ලබන වසරේ විවාහයට ශුභ දින


විවාහයකදී හෝ නව නිවසක් ඉදිකිරීමේදී අදාළ ජන්මීන්ගේ උපන් නැකැත්වලට අදාළව ශුභ මුහුර්තයක් සකසාගැනීමට දිනයක් ලබගැනීම ඉතාම දුෂ්කර කටයුත්තකි. විශේෂයෙන් විවාහවන යුවළගේ මංගල්‍යය සඳහා දෙදෙනාට ශුභ දිනයක් වර්ෂයක් තුළදී හෝ නොහැකි අවස්ථා උදා වේ. උදාහරණ අස්විද හා පුවසල යන නැකත් දෙකෙන් විවාහ වන දෙදෙනාට විවාහ නැකත් වශයෙන් ගැළපෙන්නේ රේවතී නැකත පමණි. 2019 වර්ෂය තුළදී ඒ දෙදෙනා විවාහවන්නේ නම් මැයි 30 හෝ සැප්. 16 දින හැර වෙනත් දිනයක් නැත.  
එබැවින් ශුභ මුහුර්තයක් සකසා ගැනීමේදී අව මර ආදී ලක්ෂයක් දෝෂ භංග කරන කේවල සිද්ධියෝග දින කීපයක් 2019 වර්ෂය තුළ ඇත. එම විස්තර පහත දක්වයි. තමාට අවශ්‍ය කරුණ අතළඟට එනතෙක් බලා නොසිට උගත්, ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මහතෙකු හමුවී කලින් ශුභ නැකත සාදා ගන්න. විවාහ මඟුල් සඳහා 2019 වර්ෂයේ දිනයක්ද මෙහි දක්වති.  
ජනවාරි මස 02 වන බදාදා පෙ.ව. 9.42 න් පසු ආරම්භ වන අනුර නැකත පවතින මුළු දිනයම. 15 වන අඟහරුවාදා අස්විද නැකත පවතින ප.ව. 1.52 දක්වාද 30 වන බදාදා ප.ව. 4.45 දක්වා අනුර නැකත පවතින කාලය.  


පෙබරවාරි මස 04 වන සඳු දින අලුයම 2.56 සිට පසුදා අලුයම 6.02 දක්වා සුවන නැකත පවතින කාලය.  

මාර්තු මස 04 වන සඳු දින ප.ව. 12.11 දක්වා සුවන නැකත පවතින කාලය  

මැයි මස 03 වන සිකුරාදා ප.ව. 2.38 දක්වා රේවතී නැකත පවතින කාලය  

ජූලි මාසයේ 04 වන බ්‍රහස්පතින්දා අලුයම 4.40 සිට පුෂ නැකත උදා වී මුළු දවසම 

අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දා ප.ව. 12.11 දක්වා පුෂ නැකත පවතින කාලය  

24 වන සෙනසුරාදා අලුයම 3.47 ට පසුව උදාවන රෙහෙන නැකත පවතින මුළු දවසම  

සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා අලුයම 4.23 ට පසුව උදාවන අස්විද නැකත පවතින මුළු දවසම  

21 වන සෙනසුරාදා පෙ.ව. 11.19 දක්වා රෙහෙන නැකත පවතින කාලය  

29 වන ඉරිදා ප.ව. (රාත්‍රි) 7.10 දක්වා හත නැකත පවතින කාලය   

8 ඔක්තෝබර් මාසය 15 වන අඟහරුවාදා ප.ව. 12.30 දක්වා අස්විද නැකත පවතින කාලය  

02 වන බදාදා දහවල් 12.59 ට පසුව අනුර නැකත උදාවූ පසු කාලය  

30 වන බදාදා රාත්‍රී 10.55 දක්වා අනුර නැකත පවතින කාලය   

නොවැම්බර් 04 වන සඳු දින අලුයම 00.58 සිට සුවන නැකත පවතින මුළු දවසම  

27 වන බදාදා පෙ.ව. 8.15 දක්වා අනුර නැකත පවතින කාලය   

10 දෙසැම්බර් මස 02 වන සඳු දින පෙ.ව. 11.46 දක්වා සුවන නැකත පවතින කාලය  

තවද 2019 වර්ෂය තුළ විවාහවීමට බලාපොරොත්තුව සිටින තරුණ තරුණියන්ට උත්සව ශාලා කලින් වෙන්කර ගැනීමට පහසුවන අන්දමට 2019 වර්ෂයේ විවාහයට සුදුසු දින කීපයක්ද මෙහි දක්වයි. ඉහත කේවල සිද්ධි දක්වා දිනයන්හි දිනය පමණක් දක්වමි.  


නැකත එයින් බලාගන්න. 

 
ජනවාරි 02 බදාදා  


පෙ.බ. 15 වන සිකුරාදා රාත්‍රී 8.48 දක්වා මුවසිරස නැකත පවතින කාලය  

මාර්තු 08 සිකුරාදා රාත්‍රී 11.16 දක්වා උත්‍රපුටුප නැකත පවතින කාලය  

මාර්තු 13 වන බදාදා අලුයම 4.54 සිට රෙහෙන නැකත පවතින කාලය  

මැයි 02 බ්‍රහස්පතින්දා දහවල් 1.00 දක්වා පවතින උත්‍රපුටුප නැකත පවතින කාලය හා ඊට පසුව ලබන රේවති නැකත ගත කාලය  

මැයි 23 වන බ්‍රහස්පතින්දා අලුයම 5.14 සිට උත්‍රසල නැකත උදාවූ මුළු දවසම මැයි 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 11.01 දක්වා රේවතී නැකත කාලය  

ජුනි 06 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8.29 දක්වා පුනාවස පවතින කාලය  

ජුනි 12 වන බදාදා හත නැකත පවතින පෙ.ව. 11.54 දක්වා කාලය  

ජුනි 27 වන බ්‍රහස්පතින්දා පෙව. 7.43 දක්වා රේවතී නැකත පවතින කාලය සහ ඉන්පසු අස්විද පවතින දවසම  

ජූලි 04 වන බ්‍රහස්පතින්දා  

අගෝස්තු 16 වන සිකුරාදා පෙ.ව. 10.57 දක්වා දෙනට නැකත පවතින කාලය

 
සැප්තැම්බර් මස 16 වන සඳු දින අලුයම 1.45 සිට රේවතී නැකත පවතින මුළු දවසම  

මෙහි සඳහන් කරන විවාහ මංගල්‍යයට සුදුසු යැයි දක්වා ඇති දින ග්‍රහ බලයට මුල්තැනදී බලා ඇත. තවද කෝණ මාස පවතින දිනද මෙහි තිබේ. කෝණ මාසවල විවාහ උත්සව ගැනීමට බයක් දක්වන අය සුදුසු පරිදි කටයුතු කරන්න.  

 


ජ්‍යොතීර්වේදී හංවැල්ලේ ඇස්. සිරිවර්ධන  
113 සී, ජයන්ති පාර, දොම්පේ