ලෝකෙ ලොකුම තීන්ත පෑන අල්ලපු රටෙන් !


 

 

ලොව විශාලතම තීන්ත පෑනක් සෑදීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.   


මෙම පෑන නිර්මාණය කර තිබුණේ දකුණු ඉන්දියානු නගරයක් වන ශිවමොගාහි වෙසෙන ක්‍රිෂ්ණමූර්ති ආචාර්යා නම් තැනැත්තෙක් විසින්. ඔහු විසින් මෙලෙස නිපදවා ඇත්තේ අඩි 19ක් දිගින් යුතු දැවමය උල්පත් පෑනක් යැයි සඳහන්. 


එම පෑන බරින් කිලෝ 250ක් වූ අතර එය ලී ආධාරක දෙකක් මත රඳවා ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ උල්පත් පෑනේ ඉතිහාසය සිහිකරමින්. කලෙක ඉතාමත් ප්‍රයෝජනවත් භාණ්ඩයක් වූ උල්පත් පෑන අද භාවිතයෙන් ඉවත්ව ඇති නමුත් තමන් ඒ සඳහා දැක්වූ ඇල්ම සිහිපත් කිරීම සඳහා මෙතරම් මහන්සි වී නිර්මාණයක් සිදුකළ බව වඩුවෙක් වූ ආචාර්යා පවසයි. 


පසුගිය දහ හතර වසරක කාලය පුරා ඔහු විවිධ ප්‍රමාණයේ දැවමය පෑන් නිර්මාණයේ නිරත වී ඇත. මෙම පෑනේ ඇති විශේෂත්වය සලකා එය ගිනස් ලෝක වාර්තා පොතට එක්කරගන්නා ලෙසින් ආචාර්යා දැනටමත් එම ගිනස් වාර්තා කමිටුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා. 

 


සටහන තිළිණි ද සිල්වා 
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි........