සෙනසුරු මාරක අපල සඳහා ජීවිත ආරක්ෂාව ශනි මෘත්‍යුංජය


ජීවිත කාලයේ සෙනසුරුගෙන් යෙදෙන ඒරාශ්ටක අපලවලට තරාතිරමක් නොබලා සෑම අයෙකුට පාහේ මුහුණ දෙන්නට සිදුවේ. බලවත් දුක් ගැහැට කරදර විඳීමට සිදුවන සෙනසුරු ඒරාශ්ටක සමයේ ජීවිතය පවා නැති විය හැක.  
 
ඇස්.ඩබ්. කස්තුරිරත්න මහතා විසින් රචිත ග්‍රහගෝචර පලාපල ග්‍රන්ථයේ මිය ගිය ප්‍රභූ කේන්ද්‍ර සටහන් 100 ක් ඇතුළත් කර ඇති අතර එම සියලු දෙනා මිය ගොස් ඇත්තේ සෙනසුරු ඒරාශ්ඨක අපල වලිනි. ලග්න, ඡන්ම අෂ්ඨම, චන්ද්‍ර අස්ටම ආදී ඒරාශ්ඨක අපල සෙනසුරුගෙන් යෙදේ. සෙනසුරු විසි දෙවන දෙර්කානාධිපති හෝ 64 නවාංශක අධිපති වී ඒරාශ්ඨක අපල ලැබීම සෙනසුරු දශා ලැබීම අශුභ පල ඇති වේ. සියලු දේ නැතිවී අනුන්ගෙන් ඉල්ලාගෙන කන බොන අවස්ථාවන්ට පත් වේ.   


ජන්ම චන්ද්‍ර රාශිය හරහා සෙනසුරු ගෝචරයෙන් ඡන්ම ඒරාශ්ටක අපලය වසර 7 යි මාස 7 ක් පමණ ගෙවීමට ඇත. ඇතැම් විට මෙම කාලය දරුණු කරදර නොදී චන්ද්‍රයාගෙන් සිව්වැන්නේ ශනි ​ගෝචරය දරුණු අපල, සිත්තැවුල්, මුදල් හානි නීතිමය ප්‍රශ්න ඇති වන බව අත්දැකීමෙන් පෙනේ.   


සෙනසුරු අපලවලදී තදින් අමනුෂ්‍ය දෝෂ ඇති වන අතර මළගිය ඥාතීන්ගේ ආත්මයන් නිසා කරදර ඇති වන බව නිතර අසන්නට ලැබේ. මේ නිසා බලවත් කුසල් කරමින් හැකි සෑම විටම මළගිය ඥාතීන්ගේ ආත්මය සුවපත් වේවායි කටයුතු කිරීම වැදගත් වේ. දළ වශයෙන් සෙනසුරු එක් රාශියක මාස 30 ක් පමණ ගෝචර වේ. මේ අනුව සෙනසුරුවටා එක් අංශකයක් ගෙවීමට මාසයක් පමණ වේ. එහෙත් සෙනසුරුගේ වක්‍ර වීම් නිසා මාස කීපයක් ​ෙහා්​ වාර දෙක තුනක් එක් අංශකයකට ගොනු විය හැක.   


මෙම මාර්තු මාසයේ ධනු රාශියේ අංශක 13 හා 14 වලදී ද අප්‍රේල් 12 සිට 15 දක්වා අංශක 15 සහ අප්‍රේල් 18 න් වක්‍රවී නැවත 14, 13, 12, 11 දක්වා ද සෙනසුරුගේ ගෝචරය පෙන්වයි. මේ අනුව ජන්ම ක්ෂේත්‍රයේ ධනු රාශියේ චන්ද්‍රයා සිටිමින් ඉහත අංශකයක් සඳුගේ ග්‍රහස්පුටය වුවහොත් චන්ද්‍ර ස්පුටය හරහා ශනිගේ ගෝචරයේ ඉතා අශුභ කාලයක් බව පෙන්වා දෙමි.   


සෙනසුරුගේ තද බල අගුණවලදී බෝධි පූජා කිරීම, සෙත්කවි කියවා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම, තමා කුස ගින්නේ සිටිමින් අනෙකෙකුගේ කුසගිනි නිවීම සිදු කරති. බොහෝ විට කපුටන්ට ගිතෙල්, එළ කිරි මිශ්‍ර කිරිබත් දීම සිදු කරන අතර එය හොඳ පුණ්‍යකර්මයකි. කපුටා යනු සතුන්​ෙගන් වැඩිපුරම කුසගිනි දැනෙන සතෙකි. ගිතෙල් මිශ්‍ර කිරිබත් දීමෙන් එදිනට කපුටාගේ කුසගින්දර නිවේ. එය අපල අහෝසි වී යන පුණ්‍යකර්මයකි.   


එසේම සෙනසුරුගේ අපලවලදී ජීවිත හානිවලින් බේරීම සඳහා වූ ප්‍රබල යාතුකර්මයක් ඇත. එනම් ශනි මෘත්‍යුංජය යන්ත්‍රය පැලඳීමයි.   


ඉපැරණි පත්ඉරුවකින් ලබා ගත් මෙම යන්ත්‍රය සෙනසුරුගෙන් ජීවිත ආරක්ෂාව සඳහා සකස් කර පලඳී මෙම යන්ත්‍රය මෑතකදී පළ වූ යන්ත්‍ර රත්නය ග්‍රන්ථයේ ද තිබේ. ප්‍රශ්නය වී ඇත්තේ නිවැරදිව මෙම යන්ත්‍රය සකස් කරන අයවලුන් නැති වීමයි.   


අැතැම් සංඝයා වහන්සේලා ඉතාමත් අඩු මිලට මෙම යන්ත්‍රය සපයයි. එහෙත් කොතෙක් දුරට පැරණි පිළිවෙත් අනුගමනය කරත් දැයි නොදනිමි.   


මේ සමග මෙම යන්ත්‍රය දක්වන අතර ​ෙජ්‍යා්තිෂ්‍ දැනුම මත ආතුරයාට ගැළපෙන ශුභ වේලාවක පුර පක්ෂයේ දිනක රන් පතක යන්ත්‍රය ඇඳගත යුතුය. රන් ආලේපිත තඹ පත්‍රයක් වුවද ප්‍රශ්නයක් නොවේ.   
අඩුම තරමින් ප්‍රධාන රේඛාවන් ද්විත්ව රේඛා විය යුතු අතර පළල මෙන් තුන් ගුණයක් බොහෝ විට 2' x 6' වශයෙන් රන් ආලේපිත පතක යන්ත්‍රය ඇද ගත යුතුය. ඉරි නොකැපෙන ලෙසට ප්‍රවේශ විය යුතුය.   


බලගතු ශනි මෘත්‍යුංජය යන්ත්‍රය   


සෙනසුරු රූපය සමග ඇති කපුටාට පහතින් නම නැකත ලග්නය සඳහන් කර ගත යුතු අතර අදාළ ජප මන්ත්‍රය වාර ගණන සපිරෙන තෙක් හඳුන් තෙල් පහනක් දල්වා තැබිය යුතුය.   


ජප වාර ගණන සපිරෙන විට පහන අසලට බඹරුන්, දෙබරුන් වැනි කෘමියන් එයි. එවිට ජීවම සාර්ථකය. පහනේ ඉතිරි තෙල් නඩුහබ වැනි දේ සඳහා ප්‍රයෝජනයට ගත හැක.   


නිවැරදි පිළිවෙත් මතින් යන්ත්‍රය සකස් කරන්නේ නම් මාරක සෙනසුරු අපලවලින් බේරී නිදහස් විය හැක. බොහෝ විට දරුණු අනතුරුවලින් බේරෙයි. වියදම් අධික යන්ත්‍රයකි.   

 

 

 


පාරම්පරික ජ්‍යෝතිෂවේදී   
ඒ.ඩබ්. සරත් ආනන්ද   
පැලෑන උතුර   
වැලිගම