යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් වරදින හේතු


ජලය මත ජීවම් කරමින්

රොෂාන් චානක ජීවම් කරමින්

පූජා භාණ්ඩ

 

 

 

තොටගමුවේ රාහුල හිමිගේ ගෝල පරම්පරාවකින් පැවත එන ගුප්ත ශාස්ත්‍රඥයකු වන රොෂාන් චානක තිසේරා කරනු ලබන මෙම හෙළි දරව්ව මන්ත්‍රයක ජපයක තෙල් කබල පිහිටීමේ සත්‍ය අසත්‍යතාව මැනවින් පහදා දෙයි. හෙළි දරව් වන මෙම තොරතුරු කියනුයේ පොල්තෙල් පාම්තෙල් හිඳින ආකාරයට ඖෂධීය තෙල් හිඳිය නොහැකි බවයි. බලගැන්විය නොහැකි බවයි. මෙයින් මතු යන්ත්‍ර මන්ත්‍ර, තෙල් බෙහෙත් ගුරු කම් කර ගනු ලබන්නේ නම්, එයට පෙර සිතිය යුතු බොහෝ කරුණු තිබෙන බව ගුප්ත විද්‍යාවේ පිහිට පතන සැමට මෙයින් වටහා ගත හැකි වෙයි.   


ලොව පිළිගත් නියමය මෙයයි. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විස්මය ජනකයි. ඒ පිළිබඳ කළ හැකි පර් යේෂණ කිසිවක් නොවෙයි. එබැවින් එය පිළිගත යුතුව තිබෙයි. ගුප්ත ලෝකයටත් අධිපති රාවණ මෙසේ අසයි.   


මෙය සත්‍යක්ද? සත්‍යයක් වනුයේ නම් ඒ කවර කරුණක් යටතේද? එය කිසියම් විද්‍යාවක්ද? එම විද්‍යාවන් විද්‍යානුකූලද? එය සනාථ කළ හැකිද? යම් යක්ෂණියක් ජපයෙන් තම නියමයට යටත් කර ගැනුමට පෙර මස් මාංශ කෑ​ෙවහිද? බුලත් සැපුවෙහිද? ජපයට පෙර ස්නානය නොකළෙහි ද? කවර ආකාරයකට කවරකු හෝ ස්පර්ශ කළෙහිද? ජපයට මිනිස් වාසයක් තෝරා ගනු ලැබුවෙහිද? ජපයට පෙර පේවීම නොකළෙහිද? කැමති දෙය සිදු කර දෙන යක්ෂණිය ප්‍රසන්නව පෙනෙන තෙක් ජපය නොකළෙහිද? ජප කරමින් ගුරුකම් කළ නොහැකිද? කරන ගුරු කම් වරදිනවද? ප්‍රතිඵල රහිතද? හිඳින ලද තෙල් බෙහෙත් ගුණ නොදෙන්නේද? මතුරන යන්ත්‍ර, මන්ත්‍ර තන්ත්‍ර සිද්ධි නොවන්නේ ද? කැඳවන යක්ෂණි සාධනයන් මඟ හරින්නේද? කැඳවන භූත සාධනයන් පිටමන් වන්නේද? ගුප්ත බලවේගයන් නොරැඳී අතුරුදන් වන්නේ ද? රාවණයෝ යළි මෙසේ අසති.   


රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු රාහු, කේතු ශුක්‍ර, ශනි නව ග්‍රහයන්ට අපල උදා කිරීමට හැකියාවක් පවතින බව දන්නෙහිද? යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩයන්ට අපල කිරීමට හැකි බව නොදන්නෙහිද?   


නොසැලී අසව. සියලු අභිමතාර්ථයන් සිදු කර ගැන්මට ප්‍රයෝජනවත් වන යක්ෂණී සාධන විධි මෙසේයි. සියලු යක්ෂණීන් පවුලක් කොට නොසිතුවේද? මව, බිරිය, දුව, සොහොයුරිය ලෙස එම පවුල නොපිළිගත්තෙහිද? මෙහැම සිතින් එක සමාන නොකළෙහිද? සමකොට, ධ්‍යානකොට නොපිළිගත්තෙහිද?   


