සල්ලාල තරුණයා මරා දැමූ කාන්තාවගේ අවතාරය


නොපෙනෙන ලෝකය

 

තම ජීවිත තුළ දී සිනාසීමට, විනෝදවීමට කවුරුත් කැමැතිය. විනෝදය තමන්ගේ හිතසුව පිණිස මිස අනුනට කරදරයක් හිරිහැරයක් කිරීමට යොද‌ා නොගත යුතුය. මිනිසාගේ ජීවන රටාවට අනුව ප්‍ර‌ීතිවීම, විනෝද‌ාස්වාදය, ජීවිතයේ එක් අංගයකි. එම පොදු සිතුවිල්ල සියලු සත්ව වර්ගයාට සුවසේ තම ප්‍ර‌ීතිය භුක්ති විඳීමට ඉඩ සැලැස්වීම මිනිසාගේ පරම යුතුකමකි.   


පෙර ආත්ම භාවයන් තුළ කරන ලද අකුසල කර්මයන් නිසා මිනිසත් භවයේදී ඒවායේ ප්‍රතිපල ලැබීම ගැන බුදුදහම අපූර්වට උගන්වයි. බුදුදහම තුළින් පමණක් නොව අන්‍ය ආගමිකයන් ද අකුසල කර්මයන් දෙස බලන්නේ සුභවාදීව නොවේ. මිනිසත් බව ලැබී ඇත්තේ විඳවීම සඳහා නොව තම ජීවිතය විඳීමටයි. විඳවීම යනු තම ජීවිතය මිනිස් ආත්මයේදී නරකාදිය වෙත යොමු කිරීමත් සහ මිනිස් දිවියේ සුවය ලබා ගැනීම විඳීම යනුවෙන් අදහස් කෙරේ.   


ඔහුව පිළිගැනුනේ එම ප්‍රදේශයේ සිටින අවලම්ම මිනිසා ලෙසටයි. ඔහුට විනෝදය රිස්සුවේ නැත. ඔහු ඒවා ගැන කෝප විය. සමහර අවස්ථාවල දී ගීත ඇසෙන විට ඔහු තමන්ගේ මෝටර් රථයට නැගී ගීත නෑසෙන දුරකට ගොස් හුදෙකලා වී කල්පනා කරමින් සිටියහ. රංගනය, නර්තනය, ගායනය, නොඅැසෙන නොදකින තැන ඔහුට දිව්‍ය විමානයක් බදු විය. ඔහු එවැනි තැන්වල හුදෙකලා වී මත්පැන් පානය කළේය. දින ගණන් සති මාස ගණන් ගත කළහ. තම මිතුරන් සමඟ වයින්, බීර, අරක්කු පානය කරමින් කාලය ගත කිරීම පුරුද්දක් කර ගත්තේය. ඔහු ඇසුරු කළේ තෝරා බේරාගත් ඔහුටම ගැළපෙන මිතුරන් කීප දෙනෙක් පමණි. විශාලා අතිසුඛෝපභෝගී වාහන කීපයක් සහ අක්කර දහස් ගණනක ගොවිපල කීපයක් ඔහු සතු විය. ඒවා ඔහුට ලැබුණේ තම පියාගේ උරුමයෙන් වීම විශේෂත්වයකි.   


