මේ ගීතය ලංකාවෙ අයට බලන්න කියා අපි කියන්නෙ නෑ


ලක්ෂ ගණනින් හිට් වුණාට සරාගී මියුසික් වීඩියෝ සමාජයට හානියක්ද?

බලු බැණුම් බැන්න ‘ප්‍රේම සටන’ මියුසික් වීඩියෝව

ගායක අශේන් සිල්වා

 

වර්තමානයේ බිහි වෙන මියුසික් වීඩියෝ අපේ තරුණ පරම්පරාවට ගැළපෙනවද? නැතහොත් එමගින් නොමඟ යැවීමක් සිදු වෙනවාද? යන්න ඉකුත් දා අලුත් සුළඟ විශේෂාංගයෙන් අපි කතා බහ කළා.   


මෙවරත් තරුණ පරපුර අතර Hit වුණු U Tube හරහා වැඩිම Views ප්‍රමාණයක් ලබා ගත්තු මියුසික් වීඩියෝවක් ගැන කතා කරන්නටයි අදහස් කළේ. කෝටි තුනකටත් අධිකව Views ප්‍රමාණයක් ලබා ගත් මේ ගීතයේ හිමිකරු වන්නේ අශේන් සිල්වායි.   


මේ ගීතය නිසා ගීතයේ හිමිකරු වගේම මේ සඳහා සම්බන්ධ වූ නිරුපණ ශිල්පිනිය ශිල්පියා ඇතුළු මේ කණ්ඩායමේ හැමෝම දැඩි විවේචනයකට ලක්ව තිබුණා.   
ඒ බැණුම් විවේචන ගැන අදහස් දක්වන්නට අප සමග සම්බන්ධ වුණේ ප්‍රේම සටනේ හිමිකරු වන අශේන් සිල්වා.   


​ෙප්‍ර්ම සටන ගීතය මේ වෙද්දි ලංකාවෙ වැඩිම පිරිසක් U Tube හරහා නරඹලා තියෙන මියුසික් වීඩියෝව. ඇත්තටම මොකක්ද මේ ප්‍රේම සටන?    


මම සංගීතය හදාරන්න පටන් ගන්නේ 2004 වර්ෂයේ සිට වගේ. ඒ කාලයේ ඉඳන්ම මගේ ලොකු අසාව වුණේ විවිධ ශෛලීන් ඔස්සේ ගීත ගායනා කරන්න. ඉතින් විවිධ ශෛලියේ ගීත මම ගායනා කරලා තියෙනවා. නමුත් ලංකාවෙ වැඩිපුර ප්ලේ වෙන්නේ සුභාවිත ගීත තමයි. ඉතින් මට ආසාවක් ආවා මීට පෙර කව්රුත් නොකරපු විදියෙ ගීතයක් කරන්න ඕනෑ කියලා. ඒ විදියට තමයි පෙම් සටන ගීතය නිර්මාණය වුණේ. මෙහි පද රචනය කළේ නිසල් ප්‍රනාන්දු සංගීතය අශාන් ප්‍රනාන්දුගේ.  


​ෙම් වගේ ගීත ලංකාවට පිළිල කියලා ගොඩක් දෙනෙක් කියලා තිබුණා?  


මෙය ලංකාවට පිළිලයක් කියලා මම හිතන්නේ නෑ. මේ ගීතය අපි රූපවාහිනියේ හෝ CD ගත කරලා හෝ ප්‍රචාරය කරනවා නම් ඒක හොඳයි කියලා කියන්නේ නෑ. ඒ වගේම මේ ගීතය අපි ලංකාවේ අයට බලන්න කියන්නෙත් නෑ. ඒ අය බැලුවා කියලා අපිට කරන්න දේකුත් නෑ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමති නෑ. ගීතය U Tube දැම්මම වැඩි පුරම කට්ටිය බලලා තිබුණා.   


