යළි මෙලොව ඉපදී පෙර භාෂා කතා කරති


පෙර භවය හෙළි කළ ඇතැම් දරුවෝ පෙර පුරුදු භාෂාවෙන් කතා කළ අවස්ථා පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී තිබේ. ඒ පිළිබඳව සිදු කරනු ලබන පර්​ෙ‌ය්ෂණ (ZENOGLOSSIES IN CASES OF REINCARNATION) යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි විවිධ භාෂාවෙන් කතා කළ දරුවන් පෙර භාෂාවෙන් දෙමාපියන් ඇමතීම සිදු කර ඇත්තේ බහ තෝරන වියට පත්වීමත් සමඟය. 
  
ශ්‍රී ලංකාවේ දරුවන් කීප දෙනෙක්ම දෙමාපියන්ගේ භාෂාවෙන් බාහිරව වෙනත් භාෂාවලින් කතා කළ පුනර්භව සිදුවීම් තිබේ. එවැනි විවිධ භාෂා කතා කළ දරුවෝ ඉංග‍්‍රීසි, දෙමළ, මුස්ලිම් සහ පාලි භාෂාවල වදන් ප‍්‍රකාශ කරනු ලැබුවේ දෙමාපියන් මවිතයට පත් කරවමිනි. ශ්‍රී ලංකාවේ දරුවකු මගින් ද්‍රවිඩ භාෂාව අනාවරණය වීමත් ප‍්‍රථම වරට සිදුවූයේ ගාල්ල ප‍්‍රදේශයෙනි. ගාල්ලේ දී උපත ලද එම දරුවා බහ තෝරන අවධියේ දී ද්‍රවිඩ භාෂාව කතා කළේ මව පුදුමයට පත් කරවමිනි.   


ඔහු කෝපයට පත්වූ විටදී මවට ද්‍රවිඩ භාෂාවෙන් ඇමතීම සිරිත විය. දිනක් ඔහු උදේ පානය කිරීම සඳහා දෙනු ලැබූ කිරි ප‍්‍රමාදවීම නිසා ඔහු කෝපයට පත්විය. එදින මව වෙත පැමිණි දරුවා ‘පෝ පෝ’ ‘පෝඩා පෝ’ යනුවෙන් මවට බනින්නට විය. තම පුත‍්‍රයා එම ද්‍රවිඩ වදන් පුරුදු වූයේ කෙසේදැයි මවට ගැටලුවක් විය. අවට ප‍්‍රදේශයේ කිිසිවකුගෙන් හෝ ද්‍රවිඩ භාෂාව ශ‍්‍රවණය වීමත් හෝ සිදුවී නොතිබිණි ‘එන්න’ යනුවෙන් මවට ඔහු ඇමතුවේ ‘වාංග වාංග’ යනුවෙනි. මේ අයුරින් ද්‍රවිඩ වදන් ප‍්‍රකාශ කළ දරුවා වැසි දිනවලදී වර්ෂාව හඳුන්වනු ලැබුවේ ‘මලේ මලේ’ යනුවෙන්ද විය. තම පුත‍්‍රයාට ද්‍රවිඩ භාෂාව පිළිබඳව දැනුමක් ඇති බැව් මවට අවබෝධ විණ. ඔහුට කිසියම් පෙර භවයකින් පැමිණි දැනුමක් විය හැකියැයි මවට පැහැදිලි විය.   


“ඔයාට දෙමළ වචන කියා දුන්නේ කව්ද?” යයි මව දිනක් තම පුත‍්‍රයාගෙන් විමසීමක් කළාය. “එහෙදී” යනුවෙන් ඔහුගේ පිළිතුර විය.   


නැවතත් දිනක් මව ඒ පිළිබඳව විමසීමක් කළ විට එම දරුවා පැවසුවේ “අපි එහෙදි කතා කරන්නෙ එහෙම තමයි. අපේ තාත්තට කඩයක් තිබුණ. කඩේට එන අය කතා කළෙත් එහෙම තමයි” යනුවෙනි.   


