විවාහය ප්‍රමාද කරන මේ දෝෂ හඳුනාගන්න


විවාහයට සුදුසු වයසේ සිටින විට විවාහ කාරක ග්‍රහයෙකුත් දශාවක් ලබා ඇත්නම් ඒරාෂ්ඨක මාරක වැනි වෙනත් දශා අපලයක් නොමැති නම් ලග්න චන්ද්‍ර, සිකුරු යන ස්ථානයකින් ත්‍රිකෝණව හෝ සප්0තවම ගුරු ගමන් කරන්නේ නම් කේන්ද්‍ර හිමියාට එම කාල සීමාව තුළ මේ සබඳතාවක් ඇති විය හැක. 

විවාහය සිදුවීම ​යෝගයක් නොයෙදී නම් වෙනත් මාර්ගයකින් මංගල යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ ඇත. කොතරම් මංගල යෝජනා ප්‍රේම සම්බන්ධකම් ඇති වුවත් විවාහය ප්‍රමාද වි​ෙම් දෝෂයක් උප්පත්තියෙන්ම ඇත්නම් එහි ප්‍රතිඵල අත්විඳීමට ද ජන්මියාට සිදුවනු ඇත. 


මංගල රාශිය අධිපතියාත් චන්ද්‍රයා සහ සිකුරුත් පාප පීඩිතව නොව බලවත්වූ පමණින් ඔහුගේ හෝ ඇයගේ විවාහය ඉක්මන් වේ. මෙකී ග්‍රහයන් පාප සංයෝගවීම හෝ ලග්න චන්ද්‍ර සිකුරු යන ස්ථානවල 2, 7, 8 යන රාශිවල පාපයන් සිටීම විවාහය පමා වීමට හේතුවකි. 


යමෙකු උපන් මොහොතේදී සෙනසුරු මෙකී ස්ථානයක බාධකය වශයෙන් පැවති යැයි සිතමු. ඔහු හෝ ඇය උපන්නේ ගුරු මහ දශාවේ මුලදී නම් වයස අවුරුදු 36 දක්වා විවාහය ප්‍රමාදවීමට ඉඩ ඇත. ගුරුට වර්ෂ 16 යි. සෙනසුරුවට 19 එකතුව 35 යි. 


​සෙනසුරු දශාව පවතින වයස අවුරුදු 16 සිට 35 දක්වා කාලය විවාහයට ඉතා සුදුසු කාලයකි. මංගල කාරක ශ්‍රහයන්ගෙන් අතුරු දශා පැමිණෙන කාලවලදී විවාහ යෝජනා ඉදිරිපත් වෙයි. නැතහොත් ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩනැගේ. එහෙත් ​ෙමකී බාධකයක් වශයෙන් සිටි සෙනසුරු ගෝචර ගමනින් කෙසේ හෝ විවාහයට බාධා ඇති කරයි. 


සෙනසුරු පමණක් නොව රවි කුජ රාහු කේතු යන පාපයන්ගෙන් කවරෙකු වුවත් ශනි ස්ථානයක අශුභව සිටීම ද විවාහය ප්‍රමාදවීමට හේතුවකි. මෙකී ග්‍රහයන් ස්ව උච්ච බලයකින් සිටින විට පමණක් විවාහය නිසි කල දී සිදුවනු ඇත.  
හත අධිපතියා 6, 8, 12 යන ස්ථානයක සිට හෝ බාධක ස්ථානයක සිට සඳු සිකුරු පාප සංගෝග වීමෙන් විවාහය ප්‍රමාද වන හේතු යෙදේ. 07 අධිපතියා හත බාධකය වූ අය තුළ මේ ගති ගුණ විශේෂයෙන්ම පිහිට වනු ඇත. 


මොවුන්ගේ විවාහය පමාවීමට මූලික හේතුව වී ඇත්තේ අංග සම්පූර්ණ පුද්ගලයා අපේක්ෂා කිරීමයි. ස්වාමියාට හෝ භාර්යාවට අනිටු ඵල අත් විඳීමට ​හේතු වන දෝෂ වලට වෛධව්‍ය දෝෂ යැයි කියනු ලැබේ. 


ස්ත්‍රී කේන්ද්‍රයක ලග්න චන්ද්‍ර සිකුරු යන තුනෙන් 2, 7 යන ස්ථාන සහ සිකුරු සිටින රාශියද රවි කුජ ශනි රාහු කේතු යන පාපයන්ගෙන් යුක්ත වීම වෛධව්‍ය දෝෂය නම් වේ. 


මෙකී ග්‍රහයන් ඒ ඒ ස්ථානයන්හි ස්ව ක්​ෂේත්‍රව අතිමිත්‍ර, මිත්‍ර සතරු අති සතුරු නීච යන පිළිවෙළින් ඒ ඒ ග්‍රහයන්ට අයත් පාපාංශක ගණන ද වැඩි වන හෙයින් ඒ හේතු කොට ගෙන ස්වාමියාට හෝ භාර්යාවට ලැබිය යුතු අනිටු විපාක ද වැඩි වීමට ඉඩ ඇත. 


විවාහකයකු කේන්ද්‍රයක මෙබදු වෛධව්‍ය දෝෂයක් ඇත්නම් ඒ ග්‍රහ දශා කාලය තුළ දී කුමන හේතුවකින් විවාහය අවුල් වීමට ඉඩ ඇත. 


​ෙමකී ග්‍රහයන් වෙනත් ස්ථානයක අසුබව සිට මංගල ස්ථානයක අසුබ සිට දුටු​ෙවාත් ද බොහෝ විට ඉහත කී ප්‍රතිඵලයම ගෙන දිය හැකිය. ශනි රාහු මෙකී ස්ථානයක අසුබව සිටීම ස්වාමියා හෝ භාර්යාවගේ ශාරීරික සෞඛ්‍ය කෙරේ බලපෑමයි. කුජ කේතු දෙදෙනාගේ අවකල් ක්‍රියාවන් හේතුවෙන් දික්කසාද නඩු යෙදිය හැකිය. ඇතැම්විට රවි රාහුද මෙබඳු ප්‍රතිඵල ගෙන දෙන බව පෙනේ. 


තවද රවි කුජ කේතු තිදෙනාගෙන් ද විවාහකයන් කෙරෙහි අනිටු බලපෑම් ඇති විය හැක. එහෙත් වෛධව්‍ය දෝෂ ඇති ග්‍රහයෙකු ගුරු විසින් දුටුවොත් ඒ දෝෂ භංග වේ. 


විවාහපේක්ෂක යුවළකගේ පොරොන්දම් ගැලපීම නිරික්ෂණුයේ මෙම වෛධව්‍ය දෝෂ මැඩ පවත්වා විවාහය සාර්ථක වීම පිණිසය.


විවාහක යුවළක් පෝරුවට නැංවීමේ දී  සිව්කොන පුන් කලස් තැබීම ඒ මත පහන් දැල්වීම කැකුළු සහල් බුලත් රිදි පඬුරු පිච්චමල් යනාදිය පෝරුව මත දැමීම මංගල අෂ්ටක කියවීම පෝරුවෙන් බැසීමේ දී පොල් ගෙඩියක් බිඳීම ආදිය සිරිත් වශයෙන් ඉටු කරනුයේ මෙබඳු වෛධව්‍ය දෝෂ භංග කිරීමේ අදහස පෙරදැරිකරගෙනය. 

 

 

 


ජ්‍යොතිෂවේදී 
සිසිර කුමාරසිංහ, 
නයනජ ජ්‍යෙතිෂ්‍ය සේවය, උඩගෙදරගොඩ, උඩලමත්ත.