මන්දිරේ දොරගුළු දමා කළුවරේ නෙතු ඇහැරවා   
සේද සළුවේ සැඟවිලා හුස්ම පවා හිරිවැට්ටුවා   
පාළු හෝරාවෙ ප්‍රේම සටනට නෙතු නුඹේ ඇරයුම් කළා   
හැඟුම් උතුරනා රිදී හී පහර   
මනස අස්සේ කිමිඳුණා   
සඳ ගිනි ගන්නා මේ උණුහුම් හෝරාවේ හදවත ඇවිලුණේ   
රූ රටා මවනා රැයේ හද පුරා නුඹ   
විසිරුණේ   
සියපතක් වැනි හංසියේ නුඹද මා සිත සැනසුවේ   
පාළු හෝරාවෙ ප්‍රේම සටනට නෙතු නුඹේ   
අැරයුම් කළා   
හැඟුම් උතුරනා රිදී හී පහර මනස   
අස්සේ කිමිඳුණා   
සඳු හිරුට මුවා වෙලා යන තුරුළුව   
සෙවණේ මා   
ඉන්නම් හුස්මට පවා ලෙන්ගතු වී නිදිවරා   
පාළු හෝරාවෙ ප්‍රේම සටනට නෙතු නුඹේ   
අැරයුම් කළා   
හැඟුම් අතුරනා රිදී හී පහර මනස අස්සේ කිමිදුනා 

 
මේ ගීතියට මෙවැනි වීඩියෝවක් කරමු කියන අදහස ගෙනාවේ කවුද?   


ගීතයෙ කන්සෙප්ට් එක ගෙනාවෙ මේ ගීත​ෙය අධ්‍යක්ෂවරයා චමු ශ්‍රී. ඔහු මේ ගැන මගෙත් එක්ක කතා කළා. ඉතින් මම විරුද්ධ වුණෙත් නෑ. වෙනසක් කරන්න ඕනෑ කියන දේ තමයි බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ දේ කළා.   


එ් වෙනසෙ යහපතක් තියෙනවද?   


යහපතක් බලාගෙන මෙය නිර්මාණය කළේ නෑ. නිර්මාණයක් කිරීම තමයි මට වැදගත් වෙන්නේ. යහපත් අයහපත් දේ තීරණය වෙන්නේ ලැබෙන ප්‍රතිචාරවලින්. කොහොමත් ලැබෙන ප්‍රතිචාර අපි ඕනෑ දෙයක් බලාපොරොත්තු වුණා.   


මේ රූප රචනා අපේ රටේ සංස්කෘතියට ගැළපෙනවාද?   


මේ ගීතය ඕඩියෝව කළාට පස්සේ තමයි හිතුණෙ මේ වගේ වීඩියෝවක් කළොත් හොඳයි කියලා. ලංකාවෙන් පිට ගොඩක් දෙනෙක් බලන්නේ හින්දි, ඉංග්‍රීසි සින්දුනෙ.   


ඉතින් ඒ තුළිනුත් අපි මේ වීඩියෝවට දෙයක් අරගත්තා. එව්වත් අරගෙන අලුත් දෙයක් නිර්මාණය කළා. ලංකාවේ පළමු වතාවට මෙවැනි විඩියෝවක් කළේ. අලුත් දෙයක් කරන්නයි අපට ඕනෑ වුණේ. ලංකාවෙ රූපවාහිනී නාළිකාවලට දෙන්න නෙමෙයි මේ වීඩියෝව කළේ. U Tube හරහා කැමති කෙනෙකුට නරඹන්න තමයි කළේ. ඉතින් ලංකාවේ බොහෝ දෙනා වීඩියෝව නරඹලා තියෙනවා. මේ වෙද්දි කෝටි 3 කට එහා බලලා තියෙනවා. ඒ තුළින් අපි නිගමනයකට ආවා. මෙවැනි වීඩියෝ බලන්න බොහෝ දෙනක් කැමතියි කියලා.   