මෙම දරුවා ප‍්‍රකාශ කළේ ඔහුගේ වෙළෙඳසල පිහිටා තිබුණේ කොටහේන ප‍්‍රදේශයේ බැව්ය. වෙළෙඳ සලට පැමිණි කිසියම් පුද්ගලයෙක් පියාට වෙඩි තැබීමක් සිදු කළ බැව්ද එදා එම දරුවාට මතක තිබිණි.   
ඉතා කුඩා අවධියේ සිට පාලි භාෂාවේ වදන් ප‍්‍රකාශ කළ දරුවකු උපත ලැබුවේ හසලක ප‍්‍රදේශයේදීය. නුවන් නම් එම දරුවාද යන්තම් වචන උච්චාරණය කිරීමට හැකිවීමත් සමග ඔහු දෙමාපියන්ට නොතේරෙන වචන කියන්නට විය. බහ තෝරන වියේදී දරුවන් විසින් කරන ලද අපහැදිලි වදන් තම දරුවාද ප‍්‍රකාශ කරන්නේ යයි ඔවුහු සිතූහ. වසර දෙකක් පමණ ගතවිය.   


ඔහු දක්ෂ ලෙස පාලි වදන් හෙළි කරන්නට විය. ඒ සමගම පාලි ගාථාවල කොටස්ද වරින් වර ප‍්‍රකාශ කළේය. කිසිවකුගේ ඉගැන්වීමකින් තොරව තම දරුවා ප‍්‍රකාශ කරන ගාථා පිළිබඳව දෙමාපියෝ දැඩි අවධානය යොමු කළහ. එහිදී අනාවරණ වූයේ නුවන් පාලිගාථා සහ පිරිත් ගායනා කරන බවය.   


එම දරුවා පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී විවිධ පාලි ගාථා රැසක් ඔහුට ඉතා හොඳ මතකයෙන් කීමට හැකියාව ලැබී තිබිණ. ඔහු ප‍්‍රකාශ කළ පාලිගාථා වෙන වෙනම නිවැරදිව කියන්නට වූයේ වයස අවුරුදු හතරේ පමණ සිටය. එම දරුවා අපට හමුවන විට ඔහු පස් වන වියේ පසුවිය.   


ඔහුගේ භාෂා දැනුම පටිගත කිරීමක් සිදු කිරීමටද එදා අවස්ථාව ලැබිණි. පාලිගාථා ඉතා නිවැරදිව උච්චාරණය කිරීමට එම දරුවාට හැකිවිය. එම ගාථා ඉගෙන ගත්තේ කෙසේදැයි විමසූ විට ඔහුද කියා සිටියේ “එහෙදි අපි කියනවා” යනුවෙන් පමණකි. එම දරුවා උපත ලැබුවේ 1994 වසරේ ජුනි මාසයේදීය.   


වෙනත් භාෂාවල වදන් ප‍්‍රකාශ කළ තවත් දරුවෙක් මීට වසර ගණනකට උඩ කොළඹදී උපත ලැබීය. කිත්සිරි නම් එම දරුවා මවට ඇමතූ පළමු වදන වූයේ ‘උම්මා’ යනුවෙනි. ඔහු ප‍්‍රකාශ කළ වදන් මුස්ලිම් භාෂාවේ වදන් ලෙස හෙළි විය. එම දරුවා සිදු කළ තවත් ප‍්‍රකාශයක් මුස්ලිම් ජාතික පෙර භවයක් ලෙස අනාවරණ විය. එනම් ඔහු වැඳුම් පිදුම් සිදුකළ ස්ථානයේ කිසිදු බුද්ධ රූපයක් හෝ වෙනත් රූපයක් නොතිබූ බැව් පැවසීය. ඔවුන් වැඳුම් පිදුම් සිදුකළ ස්ථානයේ ඇතුළත ළිඳක් ඇති බැව් ඔහු හෙළි කළේය. ඒ සමගම ‘අල්ලා’ යන වදනද ඔහු නිතර නිතර පැවසීය.   