 අදින් වසර පනස් දෙකකට පෙර සීතල මීදුම සමඟ හිම වැටෙන එක් සන්ධ්‍යාවක ඔහුගේම නවීන මෝටර් රථයෙන් තමන්ගේම ගොවිපළ පරීක්ෂා කිරීමට යමින් සිටියේය. අධික මීදුම නිසා තමාට ඉදිරි මාර්ගය පැහැදිලි නැතත් ඔහු රථය සාමාන්‍ය වේගයකින් ධාවනය කරන්නට යෙදිනි. බිම් කරුවල වැටීගෙන එන වේලාව රථයේ ප්‍රධාන ලාම්පු එළියෙන් දුටුවේ තමන්ගේ දෙපා වැසෙන සේ සුදු කබායක් හැඳගත් කාන්තාවක් පාරේ ඉදිරියට ගමන් කරන බවකි. ඇගේ ශරීරය පැහැදිලිව ඔහුට නොපෙනුණේ සීතල මග හැරීම සඳහා ඇඳුම් කීපයකින් සැරසී සිටිය නිසා වන්නට ඇති. ඒ කෙසේ වෙතත් තමාට මෝටර් රථය නවත්වන ලෙස මෙම කාන්තාව දුන් හස්ත සංඥ‌ාව ඉතා පැහැදිලිව දුටුවේය. ඔහු තම රථය නතර කළා නොව ඉබේටම ඈ අසල නතර විනි. ‘ඔබතුමා කොහාට ද යන්නේ’ මම..... නගරයට යනවා. මම ළඟට යන්නේ මාව බස්සන්න පුළුවන්ද? පුළුවන් නගින්න’ කාන්තාවට රථයේ දොර විවෘත විය. ඇය රථය තුළට නැගුනාය. මෙම කාන්තාව ඉතා සුන්දර යුවතියක් බව ඔහුට පෙනී ගියේය. ඇය පිටුපස අසුණේය. ඔහු ඇය දෙස ඉදිරිපස කණ්ණාඩියෙන් දෙතුන් වරක් බැලුවේය. ඒ සෑම අවස්ථාවකම ඔහු සමඟ සිනාසෙනු දුටු තරුණයාට ඇය ගැන වෛරයක් උපන්නා මිස ආදරයක් ඇල්මක් නොසිතුනා විය හැකිය. 

 
‘ඔබතුමියට බහින්න ඕන කොතනින්ද? මම යන්නේ සිල්වර් හෝටලයට.’ මම ඒකේ නර්තන ශිල්පිනියක්. ඇයි ඔයා මම ගැන අහලා නැතුවා වාගෙයි. අපොයි මම නම් අහලා නැහැ. ‘මේ රටේ හැම කෙනෙක්ම මා ගැන දන්නවා. ඒ තරමටම මම ප්‍රසිද්ධ චරිතයක්. මෙම කතාබහත් එක්කම මද දුරක් මෝටර් රථය ධාවනය කිරීමෙන් පසුව පාළු මාර්ගයේ පැරණි වූ නිවසක් අසල නතර කෙරිණි. හුදෙකලා මාවතක් නිසා වටපිට කිසිවෙක් සිටියේ නැත. මෝටර් රථය නතර කළ නිවස ඇතුළත අඳුර මකන්නට යන්තමින් දැල්වෙන එක් විදුලි බුබුළක් පමණක් තිබිණි.   
‘උඹ මෝඩ එකියක් බන්’ ‘බැහැපන් එළියට’ මට උඹ කියන ක්ලබ් ගානේ යන්න බැහැ. මම කියන තැනට දැන් උඹට එන්න සිද්ධ වෙනවා. මෙතන කවුරුවත් නැහැ. ‘මේක පාළු දෙයක්.’ ‘දැන් ඉතින් උඹට මම කියන දේ කරන්න වෙනවා මෝඩියේ.’   


ඇය බැගෑපත් වූවාය. හඬා වැටුණාය. කෑ ගැසුවාය. ඇයගේ උදව්වට කිසිවෙක් ආවේ නැත. ඇය අවනත නොවූයෙන් තම පිස්තෝලය ගෙන අහසට වෙඩි තැබීය. ඇය නැවත නැවතත් බැගෑපත් වූවාය. ‘අනේ මට යන්න දෙන්න මහත්තයා.’ ඔයාට පින් අයිති වෙයි. දැන් හෝටලේ අය මම එනතුරු බලා හිඳියි. අනේ අද හොඳටම රෑ වුණා. ‘පරක්කුත් වුණා.’ ඇය යළි යළිත් ඇය ද සිටියාය. නමුත් තත්ත්වය භයානක වන බව ඇයට තේරුම් ගියාය. ඔහු ඉදිරියේ ඈ අසරණ තත්ත්වයකට පත්වන්නට විය.   
‘අද උඹට මම යන්න දෙන්නේ නැහැ. නටපන් නටපන්’ මාව සතුටු කරපන් ඔහු වියරුවෙන් මෙන් කෑ ගැසුවේය. ඉතාම අසරණ වූ ඇය නිහඬ වූවාය. රථයෙන් බලහත්කාරයෙන් බස්සවා ගත් ඇයව ඇඳගෙන අසල පිහිටි පාළු නිවසට රැගෙන ගියේය.   


