15 වසරක් අඛණ්ඩව ජන හද දිනූ වගයි


 

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජාතික පුවත්පතට හිමි සම්මානය අඛණ්ඩව 15 වැනි වරටත් දිනා ගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රකාශන වන දිනපතා ලංකාදීප සහ ඉරිද‌ා ලංකාදීප පුවත්පත් සමත් විය.  
 කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 23 වැනි අඟහරුවාද‌ා රාත්‍රී පැවැති ‘ස්ලිම් පීප්ල්ස් එවෝඩ්ස් 2021’ සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ඉරිද‌ා ලංකාදීප ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත සහ දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය ප්‍රධාන උපකර්තෘවරයකු වන සුගත් රබෙල් යන මහත්වරුන්ට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් එම සම්මානය පිරිනමන අයුරු.  


 (ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)