විවාහය ගැන කියන හත්වැන්න මාරක රාශියකි


විවාහය එක්වරක් පමණක් කරන චාරිත්‍රයකි. එය පූර්ණ වන්නේ යහපත් ස්ත්‍රියක් සමග එක්වීමෙනි. මෙහි අරමුණ රතිය හා පරම්පරාව බිහි කිරීමයි. එනිසා ස්ත්‍රියගේ හා පුරුෂයාගේ ප්‍රජනන ක්‍රියාවලියේ අනාගත සමාජ පැවැත්මට අදාළ කරලීම සඳහා විවාහය අනුමත කර ඇත. 
  
කේන්ද්‍රයක ආදරය හා විවාහය ගැන විස්තර දක්වන්නේ හත් වැනි රාශියෙන්ය. ඊට අමතරව විවාහ කාරක සිකුරුන් හත් වැන්නාධිපතියා හා හත් වැන්නේ සිටි ග්‍රහයින්ය. හත් වැන්න කේන්ද්‍රයක මාරක රාශියකි. එසේ වන්නේ ආයුෂ ගැන කියන අට වැන්නෙන් දොළොස් වැන්න හත් වැන්න නිසාය.   


හත් වැන්න ශරීරයේ ලිංග හා යෝනි ගැන පෙන්වන රාශියයි. එහෙත් ශනි හතට අශුභයක් වන්නේද නැත. ඒ නිසා ශනි දිග්බල යැයි කියති. කුජ හත වැන්නේ වුවොත් විවාහය කැඩී කාලත්‍රයා සතුරු වුවද කලකිරීමෙන් තරහ වුවද දිවි හානි කරගන්නේ නැත.   


චන්ද්‍රයා කුමන රාශියක වේද එම රාශියෙන් පස් වැන්නේ හා නව වැන්නේ පාපියෙකුව සිටියොත් දිවි හානි කර ගැනීමට හිත පොළඹවයි. චන්ද්‍රයාගෙන් පහ සහ නවය වැන්න කියන්නේ ත්‍රිකෝණයෙන් පරම ත්‍රිකෝණ ස්ථානයක පාප ග්‍රහයෙකු සිටීමය. එය ත්‍රී ලක්ෂවී යෝගය උඩු යටිකුරු කර ආපසු පිට පෙරළීමයි.   


එවිට පස් වැන්නේ සිටින ග්‍රහයාගෙනුත් නවයේ සිටින ග්‍රහයාගෙනුත් ත්‍රිකෝණව චන්ද්‍රයා පත්වීමයි. එනිසා ජන්මියාගේ හිත පරාජයවීමෙන් සියදිවි හානි කරගැනීමට පෙළඹේ.   


පාප ග්‍රහයන් හතර සහ දහය යන කේන්ද්‍රස්ථානවලත් ත්‍රිකෝණ රාශිවලත් සිටියොත් අධිපතියා කුජ සමග යෝගව ලග්නය තුළ සිටියොත් එය ඔහුගේ මනස දුර්වල කර පරාදයට පත්කරන ග්‍රහ පිහිටීමකි. එනිසා ජන්මියා සියදිවි හානි කරගනී. එය කෙලින්ම බලපාන්නේ හත හෝ විවාහ කාරක සිකුරාට පාප දෘෂ්ටි එල්ලවූ විටය.   


සිකුරා විවාහ රාශියක් හෝ හත අධිපතියාත් පාප කර්තරී වූ විට විවාහය කැඩේ. එවිට චිත්ත කාරක චන්ද්‍රයා හෝ ලග්නාධිපති යන ග්‍රහයන් දුබල වුවොත් සිය දිවි හානි කරගනී.   


ඕනෑම රාශියකින් හය අට දොළහ පරාජිත්වය ඇතිකරයි. ඒ අනුව විවාහ රාශියෙන් හය දොළහ වැන්නයි අට දෙවැන්නයි දොළහ හය වැන්නයි. මෙම රාශියක විවාහ කාරක ග්‍රහයා වුවොත් විවාහයේ අමිහිරි කටුක නීරස අත්දැකීම් විඳින්නට සිදුවේ. සමහරවිට බහු විවාහ යෝගවේ. එනිසා දෙවැන්න ආදරයෙන් ප්‍රේමයෙන් පරාජිත වී සිය දිවි හානිකර ගැනීමට පෙළඹේ.   


ඉහත කරුණු අනුව ග්‍රහයින් නව දෙනාගේ සැඟවුණු තොරතුරු ගවේෂණය කර විවාහ වුණොත් යුගදිවිය සාර්ථක වේ. එසේ නොවුණහොත් මනස විකෘති වී ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට පරඅඹුසැමි සේවනයට නැඹුරුවීම පමණක්ම නොව දිවි හානි කරගනී.  

 

 

 


ගුප්ත විද්‍යාකීර්ති වාස්තුවිද්‍යා උපදේශක   
ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල රඹුක්කන