ඇත්ත වශයෙන් එය හුදෙකලා වූ පාළු නිවසකි. ඉතා අපිරිසුදු වසර ගණනකින්වත් පිරිසිදු කර නැති ස්ථානයකි. මකුළු දැල් වලින් පිරී පැවතිණි. මෙම නිවසට පැමිණ ඇත්තේ සල්ලාල පිරිස්ම පමණක් බව ඇය තේරුම් ගත්තාය. සිමෙන්ති පොළොව පලුදු වී ඇත. යම් අයෙක් පදිංචි වී සිටි බවක් නම් පෙනෙන්නට තිබුණේ නැත. නිවසේ වහලය කිරි වවුලන්ගේ රජ දහනක් බවට පත්වී තිබිණි.   


 ඔහු නිවසේ අබලන් වී ඇති දොර වසා දැමුවේය. දැන් ඔහුගේ වාරයයි. ඉනේ සඟවා ගෙන තිබූ සුදුයකඩ පිහිය අතට ගෙන ඇයගේ ඇදිවත කපා සම්පූර්ණයෙන්ම නිරුවත් කළේය. ඉන්පසු ඔහු වියරුවෙන් මෙන් කෑ ගැසීය. තමන් මේ මොහොතේ ඉතාම අසරණ තත්ත්වයකට පත්වී ඇති බව ඇය තේරුම් ගත්තාය. තමන්ගේ අසරණකම කියන්නවත් හව්හරණක් පතන්නවත් කිසිවෙක් අහළ පහළ නොමැති බව ද ඇයට වැටහුණේය. ඇයගේ අසරණකම වේදනාව පිටකළේ කඳුළු වලිනි.   
ඔහුට එය ඉතාම සතුට ගෙන දෙන්නක් විය. සතුට වැඩිකමට උඩ පැන්නේය. හ්ම්.... දැන් නටපන් පුළුවන් තරම් නටපන් මාව පුළුවන් තරම් සතුටු කරපන්. තරුණිය නිර්වස්ත්‍රව නටන්නට පටන් ගත්තාය. පැය කීපයක් ඇය නැටුවාය. අන්තිමට ඇය අඩපණ විය. සිහිය විකල්වන තත්ත්වයට පත් වූයෙන් සිමෙන්ති පොළොව මතට ඇද වැටුණි. ඔහු කලිසම් සාක්කුවට අත දමා පිස්තෝලය අතට ගත්තේය. ඇයගේ නිතඹ ප්‍රදේශයට වෙඩි කීපයක් තබන ලදී. බිම වැතිර සිටියදීම ඇය කෑ ගසන්නට තැත් කළත් ඔහු විසින් එය ව්‍යර්ථ කරන ලදී. ‘නැගිටපන්, නැගිටපන්’ ඔහු මොර දෙන්නට විය. ‘නැගිටපන්’ ඔහු නැවත හඬ අවදි කළ නමුත් දෙපයින් නැගී සිටීමට තරම් වාරුවක් ගැනීමට නොහැකි සේ ඇය අඩපණ වී ඇත. ඇය අවනත වී ඇති බව දැනගත් ඔහු පිට පිටම ඇය වෙත වෙඩි හතක්ම තබන ලදී.   


