාදී සන්ධානයක් බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා පක්ෂ, පාට, කුල, ආගම් ආදිය අමතක කර එකා මෙන් පෙනී සිටින බව ද එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.