වයසට ගියත් වියපත් නොවෙන ජපන්නු


 

මිනිසා වියපත් වීමේදී ශාරීරිකව මෙන්ම මානසිකවද විඩාපත් ​ෙවන අතර සම රැලි වැටීම, දත් හැළීම, කෙස් පැසීම හා නිදන්ගත ආසාදනයන්ට ගොදුරුවීම නොවැළැක්විය හැක.   


වත්මන් මිනිසා මේ ​ෙවනවිට අමරණීය වීමේ උන්මාදයෙන් පෙළෙන අතර මේ කර්තව්‍ය සඳහා අවයව බද්ධ කිරීම, ප්ලාස්ටික් සැත්කම් හා නව සොයා ගැනීම් සුවිශේෂි පිටිවහලක් වී ඇත.   


වයස් භේදයකින් තොරව තම රෑප ශෝභාව එකසේ තබා ගැනීමට වෙර දරන වත්මන් මිනිසා රූපලාවණ්‍ය සත්කාර රැසක් අනුගමනය කරයි.   
එහෙත් ලොව අන් රටවල් හා සාපේක්ෂව බැලීමේදී ආසියාතිකයන් වන ජපන් ජාතිකයන් දිගුකලක් නිරෝගීව හා වියපත් නොවී සිටීමේ සරල ක්‍රමවේදයන් හෙළිදරව් වී ඇති අතර ජපන් කාන්තාවන්ගේ සම දෙස බැලූ කල ඔවුන්ගේ වයස පවා අනාවරණය කිරීම අපහසුවී ඇත.   


පර්යේෂකයන් පවසන්නේ ජපන් ජාතිකයන් බහුල ලෙස ග්‍රීන් ටී (Green Tea) පානය කරන බැවින් පාරජම්බුල කිරණින් (Ultra Violet) සම ආරක්ෂා කර සමේ රෝග පිළිකා අවම කර සම පැහැපත් කරන බවයි. ග්‍රීන් ටී කෝප්පයකින් සිරුරේ අනවශ්‍ය බර අඩුවන අතර එය තරුණ පෙනුමට ඉවහල් වේ.   


ජපන් ආහාර අතර මුහුදු පැළෑටි අනුභවය බහුල ලෙස පවතී. එය විටමින්, මිනරල්, කැල්සියම්, මැග්නීසියම් විටමින් K යකඩ හා පෝලේට් අන්තර්ගත වන අතර එය සමබල ආහාරයට ඉවහල් වේ. දිනපතා මුහුදු පැළෑටි අනුභවයෙන් ස්වභාවිකව ක්ලැජන් සිරුරට අවශෝෂණය වී සම ආරක්ෂා වන අතර, සමේ ලප, ආසාදන, හා ඉදිමුම අවම කර සිරුරේ පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කිරීමට උපකාරී වේ.   


එමෙන්ම, ජපන් ජාතිකයෝ දිනපතා සිරුර සම්බාහනය කරති. එමගින් රුධිර සංසරණය ක්‍රමවත් වන අතර මාංශ පේශි ලිහිල් වේ. එය පැහැපත් පෙනුමට ඉවහල් වේ. 

 

 
ඩේලි මේල් ඇසුරින්   
ප්‍රියන්ති තිරාණගම