ඔහු එම පාළු නිවසේම එක් කාමරයක වළක් හාරා එය තුළ ඇයගේ නිසල වූ සිරුර දමා මුළු කාමරයට සිමෙන්ති දමා නිම කළේය.   
 එක් දිනක් ඉකුත් වීමෙන් පසු ඇයගේ දෙමාපියන් තම දියණිය ආපසු නිවසට නොපැමිණීම ගැන හෝටලයේ කළමනාකරුගෙන් විමසා ඇත. නමුත් හෝටලයේ කළමනාකාරිත්වය පවසා ඇත්තේ ඇය දින දෙකකින් රැකියාවට නොපැමිණි බවයි. තරුණියගේ දෙමාපියන් අන්දමන්ද විය. අදහාගත නොහැකි මෙම කාරණය ගැන පොලිස් පොතේ ලියවිනි. හෝටලයේ අයිතිකරු සහ තරුණියගේ දෙමාපියන් එකතු වී පොලිසියට කැටුව ඇයගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ පැවැත්වීය. නමුත් කිසිම හෝඩුවාවක් ලැබුණේ නැත.   


මෙම පරීක්ෂණය පවත්වන අතරවාරයේ දී මෙම තරුණියගේ අතුරුදන් වීමෙන් පසු එයට ආසන්න දිනක දී එක්තරා රහස් පොලිස් නිලධාරියෙකුට එක් තරුණ පුද්ගලයෙක් ගැන සැකයක් ඇති වී විමර්ශනයේ යෙදී ඇත. එක් රාත්‍රී දිනයක දී නගරයේ සමාජ ශාලාවක මත්පැන් පානය කරන තරුණයෙකු දුටුවේය. ඔහු ගැන යම් සැක සංකාවක් මතුවී තමන්ට ඇති වූ සැකය මත යම් සැලකිල්ලකින් යුතු නිරීක්ෂණයේ යෙදිණි. ඔහු නිතරම හිස පහත් කරගෙන තමාගේ කබායෙන්ම හිස ආවරණය කර සැක මුසු ස්වරූපයෙන් වටපිට බලමින් හැසිරෙන ආකාරය දුටුවේය. ඔහුගේ බීර පානය අවසන් වීමෙන් පසුව අඩවන්ව මුහුණ ආවරණය කරගෙන බිල ගෙවා දමා හෝටලයෙන් පිටවන තෙක් රහස් පරීක්ෂකයා බලා සිට ඊළඟ පියවර ආවරණය කරන ලදී.   
මොහු කිසිම විනෝදවීමක් නොමැතිව බීර පානය කිරීම ගැන ද ඉතා සන්සුන් විලාසයෙන් සමාජ ශාලාවෙන් පිටවන ආකාරයෙන් ද, අඩවන්ව වසා තිබූ හිස සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන සමාජ ශාලාවෙන් පිටවීමත්, වටපිට නොබලාම ගොස් තම මෝටර් රථයට නැගීමත් ආදිය නිරීක්ෂණය කර ඇත. තවද බීර පානය කරන අවස්ථාවේ දී විශාල වෙහෙසක් දරමින් බීර වීදුරුව මුවට ළංකර ගන්නා ආකාරයත්, එම මේසයට ලබා දී ඇති වේටර්වරයා සමඟවත් එකම වචනයකුදු කථා නොකළ එක ගැනත්, බිල ගෙවීමට ඇයකැමි වෙත යාමේදී නිතරම තම මුහුණ බිමට බරව තබා ගැනීම ආදී කරුණු කීපයක් ඉතා සූක්ෂම අයුරින් තම උකුසු ඇසට අසුකර ගත්තේය. 

 
බිල ගෙවූ මෙම තරුණයා තම මෝටර් රථය නවතා තිබූ වාහන නැවතුමටම ගොස් රථයට ගොඩවිය. ඔහු මෝටර් රථයට ගොස් හිස් ආවරණයෙන් මිදී වටපිට බලා තම රථය පණගන්වා ගෙන ඉදිරියට ඇදුණේය. තරුණයාගේ මෝටර් රථය අනුගමනය කරමින් රහස් පොලිස් නිලධාරියා තම රථයට නැගී තරුණයාගේ රථය ලුහුබැඳීමට පටන් ගත්තේය.   
තරමක වේගයෙන් රථය ධාවනය කළ ඔහු ටික දුරක් යන විට අලංකාර දෙපය දක්වා වැසී ඇති සුදු පැහැති කබායකින් සැරසුන කාන්තාවක් රථයට අත දමා නවත්වා ගන්න ආකාරයත්, ඔහු රථය නවත්වා ඇයව නංවා ගන්නා අයුරුත් අඬ අඳුර වුවත් තම රථයේ විදුලි පහන් එළියෙන් දුටුවේය.   


සමාජ ශාලාවේ කිලෝමීටර් නමයක් පමණ දුර ගෙවා ගමන් කළ මෝටර් රථය මාර්ගයේ නිවසක් අසලට වන්නට නතර කළේය. නමුත් ඔහු නිරීක්ෂණය කරමින් පැමිණෙන මෝටර් රිය නොදුටුවේය. ඒ අධික වෙරිමත නිසා වන්නට ඇති. 

 
 නතර කළ මෝටර් රථයෙන් කාන්තාව බැස නිවස තුළට වැදුණාය. රහස් පොලිස් පරීක්ෂකවරයාට යම් සැක සහිත යමක් ඇති බව ඉවෙන් මෙන් දැනී රථය නවත්වා තරුණයාගේ රථය වෙත ගොස් තම පිස්තෝලය තරුණයාගේ නිවසට එල්ල කර ‘ඒයි හෙල්ලෙන්න එපා මම පොලිසියෙන් යයි කියමින් කෑ ගැසීය. පුදුමයකි තරුණයාගේ කිසිම ප්‍රතිචාරයක් නොමැත. බැරිම තැන නිලධාරියා රථයේ දොර විවෘත කර ඔහුගේ උරහිසට අත තබා සෙලවීය. රියදුරු අසුනේ වාඩිවී සිටිය අයුරින් නොසෙල්වී සිටී. ඔහුගේ හිස් ආවරණය ගලවා බැලීය. නමුත් සද්දයක් බද්දයක් නැත. නළලට අත තබා බැලුවේ සැක සහිත බැවිනි. ශරීරයේ සීතල ගතියක් දැනුන බැවින් සොලවා බැලිණි. නමුත් මුළු ශරීරයම සෙලවේ. ඔහු රියදුරු අසුනේ මිය ගොස් ඇත. මෙම සිදුවීම කෙසේ නම් සිදුවී ද?. එවිට බැස ගිය තරුණියට කුමක් සිදුවූයේ ද? රහස් පොලිස් නිලධාරියා තරමක තිගැස්මකට ලක්වූවා යැයි කීවොත් එය නිවැරදිය.   
ඔහුද තරමක් බිය උපදවන ස්වරූපයකින් තමාගේ රථයේ වෝකි ටෝකි යන්ත්‍රය පන ගන්වා තම මූලස්ථානයට මෙම සිද්ධිය දැන්වීය.   


‘ඔබ බයවෙන්න එපා අපි දැන්ම එනවා.’ අනෙක් කෙළවරින් ඇසිණි. කෙසේ වෙතත් වඩාත් ප්‍රවේසම් සහිතව පොලිස් නිලධාරියා ඉදිරිය නිරීක්ෂණය කරමින් තමන්ගේ මෝටර් රථයට ගොඩ වී සිටියේය. ගෙන්වා ගත් පොලිස් කණ්ඩායම සමඟ එද‌ා රාත්‍රිය පුරාවටම සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීය. තරුණිය පය තැබූ පාළු නිවස ඇතුළත වටපිට සියල්ලම ක්‍රමානුකූලව එකින් එක පරීක්ෂා කරන්නට යෙදිණි. රථයෙන් බැස නිවසට ඇතුළු වූ තරුණිය එහි නැත. රථය පදවාගෙන ආ තරුණයා මිය ගොස්ය. මෙම තරුණ කාන්තාව පය තැබූ නිවසින් කෙසේ පිට වූවා ද? පොලිස් සුනඛ කණ්ඩායමක් ද යෙදීය. නමුත් ප්‍රතිඵලයක් නොමැත.   


