අගමැති මහින්ද මහ ඡන්දයට ගම්පහින්?


(නාලක සංජීව දහනායක)   

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් වෘත්තීයවේදීන් හා භික්‍ෂූන් වහන්සේලා අග්‍රාමාත්‍යවරයා සමග දැනටමත් සාකච්ඡා කර ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.   අග්‍රාමාත්‍යවරයා 2015 මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරමින් මනාප ඡන්ද 423,529 ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. 

 
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බහුජන නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කිරීමේ සූදානමක් ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරිය ගම්පහ දිස්ත්‍රික්කයට ද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කලුතර දිස්ත්‍රික්කයට ද තරග කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.