රවි ග‍්‍රහයා සිංහ රාශිගතව ඔබගේ ලග්නයට


ග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස සැලකෙන රවි ග‍්‍රහයා තම වාසභවනය වන සිංහ රාශියට 2017.08.17 දා පැමිණෙයි. රවි ලෝකයාට ප‍්‍රාණය, උෂ්ණ, ආලෝකය ලබාදෙයි. කේන්ද්‍ර හිමියාගේ ශරීර ශක්තිය, ගෞරවය, ප‍්‍රසිද්ධිය, ආත්ම ශක්තිය, රවිගේ බලයෙන් ලැබේ. රජය පිළිබඳව, රාජ්‍ය පාලකයන් නිලධාරීන් පිළිබඳව රවිගෙන් දැනගත හැකිය.  

සිංහ රාශිය රවිට ස්වක්‍ෂේත‍්‍ර වන අතර, රවි සිංහ රාශියේ ගමන් කරන කාලයේ කීර්තිය, තේජස, බලය ලැබේ. වර්ෂයේ අගෝස්තු මැද සිට සැප්තැම්බර් මැද දක්වා කාලය තුළ උපන් අයට විශේෂ ශූභඵල උදාවේ. මේ සිංහ රාශි ගතවීමෙන් ‘‘උපේන්ද්‍ර’’ යෝගය යෙදෙයි. මෙම යෝගයෙන් උපන් අය ආත්ම ගෞරවය ගැන සැලකිලිමත් වේ. ප‍්‍රධානත්වය ලබයි. උසස් තනතුරු ලබයි. අසරණ අයට පිහිට වෙයි. හිංසා වැඩ නොකරයි.  


කේන්ද්‍ර සටහනේ 03x6x10x11 වැනි ස්ථාන රවිට ඉතා ශූභයි. මේෂ රාශියට රවි උච්ච වන අතර, වෘෂභ, මකර, කුම්භ රාශිවලට සතුරු වේ. වර්ෂයේ අප්‍රේල් 14ත් මැයි 14ත් උපන් අය ඉතා වාසනාවන්තයි. මේ මේෂ රාශියේ සිටින නිසාය. මින් ‘‘මයුරපාල යෝගය’’ යෙදෙයි. රවිට මිත‍්‍ර රාශි වන්නේ කටක, වෘශ්චික, ධනු, මීන යන රාශි 04යි. තුලා රාශියට නීච වන අතර සෙසු රාශිවලට සමවෙයි.  


රවි ලග්නගතව (01) සිටීමෙන් උද්​ෙ‌යා්ගයෙන් කටයුතු කරයි. මොනම දේකටවත් පසුබට නොවෙයි. පීනස්, සෙම් රෝග වැළඳිය හැකිය.  


රවිට 02 වැන්න හිමි වූ විට කථාවට දක්ෂයි. ඇස්වල ආබාධ ඇතිවිය හැකිය. විවාහ ජීවිතයේ දෙදෙනා අතර මතභේද හටගනී.  


තුන්වැන්නේ රවි සිටීම යහපත්ය. මේ බලවත්ව සිටියේ නම් ඉගනීමට දක්‍ෂය. ගෞරවය ප‍්‍රසිද්ධිය ලබයි. 


රවි 04 වැන්නේදී නෑසියන් හා මව්පියන් හා අමනාප කම් ඇති කර ගනී. ඉඩම් දේපළ පිළිබඳව ආරවුල් හටගනී. රවි බලවත්ව සිටී නම් ශුභයි.  


05 වැන්නේ රවි සිටීමෙන් අධ්‍යාපන කටයුතුවලින් ප‍්‍රයෝජන ලබයි. උසස් අධ්‍යාපනයට යොමුවේ. දරුවන්ට අපලයි. 


රවිට 06 වැන්න ශුභයි. සතුරන් ජයගනී තනතුරු ලබයි. රැකියාවෙන් උසස් වේ. නිර්භීතයි. කාමාශා වැඩී. 


07 වැන්නේ රවි සිටීමෙන් ලිංගාබාධ, මුත‍්‍රාබාධ ඇතිවෙයි. විවාහ ජීවිතය සැප අඩුයි.  


රවිට 08 වැන්න යහපත් නැත. දුක්කරදර විටින් විට ඇති වේ. ලෙඩරෝග වැළ​ෙඳයි.

 
09 වැන්නේදී ඉගනීම් කටයුතු හොඳින් කර ගනී. විදේශ රැකියා විදේශ ගමන් යෙදෙයි. පවුලේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි.  


10 වැන්නේ රවි සිටීමෙන් උසස් රැකියාවල යෙදෙයි. කරන රැකියාවෙන් උසස්වෙයි. ගෞරවය කීර්තිය ලබයි.

 
රවිට 11 වැන්නද ඉතා ශුභයි. සියලු අපල උපද්‍රවවලින් මිදෙයි. මිත‍්‍ර ආශ‍්‍රය වැඩී. සමාජ ගෞරවය ලබයි. 


රවි 12 වැන්නේදී වියදම් අධිකයි. නඩු හබ වලට පැටලෙයි. විදේශ හෝ දුර බැහැර ගමන් යෙදේ. රවි සිංහ රාශිගත වූ විට රැකියා නැති අයට රැකියා අවස්ථා උදාවේ. ක‍්‍රීඩාවලට දක්‍ෂතා දක්වයි. උසස් නිලතල ලබයි. සමාජයේ ඉහළින් කැපී පෙනෙයි. අවිවාහකයන්ට විවාහ කටයුතු සාර්ථක වෙයි. පාලන බලතල ලබයි.

 

 
 

 

මීරිගම විද්‍යාල මාවතේ 
ජ්‍යෙ​තිෂවේදී කලාභූෂණ 
ආර්.එම්.ටී.බී. රත්නායක