හිමිදිරියේ නිවසේ සැක සහිත වූ එක් කාමරයක බිත්තියක පැතිරී තිබූ රුධිර පැල්ලම් කීපයක් නිසා නිලධාරීන්ට යම් සැකයක් ඇති වූ හෙයින් ඒ ඔස්සේ කළ මෙහෙයුමේදී එම කාමරයේ අලුතින් පොළෙවට දමන ලද සිමෙන්ති කඩා ඉවත්කර බැලීමට තීරණය විය. මෙම පාළු නිවසේ අනෙකුත් කාමරවල සිමෙන්ති පොළොව පරණ නිසාත්, අලුතින් නිමවා ඇති ස්ථානය දින කීපයකට පෙර සාදන ලද පොළොවක් බවත් නිලධාරීන්ට නිරීක්ෂණය විණි. තවද එහි දමා ඇති නව සිමෙන්ති පොළොව වෘත්තීය දැනුමක් නොමැති අයෙක් විසින් කරන ලද්දක් බවත් වෘත්තීයවේදීන්ගේ නිගමනය විය. එම නිසා සිමෙන්තිය ගලවා බැලීමට තීරණය වූ අතර උදෑසනම කම්කරුවන් ගෙන්වා එම කාමරයේ සිමෙන්තිය ක්‍රමයෙන් ගලවා පරීක්ෂා කරන ලදී. ඔවුන්ගේ නිරීක්ෂණය හා නිගමනය සියයට සියයක් නිවැරදිය.   


රහස් පොලිස් නිලධාරියාගේ නෙත ගැටුණු මෝටර් රථයේ බැස ගිය තරුණියට සමාන ඇඳුමත්, නිරුවත් කාන්තා මළ කඳත් එහි වළ කපා එය තුළට බහා පස් දමා සිමෙන්තියෙන් නිමවා තිබුණේ අතුරුදහන් වී ඇති තරුණියගේ මෘත දේහය බව තහවුරු කර ගත්තේය. ඇයගේ හැඳුනුම්පත ද මෘත දේහ අැඟළුමේ තිබී සොයා ගත්හ. 

 
දින කීපයකට පෙර අතුරුදහන් වූ සමාජශාලා නර්තන ශිල්පිනිය ඉතා මිලෙච්ඡ අන්දමින් දූෂණය වී ඇති බවත් සාහසික ලෙස වෙඩි තබා මරා දමා ඇති බව නිගමනය කරන්නට යෙදිනි.   
එදින උදෑසනම මෝටර් රථයේ මියගොස් ඇති තරුණයගේ පරීක්ෂණය ආරම්භ කළේය. ඔහුගේ ඉනේ සඟවාගෙන සිටි රිවෝල්වරය සොයා ගැණිනි. පෙර දිනක එම රිවෝල්වරයෙන් වෙඩි උණ්ඩ කීපයක් පිටවී ඇති බව නිගමනය විය. පසුව ඔහුගේ මරණය කෙසේ සිදුවූවා ද යන්න පරීක්ෂා කිරීමට කණ්ඩායමට මහත් ප්‍රහේළිකාවක් විය. ගෙල ප්‍රදේශයේ අඟලක ප්‍රමාණයට දෑතකින් වැදුණු නිය පහර දහයක් සලකුණු පිහිටා තිබිණි. නමුත් එම නිය පහරවල් වලින් රුධිරය පිටතට ගලා ඒමක් සිදුවී නොමැත. මෘත දේහය කපා පරීක්ෂා කර බැලීමේ දී ලේ බිදුවක්වත් ශරීරය තුළ නොමැති බව තහවුරු කර ගත්තේය. මුළු සිරුරම සුදුමැලිවී තිබිණි. ගෙල සිරකර මරා දමා ඇති බවට ඔවුන්ගේ පූර්ණ නිගමනය වූයේය. රහස් පොලිස් කණ්ඩායම පඹගාලක පැටලුනාක් මෙන් අන්දමන්ද විය. පසුගිය දින රාත්‍රියේ තරුණයාගේ මෝටර් රථයට ගොඩවූයේ අවතාරයක් ද? මෙම අදෘශ්‍යමාන බලවේගය තරුණයා මරා දැමුවේද? මෝටර් රථයෙන් බැස ගිය මෙම බලවේගයට අවශ්‍ය වී තිබුණේ තමාගේ මරණයේ අභිරහස හෙළි කිරීම ද? විත්තියත් පැමිණිල්ලත් දෙගොල්ලම මියගොස්ය. සාක්ෂියට හෝඩුවාවල් කීපයක් ඉතිරි වී තිබුණත් නීතියෙන් දඬුවම් කිරීමට කිසිවෙකුත් ඉතිරි වී නැත.   


මෙම තරුණ නර්තන ශිල්පිනිය සහ ඇගේ පවුලේ ඥ‌ාතීන් ඉතාම ධර්මානුකූලව ජීවත් වූ අයයි. එම නිසා නිරපරාදේ සල්ලාලයෙකුට ගොදුරු වූ අැය සත්‍ය හෙළිකිරීමට පරලොව සිට තමන්ගේ ආත්මය මෙහෙයවා අපරාධකරුවා කවුරුන්දැයි හෙළිකළා විය හැකිද?   


තවද මිනිස් ලෝකයෙන් ලැබෙන දඬුවම් මෙවැනි අපරාධවලට කිසිසේත් නොගැළපෙන එකක් විය හැකි බව ඇය මෙලොවෙදී දුටු අත්දැකීම් ඇති හෙයින් මෙය තමාට සාධාරණයක් සලසා ගැනීම සඳහා පරලොව සිට සැලසුම් කරන ලද්දක් විය හැකි බව නිගමනය කළ හැකිවේ ද? කෙසේ නමුත් මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණය කළ රහස් පොලිස් කණ්ඩායම තමන්ගේ නිරීක්ෂණ වලින් යම් නිගමනයකට එළඹීමට නම් නොහැකි වූ බව කිව යුතුය. ඒ අදෘශ්‍යමාන බලවේග පිළිනොගන්නා නිසයි.   


නමුත් සල්ලාල තරුණයාට නිසි දඬුවම සොබාදහම විසින් ලබා දී ඇත. තම තමන්ගේ ආගම දහමට පටහැනිව ජීවත්වීමේ පලවිපාක ඇස් පනා පිටම ඔප්පු වී ඇති බව නම් ඉතා පැහැදිලිය.   
තවද මනුෂ්‍ය බලවේගවලට සොයාගත නොහැකි මෙවැනි ක්‍රියා වෙනුවෙන් අමනුෂ්‍ය බලවේග පෙනී සිටින එක් අවස්ථාවක් සාක්ෂි ලෙස හුවා දැක්වීමට හැකි නොපෙනෙන බලවේගයක කදිම ක්‍රියාකාරකමක් බව නොකියාම බැරිය.   


මෙම සිදුවීම සත්‍ය එකකි. එක්දහස් නවසිය හැත්තෑව වර්ෂයේ ඇමෙරිකාවේ ඩර්ලියානා නගරයේ පදිංචි ‘ජීමි’ නමැති තරුණ ව්‍යාපාරිකයා සහ නිව්යෝර්ක්වල ජීවත් වූ ‘එලීසා’ නැමැති තරුණ රූමතිය යන දෙපළ වටා මෙම කථා පුවත ගෙතී තිබූ අතර පසු කාලීනව මෙය සිනමා පටයකට ද නැගූ බව ද කියැ වේ. 

 

 

 කුලියාපිටියේ,   
එස්. ප්‍රබෝධ සමරක්කොඩි.