රවි මාරුව ඔබට කොහොමද ?


 

ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන හිරු හෙවත් රවි ග්‍රහයා 2018 මැයි මස 15 වන දින මෙතෙක් ගමන් කළ මේෂ රාශියෙන් සිකුරු හිමි වෘෂභ රාශියට පැමිණෙයි. 2018 ජුනි මස 15 දක්වා රවි ග්‍රහයා වෘෂභ රාශියේ සිය අණසක පතුරවමින් සිටී.   


කේන්ද්‍ර හිමියාගේ පාලන ශක්තිය, මහත්මා ගති, අණදීමේ ශක්තිය, අවංකකම, ඍජු කතාව, උසස් වීමේ ඇති ආශාව යන ලක්ෂණ රවිගේ බලයෙන් ක්‍රියාත්මක වෙයි. රජය, පාලන පක්ෂය, වෛද්‍යවරුන්, විනිසුරුවන්, තම පියා රවිගෙන් නියෝජනය වේ. සිංහ රාශියේ හිමිකාරිත්වය දරන රවි එහිදී ස්වක්​ෙෂ්ත්‍ර බලය ලබයි. මේෂ රාශියේදී උච්ච බලය ලබන අතර තුලා රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. රවි දශා කාලය පුරා වසර හයකි. කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් රවිගෙන් පාලනය වේ. රවි ග්‍රහයාට වෘෂභ රාශිය සතුරු වේ.   

 

හිරු මාරුව උපන් ලග්නවලට බලපාන හැටි   


මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට රවි පැමිණෙන විට ලග්නාධිපති කුජ දිග්බලව දස වැන්නේත් ගුරු හත් වැන්නේත් ගමන් කරයි. දරුවෙකුගේ ඉදිරි දියුණුව සඳහා තැන්පත් මුදලක් වැය කිරීමට කරුණු යෙදේ. දුරදිග බලා කතා කරන්න. කතාව නිසා පාඩු සිදුවීමට ඉඩ තිබේ. උසස් හා බලවත් මිතුරන් ඇතිවන කාලයකි. මෙම කාලසීමාවේ ලග්නාධිපති බලවත්ව ගමන් කරන නිසා රැකියා අංශවල උසස් වීම් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවෙයි. නව රැකියා ලාභ ලැබේ. මේ අතර අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝගද උදා වේ.   


වෘෂ්භ - වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නභාවයට රවි පැමිණෙන විට සිකුරු දෙවැන්නේත් ගුරු හයවැන්නේත් ගමන් කරයි. මෙම මාසය සුබාසුබ මිශ්‍රඵල ගෙන දෙනු ඇත. උසස් අය​ෙග් ආධාර උපකාර ලැබේ. දැඩි ලෙස අවිවේකී කාලයක් වනු ඇත. හිසේ රෝග, උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සෞඛ්‍යය රැක ගැනීමට උනන්දු වන්න. කුජ ග්‍රහයාද නව වැන්නේ ගමන් කරන නිසා වැඩිපුර ඉගෙනීමකට දොරටු විවර වේ. ආගම දහමට සිත යොමුවේ. දැනටමත් සෙනසුරු අපලයක් ගත කරන නිසා සෙනසුරුට අද‌ාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න.   


මිථුන - මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට රවි පැමිණෙන විට බුධ එකොළොස් වැන්නේත් ගුරු පස්වැන්නේත් ගමන් කරයි. බාල සහෝදරයෙකු වෙනුවෙන් අමතර වියදමක් දරන්නට සිදුවේ. අසල්වාසීන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. නිෂ්පල ගමන් බිමන් යෙදේ. මෙම කාලසීමාවේදී උසස් කෙනෙකු රැකියා ප්‍රධානියෙකු අමනාප වීමට ඉඩ තිබේ. රජයේ සේවය කරන අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. මේ අතර අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදා වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.   


කටක - කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නට රවි පැමිණෙන විට ගුරු හතර වැන්නේ ගමන් කරයි. ආද‌ායම් තත්ත්වය යහපත් වේ. රජයේ රැකියාවල නිරත වන අයට වැඩිපුර ගරු සැලකිලි නම්බුනාම හා තනතුරු ලැබේ. උසස් අය​ෙග් ආධාර උපකාර ලැබේ. නීතිමය අංශවලද සහයෝගය ලැබේ. රැකියා අපේක්ෂාවන් සාර්ථක වේ. උසස් මිතුරන් හඳුනා ගත හැකි වේ. තවද ගොවිතැන් කටයුතු සාර්ථක වේ.   


සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි දිග්බලව දසවැන්නට පැමිණෙන විට ගුරු තුන් වැන්නේ ගමන් කරයි. සුබපලදායක වේ. ​ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන් අය අතර ප්‍රධානත්වයක් ඇතිව කටයුතු කිරීමට හැකි වේ. ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක් වේ. නව රැකියා ලාභ හිමි වේ. රැකියා කටයුතුවල අලුත් තනතුරු ලැබීමට ඉඩ තිබේ. මේ අතර අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ.   
කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නවවැන්නට රවි පැමිණෙන විට බුධ අට වැන්නේත් ගුරු දෙවැන්නේත් ගමන් කරයි. මිශ්‍රපල උද‌ාකරන බව පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදෙස් ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. වැඩිපුර ඉගෙනීමකට යොමුවේ. කෙසේ නමුත් ගත වූ මාසයේ තිබූ රෝගවලින් නිදහස් වීමට ඉඩ තිබේ. මේ අතර තීන්දු තීරණ ගැනීමේදී දූරදර්ශී වන්න. ආද‌ායම් තත්ත්වය යහපත් වේ. තවද විවාහ සහකරු නිසා ධනයක් ලැබීමට ද ඉඩ ඇත.   


තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අටවැන්නට රවි පිවිසීම අසුබ ඵල උද‌ාකරන බව පෙනේ. මේ අතර ලග්නාධිපති සිකුරු නව වැන්නේත් ගුරු ලග්නයේත් ගමන් කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතවලදී උසස් අය සමග කටයුතු කරන විට කල්පනාකාරී වන්න. නීතියේ පිහිට බලාපොරොත්තු නොවිය හැකි නිසා නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වග බලාගන්න. සිත් තැවුල් ඇතිවීමට පුළුවන. වියදම් පාලනය කර ගන්න. මිතුරෙකු අමනාප වීමට ඉඩ ඇත. මේ අතර ආගම දහමට සිත යොමු වේ. උෂ්ණාධික රෝග හට ගැනීමට පුළුවන. ජුනි 15 දක්වා කල්පනාකාරීව කටයුතු කරන්න.   


වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත්වැන්නට රවි පැමිණෙන විට ලග්නාධිපති කුජ බලවත්ව තුන්වැන්නේත් ගුරු දොළොස්වැන්නේත් ගමන් කරයි. විවාහ ජීවිතය පිළිබඳව තරමක බාධා ඇතිවීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. ප්‍රසිද්ධ සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. උසස් අය සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. මේ අතර ඔබේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතින නිසා බොහෝ බාධා ජය ගත හැකි වේ. ලිපිලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබ වේ. කෙසේ වෙතත් ගුරු දශා ගත කරන අය සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.   


ධනු - ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හය වැන්නට රවි පැමි​ෙණන විට ලග්නාධිපති ගුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නේ ගමන් කරයි. මෙම කාසීමාව සුබදායක වේ. සතුරු කරදරයකින් නිදහස් විය හැකියි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අයගේ උදව් උපකාර ලැබෙන අතර නීතිමය අංශවල සහයෝගය ලැබෙනු ඇත. තම රැකියා හා ව්‍යාපාර කටයුතුවලට ​ෙස්වක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. අසනීප සුව අතට හැරේ. මේ අතර අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදා වේ. ශනි හා රාහු දශා ගත කරන අයට තරමක් අපලයි.   


මකර - මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පස් වැන්නට රවි පැමිණෙන විට ශනි දොළොස් වැන්නේත් ගුරු දසවැන්නේත් ගමන් කරයි. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇති වේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේදී දූරදර්ශී වන්න. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමග කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ අපේක්ෂිත පෙම් සබඳතාවලට එතරම් යහපත් නොවේ. මේ අතර විදේශ ගමන්වලට තරමක බාධා ඇතිවීමට හැකියි.   


කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතරවැන්නට රවි පැමිණෙන විට ශනි එකොළොස්වැන්නේත් ගුරු නව වැන්නේත් ගමන් කරයි. ඉඩකඩම් හෝ දේපළ පිළිබඳ නීතිමය ප්‍රශ්න ඇතිවීමට කරුණු යෙදිය හැකියි. එම නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. මව හෝ පියාට තරමක් අපලද‌ායකයි. ගෘහ ජීවිත ගත කිරීමේදී ඉවසිලිවන්ත විය යුතුය. අලුත් යහළුවො හඳුනාගන්න අවස්ථාව උද‌ා වේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර සාර්ථක වෙයි. ආගම දහමට සිත යොමු වේ.   


මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන්වැන්නට රවි පැමිණෙන විට ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමන් කරයි. චිත්ත ධෛර්යය ඉහළ යයි ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතු වලට සුබවේ. සහෝදර හා අසල්වාසීන් සමග සබඳතා අලුත් වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස් අයගේ උදව් උපකාර ලැබේ. තනතුරුවල උසස් වීම් ලැබේ. රජයේ නව තනතුරු ලැබේ. මේ අතර වැදගත් තීරණ ගන්නා විට ඒ පිළිබඳව දැනුම ඇති කෙනෙකුගේ උපදෙස් ගන්න. තනි තීරණ ගැනීමෙන් වළකින්න. ගුරු දශා ගත කරන අය දියවැඩියාව හා කොලෙස්ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න.   


මේ අනුව රවි මාරුව සමහර ලග්නවලට සුබපල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් උදා කරන බව පෙනේ. රවි අපලය අැති අය ඉරිද‌ා දින රවි හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා, ආලෝක පූජා තැබීම සුබය. කතරගම දෙවි පිහිට පැතීමත්, සූර්ය පිරිත කියවීම යහපත් වේ. මෙවැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කර ගත හැක. තවද තමන්ට වඩා උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නීතිවිරෝධී ක්‍රියා නොකළ යුතුයි.   

 

 

 


​ෙජ්‍යාතිෂවේදීනී,   
අජන්තා ඒකනායක, 
අංක 121, මාංගොඩ, මැදමහනුවර.