එසේ නම් අසව දක්වා ඇති යක්ෂණී සාධන ක්‍රියා හැම රහසිගතව කරනු. ප්‍රකටව කිරීම තුළින් නොයෙක් හිරිහැර, කරදර ඇතිවෙයි. සිද්ධි නොලැබෙයි.   


බලගතු තෙල් සිඳීම ආරක්ෂිතව කළ යුතුයි. පිරිසිදු බව තිබිය යුතුයි. තෙල් වර්ග සිඳීමට පළමු ආරක්ෂාව සැපයීම කළ යුතුයි. තෙලක් නිවැරදිව සිඳීන සෑම විටකම හිරිහැර සිදුවෙයි. එය කරනුයේ යක්ෂයනුයි, භූතයනුයි, ප්‍රේතයනුයි, කුම්භාණ්ඩයනුයි. ඒ නිවැරදිව තෙලක් සිඳගැනීමෙන් ඔවුන්ගේ අභිමථාර්තයන් ඉටු කර ගැනීමට නොහැකි වන නිසයි. මේ හේතුවෙන් ඔවුහු බියට පත්වෙති. ඒ බිය නම් මරණ බියයි. මනුෂ්‍යයන්ට ලෙඩ දුක් වැඩිවීම ඔවුනට ප්‍රීතියක් ගෙන දෙයි. යක්කු පිසසුන්ට අධිකව වැඩ සැලසෙයි. මේ හේතුවෙන් තෙල් සිඳින තාච්චිය ළිපමත තැබීම ඔවුනට දුක් ගෙන දෙයි. එය වළකන්නට උත්සාහ දරයි. තෙල් තාච්චිය පෙරළෙයි. ගිනි අවුළවයි. මෙම තත්ත්වය පළමුව වළකා ගත යුතුයි. ඒ එම ස්ථානය ආරක්ෂා කර ගැනීමෙනුයි. එය බහිරව පූජාවක් දීමෙන් කළ යුතුයි.   


පිරිසිදු කර ගත් භූමිය රෝගී නරයන් ලවා සකස් කිරීම කළ යුතුයි. අට කොන කැණ සකස් කළ පුදසුන අවට අෂ්ට බහිරවයන්ට ගෙමැද ඉඩ ඇරිය යුතුයි. තනා ඇති තටුවල පාතාල බහිරවයන් උදෙසා, අහසට බලපාන බහිරවයන් උදෙසා පූජා දිය යුතුයි. බහිරව බිලි දීම අග්නිදිගින් අරඹා පූර්ව දිගින් අවසන් කිරීම කළ හැකියි. පූර්ව දිගින් අරඹා ඊසාන දිගින් අවසන් කළ හැකියි. බහිරව පූජාවට ගිතෙල් මිශ්‍ර කිරිබත් සහිත ලොකු පත්‍රා දහයක් තැබීම කළ යුතුයි. අැවරි තුන බැගින් වන රඹකැන් පාත්‍රා දහයට තැබීම ද කළ යුතුයි. අමතරව තැබිය යුතු දේවල් මෙසේයි.   


කිරි, කංසාකොළ (ත්‍රිලෝකවිජයම්), අබිං, සුගන්ධ ධූප, දැහැත්, පැන්, නෙළුම් මල්, පහන්, පඬුරු විශේෂම දෙය මෙයෙයි.   


බහිරව පූජාව නිවසෙහි දෙනු ලබන්නේ නම්, බහිරව කවි කිවයුතු නොවෙයි. වනාන්තරයක දෙනු ලබයි නම් කවි කිවයුතුයි. බාරවීම් සහ ප්‍රාර්ථනා කිරීම් ද කළ යුතුයි. වඩා වැදගත් දෙය මෙයයි. බහිරව පූජාවට පෙර පිරිත් කීම, පිරිත් හුය ඇදීම, සීමා බැඳීම, ආරක්ෂා කිරීම කර තිබීමයි.   


තෙල් සිඳීමේ දී වැදගත් වන අනෙක් කරුණ මෙයයි. ඒ ජීවම් කිරීමයි. ඖෂධ වර්ගවල මහත් වූ බලයක් පවතියි. එම බලය ඖෂධ සංයෝග වූ විට වැඩි වෙයි. සංයෝග කර ගත් තෙල ජීවම් කිරීම මූලික න්‍යායයි. මෙය කරනුයේ භූත ශක්තිය එකතු කිරීමෙනුයි. එම බලයන් විස්මයජනක දේ කර පෙන්වයි. එවන් විස්මයජනක දැහැන් කිහිපයක් මෙසේයි.   


සරස්වතී දැහැන, විෂ්ණු දැහැන, කන්දකුමාර දැහැන, දැඩි මුණ්ඩ දැහැන, ඊශ්වර දැහැන, ගණපති දැහැන, සූනියන් දැහැන, වල්ලි දැහැන, උමා දැහැන, කාලි දැහැන, බ්‍රහ්ම දැහැන, ව්‍යාඝ්‍ර දැහැන, සූර්ය දැහැන ජීවමට ගන්නා මෙම දැහැන් සමගින් නොයෙක් ජීවම් තෙල් භාවිත කිරීම ද කළ යුතුයි. ස්ථානය ද ශුද්ධ පවිත්‍රව තැබිය යුතුයි. ශුද්ධ පවිත්‍ර කළා වූ දොස් ඇරීම් බලවත් තෙල් සිඳීම් සඳහා සුදුසුයි. ගුප්ත විද්‍යාවේ දැක්වෙන බලවත් තෙල් සිඳීම් කිහිපයක් මෙසේයි.   


රාජ තරංගනී තෛලය     


රාජ තරංගනී තෙල මැතිරීමට බොහෝ බළසේනාවන් කැඳවිය යුතුයි. ඒ මෙම බලයනුයි.   


විෂ්ණු, ගුරුලා, විභූශනී, ප්‍රමේශ්වරකාලි, හනුමන්තාදේවි, ශ්‍රීයා කාන්තා දේවි, මහා සරස්වතී දේවි, කන්දකුමාරයා, තරංගනී දේවි, අම්මාවාරුම්.   


රාජ තරංගනී තෙලෙහි ගුණ මෙම ආකාර බව දත යුතුයි.   


නියමයන්ට යටත්ව එකසිය අටවර කරන ජපයෙන් යකුන් ගමෙන් පිටට දුවයි. සියලු ලෙඩ දුක් පහව යයි.   


ඇළි, උදරද, ඉදි රෙට්ටු, අම්යා, කටුහිර, ඉරි පැන්නුම්, අහවර වෙයි. කෝල, ඉලප්පු, අස්මරි, මස් මොර, ගූර්ජර, පිල්ලි පැනයයි.   


තෙල් මංචාඩියක් එළ කිරි සමගින් බීමෙන් දරුඵල අහිමි කතුන්ට දරු පළ හිමි වෙයි. නිදන් රැඳි ස්ථානයක මතු පිට තෙල් මංචාඩියක් ගෑමෙන් පොළොව යට නිධානය අැස්වලින් දැකිය හැකියි. බහිරවයා වහා ඉවත්ව යයි. නිධානය මතු පිටට පැමිණෙයි. කැපුම් කෙටුම් සිදු නොවෙයි. වෙඩි නොවදියි. නළල තිලක  තබායාමෙන් රජුන් වසඟ වෙයි. සූදු කෙළියෙන් ජය ලබයි. සබයක මුල් තැන ලැබෙයි. සරස්වතී තෙල වර්ග හතරකින් යුක්තයි. තෙල් වර්ග හතර සතරාකාරයි. තෙළ සිඳීමට ගනු ලබන ඖෂධ යම් පමණකින් වෙනස් වෙයි.   
මහා හෙණ රාජ තෛලය   


පිල්ලි අංගං අනවින නොවදියි. වෙඩි නොවදියි. දඩයම දෙපා මුලට එයි. දිවි වග වලසුන් මඟ හැර යයි. සර්පයන් දෂ්ට නොකරයි. දහ අට සන්නි අවගති පිස්සු ඔල්මාද ඇති නොවේ. ඉනා බෙහෙතයි. රාජ වශීයයි. ගෙදරට ආරක්ෂාවයි.   

 

පූජා විධි

පූජාවක ශබ්ද බලය

 


දිව්‍ය රාජ තෛලය  


ගව්වක් දුර සුගන්ධය හමයි. අංගම් පොරෙන් දිනයි. අකාල පලිත නැතිවෙයි. සත්ත ධාතු වර්ධනය වෙයි. සතුරන් මිතුරන් වෙයි. යක්ෂ භූත ප්‍රේත නෙයි ද පළා යයි. කිළි කුණු නැති තැනක තැබිය යුතුයි. තිබෙනා තැනට සම්පත් වසී.   


බ්‍රහ්ම සරස්වතී තෛලය    


සරස්වතී යෝගයෙන් උදයට පානය කළ යුතු ප්‍රමාණය කලඳයි. සතියක් පානය කිරීමෙන් ඇඟ ගෑමෙන් උන්මාද පිත්විකාර, ඔල්මාද, සිහි නැති බව, ශරීරය ඇතුළත පිටත හට ගනු ලබන අසූවක් වායු සම්පූර්ණව සුව වෙයි. ශරීරය පිටත හට ගන්නා ව්‍යාධියට දවස් අටකට වරක් ඉස සේදිය යුතුයි.   


මෙම තෙල විශේෂ ගුණ ලබා දෙයි. එයට යෝගයක් කළ යුතුයි. යෝගය එක් දිනක් කළ විට අසූවක්ධාරණය වෙයි. නුවණ වඩයි. යෝගය දින හතක් කළ විට නිරෝගී වෙයි.   
නුවණ ඇති වෙයි. පස් වන සතිය තුළ ධාරණය වන නුවණ ඇති වෙයි. සය වන සතියට බල වඩයි. සත්වන සතියට ජීවන නිර්මල ප්‍රඥාව ඇතිවෙයි. නළල තිලක ලූ විට ශ්‍රියා වඩයි. සියලු කෙම්මුර කළ විට ආනුභා වඩවයි. රුවගුණ වඩවයි. හදි බය නසයි. සූනියන් නසයි. යක්ෂ භය නසයි. කීකිරිදිය, සාරණා පලා ගිතෙලින් මලවා කනු .එළකිරිත් සමග බත් කනු, තුන්සරණය පිහිටනු, සරස්වතී දිෂ්ටියෙන් සහ දැහැනෙන් ජප කිරීමෙන් වඩා බලවත් වෙයි.   


සරස්වතී තෛලය     


කල්කයට බෙහෙත් සහිතයි. තෙල ආරක්ෂක මන්ත්‍ර සහිතයි. ජය මංගල ගාථා, පිරිත් කිව යුතුයි. තෙළ වටකර නූල් ඇදිය යුතුයි. මේ තොටගමුවේ රාහුල හිමි වැළඳූ සරස්වතී තෙලයි. අස්ලෝමයක් තෙලේ ලා උදය දී දිවේ ගානු. සතියක් වැළඳීම පණ්ඩිත කරවයි. දෙසතියක් වැළඳීම කට හඬ කිඳුරු නාද කරවයි. මාසයක් වැළඳීම මයුරන්ට මෙන් ඇස් පෙනෙයි. තුන් මසක් වැළඳීම සරස්වතිය හා සමාන වෙයි. ජප කළ යුතුයි.   


චන්ද්‍ර සරස්වතී තෛලය  


ගෙය පිරිසිදු කරන මන්ත්‍රයකින් හෙබියි. චන්ද්‍ර සරස්වතී තෙල සිඳීමේදී කළ යුතු බොහෝ දෑ තිබෙයි. ඒවා නම් පේ කිරීම, බෙහෙත් කෙටීමේ මන්ත්‍රය, ලිප බැඳීමේ මන්ත්‍රය, කල්කයට ද්‍රව්‍ය සරක්කු අඹරන මන්ත්‍රය, අඹරා තෙලට යොදන මන්ත්‍රය, පේ කරන මන්ත්‍රය, වරාගම මතුරන මන්ත්‍රය, එම කුඩු තෙලට දමන මන්ත්‍රය, එම දුම්ගස්වන මන්ත්‍රය, තෙළ සිඳීමේ සිහි කරන මන්ත්‍රය යනාදියයි.   


විෂ්ණු තෛලය   


බලගතු විෂ්ණු තෙල රෝගවලට ගුණයි. විශේෂයෙන් දක්වා තිබෙන රෝග ගණන පනස් තුනයි. ඉන් රෝග කිහිපයක් මෙසේයි. සෙලෙස්මාවට, පිත්තපාණ්ඩුවට, පාණ්ඩුකමලාවට, පණුවන්ට, බේත් දීපුවාට, කට්ටුමූට්ටුවට, මුත්‍ර කඩුත්තුවට, වඳබවට, කරප්පමට, සීදන් හිටින්ට, මූල පහම හිටින්ට, මූල අටට බෙහෙත් තෙල් සිඳීම ශාස්ත්‍රීය ක්‍රියාවක් බව කිවයුතුයි.   
තෙල් සිඳීමට යම් නීතියක් දැක්වෙයි. එය හඳුන්වනුයේ ශාස්ත්‍රානුකූල ක්‍රමය ලෙසටයි. ඒ මෙම ක්‍රමයයි. 


ස්වරස ප්‍රමාණය   


කල්කයේදී මේ විශේෂ නියමයන් විරුද්ධාකාරයට තෙල් සිඳීමේ විපාකයන් තෙල් පදම් බැලීමේ නියමයන්්, ස්නේහපාක හෙද බැලීමේ නියමය. ත්‍රිවිද පාදක යොදන ක්‍රමය. ඖෂධ මැනීමේ දී ද්‍රව හා මාන ක්‍රම භාවිත කළ යුතුයි. භාවිත කරන ක්‍රම තුනයි. කාලිංගමානය මේ යටතේ මැනුම් ක්‍රම දහසයක් දැක්වෙයි. කාලිංග, මාගධමානය මෙහිද මැනුම් ක්‍රම දහසයක් දක්වා තිබේ. කාලිංග, මාගධ යනු ඉපැරණි මැනුම් ක්‍රමයි. අද එය භාවිත නොකරයි. අද භාවිතයට ගනුයේ මදටිය, කලං මැනුම් ක්‍රමයයි. මේ පිළිබඳ නියමය වනුයේ දක්වා තිබෙන ඉපැරණි මැනුම් ක්‍රම භාවිතා කිරීම කළ යුතු බවයි. එසේ නොකර සිඳිනු ලබන තෙල ප්‍රතිඵල ලබා නොදෙයි. මන්ත්‍ර කර්මය තෙල් සිඳීම්වලට විශේෂිත දින දක්වා තිබෙයි. එය ඒ ඒ මාසවල දැක් වූ දිනයන් හි පමණක් සිදු කළ යුතුයි. එම දිනයන් මෙසේයි. භද්‍ර පද මාසයේ පුර පක්ෂයේ හෝ අව පක්ෂයේ හය වන දින. අශ්විනි මාසයේ අව පක්ෂයේ දහතුන් වන දින. කාර්තික මාසයේ පුර පක්ෂයේ නව වන දින. ශ්‍රාවණ මාසයේ අව පක්ෂයේ පළ වන දින. දැක් වූ මෙම දින ඉතාම සුබයි. සුබපල ගෙන දෙයි. මෙම දින දේව පර්වත නමින් නම් කර තිබෙයි. ඒ දෙවියන් සතුටු වන දිනයනුයි. සතියේ දින අතරින් කුජ දිනය විනාශය ගෙනෙයි. ශනි දින මරණය උදා කරවයි. අව පක්ෂයේ සඳු දින නිශ්ඵල බව උරුම කරයි. නැකැත් අතරින් අස්විද, රෙහෙණ, හත, සා, විසා, දෙට, උතුරුසල, උතුරු පුටුප සහ උතුරු පල් ඉතා සුබදායක වෙයි. මන්ත්‍රය හෝ තෙල් සිඳීම අවශ්‍ය වන දිනයේ ග්‍රහණයක් සිදු වෙයි නම් කිසිදු නීතියක් රීතියක් අවශ්‍ය නොවන බව අවධාරණය කරයි. හෝම විශේෂ තැනක් ගනියි. හෝම යටතේ යම් කටයුත්තක් සාර්ථකව කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තිබේ. එය ඉතා සරලව මෙම ආකාරයට දක්වයි. දැනීම ලබා ගැනීමට ජලාශ, පුෂ්ප හෙවත් කැලෑ මල්, බ්‍රශ්මතේජස ලබා ගැනීමට බෝ අතු, ආයුෂ වර්ධනයට ඊතණ, රාජකීය බලය, ශ්‍රේෂ්ඨාධිකරණ ආධිපත්‍යය ලබා ගැනීමට බත් සහ ගිතෙල්, ආලය දිනා ගැනීමට වී පොරි, කීර්තිය ලබා ගැනුමට බෙළි කොළ, සශ්‍රීක භාවය ලබා ගැනුමට බුත්සරණ ඇට, නිරෝගී බව ලබා ගැනීමට තල ඇට, සාරවත් බව ලබා ගැනුමට නොයෙක් මල් වර්ග දක්වා ඇති පුද පූජා විදි එම ආකාරයටම කළ යුතු බව විශේෂකොට සඳහන් කරයි. ඒ එම මන්ත්‍රවලට නියමිත දිනවලට පුද පූජා කිරීමෙන් මන්ත්‍ර දේවතාවාද දමනය වෙයි. මෙයට කියනුයේ මන්ත්‍ර සිද්ධිය යන නමයි. සියල්ල නිවැරදිව සිදු වූයේ නම්, තමන් කළ පුද පූජා සිහිනයෙන් පෙනෙයි. එයින් කියනුයේ මන්ත්‍රකරු තෙල් බෙහෙත් සිඳින්නා අෂ්ටකර්මයේ දක්ෂයෙකුම වන බවයි.   


ලොව සියලු විද්‍යාවන්හි පියා හෙළයේ මහාරාවණායි. මහා රාවණ ඒ පිළිබඳ පැවසූ දෙය මෙසේයි. හිරු ප්‍රධාන තාරකා මණ්ඩලය විශ්වයේ සියල්ල පාලනය කරයි.   
එය ජීව සහ රසායනික ක්‍රියාකාරිවලියන් යන අර්ථය ගනියි.   


අර්ථය අරමුණු කර උපත ලැබූ සියලු විද්‍යාවන් අතරින් වඩාත් තර්කයට ගැනෙන විද්‍යාවක් තිබේ. ඒ ගුප්ත විද්‍යාවයි. ගුප්ත යනු නොපෙනෙන බව කියන අරුතයි. මෙම නොපෙනෙන අදහස රාවණා තුන් ආකාරයකට අර්ථ ගන්වයි. ඒ​ මෙසේයි.   


ගුප්ත විද්‍යාව කිසිවිටෙක අතින් ඇල්ලිය නොහැකියි. දෙනෙතින් දැක්නට නොහැකියි. ක්‍රියාකාරීත්වයෙන් මැන බැලිය නොහැකියි. ලොව සියලු විද්‍යාවන් විස්මයජනකයි. එකකට එකක් නොපරදියි. එක් විද්‍යාවක් තවත් විද්‍යාවක් සමග සැසඳිය නොකළ යුතුයි. එක් එක් විද්‍යාවන් තුළ පවත්නා අරමුණු සහ ක්‍රියාත්මක භාවයන් වෙනත් විද්‍යාවන් සමගින් කිසිවිටෙක සම්බන්ධ නොවීම එයට හේතුවයි.   


රාවණ මතය එය මෙසේ පැහැදිලි කරයි. මන්ත්‍ර අයත් වනුයේ එක්තරා නීතියකට යෙදූ වචන සමූහයකටයි. යෙදූ මෙම වචන අරුත් ගැන්වෙන ලෙස කීමෙන් යම් ශබ්දයක් පිට වෙයි. මෙම ශබ්දය තුළ රඳා පවතිනුයේ බලයයි. මන්ත්‍රයට ක්‍රමානුකූලව යෙදූ වචන මත අවශ්‍ය බලය ගැබ්ව තිබෙයි.   


පසු කාලීනව දේවනාගරී අක්ෂර වලින් ලියැවුණු මන්ත්‍ර පුස්තක දෙකක් එය මෙසේ දක්වයි. සෑම වචනයක්ම කොටස් හතරකට අයත් වෙයි. මන්ත්‍රයන්හි ශබ්දයේ බලමහිමතාව ඉතා උසස් වෙයි. මන්ත්‍ර යන වචනය සැදී තිබෙනුයේ මන්ධාතුවෙනුයි. එය සිතීම යන අර්ථය ගෙන දෙයි. මන්ත්‍ර බින්දු හෙවත් බීජ ලෙසින් ද හඳුන්වයි. මෙය වේදය දක්වනුයේ ශක්ති හෙවත් නාදය යනුවෙනුයි. මිනිස් සිරුරේ කොඳු නාරටියේ මුල සිට අග දක්වා චක්‍රහයක් පිහිටයි. ඒ මෙම චක්‍රහයයි. මූලාධාර, ස්වාධිෂ්ටාන, මණිපුර, අනාහත, විශුද්ධි, ආංග්දා, මෙම චක්‍ර හය එකිනෙකට සම්බන්ධ කරනුයේ කුණ්ඩලිනීනාඩියයි. එය අක්ෂරයන් උපත ලබන ස්ථානයයි. ​ෙමතුළ කොටස් තුනක් දැක්වෙයි. ඒ මෙම කොටස් තුනයි. බීජය සදාශීව, රුද්‍රා, විෂ්ණු, බ්‍රහ්ම, ශක්ති, මහත්, සත්ව, රජස්, තමස්, වයිකාරිකය, තයිජසය, භූතය, අහංකාරත්ත්‍රය හට ගන්වයි. එය කොටස් දහයකට වෙන් වෙයි. වෙන් වූ කොටස් පංච මහා භූත ශක්තිය ලබා දෙයි. ඒ මෙම ශක්තීනුයි. අාපෝ, තෝජෝ, වායෝ, පඨවි, ආකාශ. මනුෂ්‍ය ශරීරය නිමවී තිබෙනුයේ පංච මහා භූත ශක්තිය ඇසුරෙනුයි. මන්ත්‍රයක් ජප කිරීමට නම් යම් කිසි ශබ්දයක් පිට කළ යුතුයි. එය වෑයම් කිරීමකින් ඇරඹෙයි. එහිදී ප්‍රාණව ශබ්දය පිට වෙයි. එය හදවතෙහි රැඳෙයි. ඒ ඕම් ශබ්දයයි. මුවින් පිට කරනු ලබන පළමු වචනයට පෙර ඇසෙන වචනය, ශබ්දය ඕම් කාරයයි. ඒ සත්‍යයයේ වචනයයි. ජීවිතය තුළ අසන පළමු වචනයයි. මෙම ඕම් වචනයේ අර්ථය මෙයයි. ඕම් යනු බ්‍රහ්මන් අරුතයි. එය ලෝකය, ප්‍රාණය, මනුෂ්‍ය ශරීරය සමගින් සම්බන්ධ වූවා යන්න අඟවයි. ගුප්ත ලෝක පිළිබඳ රාවණා ලියූ සටහනක් මෙසේයි. නොයෙක් රත්න දර්ශන වලින් හෙබියි. පක්ෂී නාද රැව්දෙයි. සියලු පෘතුන්ටම මල් පිපෙයි. සිහිල් සුළඟ හමයි. ලියගොමු සෙවණෙහි දිව්‍ය අංගනාවන් සැරිසරයි. ලෝකයාගේ නොපෙනෙන දේව බලවේගය වූ ගුප්ත බලවන්තය, ඔබේ පිහිට පතන ගැත්තවුන් ඔබ පිහිට යදිමින් සිටියි.   


සංකරණයන්ට අසුවුණු අධම, මෝඩ, දුෂ්ට, බඩසායෙන් පෙළෙන, මුළා කරන, සැක සහිත, අනුනට හින්දා අපහාස කරන, ගුප්ත විද්‍යාව පිළිබඳ භක්තිය නැත්තන්ට ද මේ උතුම් ශාස්ත්‍රයේ පිහිට නොදිය යුතුයි. ශාස්ත්‍රයේ සිද්ධිය, තම කැමැත්ත, අන් අයගේ යහපත කැමැත්තන්ට ගුප්ත බලයන්හි ශක්තිය නොනසා ලබා ගත හැකියි. හඳ නැති රැය, හිරු නැති දහවල, රජු නැති රට, ගුරු උපදේශ රහිත මන්ත්‍රය ද නොබලන බව පල නොදෙන බව සත්‍යයක්ම වෙයි​. ගුප්ත බල පිහිට ලැබූවන්ගේ ප්‍රසන්න මුහුණු ලෝකයාගේ යහපත හැමවිට ප්‍රාර්ථනා කරයි. ගුප්ත ලෝකය කිසි විටෙක හුදෙකලා නොවෙයි. පවත්නා ස්වභාවික විශ්වය තුළම රැඳී පවතියි.  


පවත්නා ස්වභාවික විශ්වය දැකිය යුත්තේ එක් පවුලක් ලෙසටයි. එය මෙසේ හැඳින්විය හැකියි.  


ස්වභාවික විශ්වයේම මව සහ පියා කටක සහ සිංහ රාශි දෙකට අධිපතිව චන්ද්‍ර සහ රවි ග්‍රහයනුයි. එම දෙදෙන දෙපසින් සිටිනුයේ බුධ ග්‍රහයායි. ඒ විශ්ව පවුලේ කුඩාම ග්‍රහයා හෙවත් කුඩා දරුවායි. ඊළඟට සිටිනුයේ කන්‍යා විය හෙවත් සිකුරු ග්‍රහ දියණියයි. ඉන් පසු ග්‍රහ වළල්ලේ දඩබ්බර ග්‍රහයා සිටියි. ඒ අඟහරු ග්‍රහ දරුවායි. පවුලම ආරක්ෂා කරන ග්‍රහ දරුවා සිටිනුයේ තරමක් දුරකිනුයි. ඒ ගුරු ග්‍රහයායි. අවසානයට ඉතුරු වනුයේ සෙනසුරු ග්‍රහ දරුවායි. ඒ ලොව පුරා ඇවිදින සත්‍ය සොයන්නායි.   


​ෙම් විශ්වය පවුලක් ලෙස දැකිය හැකි සරල ආකාරයයි. පහසුවෙන් වටහා ගත හැකි ආකාරයයි. ගුප්ත ලෝකය පිළිබඳ හරි දැක්මයි. ගුප්ත ලෝකය පරිසරය සමග හැම විට ගැටෙයි. ඒ අහස, පොළොව සමගයි. එසේ ගැටීම යම් හේතුවක් මත සිදු වෙයි. එම ගැටීම ගුප්ත ලෝකයේ කටයුතුවලට අකමැති කොටසක් සිදු කරයි. ඒ පිළිබඳ දැක්වෙන නියමය මෙයයි. ගුප්ත ලෝකය හැම විට හඳුනා ගත නොහැකියි. හඳුනා ගත නොහැකි ලෝකයක් සමග ගනුදෙනු කිරීම හඳුනාගැනීම යනු ගුප්ත ලෝකය හඳුනා ගැනීමයි.   

 

 


අරුණඩේල් විජේරත්න