රුපියල් කෝටි 3250 කට වෙන්දේසි වූ සිතුවම


 

නෙක විද රටාවන් සිය පින්සල් තුඩින් මවන සිත්තරුගේ සිතුවමට හිමිවන වටිනාකම බොහෝ විට ඔහු නොසිතූ අගයක් විය හැකිය. එවන් අවස්ථා රැසක් ලෝක ඉතිහාසය තුළ අපට හමුවෙයි.  

ලොව පුරා පැවැති වෙන්දේසිවලදී මෙතෙක් වැඩිම මිලකට අළෙවි වී ඇති සිතුවමද ලෝක ඉතිහාසයට පත්වන එවන් අපූරු නිර්මාණයකි.  


2011 වසරේ අප්‍රේල් මාසයේදී එංගලන්තයේ පෞද්ගලික සමාගමක් විසින් පවත්වනු ලැබූ වේන්දේසියකදී කාඩ් සෙල්ලම හෙවත් කාඩ් ක්‍රීඩාව (The Card Players) නම් වූ සිතුවම කටාර් රාජ්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයෙකු විසින් ​ඩොලර් මිලියන 259 කට හෙවත් රැපියල් කෝටි 3250 කට මිලදී ගනු ලැබ තිබේ. මෙතෙක් ඉතිහාසයේ වැඩිම මිලකට අළෙවි වූ සිතුවම මෙයයි.  


ප්‍රංශ ජාතික චිත්‍ර ශීල්පියකු වුූ වේල චෙසනේ (paul c'exenne) විසින් 1890 දශකයේ සිතුවම් කරන ලද මෙම කාඩ් ක්‍රීඩාවට අදාළ සිතුවම් මාලාවේ එක් සිතුවමක් වෙන්දේසියේදී මෙම ඉතිහාසගත මිලට අැලෙවි වී තිබේ.  


පෝල් වෙසනේ (paul c'exenne) ප්‍රංශයේදී 1839 ජනවාරි 19 වනදා උපන් අතර ඔහු සිය ළමා කාලයේ පටන්ම චිත්‍ර කලාවට නිසඟ හැකියාවක් දැක්විය. ඒ අනුව තරුණ වියට පත්වෙත්ම පෝල් සිය වෘත්තීය වශයෙන් චිත්‍ර ශීල්පයම තෝරා ගත්තේය.  


ඔහුගේ ජීවිත කාලයේ අග භාගයේදී සිතුවම් කරන ලද කාඩ් ක්‍රියාව (The card players) නම් පත්‍ර කාණ්ඩයට චිත්‍ර පහක් ඇතුළත් වෙයි. කැන්වස් මාධ්‍යයෙන් තෙල් සායම් උපයෝගී කර ගෙන සිතුවම් කරන ලද මෙම සිතුවම් වසර 300 කට වඩා ගතව තිබුණත් මේ වන තුරුත් කිසිදු වෙනසකට භාජනය වී පවතී.  


මෙම කාණ්‍ඩයේ සිතුවම් පහෙන් රුපියල් කෝටි 3250 කට වෙන්දේසි වූ සිතුවම වනුයේ පුද්ගලයින් දෙදෙනෙකු කාඩ් ක්‍රීඩා කරන දර්ශනය ඇතුළත් සිතුවමයි. මෙම සිතුවම් හැඩතල පසුතලය මෙන්ම ආලෝකයන් නිර්මාණයේදී චිත්‍ර ශිල්පියා සුවිශේෂ දක්ෂතා තිබෙනු ඇති බව විචාරකයින්ගේ මතයයි. මෙම කාඩ් ක්‍රීඩාවේ නියුක්ත පුද්ගලයින් දෙදෙනාගේ ස්වභාවය දැක්වීම සඳහා එක් පුද්ගලයකු උරණ දුම් පයිප්පයත් මේසය මත ඇති වයින් බෝතලයත් සාක්ෂි දරයි.  


මෙම සිතුවම 17 වන සියවසේ ප්‍රංශ ජන ජීවිතයේ එක්තරා හරස්කඩක් බවද මේ සම්බන්ධයෙන් විචාරකයන් කරන පවට විද්වත්හු පෙන්වා දෙති.  


2011 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 259 කට අළෙවි වූ සිතුවම තෙල් සායම් යොදා ගෙන කැන්වස්හි නිර්මාණය කර ඇති අතර මෙය 1890-1892 ත් අතරෙදි නිර්මාණය කර තිබේ. එහි විශාලත්වය සෙන්ටිමීටර් 134.6 පළලින් හා 180.3 ක් දිගින් යුක්ත වේ. (අඟල් 53x71) වේ.  


ලොව වැඩිම මුදලකට වෙන්දේසි වූ මෙම සිතුවම නිර්මාණය කළ ප්‍රංශයේ පෝල් චෙසෙත්තේ (paul cezeune) නම් වූ රටේ අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පියා 1839 ජනවාරි 19 වැනිදා උපන් අතර සිය උපන් ගමේදී 1906 ඔක්තෝබර් 22 වැනිදා සිය හැට හත්වන වියේදී මරණයට පත්විය.  


එසේ වුවත් ඔහුගේ නාමය හා ඔහුගේ අග්‍රගන්‍ය නිර්මාණයක් අදටත් ජීවමානව පවතින අතර එය චිරාත් කාලයක් එසේම පවතිනු ඇත.  

 

එම කාණ්ඩයේ තවත් සිතුවම්

 

 

 

 


මොහොමඩ් ආසික්