මෙම දරුවා පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් සිදුකළ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් සහ ප‍්‍රැන්සිස් ස්ටෝරි යන විදේශීය පර්​ෙ‌ය්ෂකයන් විසින් ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණ වාර්තාවක්ද නිකුත් කර තිබේ. මෙම දරුවා තුළ තිබූ විශේෂ හැසිරීම් රටාවක්ද එහි සඳහන් කර තිබේ.   


රාත‍්‍රී කාලයේදී ඔහු ඇතැම් විට කරනුයේ භාවනා කරන අයුරින් දෙපා හරස් කර ඇඳ මත හිඳ ගැනීමය. එසේ සිටින අතර ඔහු දෙමාපියන්ට නොතේරෙන වදන් ප‍්‍රකාශ කරන්නට විය. පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ HE WOULD SIT UP ON THE BED, CROSS HIS LEGS, AND BEGIN SORT OF RECITATION IN WORDS HIS FAMILY COULD NOT UNDERSTAND යනුවෙනි.   


මීට අමතරව එම දරුවා මහමඟ ගමන් ගනිමින් සිටි අවස්ථාවකදී මුස්ලිම් පල්ලියක් දැක එම දේවස්ථානයට ගිය බවද පැවසීය. එහිදී ‘අල්ලා’ යනුවෙන් ප‍්‍රකාශ කිරීමද සිදු කළේය. එම දරුවා විශේෂයෙන් රාත්‍රී කාලයේදී නින්දෙන් ප‍්‍රකාශ කරන වදන් පිළිබඳව සියුම් ලෙස පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට ඔහුගේ ප‍්‍රකාශ පටිගත කිරීමක්ද සිදු කෙරිණ.   


එහිදී පටිගත වී තිබූ දරුවාගේ ප‍්‍රකාශවල ඇතුළත් වදන් ඒ පිළිබඳ පර්​ෙ‌ය්ෂණ වාර්තාවක (THREE OF THE WORDS WERE IDENTIFIED THESE WERE ALLAHA, THE ARABIC WORD FOR GOD UMMA A VARIANT TAMIL WORD MOTHER AND APPA A VARIANT TAMIL WORD FOR FATHER) යනුවෙන් සඳහන් කර තිබේ.   

 

උපතින්ම පාලි භාෂාව කතා කිරීමට හැකි වූ දරුවන් කීප දෙනෙක් අතරින් මීට වසර කීපයකට උඩදී කෙසෙල්හේනාවේදී උපත ලද රුවන් නම් දරුවෙක්ද බහ තෝරන අවධියේ සිට පාලි වදන් ප‍්‍රකාශ කළේය. අවුරුදු තුනක් පමණ වනවිට එම දරුවාට ඉතා හොඳින් පාලි ගාථා කීමට හැකි විය. ඔහු පෙරභවය හෙළි කරමින් ප‍්‍රකාශ කළේ පෙරභවයේ දී පැවිදි ජීවිතයක් ගත කළ බැව්ය.   


එම දරුවා පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී කිසිදු ඉගැන්වීමකින් තොරව ඔහුට උපතින්ම ගාථා කීමට හැකියාව තිබූ බැව් සනාථ විය. පෙරභව දැනුමකින් වෙනත් භාෂාවක් හුරුවූ පුනර්භව සාධකයක් ලෙස එම දරුවාගේ කතා පුවත පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ඇතුළත් වීය. පෙර භවය හෙළි කළ එම දරුවා කුඩා වියේදීම පැවිදි ජීවිතයට ඇතුළත් වීමද විශේෂත්වයක් විය.

 


ඉන්දියාවෙන් අනාවරණය වූ වෙනත් භාෂාවන් කතා කළ පෙර භවය හෙළි කළ දැරියක් උපත ලැබුවේ 1949 වසරේදීය. ස්වර්ණලතා නම් වූ එම දැරිය හින්දු ජාතික දෙමාපියන්ගේ පවුලක උපත ලැබුවත් ඇය බෙන්ගාලි භාෂාව කතා කිරීම පුදුම උපදවන කරුණක් විය. බෙන්ගාලි භාෂාවෙන් ගීත ගායනා කිරීමේ හැකියාවද ඇයට තිබිණි.   


