ලංකා ගමන සිහි​ෙවන්නට මුගටියන් ගෙන ගිය ඇන්ටන් චෙකෝෆ්


සිහිවටනයක පසුබිම් කතාව

 

 

කොළඹ ග්‍රැන්ඩ් ඔරියන්ට් හෝටලය ඉදිරිපිට ඇති ස්මාරකය එතැනින් යන කාගේත් නෙත් මොහොතකට පැහැර ගන්නා දසුනකි. පාර මැද දුපතක් මෙන් පිහිටි කොටසක නිමවා ඇත්තේ පයිප්පයක් ගසාගෙන රික්ෂෝවක නැගී සිටින ටයිකෝට් ඇඳි විදේශිකයෙකි. මෙය බැලු බැල්මටම පෙනී යන්නේ මහා සහිත්‍යධර ඇන්ටන් චෙකෝ​ෆ්ගේ ලංකා ගමන ස්මරණය කිරීමට ගොඩනැගුවත් බවය. ඇන්ටන් චෙකෝෆ් නම කියු සැණින් අපගේ මතකයට එන්නේ රුසියාවේ සභ්‍යත්වයයි.  
 
අපි කොළඹ කොටුවේ ඇති ඇන්ටන් චෙකෝ​ෆ් මේ රික්ෂොව නැගි ස්මාරකය දෙස වඩාත් විමර්ශනාත්මකව බලන විට ඇන්ටන් චෙකෝ​ෆ් ලංකා ගමන වූ යුගයේ රික්ෂෝකරු මෙරට පොදු ජන ප්‍රවාහන මාධ්‍ය තුළ සැලකිය යුතු තත්ත්වයක පුද්ගයකු බව වැටහී යන කරුණකි. මේ රික්ෂෝකරු ගැන එවකට රාජ්‍ය ලේඛනාගාරයේ ඉපැරණි තොරතුරු සටහන් කළ නුවරඑළියේ හේමපාල මහතා තැබු සටහනක මෙසේ සඳහන්ය. හේමපාල මහතා උපුටා ඇත්​ෙත් 1985 දී මහාචාර්ය ගයිගර් තැබු සටහනකි. එම ලේඛනය අධ්‍යයනයේ දී පැහැදිලිව ​ෙප​ෙනන කරුණක් නම් ලංකාවට රික්ෂෝ නමැති පොදු ජනතාවගේ කකුල් දෙකේ වාහනය පැමිණ ඇත්තේ ඇන්ටන් චෙකෝ​ෆ් උප්පත්තියෙන් වසර 23 කට පසු බවය. ඇන්ටන් චෙකෝ​​ෆ්ගේ උපන් දින ලෙස සඳහන් වන්නේ 1860 ජනවාරි 17 වැනිදාය. ඇන්ටන් චෙකෝ​ෆ් මිය ගොස් ඇත්තේ 1904 ජුලි මස 04 වැනිදාය. ඇන්ටන් චෙකෝ​ෆ් ලංකාවට පැමිණි දිනය ලෙස සැලකෙන්නේ 1890 නොවැම්බර් 12 වැනි දිනයයි. ඇන්ටන් චෙකෝෆ් ශෘන්ත පීටර්ස්බර්ග් නමැති නැවෙන් ලංකාවට පැමිණ වත්මනෙහි ග්‍රැන්ඩ් ඔරියන්ට් හෝටලය නමින් හැඳින්වෙන හෝටලයේ නවාතැන්ගත් බව ද ඉතිහාසයේ සඳහන්ය.   


මහාචාර්ය ගයිගර්ගේ සටහනේ රික්​ෙෂා්කරුවන් ගැන මෙසේ සඳහන් කොට ඇත.   


“ලංකාවේ වීථියකට බැස රික්ෂෝ යයි උස් හඬින් පැවසු විගස රික්ෂෝ කරුවන් දිව එන්නේ එකිනෙකා පරයමිනි. මේ බොහෝ දෙනා උඩුකය නිරුවතිනි. රික්ෂෝ යයි කෑගැසු මගියා හිඳගත් විගසම මේ රික්ෂෝකරු හැල්මේ ගමනාන්තය තෙක් දිවයයි. රික්ෂෝකරුගේ ශක්තිමත් ශරීරයේ මාංශපේෂීන් චලනය නිරීක්ෂණය කිරීම පවා කළ හැකිය.”   


