රට ​ෙකල්ලන්ට මත්පෙති වික්ක මාලදිවයින් දෙන්නා දැලේ


එස්.ටී.එෆ් පාතාල මෙහෙයුම


සංචාරක වීසා සහ අධ්‍යාපන වීසා ලබාගෙන මෙරටට පැමිණි තරුණ තරුණියන් ඉලක්ක කරගෙන “එක්ස්ට්‍රසි” නමැති විෂ මත්පෙති ජාවාර​ෙම් නිරත මාලදිවයින් ජාතිකයින් දෙදෙනකු රුපියල් කෝටියකට අධික මත්පෙති තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන (1) හි නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා අත්ඩංගුවට ගත්හ.
 
එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා සතුව එම මත්පෙති 1995 ක ප්‍රමාණයක් තිබී ඇති අතර මොවුන් තවත් ජාවාරම්කරුවකු වෙත මෙම මත්පෙති ලබාදීම සඳහා දෙහිවල නැදිමාලේ සුපිරි වෙළෙඳසලක් අසල රැඳී සිට තිබුණි. 
යුරෝපා රටවල් කේන්ද්‍ර කර ගනිමින් බිහිව ඇති මෙම මත්පෙති සංස්කෘතිය ක්‍රමයෙන් ආසියාතික රටවල් ආක්‍රමණය කළ අතර ඉන් නොනැවතී එය ලංකාවේ බොහෝ තරුණ තරුණියන් ද ගිලගත්තේය. 
මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ නවතම ප්‍රවණතාවක් ලෙස මෙම එක්ස්ට්‍රසි පෙති ජාවාරම්කරුවන්ගෙන් ඇනවුම් කරනු මිසක ඔසුහල්වල නීති විරෝධීව හෝ අලෙවි නොමැතිවීම විශේෂ සිද්ධියක් විය. 


 මෙරට තුළ මෙම ජාවාරම වැඩි වශයෙන් මාලදිවයින් ජාතිකයන් හා නයිජීරියානු ජාතිකයන් එක්ව සිදුකරන අතර මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත මීට මාස කිහිපයකට පෙර තොරතුරු ගලා ආවේය. 


ඒ අනුව විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ජාවාරම්කරුවන් පිරිසක් පසුපස උකුසු ඇස යොමුකෙ​ෙළ්ය. මාස කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින් හා නයිජීරියානු ජාතිකයින් පිරිසක පිළිබඳ තොරතුරු හමුවිය. 


මෙම පිරිස කුලී නිවාස සහ මහල් නිවාස කුලියට ලබා ගනිමින් මෙම ජාවාරම මහාපරිමාණයෙන් සිදුකරන බවට ද විශේෂ කාර්ය බළකාය වෙත තොරතුරු ලැබුණේය. 


විශේෂ කාර්ය බළකාය සඳහන් කරන්නේ මෙම මත්පෙති මෙරටට ආකාර කිහිපයකට පැමිණෙන අතර ඇතැම් විදේශීය ජාවාරම්කරුවන් මෙරටට පැමිණෙන අවස්ථාවේ මේවා සිය ගමන් මලුවල ඉතා සූක්ෂම ලෙස අසුරා මෙරටට රැගෙන එන බවත් ඇතැම් ජාවාරම්කරුවන් ඇතැම් කූරියර් සේවාව හරහා මේවා මෙරටට ගෙන්වා රට පුරා බෙදා හරින බවයි. 


“එක්ට්‍රසි ” නමැති විෂ මත්පෙතිවලට මෙරට සහ පිටරට රාත්‍රී සමාජශාලාවල, වෙරළ සාදවල තරුණ තරුණියන් දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අතර ආසියාවේ සහ යුරෝපා රටවල මෙම පෙති විවිධ වර්ණවලින් නිෂ්පාදනය වේ. 


ආසියා රවටල නිෂ්පාදිත පෙතිවලට වඩා යුරෝපා රටවල නිෂ්පාදනය කරන මෙම මත්පෙතිවලට හොඳ ඉල්ලුමක් තිබෙන අතර ඒවා ප්‍රමිතියෙන් වැඩි නිසා. එක් මත්පෙත්තක් මෙරට මුදලින් රුපියල් 5000- 7500 සිට ඉහළ මුදලට අලෙවි වේ. 


ඇතැම් සුපිරි රාත්‍රි සමාජ ශාලාවල මේවා රුපියල් 10,000 ක මුදලටත් අලෙවි වන මත්පෙති බොන ඇතැම් තරුණ තරුණියන්ට තමන් සිටින්නේ කොතනද යන්න, අමතක වන අතර ඇඳ සිටින ඇඳුම් ඇඟේ තිබේද යන්න වත් ඔවුන් නොදැනෙන තරමට ඔවුහු පාට පාට සිහින ලෝකවල ජීවත් වෙති. 


 මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත වැදගත් තොරතුරක් අනාවරණය විය. 


විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය පිඹුරුපත් සකස් කෙරිණි. 


 ඒ අනුව මෙම ජාවාරමේ නිරත මාලදිවයින් ජාතිකයන් දෙදෙනෙක් මත්පෙති තොග රැගෙන දෙහිවලට පැමිණෙන බවට ඉකුත් (16) දින බුද්ධි තොරතුරක් ලැබිණි. 


ඒ අනුව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු එම ඒකකයේ භට කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී සිවිල් ඇඳුමෙන් දෙහිවල නැදිමාල පාරේ සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට ආවේක්ෂණ රාජකාරියේ යෙදුණහ. ලැබුණු තොරතුර සත්‍යයක් බවට පසක් කරමින් පස්වරු 6.00 ට පමණ කුලී මෝටර් රථයක් එම ස්ථානයේ නැවැත්වීය. 


 ඉන් බැසගත් මාලදිවයින් තරුණයෝ දෙදෙනකු එම ස්ථානයේ රැඳී සිටිමින් කිසිවකුගේ පැමිණීම අපේක්ෂා කරමින් සිටියහ. 

 

නිලධාරීන් ඔවුන් වෙත කෙමෙන් කෙමින් ළංවෙමින් තමන් පොලිස් නිලධාරීන් බවට මුලින්ම හඳුන්වා දී ඇති අතර පසුව ඇයි මෙම ස්ථානයේ රැඳී සිටින්නේ යැයි ප්‍රශ්න කළහ.  එම විමසීම හමුවේ මාලදිවයින් ජාතිකයින් දෙදෙනා හඬ අවදි කරමින් ‘‘අපි මේ යාළුවෙක් හමුවෙන්න ආවේ එයා දැන් මෙතනට එනවා කිව්වා අපි ඒකයි මෙතන වෙලා ඉන්නේ යැයි පවසා ඇත. පසුව ඔවුන් අත තිබු පෙට්ටිය පෙන්වමින් ‘‘මොනවද මේ යැයි නිලධාරීහු ප්‍රශ්න කළහ. මේක අපේ නොවේ. අපේ යාළුවාට අයත් එකක් මේක දෙන්න තමා අපි මෙතන ඉන්නේ’’ යැයි ඔවුන් ප්‍රකාශ කර ඇත. පසුව නිලධාරීන් ‘‘අපිට තමුන් දෙදෙනා පිළිබඳ සැකයි. පරීක්ෂා කරන්න අවශ්‍යයි’’ සඳහන් කරමින් සැකකරුවන් වෑන් රථයේ නංවාගෙන කඳවුර වෙත රැගෙන ආහ. 


එක් සැකකරුවකු අත කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් විය. නිලධාරීන්ගේ උකුසු ඇස ඔවුන් වෙත එක එල්ලයේ යොමු විය. ඔවුන් පැමිණ විනාඩි කිහිපයක් ගතවිය. නිලධාරීන් ද එම ස්ථානයේ බලා සිටි අතර ජාවාරම්කාර මාලදිවයින් ජාතිකයන් ද එලෙසින්ම රැසී සිටියහ. 


 පසුව නිලධාරීන් ඔවුන් වෙත කෙමෙන් කෙමින් ළංවෙමින් තමන් පොලිස් නිලධාරීන් බවට මුලින්ම හඳුන්වා දී ඇති අතර පසුව ඇයි මෙම ස්ථානයේ රැඳී සිටින්නේ යැයි ප්‍රශ්න කළහ. 


එම විමසීම හමුවේ මාලදිවයින් ජාතිකයින් දෙදෙනා හඬ අවදි කරමින් ‘‘අපි මේ යාළුවෙක් හමුවෙන්න ආවේ එයා දැන් මෙතනට එනවා කිව්වා අපි ඒකයි මෙතන වෙලා ඉන්නේ යැයි පවසා ඇත. 


පසුව ඔවුන් අත තිබු පෙට්ටිය පෙන්වමින් ‘‘මොනවද මේ යැයි නිලධාරීහු ප්‍රශ්න කළහ. මේක අපේ නොවේ. අපේ යාළුවාට අයත් එකක් මේක දෙන්න තමා අපි මෙතන ඉන්නේ’’ යැයි ඔවුන් ප්‍රකාශ කර ඇත. 


 පසුව නිලධාරීන් ‘‘අපිට තමුන් දෙදෙනා පිළිබඳ සැකයි. පරීක්ෂා කරන්න අවශ්‍යයි’’ සඳහන් කරමින් සැකකරුවන් වෑන් රථයේ නංවාගෙන කඳවුර වෙත රැගෙන ආහ. 


 කඳවුරට රැගෙන එන අතරේ නිලධාරීන් ඔවුන් අත තිබූ කාඩ් බෝඩ් පෙට්ටිය හැර පරීක්ෂා කිරීමේ දී එහි කලිසමක් හා ටී ෂර්ට් එකක් නවා අසුරා තිබී ඇත. ‘‘මේ මොනවද?’’ කියා නිලධාරීන් ප්‍රශ්න කිරීමේ ‘‘මේවා අපේ යාළුවාගේ ඇඳුම්’’ යැයි ඔවුන් ප්‍රකාශ කර තිබුණි. 


පසුව එම ඇඳුම් කට්ටලය ඉවත් කිරීමේ දී ඊට යටින් තට්ටු දෙකක් ආකාරයට මෙම මත්පෙති තොගය අසුරා තිබෙන අයුරු නිලධාරීන්ට දැකගත හැකි විය. මොවුන් එම කාඩ්බෝඩ් පෙට්ටියේ ඇඳුම් අසුරා ඇත්තේ පොලිසිය හෝ ආරක්ෂක අංශ නොමග යැවීමටයි.. 


‘‘මේ මොනවද?’’ නිලධාරීන් දිගින් දිගට ප්‍රශ්න කළ අතර මේවා අපේ නොමෙයි යාළුවට භාර දෙන්න’’ මේ පෙට්ටිය රැගෙන ආ වෘත්තිකයා කීය. 


 තමන් ඉදිරියේ සැකකරුවන් බොරු රැසක් ගොතා කිව්වද නිලධාරීන්​ෙගන් ඔවුන්ට බේරුමක් නොවීය. ඔවුහු අත්අඩංගුවට පත්වූහ. 


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාලදිවයිනේ මාලිහි පදිංචිව සිටින සිද්හාන් ඊබ්‍රහීම් (19) සහ අලී අශ්රොෆ් (25) නැමති දෙදෙනාය. 


සිද්හාන් ඊබ්‍රහිම් නමැත්තා මීට දින කිහිපයකට පෙර මෙටට පැමිණි ඇති අතර ඔහු දෙහිවල මහල් නිවාසක නැවතී සිටින්නෙකි. 


 අලී අශ්රොෆ් නමැත්තා නැදිමාල, දෙහිවල, කඩවත පාරේ කුලී නිවසක ජීවත් වෙමින් මෙම ජාවාරම් සිදුකරගෙන ගොස් තිබුණි. 


මොවුන් මේ ආකාරයට සංවිධානාත්මකව මෙම මත්පෙති බෙදා හරින බවත් මෙම මත්පෙති මෙරට අලෙවි කිරීමට අමතරව විදේශ රටවලට යැවීම සිදුකර බව විශේෂ කාර්ය බළකාය කියයි. 


මොවුන්ගේ තොරතුරු අනුව භට පිරිස් මොවුන් නැවතී සිටි නිවාස පරීක්ෂාවට ලක් කළ ද ඒ වන විටත් එම භාණ්ඩ ඔවුන්ගේ නවාතැන්වලින් පිටමං කිරීමට මෙම පිරිස සූක්ෂම වී තිබුණි. 


ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා අනුව මත්ද්‍රව්‍ය භාවිත කරන රටවල් අතරට ශ්‍රී ලංකාවේ නමත් ඉහළින්ම සඳහන් වේ. ඒ ලෝකයේ භයානක මත්කුඩු මත්පෙති පවා මෙරට පුරා සැරිසැරීමයි. මෙරට තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ජාතිභේද, ආගම්භේද කුල භේදවලින් තොරව මත්ද්‍රව්‍ය ඉදිරියේ දණින් වැටී ඇත. 


 ජාති ආගම් භේද හමුවේ සුළු දෙයටත් ගැටුම් ඇති කර ගන්නා පිරිස් බොහොමයක් ජාතිවාදය ආගම් භේදය සම්පූර්ණයෙන් අමතක කර මත්ද්‍රව්‍ය, මත් පෙති ඉදිරියේ පමණක් එකට එක්රොක් වී සමාදානය වැළඳ ගනිති. 
මෙවන් වූ මත්පෙති තොගයක් අලෙවි කර රටේ අනාගතය භාර ගැනීමට සිටින මෙරට තරුණ පරපුර නැසීමට වෙර දරන මෙම ජාවාරම්කරුවන් පිරිසගේ උත්සාහය විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වීමෙන් ගිලිහී ගිය අතර, මේ ජාවාරමේ මහමොළකරුවන් සොයා ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට මෙම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබිණ. 

 

 

 


සටහන සහ ඡායාරූප - 
ඉන්දිකා රාමනායක