16 දෙනාගේ හෘද සාක්ෂිය රැස්වීම් දෙකකින් අවසන්


(අජන්ත කුමාර අගලකඩ)  

අා​ණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘හෘද සාක්ෂියේ නිදහස’ සම්මන්ත්‍රණ මාලාව නතර කර ඇත.    

එම මන්ත්‍රීවරුන් කණ්ඩායම එ්කාබද්ධ විපක්ෂය සමඟ එක්ව සිටින බැවින්, වෙනම රැස්වීම් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති නිසා මෙම පියවර ගත් බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.   


මින් ඉදිරියට පවත්වන උද්ඝෝෂණ, රැස්වීම්, සම්මන්ත්‍රණ  සියල්ලම පවත්වන්නේ මන්ත්‍රීවරුන් 70 දෙනාම එක්වූ ඒකාබද්ධ විපක්ෂය ලෙස බවද ඔහු සඳහන් කළේය.  


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම හෘද සාක්ෂියේ නිදහස නමින් සංවත්සර මාලාවක් මාතරින් ආරම්භ කළ අතර එහි දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේදී පැවැත්විණි.  


ඉන් පසුව එහි කිසිදු සම්මන්ත්‍රණයක් නොපැවැත්වෙන අතර, මින් ඉදිරියටද එය නොපැවැත්වීමට තීරණය කර අැත.