කොළඹ නගර සභාවේ ඉපැරණි ලේඛන අනුව පෙනී යන්නේ කොළඹ නගර සභාව රික්ෂෝ රථ සඳහා බලපත්‍ර නිකුත් කරන්නට ආරම්භ කොට ඇත්තේ 1884 වසරේදී බවය. මින් පෙනී යන කරුණක් වන්නේ 1883-1884 අතර වකවානුවේ වසරකට අධික කාලයක් මෙරට කිසිඳු නියාමනයක් නැතුව රික්ෂෝ​ කරුවන්ගේ පැලැන්තිය රජ කළ බව නොවේද?   


මේ රික්ෂෝකරුවන් ගැන ඇති තොරතුරු අනුව සුදු ආණ්ඩුවේ ටයි කෝට් ඇඳ බුට් සපත්තු හැඳි සුදු නිලධාරියකු ගැන සඳහනක් ඇත්තේ Leader නැමති පුවත්පතකය. මෙම පුවත් පතේ ආරම්භකයන් සුප්‍රකට සොයිසා පරම්පරාවේ ඇත්තන් බව ඒ ගැන ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනත් අනුව පසු කලෙක එක් රැස් කර ගත් තොරතුරු අනුව දැක ගත හැකි විය. මේ කියන සුදු නිලධාරියා ආණ්ඩුකාරයාගේ නිවසට යන්නට රික්ෂෝකරුවන්ට කතා කළ විට රික්ෂෝකරුවන් ඉවත බලා ගන්නා හෝ පලා යන තත්ත්වයක් එදා පැවතී ඇත. ලීඩර් පුවත්පතේ වූ සංසිද්ධිය පසු කලෙක සිංහල පුවත් පතෙක විස්තර කොට තිබුණේ මෙසේය. එදා එම ප්‍රවෘත්තිය වත්මන් භාෂා ශෛලිය ගැළපෙන ලෙස සංස්කරණය කොට ඇති බව කිව යුතුය.   


“සුදු නිලධාරියා රික්ෂෝ යයි ගොරහැඩි බසින් ඇමතීම රික්ෂෝ කරුවන්ගේ වික්ෂිප්තියටම හේතු වන්නේය. බොහෝ දෙනා මෙය නියෝගයක් ලෙස සලකා රික්ෂෝ පලෙන් ඉවත්ව යති.   


ඉතිරි වන්නේ එක් හැඩි දැඩි රික්ෂෝකරුවකු පමණි. රික්ෂෝකරුවන් මේ සුදු මහතා දුටු විට පලා යන්නට හේතුව කිම? රික්ෂෝවට නැගි සුදු මහතා රජ ගෙදරින් බසින විට තම තඩි බූට් පැලඳි කකුල් රික්ෂෝකරුගේ පිටමත නවා නැගි සිට ඉන් පසු රජ ගෙදරට බිමට ජම්ප් එකක් මෙන් දැමීම මීට හේතුවයි. කෙසඟ රික්ෂෝ කරුවකුට මේ සුදු මහතාගේ මහා බර කිසිසේත් දරාගත නොහැකි වීමය.   


අැන්ටන් චෙකෝ​ෆ් රැගෙන යන රික්ෂෝ කරු උඩු කය නිර්වස්ත්‍රයකු මෙන් සිටින බැවින් පෙනී යන්නේ මේ රික්ෂෝකරු ඉන්ද්‍රියන් ජාතිකයකු වන බවය. උඩු කයට ඇඳුමක් නැතුව රික්ෂෝ ඇදගෙන ගියේ බොහෝ විට ඉන්දියන් කාර​ෙයා්. එම ලේඛනවල වල දැක්වේ. රික්ෂෝකරුගේ නිල ඇඳුම වී ඇත්තේ දිගු සුදු පැහැති ෂර්වානියකට සමාන ඇඳුමකි. එම නිල ඇඳුමට අඟල් 3 ක් පමණ මහත බඳ පටියක් ද තිබි ඇත. එහි වූ පසුම්බිය රික්ෂෝකරුට අය කරන කාසි දමා ගැනීමට විය යුතුය.   