විවේචන බොහෝමයක් එල්ල වුණා නේද?   


මෙහෙමයි අපේ ලංකාවේ හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් විවේචන තියෙනවා​ෙන. මේ තරම් ප්‍රමාණයක් මේ වීඩියෝව බලලා තියෙන්නේ අපි කියලා නෙමෙයිනේ. තමන් කැමති නම් විතරයි. U Tube ගිහින් බලන්න අවශ්‍ය අයට බලන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය අය කෝටි ගාණක් නරඹලා තියෙනවා. පකිස්ථාන් බංගලාදේශය ඉන්දියාව වගේ රටවලත් මේ ගීතය නරඹලා තියෙනවා.   


එ් රටවල නැරඹුවත් අපේ රටට මේවා හරියන්නේ නෑ නේද?  


මේක නිර්මාණයක් විතරයි. එය අපේ හෝ වෙනත් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයටවත් කිසිසේත්ම අදාළව කරපු ගීතයක් නෙමෙයි. ලංකාවෙ සංස්කෘතිය ගැන කථා කළොත් එය දැන් පල්ලේහාටම ගිහින් තියෙනවා. ඉතින් මේ ගීතයෙන් අපේ සංස්කෘතියට හානි වුණා කියන දේ අපට පිළිගන්න බැහැ.   


​මෙය නිර්මාණයක් පමණයි. ඒක පැත්තකින් බැලුවොත් ලංකාවෙ වැඩිම විව්ස් ගිය ගීතය මේ. පිට රටකත් මෙවැනි විව්ස් ප්‍රමාණයක් ගිය එකම ගීතයයි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අපේ ප්‍රේම සටන ගීතය. ඒ නිසා කොයි තරම් පිරිසක් මේ ගීතයට බැන්නත් අපේ රට ගැනත් අවාසියකට වඩා වාසි පැත්තක් ගන්නත් පුළුවන්.   


ඒ කියන්නේ ලංකාව ගැන මේ තුළින් හරි කතා වෙන්න ඕන නිසාද Views ගන්න ඇඳුම් ගලවන දර්ශන පවා ඇතුළත් කරලා මියුසික් වීඩියෝවක් නිර්මාණය කළේ.   


මේ විවිස් (Views) බලාගෙන කරපු ගීතයක් නෙමෙයි. නිර්මාණයක් පමණයි. නමුත් අපි හිතපු නැති විදියෙ බලාපොරොත්තු නොවුණු විදියෙ විව්ස් ප්‍රමාණයක් ආවා. ලංකාවෙ හැම ආරයකම ගීත තිබුනට මේ වගේ ගීතයක් නිර්මාණය වුණේ නෑ. ගීතයට විවේචන වගේම හොඳ කියපු අයත් හිටියා. ඒ හැමදේම අපි භාර ගත්තා.   


මේ ගීතය සම්පූර්ණයෙන්ම නිරුවත මාර්කට් කරලා නේද තියෙන්නේ?   


ඒ විදියට මාර්කට් කරනවා නම් ලංකාවෙ ඕනෑ තරම් එවැනි ගීත තියෙනවා. මගේ ගීතය විතරක් නෙමෙයි. ඉන්දියාවෙ ගීත බැලුවොත් බාගෙට බාගයක් තියෙන්නේ ඒ වීඩියෝ. මේ ගීතයෙ නිරුවත කියන දේ පෙන්නන්නෙ නෑ. U Tube එකේ නීති රීති විදියට නිරුවත් දර්ශන අඩංගු නිර්මාණ තියා ගන්නෙත් නෑ. එහෙම ප්‍රශ්නයක් මේ ගීතයේ නැති නිසා තමයි ඉවත් කරලා නැත්තේ. මෙය සරාගී ගීතයක් කියන දේ අපි පිළිගන්නවා. නමුත් නිරුවත පෙන්වනවා කියන දේ පිළිගන්නේ නෑ.   


මේ තුළින් ලිංගික පෙළඹවීමක් සිදු කරනවා කියන දේ බොහෝ දෙනෙක්ගේ මතය වුණා. ඒ ගැන කතා කළොත්?   


එහෙම පෙළඹවීමක් වෙන්න නම් U Tube එකේ මගේ ගීතය විතරක් බලන්න ඕන නෑ. ඒ සම්බන්ධව අවශ්‍ය වීඩියෝ අන්තර්ජාලය හරහා නරඹන්න අවස්ථාව තියෙනවානෙ. ඒක හැමෝම දන්නවා. මේ ගීත නිර්මාණයක් පමණයි.   


U Tube හරහා ගීතයකට වැඩිම Views ප්‍රමාණයක් ලැබෙද්දි ගෙවීමක් සිදු වෙනවා නේද?   


U Tube හරහා ගෙවීම් සිදු කරන ක්‍රමයක් තියෙනවා. ඒ ඒ කන්සෙප්ට් වලට අනුව තමයි ගෙවීම් සිදු කෙරෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ගීතයකට Views ආවා කියලා ලොකු ගෙවීමක් සිදුවෙන්නේ නෑ. ඩොලර්වලින් ගෙවනවා කියලා බොහෝ දෙනෙක් කතා වෙනවා. නමුත් එහෙම දෙයක් නෑ. මම ඒක කෙළින්ම කියනවා.   

 


මේ ගීතය නිසා ඔබේ මව්පියන් පවා බැණුම් අහලා තිබුණා. ගීත​ෙය කමෙන්ට්ස් වලින් අපි දක්කා.   


අැත්තමට මම කළේ ගීතය ගායනා කරපු එක. මියුසික් වීඩියෝවට බැනලා තිබුණා. ඒත් මේ නිර්මාණයක් පමණයි. කිසි දේකට මම සැලෙන්නේ නෑ. ඒ බනින කිසිම කෙනෙක් අපෙන් කෑවද? බීවද? කියලා අහන්නේ නෑනෙ. ලංකාවෙ වැඩි පිරිසක් බලන් ඉන්නේ අඩුපාඩු කියන්න විතරයි. හොඳ කියලා වර්ණනා කරන පිරිසක් නෑ. මීට පෙර මම ගීත නිර්මාණ කළා. ඒ ගැන වත් වචනයක්වත් කථා කරලා නෑ.   


දැන් විතරක් සංස්කෘතියක් ගැන කතා කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ නාළිකාවලත් අපිට කැපිලි කෙටිලි තියෙනවා. අලුත් අයට තැනක් නෑ. ඒවත් තියෙන්නේ පරම්පරා ගත කලාකරුවන්ට. පරපුරෙන් එන අය තමයි ඉදිරියට යන්නේ. අලුත් අය මොනවා කළත් ඉදිරියට යන්න දෙන්නේ නෑ.   


මේ ගීතයට අශේන්ගේ අම්මා තාත්තා මොකද කිව්වේ.   


මගේ අම්මයි තාත්තයි U Tube පාවිච්චි කරන්නේ නෑ. ඒ ගොල්ලො වයසයි. ඒ වගේම රූපවාහිනියෙ මේවා ප්ලේ වෙන්නේ නෑනෙ. U Tube දන්නවනම් සමහර විට ගිහින් බලයි. මම කියන්නේ අපි මේ ගීය කාටවත් බලෙන් පෙන්නුවේ නෑ. වෙනසකට ගීතය කළේ. බොහෝ දෙනෙක් උවමනාවෙන් බලලා තියෙනවා. බැනලත් තියෙනවා. ගීතය බලපු අයත් බලපු නැති අයත් ඉන්නවා. එච්චරයි මේ ගැන කියන්න තියෙන්නේ.   

 

 


ධනු විජේරත්න