ස්වර්ණලතාගේ මෙම පුනර්භව සාධකය පිළිබඳව ඉන්දීය පුනර්භව පර්​ෙ‌ය්ෂකයන් වූ මහාචාර්ය පාල්, ආචාර්ය බැනර්ජි සහ මහාචාර්ය ස්ටීවන්සන් ද සියුම් විමර්ශනයක් සිදු කළහ.   


උපතින් ලද දැනුමෙන් ඇය බෙන්ගාලි ගීතයක් ගායනා කරනු ලැබුවේ තෙහැවිරිදි වියේ සිටය. අනතුරුව ඇය සිය පෙරභවය හෙළි කළාය. පොහොසත් පවුලක ඇය ජීවත්ව සිටි බව ඇය පැවසුවාය. ඇගේ පෙර භවයේ නමත් දෙමාපියන්ගේ නම්ද නිවැරදිව හෙළි කිරීමට ඇයට හැකියාව ලැබිණි. ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ ස්වර්ණලතාගේ පෙරභව භාෂා දැනුම සහ ඇගේ පුනර්භව සිදුවීම ගැන ඉන්දියාවේ බොම්බේ (BOMBAY) නම් පුවත්පත 1959 සැප්තැම්බර් 6 වනදා සවිස්තර වාර්තාවක්ද පළ කළේය.   


පුනර්භව පර්​ෙ‌ය්ෂණවලට ඉතා වැදගත් මනෝවිද්‍යාත්මක සාක්කියක් ලෙස එමගින් කරුණු ඉදිරිපත් කර ඇත.   


පෙරභව භාෂාවෙන් කතා කිරීම ඇරඹූ තවත් දරුවෙක් උපත ලැබුවේ තායිලන්තයේ දීය. ඔහු අනාවරණය කරනු ලැබුවේ ලාඕස භාෂාවය. 1962 වසරේදී උපත ලැබූ ඔහු වයස අවුරුදු දෙකේදී එම භාෂාවෙන් කතා කිරීම දෙමාපියන් පුදුමයට පත් කළේය. බොන්කම් නම් එම දරුවා පිළිබඳව 1965 මාර්තු නම වනදා (PIM THAI) පිම්තායි පුවත්පත සහ මාර්තු 11 වැනිදා (PIM RAT) පිම් රුටි යන පුවත්පත් මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේය.   
බහතෝරන වියට පැමිණි එම දරුවා ප‍්‍රකාශ කළේ ඔහු වෙනත් ප‍්‍රදේශයක ජීවත් වූ බවය. ඇතැම්විට තායි භාෂාව සහ ලාඕස භාෂාව මිශ‍්‍ර කරමින් පෙරභවය අනාවරණය කළේය. එම දරුවා පෙර භවය හෙළි කිරීම ආරම්භ වීමද සිදුවී ඇත්තේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි. දිග කෝටුවක් අතට ගන්නා ඔහු කණුවක් වෙත ගොස් තනිවම කතා කරන්නට පුරුදුව සිටියේය. එයට සවන් දුන් දෙමාපියන්ට ශ‍්‍රවනය වූයේ “උඹල මාව මැරුවා. මම උඹල දෙන්නව මරනවා” යනුවෙන් පැවසීමය. පසුව ඔහු තව තවත් තොරතුරු හෙළිකරන්නට විය. එහෙත් ඇතැම් වදන් තේරුම් ගැනීම දෙමාපියන්ට අපහසු විය.   