ඇන්ටන් චෙකෝ​ෆ් ලංකාවට පැමිණි 1890 වන විට කොළඹ කොටුවේ කොතරම් රික්ෂෝ ප්‍රමාණයක් තිබුණේ දැයි සටහනක් නැත. එහෙත් ලංකාවට රික්ෂෝ පැමිණ වසර 40 පමණ ගෙවී ගිය පසු 1921 දී ලේඛනයක ඇත්තේ එම වසරේ රික්ෂෝ 3741 ක් ලියාපදිංචි කර ඇති බවය. 1950 දී කොළඹ නගර සභාව රික්ෂෝ ලියාපදිංචිය නතර කිරීමට යෝජනාවක් සම්මත කොට ඇති බව ලේඛනවල ඇත.   


අැන්ටන් චෙකෝ​ෆ් ලංකාවට පැමිණි දිනය ලෙස සඳහන් වන්නේ 1890 නොවැම්බර් මස 12 වැනි දිනය. චෙකෝ​ෆ් ලංකාවේ දින හයක් ගත කළ බව එක් තැනක සඳහන් වන අතර එය දින 7 ක් බව තවත් බොහෝ ලේඛනවල ඇත. චෙකෝ​ෆ් ලංකාවට පැමිණ ඇත්තේ රුසියාවට අයත් සක්හලින් නමැති දුපතේ දින ගණනාවක් ගත කිරීමෙන් පසුවය. ඔහු ලංකාවට පැමිණි දිනයේම ගුසෙව් නැමති ඔහුගේ සුප්‍රකට නව කතාව ලිවීම ආරම්භ කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. චෙකෝ​ෆ් ලංකාවේ සිටි වකවානුවේ එක් දිනක් නුවර ගොස් ඇත. ඒ ගමන ගොස් ඇත්තේ දුම්රියෙනි. නුවර ගිය චෙකෝ​ෆ් රික්ෂෝවකින් නුවර සැරී සැරුවේදයි සටහන් සොයා ගත නොහැකි වුවද නුවර ගමනෙන් පසු චෙකෝ​ෆ් පවසා ඇත්තේ ලංකාව මිහිබට සුර පුරක් බවය. ලංකාවෙන් නැවත නැව් නැග පිටවී ගිය චෙකෝ​ෆ් එදා ගෙන ගිය නැව් බඩු අද ගෙන ගියා නම් චෙකෝ​ෆ්ට අද සිටින්නට සිදු වන්නේ පොලිස් අත්අඩංගුවේය. චෙකෝ​ෆ් ලංකාවෙන් යන්නට නැව් නැගි විට ගෙන ගිය නැව් භාණ්ඩ අතර අද සංරක්ෂිත සත්වයකු වන මුගටින් ද සිටිම මීට හේතුවයි. ​චෙ​ෙකාප් ලංකාවෙන් පිට වී යන විට මුගටි පැටව් තුන් දෙනෙකුද රැගෙන ගිය බව කියවේ. මීට අමතරව ලංකාවෙන් චෙකෝ​ෆ් ගෙන ගිය භාණ්ඩ අතර කළුවර ලීයෙන් තැනූ අලියෙක් සහ ජන කලා කෘති කිහිපයක් ද තිබී ඇත. මේ ලංකාවෙන් ගෙන ගිය නැව් බඩු චෙකෝ​ෆ් ගෙන ගොස් ඇත්තේ රුසියාවට නොවේ. ඒවා ගෙන ගොස් ඇත්තේ කල්කටාවේ ඔහුගේ නිවසටය. මුගටියන් මිය ගිය පසු තම ලංකා ගමන සිහි වෙන්නට මුගටි හමක් චෙකෝ​ෆ් තම නිවසේ සිහිවටනයක් ලෙස තබාගෙන ඇත. මාර්ටින් වික්‍රමසිංහ මහතා චෙකෝ​ෆ් ගැන පළ කරන ලද පොත් පිංච නම් කොට තිබුණේ ​ෙචකොප් සහ ලංකාව නමිනි. ශ්‍රී ලංකාවේ නූතන සාහිත්‍යයට චෙකෝ​ෆ්ගේ කෘති ඉතාම තදින් බලපා ඇති බව කිව යුතුම කරුණකි. ග්‍රෑන්ඩි ඔරියන්ට් හෝටලය ඉදිරිපිට ඇති චෙකෝ​ෆ් හිඳ සිටින රික්ෂෝව ඇති මුර්තිය සිහිපත් කරන්නේ චෙකෝ​ෆ්ගේ ලංකා ගමනය. එම හෝටලය චෙකෝ​ෆ් නමින් කාමරයක් නම් කොට විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කොට ඇත්තේ මීට වසර 19 කට පෙර 1999 දීය. එම උත්සවයේ දී චෙකොප් ගැන එවකට සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වූ මහාචාර්ය ඒ.වී සුරවීර මහතා කතාවක් පවත්වා ඇත. සුරවීම මහතාගේ කතාවෙන් පෙනී යන්නේ ගුසෙව් නමැති චෙකෝ​ෆ්ගේ සුප්‍රකට නව කතාව ලියන්නට ආ චෙකෝ​ෆ් ලංකාවේ රැඳී සිටි දින හය හෝ හත තුළ ගුසෙව් නම් නවකතාවේ වාක්‍ය 24 කට වඩා ලියා නැති බව නොවේ ද? සුරවීර මහතාගේ චෙකෝ​ෆ් ගැන කතාව 1999 ජුලි 05 වැනි දින ලංකාදීපය වාර්තා කළේ මෙසේය.   


