පැය නවයේ විදුලිය විසන්ධියෙන් පාඩුව කෝටි 500 ඉක්මවලා?


 

(දයාසීලි ලියනගේ)  

පැය නවයක කාලයක් දිවයින පුරා විදුලිය ක්‍රියාවිරහිත වීම නිසා රටට සිදුවූ ආර්ථික හානිය රුපියල් කෝටි 500ක් ඉක්මවා ඇති බව විදුලිය ජනන ඇස්තමේන්තුවලට අනුව වාර්තා වේ.  

විදුලිය ජනන ඇස්තමේන්තුවලට අනුව විදුලිය කිලෝවොට් එකක් ලබා නොදීමෙන් සිදුවෙන පාඩුව රුපියල් 150 ක් බව විදුලිය ජනන ඇස්තමේන්තු සඳහන් කරයි.  


පැයක කාලයක් සඳහා විදුලිය ඉල්ලුම ඒකක මිලියන 2ක් වශයෙන් ගණන් බලා ඇත.  
 ඒ අනුව පුද්ගලයන්ට සිදුවෙන වෘත්තිමය පාඩුව, විකල්ප විදුලිය සඳහා වැය කිරීම්, රටේ සමස්ථ ආර්ථික කටයුතු නතර වීමෙන් ඍජුව හා වක්‍රව සිදුවෙන බලපෑම, ප්‍රවාහනයට සිදුවෙන බලපෑම ආදී වශයෙන් වූ අංශවලට සිදුවී ඇති පාඩුවට අනුව මෙම විදුලිය විසන්ධි වූ කාලය තුළ රටට සිදු වී ඇති ආර්ථික හානිය රුපියල් කේටි 500 ඉක්මවා ඇති බව සඳහන් වේ.  
 මහජන උපයෝගිතා කොමිසමේ විදුලිය ජනන ඇස්තමේන්තුවලට අනුව මෙම පාඩුව ගණන් බලා තිබෙන බව විදුලිය බල අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.