විද්‍යාඥයන්ට බිග්ෆුට්ගේ ආදිතමයා හමුවෙලා


ඇමෙරිකාවේ වනාන්තරවල මිනිසාට සමාන දැවැන්ත වානරයෙකු සිටින බවත්, මේ සත්වයා දෙපයින් ගමන් කරන බවත් පැවැසෙයි. මේ ගුප්ත සතා බිග්ෆුට් ය. අපහැදිලි ඡායාරූප සහ වීඩියෝ දසුන් ඇතුළු සාක්ෂි රැසක් හමුවුණත්, බිග්ෆුට් සැබෑවක් බව ඔප්පු කිරීමට හැකියාවක් ලැබී නැහැ. බිග්ෆුට් හැබෑවක් යැයි විශ්වාස කරන සත්ව විද්‍යාඥයන් කියන්නේ, මිනිසා සහ වානරයන් අතර අහිමි පුරුකක් ලෙස බිග්ෆුට් හැඳින්විය හැකි බවය.   


බිග්ෆුට් හැබෑවක් හෝ බොරුවක් වුණත්, බිග්ෆුට් ට නෑකම් කියන වානරයන්ගේත් මානවයන්ගේත් ආදිතමයකු ගැන අනාවරණය වී ඇත. හමුවුණු මෙම සත්වයාගේ උස මීටර් 3 කි. මේ සත්වයා මිහිමත වාසය කළේ යැයි පැවැසෙන්නේ අවුරුදු මිලියන 2 කට පෙරය. විද්‍යාඥයන් මේ සත්වයාගේ පොසිල අස්ථි සහ දත් සොයාගෙන ඇත්තේ චීනයේ ගිනිකොන දෙසිනි.   


මේ සත්වයා නම් කර ඇත්තේ ජයිගැන්තෝපිතිකස් බ්ලැකී යනුවෙනි. කෙටියෙන් ජී. බ්ලැකී කියා ද හැඳින්වෙයි. මේ සත්වයා සෘජුව වර්තමානයේ අපට දකින්න ලැබෙන ඔරන්උටන් ට සමානයි. මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ප්‍රෝටීන විශ්ලේෂණයකින් පසුවය. ප්‍රෝටීන් විශ්ලේෂණය කර ඇත්තේ පොසිලකරණයට ලක් වුණු දත්වලිනි. ඔබ ඇසුවොත් පුදුම වේවි, නූතන වානර විශේෂ අතරින් මිනිසාට සියයට 99 ක් සමානකම් දක්වන එකම වානර විශේෂය ඔරන්ඌටන් ය.   

 


ලුසිත ජයමාන්න   
‘ද සන් ඇසුරිනි’