​ෙචකොෆ් හා ශ්‍රී ලංකාව යන මැයෙන් කෙටි දේශනයක් කළ සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා මෙසේ සඳහන් කළේය. “අද අප ඉටු කරනුයේ ඉතාමත්ම වැදගත් කාර්යයක්. විශ්වලේඛකයකුට උපහාර දැක්වීම පමණක් නොව චෙකොෆ් වැනි කෘතහස්ත ගත්කතුවරයකු මෙරට පැමිණ දින හයක් ගත කිරීමේදී මෙම හෝටලයේ නවාතැන් ගැනීම සිහිපත් කිරීමට මෙවැනි කාර්යයක් ඉටු කිරීමද විශේෂත්වයක් ගන්නවා.   


1860 ජනවාරි මස 17 දා ඉපිද 1904 ජුලි 4 දා මිය යන තුරුම ශිෂ්‍ය කාලයේ පටන් ලේඛන කලාවට පිවිස ලොව ශ්‍රේෂ්ඨ ලේඛකයන් අතර චෙකොෆ් පැමිණියා. විවිධ කෙටි කතා කාව්‍ය නාට්‍ය කළ චෙකොෆ් ශ්‍රේෂ්ඨ කෙටි කතා හා නාට්‍යකරුවකු වූ අතර එක් දිනකට වාක්‍ය 4 කට වඩා නොලිව් ලේඛකයකු ද වුණා. එවක රුසියාවේ පැවතියේ ජනතාවට අහිතකර සමාජ තත්ත්වයක් බව ද ඔහු සිය නිර්මාණ වලින් හෙළි කළා.   


මහාචාර්ය සුරවීරයන් කතාවේ කියන පරිදි චෙකෝ​ෆ් ජීවත්ව ඇත්තේ අවුරුදු 44 කි. චෙකෝ​ෆ්ගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය පළවී ඇත්තේ 1886 දීය. සුරවීර මහාචාර්යවරයා පවසන්නේ චෙකොව් දිනකට වාක්‍ය 04 කට වඩා ලියුවේ නැති බවය. චෙකොව් නම මුලට කෙටි කතාව බිහි කරන්නේ 1886 දී බැවින් ඔහු සාහිත්‍යයේ නියැළි වර්ෂ ගණන වසර 18 කට ආසන්නය. චෙකෝ​ෆ්ගේ කෘති අධ්‍යයනයේදී මහාචාර්ය සුරවීරගේ ප්‍රකාශය විවාදාත්මකය. වසර 18 කට ලියා ඇත්තේ හත් දහසකට ආසන්න ගණනකි. 1886 සිට 1904 දක්වා චෙකෝ​ෆ්ගේ කෘති 13 ක් අප නෙත ගැටේ. ඒ ස්ටෙප්ස් තණ බිම සිට අවසන් කෘතිය වූ චෙරිවත්ත දක්වාය.   
තවත් ඉතිහාසයේ ඈතට හඹා යත්දී ඇන්ටන් චෙකෝ​ෆ්ගේ ලංකා ගමන සංවිධානය කරන ලද එකක් ද නැත්නම් අහම්බෙන් සිදු වූ එකක් දැයි ප්‍රශ්නාර්ථයකි.   


ලංකාවට පැමිණි නැව් ගමනට පෙර මොස්කව් නුවරට යාමට ප්‍රථම චෙකොව් පැමිණ ඇත්තේ හොංකොං වරායටය. චෙකොව් ගමන් ගත් ශාන්ත පීටස්බර්ග් නෞකාව ගමන් කරන්නට නියමිතව තිබී ඇත්තේ ජපානය හරහාය. එවකට ජපානය පුරා කොළරාව පැතිර තිබූ බැවින් නැව් ගමනා ගමනය අතාරින්නට විය. චීන මුහුදේ දී සුළි කුණාටුවකට හසුව ඉබාගාතේ ගිය මෙම නැව වල්මත්ව ගොස් ලංකාවට සේන්දුවී ඇත්තේ අහම්බයක් ලෙසය. එසේ නම් චෙකෝ​ෆ් ලංකාවට ආවේ ගුසෙව් නමැති නවකතාව ලියන්නටම දැයි විවාදාත්මක කරුණකි.   


එදා තැප්‍රොබේන් හෝටල​ෙය් සිට චෙකෝ​ෆ් තබා ඇති සටහන මෙබඳු ය.   


සක්හලින් නමැති අපගෙන් පිටමං වූ බට සිලෝන් දිවයින පාරාදීසයක් විය. එක දිගට සිටවූ පොල් රාජ්‍ය පසු කරමින් කඳුකර පෙදෙස කරා දුම්රියෙන් සිදු කළ ගමනක් ජිවිතයේ අමතක නොවන ගමනකි. මේ දිවයිනෙහි නිතර සිනාවෙන තළෙලු තරුණියන්ගේ රුපශෝභාවෙන් යුතුය. මේ දිවයිනේ ගත කළ කාලය මත ඉතිරි කළේ රන්වන් මතකයකි.  


ඇන්ටන් චෙකෝ​ෆ් ඔරියන්ටන් හෝටලයේ සිටි කාලයේ දෙහිවල සත්වෝද‍්‍යානයට ගිය බවට සටහන් ඇත. ඔහු ලියූ සටහනක් අනුව නයි මුගටි සටන් ගැන ඔහු කියවා ඇත්තේ ලංකාවේදීය. මුගටින් බලන්නට දෙහිවල ගිය චෙකෝ​ෆ් මුගටි පැටවුන් මිලදී ගෙන ඇත්තේ එහිදීය.   


දුම්රියෙන් නුවර ගිය චෙකෝ​ෆ් ඒ දිනවල ගැලවීමේ හමුදාවේ පෙරහරක් ද නරඹා තිබේ. නුවර ප්‍රදේශයේ වී ගොවීන් දිළිඳු දරු දැරියන් හා ප්‍රභූන් ද මුණ ගැසී ඔහු කතා බස් කොට ඇත.   
ලංකාවේ මුගටින් ගැන චෙකෝ​ෆ් තම චිත්‍රයකට ලියූ ලිපියක මෙවන් සටහනක් ඇත.   


“මං ලංකාවෙන් ගෙනා මුගටින් දුටු විට ඔබේ බල්ලන් හැංගෙනු ඇත. උන් ඉතා දඟැති සතුන් නිසා මං උන් කූඩුවල දැම්මා. තීන්ත කුප්පි පෙරළනවා. වීදුරු පෙරළනවා. ගෑනුන්ගේ කොණ්ඩ අදිනවා. යක් පැටියන්ට සමානයි.”
බොහෝ දෙනා දන්නා කරුණක් නම් ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේ චෙකෝ​ෆ් වෙනුවෙන් නම් කෙරෙන කාමරයක් ඇති බවය. එම හෝටලේ චෙකෝ​ෆ් මෙන්ම පිලිපීනයේ ජාතික වීරයකුට ද කාමරයක් වෙන්කොට ඇත. ඒ පිලිපීනයේ ජාතික විරයකු ලෙස සැලකෙන ජෝසේ ඔකාඩෝ රිසායි ඇලසෝ (Dr. Jose Mercada Rizali Aloza) වෙනුවෙනි. මේ හෝටලය ඊට පෙර සුප්‍රසිද්ධ හමුදා බැරැක්කයක් ලෙස ප්‍රචලිතය.   


අාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ලියූ ලිපියක ඇන්ටන් චෙකෝ​ෆ් ගැන අමුතුම සටහනක් ඇත. සෝවියට් දේශයේ ලේඛක සමුළුවකට ගිය රත්නසේකර මහතා තම මාර්ගෝපදේශයකට පවසා ඇත්තේ තමන්ව ඇන්ටන් චෙකෝ​ෆ් කෞතුකාගාරයට රැගෙන යන ලෙසය. රුසියානු මාර්ගෝපදේශකයා පවසා ඇත්තේ ඇන්ටන් චෙකෝ​ෆ් නමැති සාහිත්‍යධරයා රුසියාවේ ජීවත් වී නැති බවයි. පසුව පෙනී ගොස් ඇත්තේ රුසියානු ලේඛකයන්​ගේ නම් සිංහලයට උච්චාරණයේදී මේ ගැටලුව හට ගෙන ඇති බවය. නිවැරදිව ඇන්ටන් චෙකෝ​ෆ්ගේ නම උච්චාරණය කළ හැක්කේ අන්තෝන් පාවිලච්චි වේහව් ලෙසය.   


මෙම ලිපියේ ඒ.වී. සුරවීර මහතා කියූ චෙකෝ​ෆ් දිනකට පේළි හතරක් පමණක් ලියූ බව කියන කියන ගැන සැබෑ තතු අවසානයේ අපට සොයාගත හැකි විය. චෙකෝ​ෆ් මරණයට පත්වන්නේ ලංකාවට පැමිණ වසර 14කට පසුවය. 1903 වනවිට චෙකෝ​ෆ් බරපතළ ලෙස ක්‍ෂය රෝගයෙන් පීඩා විඳ ඇත. චෙරි උයන නාට්‍යය ලියන්නට ඔහු අරඹා ඇත්තේ මේ වකවානුවේය. චෙරි උයන ගැන තම මිතුරකුට පැවසූ ලිපියක් සුරවීර මහතාගේ ප්‍රකාශයට හේතු වී ඇත.   


“මම දිනකට පේළි හතරක් බැගින් ලියනවා. ඒක උනත් මගේ උහුලන්නට බැරි තරම් ​වේදනාවක් ගෙන දෙනවා.” යනුවෙන් එහි සඳහන්ය. මේ කියමන චෙකෝ​ෆ්ගේ සමස්ත ලේඛන දිවියටම ආරූඪ කිරීමට කළ යුත්තක් දැයි සුරවීරයන්ට දෙවරක් සිතා බැලිය යුතුව තිබුණි.   


චෙකෝ​ෆ් චෙරි උයන ලියූවේ ගෙදර සිට නොවේ. ඒ ගැන ඔහුගේ බිරිඳ කිව්වේ “ඔයා මට පණ්ඩිත රුවනක්. ලියන්න ලියන්න, මා වෙනුවෙන් ලියන්න.” යනුවෙනි. එහෙත් බිරිඳගේ ඉල්ලීම පසෙක තිබියදී 1904 ජුලි 02 වැනිදා ජර්මනියේ බෑන් මෙයිලර් නගරයේදී ඇන්ටන් චෙකෝ​ෆ් අවසන් හුස්ම හෙළීය.   

 

 

 

 


වජිර ලියනගේ   
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය