​මෙලනියාට හැදුණු ගොසිප්


Hot Gossip
උණුසුම් ඕපාදූප

 

මෙලනියා පාඩුවේ සිටි යුවතියකි. ස්ලෝවේනියාවේ උපන් අෑ එරට සරසවියට බැඳී උපාධියක් ද ලබාගත්තාය. එ් විතරක් නොවේ. ඉංග්‍රීසි, ප්‍රංශ ඇතුළු භාෂා පහක් කතා කරන්නටද සමත් වූවාය. මේ කෙල්ල 1990 අවුරුද්දේදී නිව්යෝර්ක් නුවරට ආවේ නිරූපිකාවක ලෙස රැකියාවක් කරන්නටය.  


ඒ වනවිට විසි හැවිරිදි යුවතියක වූ මෙලනියා හැඩකාරියක වූවාය. දුටුවන් පළමු බැල්මෙන්ම වසඟ කරගන්නට තරම් හැඩකාර වූ ඇයට ඇමෙරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම ජනප්‍රියත්වය හිමි කරගත් වෝග් සඟරාවේ කවරය සැරසීමට වරම් ලැබුවාය. 
 
ගැහැනුන්ගේ පින හැංගී ඇත්තේ කුණු මුල්ලේ යැයි කියති. ඒ කියමනේ විදිහටම මෙලනියාගේ පින ඵලදෙන්නට පටන් ගත්තේය. වෝග් සඟරාවේ කවරය සරසන මෙලනියාගේ රුව දුටු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ සිත ඇය වෙත යොමුවිය.   


ඒ වනවිට කසාද බැඳ දුවා දරුවන් ලබා සිටියත්, ඩොනල්ඩ්ට තම සිත පාලනය කරගත නොහැකි විය. මෙලනියා ඔහුගේ හිත උමතු කළ නිසාය.  


එබැවින් 2005 වසරේදී සුරංගනා කතාවක් ලියා තබමින් ඩොනල්ඩ් - මෙලනියා විවාහය සිදු විය. මේ විවාහයට බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් පවා සහභාගී වූයේ බිල් ද ට්‍රම්ප්ගේ ජාතියේ මනමාලයකු වූ නිසාම නො​ෙව්. ඔවුන් දෙන්නාගේම පංතිය එකක් වූ බැවිනි.  


මේ විවාහය ගැන පුවත ලෝකයට යන්නට එක හේතුවක් වූයේ එයට බිල් ක්ලින්ටන් සහභාගී වීමය.  


එසේ වුවත් මෙලනියා ගැන ගොසිප් මවන්නට තරම් කාරණා ප්‍රබල වූයේ නැත.  


එහෙත් අද මෙලනියා තරම් ගොසිප් හැදෙන ගැහැනියක් එක්සත් ජනපදයේ නැති තරම්ය. අැයට ගොසිප් හැදෙන්නට පටන් ගත්තේ ඇගේ සැමියා ඩොනල්ඩ් ඩ්‍රම්ප් කොහේදෝ සිට එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කලඑළි බැසීමත් සමඟය.  


හිලරි ක්ලින්ටන් සමඟ කරට කර තරග වදිද්දී ඩොනල්ඩ්ට පමණක් නොව ඔහුගේ හැඩකාර දඟකාර තරුණ බිරින්දෑට ද ගොසිප් නිර්මාණය විය. 

 
ඒ ගොසිප්වලින් ටිකක් අද ‘රසවිතේ’ ලියා තබමු.  

 

 

ලිංගික ව්‍යාපාර  


මෙලනියා නිරූපිකාවකි. නිරූපිකාවක වූ විට බිකිනි ඇඳුමෙන් සැරසෙන්නට පවා සිදුවෙයි. බොහෝ විට ඊටත් එහා ගොස් නිරුවතින් පෙනී සිටින්නටද සිදුවෙයි. මෙලනියාද ඒ කාලයේ විවිධ සඟරාවලට අඩ නිරුවතින්ද නිරුවතින්ද පෙනී සිටියාය. එසේ පෙනී සිටි පින්තූර අතරින් මැක්ස් සඟරාවේ කවරයක පළවූ අඩ නිරුවත් ඡායාරූපය බොහෝ ජනප්‍රිය විය. නිරුවත් යටිකය තුවා කෑල්ලකින් වසාගෙන සිටි මේ ඡායාරූපය එළියට දැමූ මැක්ස් සඟරාව විතරක් නොවේ, තවත් බොහෝ සඟරාවල මෙලනියාගේ නිරුවත් ඡායාරූප පළවිය. වරක් පළවූ පිංතූරයක මෙලනියා සහ තවත් යුවතියක උඩුකය නිරුවත්ව එකිනෙකා වැලඳගෙන සිටියෝය. මේ ඡායාරූපය කලාත්මක එකක් වූයේ ද නැත.  


මෙවැනි ඡායාරූප නිසා මෙලනියාට ගොසිප් සෑදීම ඉතාම පහසු කාරණාවක් වූයේය. මේ ඔක්කොම පිංතූර ටික එකවර පළකළ ඩේලිමේල් වෙබ් අඩවිය, මෙලනියා ලිංගික ව්‍යාපාරවල නිරත වූ කාන්තාවක බව හෙළිදරව් කළේය. ඒ විතරක් නොවේ, ඒ ලිංගික ව්‍යාපාර නීති විරෝධී එ්වා බවට ද හංවඩු ගැසුවේය.  


ජනාධිපති අපේක්ෂකයාගේ බිරිඳගේ මෙවැනි අවකල් ක්‍රියා මුළු රටටම කැළල් විය හැකි බැවින් ඒවා ට්‍රම්ප්ගේ ඡන්දවලට ඍජුවම බලපෑවේය.  

 

පුරවැසිකම

 
මේ එක්කම මෙලනියාගේ පුරවැසිකම ද කරළියට පැමිණි ගොසිප් එකක් වූවේය.  


ස්ලෝවේනියාවේ සිටි මෙලනියා එක්සත් ජනපදයට ආවේ නිරූපිකාවක ලෙස කටයුතු කරන්නටය. ඇය ආවේ සංචාරක වීසා රැගෙනය. ඇත්ත වශයෙන්ම ඇය ග්‍රීන් කාඩ් අයදුම් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉල්ලා සිටියාය. එහෙත් එම අවස්ථාව ඇයට ලැබුණේ එක්සත් ජනපදයට පැමිණ සිව් වසරකට පසුවය. හැබැයි ඇය ට්‍රම්ප් හා විවාහ වෙන්නට කලින් පුරවැසිකම ලැබී තිබුණි. එහෙත් ගොසිප් කාරයන් කියා සිටියේ මෙලනියා ට්‍රම්ප් හා විවාහ වනවිට ඇය එක්සත් ජනපද පුරවැසියකුව නොසිටි බවය.  


මෙවැනි බරපතළ මඩ ප්‍රචාර අතරින් මෙලනියාට නරකට බලපෑ ගොසිප් එක වූයේ ඇය ලිංගික ව්‍යාපාරවල යෙදුණු බවය.  


ඒ ලිංගික ව්‍යාපාර අතරේ නිරුවතින් ඡායාරූපවලට ​ෙපනී සිටීම මෙන්ම අනාචාරයේ හැසිරීමද විය.   


එහෙත් මෙලනියා ලිංගික ව්‍යාපාරවල යෙදුණු කෙල්ලක වූයේ නැත. අැය නිරූපිකාවක ලෙස නිරුවතින් ඡායාරූපවලට පෙනී සිටියා පමණකි.  


මේ නිසා තමා ලිංගික ව්‍යාපාරවල යෙදුණු බවට ගොසිප් පළකළ ඩේලිමේල් වෙබ් අඩවියට එරෙහිව ට්‍රම්ප්ලා නඩු පැවරුවේය. ඔවුන් ඉල්ලා සිටි වන්දිය ඩොලර් මිලියන එකසිය පනහකි.  

 


ධවල මන්දියේ විස්මය  


කෙසේ හෝ එක්සත් ජනපදයේ ජනාධිපති වීමට වාසනාව ලැබුවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහුත් සමඟ මෙලනියාත් ඔවුන්ගේ පුතුත් ධවල මන්දිරයට ගියෝය. එදා ඔවුන්​ෙග් ඇස් විස්මයෙන් ලොකුව තිබිණි. අැත්ත වශයෙන්ම ධවල මන්දිරය ඔවුන්ට පුදුමයකි.  


මේ ඡායාරූපයත් සමඟ නිර්මාණය වූ ගොසිප්වල යටින් වූයේ පුංචි පහේ අවමානයකි.  


ජෙනිපර්, මෙලනියා වෙන්න හදයි.  


මෙලනියා එක්සත් ජනපදයේ පළමු කාන්තාව බවට පත්වීමත් සමඟ ඇයට ලැබුණු ඉල්ලුම වැඩි විය. ආකර්ෂනයද ඉහළ ගියේය. මේ සමඟ සුපතළ නිළි ජෙනිෆර් ලෝපස් තමන්ගේ හැඩරුව මෙලනියාගේ රුවට සමාන කර ගන්නට ප්ලාස්ටික් සැත්කමකට බඳුන්වෙන බවට ගොසිප් කාරයෝ පචයක් කිව්වෝය.  

 


දෙන්නා දෙපැත්තට  


ඊට ටික කලකට පසුව තවත් අමුතු ගොසිප් එකක් නිර්මාණය විය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් වෙන්වෙන්නට සූදානම් වෙන බවටය. මේ වෙන්වීම සිදුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට යාමත් මෙලනියා සහ පුතු බැරන් ධවල මන්දිරයට නොයෑමත් නිසාය. ගොසිප්වලට මුල් තැන දෙන ටැබ්ලොයිට් සඟරා මේ පුවත තලු මර මරා පළ කළේ එමගින් සඟරාවේ අලෙවිය වැඩි වන බව දන්නා නිසාය.  

 


පරණ පෙම්දම  


මෙලනියා නිව්යෝක් නුවරට පැමිණි පසුව නිරූපිකාවක ලෙස කටයුතු කරද්දී අැයට ඡායාරූප ශිල්පියකු මුණ ගැසිණි. ස්ටේන් ජර්කන් නම් වූ මේ ඡායාරූප ශිල්පියා සමඟ මෙලනියාගේ ලොකු හිතවත්කමක් අැතිවිය. තමන්ගේ රූසිරි ඡායාරූප මගින් ලෝකයට රැගෙන යන්නේ ඡායාරූප ශිල්පීන් වන නිසාය. එහෙත් ගොසිප් කාරයෝ මේ සම්බන්ධය ඉපැරැණි පෙම් දමක් ලෙස හුවා දැක්වූහ. එහෙත් ඒ කතාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පතිනිය ලෙසත් සය හැවිරිදි දරුවකුගේ මවක ලෙසත්, මෙලනියාගේ චරිතයට හානි කරන්නකි.   

 


තාත්තා කොමියුනිස්ට්  


එක්සත් ජනපදයට කොමියුනිස්ට්වාදය වහ කදුරුය. කොමියුනිස්ට් ධර්මයට එරෙහිව ඕනෑම දෙයක් කරන්නට තරම් එක්සත් ජනපදය සූදානම්ය. එවැනි රටක ජනපතිගේ බිරිඳ උග්‍ර කොමියුනිස්ට් කාරයෙකුගේ දියණියක වීම හොඳම හොඳ ගොසිප් එකකි. ගොසිප් කාරයෝ මේ ප්‍රවෘත්තිය හුවා දැක්වූයේ මෙලනියාගේ තාත්තාගේ කොමියුනිස්ට් උණ බොහෝ දරුණු එකක් බවට පත් කරමිනි.   

 

උපත එතෙරක  

 


එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ වසර දෙසීයක ලැයිස්තුව ගත් විට ඒ හැම ජනාධිපතිවරයකුගේම බිරිඳ එක්සත් ජනපදයේදී උපත ලැබූවන්ය. එහෙත් ඒ ගෞරවණීය ඉතිහාසය කැළැල් කරමින් මෙලනියා ට්‍රම්ප් එක්සත් ජනපදයෙන් ඈත ක්‍රොඒෂියාවට යාබද වේනියාවේ උපත ලද කාන්තාවක වූවාය.  


ජනාධිපතිවරණ කලබල කාලයේදී මේ ප්‍රවෘත්තියද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද කැඩිය හැකි තුරුම්පුවක් විය. 

 
මෙලනියාට පටබැඳුණු ගොසිප් එච්චරක් නොවේ. හෙටත් තවත් බොහෝ ගොසිප් ඇයට පැටබැඳෙනු ඇත්තේය.

හැබැයි මෙලනියා, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉක්මවා ගොස් ජනාධිපතිකම තම අතට අරගන්නා ජාතියේ කාන්තාවක නොවේ.

ඇය බොහෝ විට පාඩුවේ සිටින ගැහැනියකි. ඇයට හැදෙන ගොසිප් ප්‍රමාණාත්මකව අඩුවෙන්නට ඇගේ මේ හැදියාව සමත් විය හැකිය.   

 


එහෙත් ගොසිප්වලින් තොර ‘තරු’ කලා ලෝකයේද දේශපාලන ලෝකයේද පායන්නේම නැති බව මතක තබාගන්න!  

 

 

 

 

 

 

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන