හරිස්චන්ද්‍රට රජකම අහිමිකළ විශ්වමිත්‍ර ඉසිවරයා


භාරත දේව සභාව

හරිස්චන්ද්‍ර රජු තම රාජ්‍යයට මෙන්ම රට වැසියාටද බෙහෙවින්ම ආදරය කළේය. සිය සුඛවිහරණයට වඩා රට වැසියාගේ සමෘද්ධිය, සතුට සහ යහපත ගැනම සිතුවේය. ඒ නිසාම සමස්ත රාජ්‍යයේම වැසියන් හරිස්චන්ද්‍ර රජු කෙරෙහි දැක්වූයේ අවංක ආදරයකි. ගෞරවයකි.
   
දිනක් හරිස්චන්ද්‍ර රජු දඩකෙළියේ ගියේය. මහා වනයකට ඇතුළු වූ රජු මුවකු ලුහුබැඳයෑම පටන් ගත්තේය. එහෙත් ඒ මුවා එක්වරම වන ගොමුවක් අසලින් නොපෙනී ගියේය.
   
‘‘උදව් කරන්න මට උදව් කරන්න’’   
වන ගැබ දෙබෑ කරමින් ඇසුණු ඒ විලාප නාදය, හරිස්චන්ද්‍ර රජු කම්පනයට පත් කළේය.   
දඩ කෙළිය අමතක කළ රජු හිටිතැනම හිටගත්තේය.   
උදව් ඉල්ලා කෑ ගැසූ තැනැත්තා සොයා ගොස් ඔහුට පිහිට විය යුතු බව කල්පනා කළ රජු වහාම කෑ ගැසීම ඇසුණු ඉසව්වට දිවගියේය.   
දුන්නත් අතින් ගෙන දිවගිය ඔහු හඬ ආ ඉසව්වෙන් නැවතුණේය. ‘‘කව්ද උදව් ඉල්ලලා කෑ ගැහුවේ. කාටද උදව් ඕනෑ?’’
රජු මහ හඬින් විමසුවේය.   
එහෙත් නිහඬතාවම විනා කිසිදු පිළිතුරක් නොලැබිණි.   
රජු මොහොතකට වික්ෂිප්ත විය.   
“මේක වෙන්ඩ බැරි වැඩක්නෙ. මට හොඳටම ඇහුණනේ කවුරු හරි උදව් ඉල්ලල කෑ ගහනවා’’   
තමාටම කියාගත් රජු, නැවත වතාවක් වනාන්තරය මැද්දට සිය දෙනෙත් යැව්වේය.   
තුරු ගොමුවක යම් කිසිවෙක් නිහඬව වාඩි වී සිටිනු රජුට පෙනිණි.   
මේ මනුස්සයා මට විහිළු කළාවත්ද උදව් ඉල්ලලා බෙරිහන් දීලා. දැන් සද්ද නැතුව ඉන්නව වගේ’’   
රජු කීවේ කේන්තියෙනි. ඔහු වහා අර මායාකාරයා ළඟට ගියේය.   
ඔබද උදව් ඉල්ලලා බෙරිහන් දුන්නේ?   
රජු කෝපයෙන් විමසුවේය   
​“මොකක්ද ඔබට උවමනා උදව්ව? ඉක්මනට කතා කරන්න.”   
භාවනාවට සමවැදී සිටි විෂ්ණු ඉසිවරයාට රජුගේ කෝප වදන් කරදරයක් විය. දෑස විවර කළ ඔහු කෝපයෙන් රජු දෙස බැලුවේය.   
ඔබ මගේ භාවනාවට කරදර කරන්නේ ඇයි?   
ඉසිවරයා, රජුගෙන් විමසුවේය.   
රජු වික්ෂිප්ත විය. වහාම දිවගොස් ඉසිවරයාගේ දෙපාමුල දණ ගැසූ රජු සමාව යැද්දේය.   
‘‘සමාවෙන්න. මට සමාවෙන්න. ඔබේ භවනාවට මගෙන් බාධා සිදුවීම අමතක කර දමන්න’’   
රජු කීවේය.   
එහෙත් ඉසිවරයා එලෙස පහසුවෙන් සමාව දෙන පුද්ගලයකු නොවේ. තම භාවනාවට බාධා කිරීමේ වරදට ශාප කරන තරමේ කේන්තියක් ඉසිවරයා තුළ තිබිණි.   
“මම බලගතු දෙවියකු වෙනුවෙන් යාච්ඤා කරමිනුයි සිටියේ. නමුත් තොප එ් යාච්ඤාවට බාධා කළා’’   
ඉසිවර විශ්වමිත්‍ර කෝපයෙන් රතු වූ දෙනෙතින් රජු දෙස බැලුවේය.   
“මට සමාවෙන්න. යම් කිසිවෙක් උදව් ඉල්ලා කෑ ගැසුවා. මම මෙහි දිව ආවේ ඒ නිසා. එසේ නැතුව ඔබට බධා කිරීමට නොවේ’’   
රජු යළිදු පැහැදිලි කළේය.   
“බෑ ඔබට සමාව දීමට බැහැ. ඔබ කළේ බරපතළ වරදක්.”   
ඉසිවරයා ගැඹුරු හඬින් පැවසුවේය.   
රජු බියපත්ව ගැඹුරු හුස්මක් ගත්තේය. දැන් තමන්ට මේ ඉසිවරයා කරන ශාපයකට ගොදුරුවීමට සිදුවනු ඇතැයි යන බිය රජු තුළ තිබිණි.   
“මේ ඉසිවරයා වෙනුවෙන් ඔබට මොනවද දෙන්නට හැකි?”   
ඉසිවර විශ්වමිත්‍ර ඍජු හඬින් විමසුවේය.   
හරිස්චන්ද්‍ර රජු මඳ සිනාවක් පෑවේය.   
තමන්ට බරපතළ ශාපයක් කරතැයි හිතේ වූ බිය මේ ඉල්ලීමෙන් පහව ගියේය. රජුගේ දෙතොලග සිනාවක් ඇඳුණේ එබැවිනි.   
‘‘ඔබ සතු සියලුම දේ මට ලැබිය යුතුයි’’   
ඊළඟ මොහොතේ ඉසිවරයා පැවසුවේය. මොහොතක් වික්ෂිප්තව බලා සිටි රජු ඊළඟ මොහොතේ සිනාසුනේය. ඔහු ආධ්‍යාත්මික වශයෙන් බලවත් අයකු මිස යස ඉසුරු සම්පත් පොදි බැඳගත් රජකු නොවන නිසාය. එබැවින් ඔහුට තවත් කෙනෙකු වෙනුවෙන් දෙන්නට කිසිවක් තිබුණේ නැත.   
‘‘හොඳයි මා සතු සියලු සම්පත් මා ඔබට දෙන්නම්’’   

 

රට වැසියෝ කඳුළු පිරුණු ඇස්වලින් රජු දෙස බලා සිටියහ. එහෙත් ඉසිවර විශ්වමිත්‍ර සැරයටිය ඔසොවා රටවැසියන් ඔවුන්ගේ පැල්පත්වලටම පලවා හැරියේය.   


රාජධානියෙන් පිටමං වූ හරිස්චන්ද්‍ර රජු වහලකු ලෙස ජීවිතය ඇරඹීය. ඔහුට වහල් මෙහෙය කරන්නට සිදුවූයේ මිනී කනත්තකය. මළවුන්ට වළවල් කැපීම, මිනී වළ දෑම, පැරැණි මිනී වළවල්වලින් මිනී කටු ආදිය ඉවත් කිරීම ආදී වැඩ කන්දරාවක් කර රාත්‍රිය කනත්තේ ගත කිරීමටද ඔහුට සිදුවිය.  


රජුගේ බිසවට නිවෙසක මෙහෙකාර වැඩ කරන්නට සිදු වූ අතර උදේ දවල් රෑ කියා වෙනසක් නොවීය. පුංචි පුත් කුමරුන්ටද වහලකු ලෙස වැඩ කරන්නට සිදුවිය.   


මේ අතර සර්පයකුගේ දෂ්ඨයකට ගොදුරු වූ පුත් කුමරා සර්ප විෂෙන් මිය ගියේය.  


හරිශ්චන්ද්‍ර රජුට ලැබූ මේ දූර් දෛවය ගැන කම්පාවුවන් අතර දෙව්වරුද සිටියහ. විශ්ව දෙව්වරු පස්දෙනෙක්, මේ ගැන කතාකරනු පිණිස ඉසිවර විශ්වමිත්‍ර හමුවන්නට තීරණය කළහ.  

 

 


රජු සිනාසෙමින් පැවසුවේය.   
ඉසිවරයා හිස සැලුවේය.   
‘‘එසේ නම් ඔබේ රාජධානිය මේ මොහොතේ පටන් මගේයි’’   
රජු පුදුමයට පත්විය.   
සියලු සම්පත් අතැර දා වන වැදී නිදහසේ බවුන් වඩන ඉසිවරයකු රාජ්‍යයක් ඉල්ලීම විහිළුවකි.   
රජු, ඉසිවර විශ්වමිත්‍ර දෙස සිනාසෙමින් බලා සිටියේ ඉසිවරයා විහිළුවක් කරනවා යැයි සිතාගෙනය.   
‘‘එසේ නම් වහාම ඔබේ බිරිඳ සහ පුතු සමඟ මේ රාජධානියෙන් පිටවන්න’’   
විශ්වමිත්‍ර ඉසිවරයා අණකළේය.   
ඉසිවරයා මේ කරන්නේ විහිළුවක් නොවන බව වටහාගත් රජු වහාම වනාන්තරයෙන් පිටවිය. තම මැදුරට ගිය ඔහු බිසව සායියා සහ කුමරු  රෝහිතසේවාට තමාට සිදු වූ දෙය විස්තර කළේය.   
“දැන් අපිට රාජධානියෙන් නික්මෙන්නට සිදුවෙනවා’’   
ඒ පුවත ඇසූ සායියා රැජින කම්පාවටද බියටද පත්වූවාය. මෙතෙක් කලක් රජ සැප විඳ ඒ සැපසම්පත් සියල්ල අතැර රාජධානියෙන් පිටවන්නේ කෙසේද? ඉනික්බිති ජීවත්වන්නේ කෙසේද? යන්න ඇය කල්පනා කළාය.   
‘‘ඉක්මන් කරන්න දේවිය’’   
හරිස්චන්ද්‍ර රජු පැවසුවේය.   
අවසානයේදී මැණික් ගල් කිහිපයක් ආභරණ ආදිය පොදි බැඳගෙන බිසවද පුත් කුමරුද සමග හරිස්චන්ද්‍ර රජු මාළිගයෙන් පිටමං විය.   
ඔවුහු රාජ්‍යයේ දේශසීමාව බලා යන්නට යද්දී, නැවත වරක් විශ්වමිත්‍ර ඉසිවරයා හමුවිණි.   
‘‘රජුනි, මට කහවනු කිහිපයක් අවශ්‍යයි. ඔබ මැදුරේ තිබුණු සියලුම කහවනු ඔය මල්ලේ බහාගෙන යන හැඩයි’’   
රජු දෙපසට හිස සැලුවේ නැතැයි හැඟ​ෙවන්නටය.   
“මා සතුව එක් කහවනුවක් වත් නැහැ. මා රට වැසියන්ගේ යහපත සහ සමෘද්ධිය ගැන බැලුවා මිස රටේ තිබෙන එක් කහවනුවක්වත් ඉතිරි කරගත්තේ නැහැ. ‘මා සතුව ඇත්තේ මගේ සිරුරම පමණයි’’   
ඉසිවරයා රජු දෙස බැලුවේ කෝපයෙනි.   
“නමුත් මට කහවනු අත්‍යවශ්‍යයි.”   
“හොඳයි මම මතු දවසක ඔබට කහවනු දෙන්නම්”   
‘‘මතු යම් දවසක?’’   
ඉසිවරයා සිනාවක් පෑවේය. ‘‘මට අවශ්‍ය නිශ්චිත කාලයක්’’   
“හොඳයි මට මසක් කල් දෙන්න’’   
රජු කීවේය   
“මසක්? හොඳයි පිටවෙන්න.”   
ඉසිවර විශ්වමිත්‍ර අත වූ සැරයටිය වැනුවේය.   
හරිශ්චන්ද්‍ර රජු බිසව සහ කුමරු සමග යළි ගමන ඇරඹූහ. තමන්ට එල්ල වූ දුර් දෛවය ගැන කම්පාවෙමින් හෙමින් පියවර තැබූ රජු දෙස රට වැසියෝ බලා සිටියහ. තමන්ගේ ආදරණීය රජතුමා රාජ්‍යය අතහැර යන බව කටින් කටට ගියේය. අන්තිමේදී ඒ පුවත කන වැකුණු රටවැසියෝ රජුගේ ගමන වළකාලමින් රජු වටකරගත්හ.   
“අප තනිකර රාජ්‍යයෙන් පිටමං නොවන්න.”   
රට වැසියෝ රජුගේ ගමන් මඟ හරස් කරමින් කීහ.   
සිදු වූ සිද්ධිය රටවැසියන්ට විස්තර කරන්නට රජුට අවශ්‍ය විය. ඔහු ගමන නවතා, රට වැසියන් අමතන්නට අදහස් කළේය.   
එහෙත් එවිටම විශ්වමිත්‍ර ඉසිවරයා රජු ඉදිරියේ පෙනී සිටියේය.   
‘‘මා ඔබට කීවේ මේ රාජ්‍යයෙන් පිටමං වන්නට. නමුත් ඔබ රට වැසියන් පිරිවරාගෙන ඒ ගමන පමා කිරීමට හෝ වළක්වාලීමට උත්සාහ කරනවා. රජුනි, මා ඔබට ශාප කරනවා. මේ රාජ්‍යයෙන් පිට වූ පසුව ඔබටත් ඔබේ බිසවට සහ පුතුටත් සිදුවන්නේ වහලුන් සේ විසීමට.   
ඉසිවර විශ්වමිත්‍ර අත වූ සැරයටිය ඔසොවා රජුට පහරක් ගැසුවේය.   
අසරණ වූ රජු තම බිසව සහ කුමරුන් සමග වහාම ගමන ඉක්මන් කළේය.   
‘‘මම යනවා’’   
රජු කීවේ වේදනාවෙනි.   
රට වැසියෝ කඳුළු පිරුණු ඇස්වලින් රජු දෙස බලා සිටියහ. එහෙත් ඉසිවර විශ්වමිත්‍ර සැරයටිය ඔසොවා රටවැසියන් ඔවුන්ගේ පැල්පත්වලටම පලවා හැරියේය.   
රාජධානියෙන් පිටමං වූ හරිස්චන්ද්‍ර රජු වහලකු ලෙස ජීවිතය ඇරඹීය. ඔහුට වහල් මෙහෙය කරන්නට සිදුවූයේ මිනී කනත්තකය. මළවුන්ට වළවල් කැපීම, මිනී වළ දෑම, පැරැණි මිනී වළවල්වලින් මිනී කටු ආදිය ඉවත් කිරීම ආදී වැඩ කන්දරාවක් කර රාත්‍රිය කනත්තේ ගත කිරීමටද ඔහුට සිදුවිය.  
රජුගේ බිසවට නිවෙසක මෙහෙකාර වැඩ කරන්නට සිදු වූ අතර උදේ දවල් රෑ කියා වෙනසක් නොවීය. පුංචි පුත් කුමරුන්ටද වහලකු ලෙස වැඩ කරන්නට සිදුවිය.   
මේ අතර සර්පයකුගේ දෂ්ඨයකට ගොදුරු වූ පුත් කුමරා සර්ප විෂෙන් මිය ගියේය.  
හරිශ්චන්ද්‍ර රජුට ලැබූ මේ දූර් දෛවය ගැන කම්පාවුවන් අතර දෙව්වරුද සිටියහ. විශ්ව දෙව්වරු පස්දෙනෙක්, මේ ගැන කතාකරනු පිණිස ඉසිවර විශ්වමිත්‍ර හමුවන්නට තීරණය කළහ.  
ඔවුහු පෘථිවියට පැමිණ විශ්වමිත්‍ර ඉසිවරයා ඉදිරියේ පෙනී සිටියහ.  
“කුමක්ද ගැටලුව?”  
ඉසිවරයා ප්‍රශ්න කළේය.  
හරිශ්චන්ද්‍ර රජු ධාර්මික පාලකයෙක් ඔහු රාජධානියෙන් නෙරපූ ඔබ ඔහුට වහලකු ලෙස ජීවත්වීමට ලැබේයැයි ද ශාප කළා’’  
දෙව්වරු චෝදනා කළහ.  
“ඔව් ඔබ පැමිණියේ ඒ ගැන ප්‍රශ්න කිරීමටද?  
එසේ නම් ඔබ පස් දෙනාටත් මිනිස් ආත්ම ලැබ ජීවත්වීමට සිදුවෙනවා. නමුත් ඔබ කිසිවෙකුට විවාහවීමට හෝ දරුවන් ලබාගැනීමට බැරිවෙනවා. ඔබ පස් දෙනාටම තරුණ වියට එළැඹෙන විටම මියයෑමට සිදුවෙනවා’’  
ඉසිවර විශ්වමිත්‍ර ශාප කළේය.   
එසැනින්ම චුත වූ දෙව්වරු මිනිස් ආත්ම ලැබ ගත්තේය. ඔවුන් උපන්නේ පස් පාණ්ඩවයන්ගේ පවුල්වල දරුවන් වශයෙනි. යුධීස්රගේ පුතු ලෙස ප්‍රතිමින්ධ්‍යද, භීම​ෙග් පුතු ලෙස සුතසෝමද, අර්ජුනගේ පුතු ලෙස ශ්‍රැනකීර්තිද නකුලගේ පුතුන් ලෙස සතනික සහ ස්රුත කර්මන්ද වශයෙනි මොවුන් පස්දෙනාම එක්තරා සටනකදී අකාලයේ මිය ගියහ.  

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන