සාගර පතුලෙන් හමුවුණු ‘මැන්ගනීස් බෝල’ අබිරහස


විද්‍යාඥයන්ට මුලින්ම ඒවා හමුවුණේ 1873 වසරේදීය. ඒවා ලෝහ බෝල විශේෂයකි. මෙම බෝල හමුවී ඇත්තේ සාගර පතුලෙනි. අල ගෙඩි තරම් මෙම ලෝහ බෝල හමුවූ දා පටන් ඒවා මොනවාදැයි තේරුම් බේරුම් කර ගැනීම සිදුවිය. එහෙත් අදටත් මෙම බෝලවල අබිරහස විසඳී නැත. මැන්ගනීස් ලෝහයෙන් නිර්මාණය වූයේ යැයි පැවැසෙන මෙම බෝල මැන්ගනීස් බෝල යනුවෙන් නම් කර ඇත. පසුගිය දා මැන්ගනීස් බෝල තොගයක් අත්ලාන්තික් සාගර පතුලේ තිබී සොයා ගැනීමට ජර්මන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. මැන්ගනීස් බෝල අබිරහස විසඳීමට තමන්ට හැකි වනු ඇතැයි ඔවුහු පවසති.


ජර්මන් විද්‍යාඥයින්ගේ ආර්. වී. සෝනේ ගවේෂණ නෞකාව අත්ලාන්තික් සාගරයේ බාර්බඩෝස් දූපත් අවට මුහුදේ සැරිසරන්න වූයේ සාගර ජීවීන් අධ්‍යයනය කරමින්ය. සාගර ජීවීන් වෙනුවට නැව එළා තිබූ දැලෙහි පැටැළී තිබුණේ. ‘මැන්ගනීස් බෝල’ තොගයකි. කිමිඳුම්කරුවන් යොදවා සාගර පතුල පරීක්ෂාව සිදුවුණේ ඉන්පසුවය. ඒ සඳහා යැවුණේ රොබෝ කුමුඳුවකි. කුමුඳුවක් යනු මිනිසුන්ට ගමන් කළ නොහැකි ස්වංක්‍රීය කුඩා සබ්මැරීනයකටය.

 

 

මැන්ගනීස් බෝල දහස් ගණනාවක් මූදු පතුළේ ඇතැයි එම කුමුඳුවේ කැමරාවෙන් දකින්න ලැබුණි. ඒවායින් ඇතැම් බෝල කුඩා ගොල්ෆ් බෝල තරම් විය. තවත් බෝල විශාල විය. ‘මේ බෝල දැකලා මා පුදුම වුණා. අත්ලාන්තික් සාගර පතුළේ මෙතරම් බෝල තොගයක් හමුවේවි යැයි මා සිතුවේ නැහැ’ යැයි කොලිං ෙඬ්වී කියා සිටී. කොලිං ෙඬ්වී යනු ජියෝමර් හෙල්ම්හොල්ට්ස් සාගර පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකි.


සෑම සාගර පතුලකින්ම පාහේ ‘ මැන්ගනීස් බෝල’ හමුවී ඇත. මේවා බහුලව හමුවී ඇත්තේ පැසිෆික් සාගරයෙනි. මේවා හමුවී ඇත්තේ අඩි 16,400 ත් 18,000 ත් තරම් සාගර පතුලෙනි. මේවා සාගරයේ ලවණ සහ සාගර පතුලේ පාෂාණ එකිනෙක මුසුවීමෙන්, වසර ගණනාවක පෙරැළියකින් පසු නිර්මාණය වුණු ලෝහමය බෝල වර්ගයක් යැයි ඇතැම්හු පවසති. මේවා රවුම් හැඩයට සකස් වන්නේ මයික්රෝමබ සහ සාගරයේ ඇති ලවන ජලයේ රසායනික සංයුතියේ වෙනස් වීම් නිසා බවත් පැවැසෙයි. කෙසේ නමුත් මේවා අදහස් පමණි. මැන්ගනීස් බෝලවල සැබෑ අබිරහස අනාවරණය වී නැත. මෙම බෝලවල මැන්ගනීස් නමැති ලෝහය බහුලව ඇතත්, සින්ක්, කොබල්ට් සහ තඹ ද අන්තර්ගත වෙයි.

 

 

ලු‍සිත