තවත් සති කීපයක් ගතවිය. පෙර භවයේ ඔහුගේ මරණය සිදු වූ අන්දමත් මරණය සිදු කළ පුද්ගලයන්ගේ නම්ද ඔහු පැවසීය. එම දරුවාට ආහාර දීමේදී ඇතැම් ආහාර වර්ග සහ පලතුරු වර්ග ඔහු හඳුන්වනු ලැබුවේ ලාඕස භාෂාවෙන් වීමද විශේෂත්වයක් විය. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පර්​ෙ‌‌ය්ෂකයෝ එම වදන් පටිගත කිරීමක්ද සිදු කළහ.   


අනතුරුව එම දරුවාගේ පෙර භාෂා දැනුම පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ඇතුළත් කළහ. ගස්ලබු, අඹ, දෙහි ඇතුළු ගෙඩි වර්ග කීපයක් නිවැරදිව ලාඕස භාෂාවෙන් හැඳින්වීම සිදු කරන විට ඔහුට එම භාෂාව ශ‍්‍රවනය වීමත් කිසි විටෙක සිදුවී නොතිබිණි. මේ අයුරින් ඔහු අනාවරණය කළ පෙරභව පුද්ගලයා පිළිබඳව එම දරුවා අනාවරණ කළ තොරතුරු රැසක් සනාථ විය. පෙරභවයේ පුද්ගලයා මරණයට පත්වී වසර නවයකට පසු එම දරුවාගේ උපත සිදුවී තිබිණි.   


උපතින්ම පාලි භාෂාව කතා කිරීමට හැකිවූ දරුවන් කීප දෙනෙක් අතරින් මීට වසර කීපයකට උඩදී කෙසෙල්හේනාවේදී උපත ලද රුවන් නම් දරුවෙක්ද බහ තෝරන අවධියේ සිට පාලි වදන් ප‍්‍රකාශ කළේය. අවුරුදු තුනක් පමණ වනවිට එම දරුවාට ඉතා හොඳින් පාලි ගාථා කීමට හැකි විය. ඔහු පෙරභවය හෙළි කරමින් ප‍්‍රකාශ කළේ පෙරභවයේ දී පැවිදි ජීවිතයක් ගත කළ බැව්ය.   


එම දරුවා පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී කිසිදු ඉගැන්වීමකින් තොරව ඔහුට උපතින්ම ගාථා කීමට හැකියාව තිබූ බැව් සනාථ විය. පෙරභව දැනුමකින් වෙනත් භාෂාවක් හුරුවූ පුනර්භව සාධකයක් ලෙස එම දරුවාගේ කතා පුවත පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ඇතුළත් වීය. පෙර භවය හෙළි කළ එම දරුවා කුඩා වියේදීම පැවිදි ජීවිතයට ඇතුළත් වීමද විශේෂත්වයක් විය.   


මේ අතර පෙර භවය හෙළි කළ දරුවන් කීප දෙනෙක් බහ තෝරන වියේදී පරුෂ වචන ප‍්‍රකාශ කළ සිදුවීම්ද තිබේ. එවැනි දරුවන් දෙදෙනෙක් ඇතැම් විට මවට පරුෂ වචනයෙන් බැන වැදීම නිසා දෙමාපියෝ මවිතයට පත්වූහ. තම දරුවන් එවැනි වදන් ඉගෙනගනු ලැබුවේ කෙසේද යන්න සෙවීමටද දෙමාපියෝ උත්සාහ ගත්හ. එහෙත් එවැනි වදන් කිසි විටෙකත් දරුවාට ශ‍්‍රවනය වී නොමැති බැව් දෙමාපියන්ට පැහැදිලි විය.   


හොඳින් කතා කිරීමට හැකිවීමෙන් පසු එම දරුවෝ ඔවුන්ගේ පෙරභව තොරතුරු හෙළි කළහ. එවැනි පුනර්භව සාධක කීපයකදී පෙරභවය සනාථ වූ අතර මියගිය පුද්ගලයන් එවැනි වදන් භාවිත කර ඇති බැව් තහවුරු වූයේ පෙරභවයේ ප‍්‍රබල සාක්කි ලෙසය.   

 

 

 

 

 

 

 


තිස්ස ජයවර්ධන