මුස්ලිම් පෙර භව හෙළි කළ දරුවෝ


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

මුස්ලිම් ජාතික කාන්තාවන්ගේ ඇඳුමක් ලෙස බුරුකාව පිළිබඳව මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. පුනර්භව පර්​ෙ‌ය්ෂණ වලදී ද බුරුකාව පිළිබඳව අනාවරණය කළ දරුවෝ කීප දෙනෙක් පර්​ෙ‌ය්ෂණ අතර සිටිති. එම දරුවන්ගේ විශේෂත්වය වූයේ බුරුකාව සහිත මුස්ලිම් කාන්තාවන් දැකීමෙන් පසු එම දරුවන්ට සිය පෙරභව මතක සටහන් මතුවීමය.   


මීට වසර කීපයකට පෙර මහනුවර ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් මගමගදී බුරුකාව දැක තම මවද ඒ අයුරින් සාරිය ඇඳ හිස වසාගෙන ගිය බැව් හෙළි කළේය. අනතුරුව මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන දේව මෙහෙයන් පිළිබඳවත් ඔහු අනාවරණය කළේය. මුස්ලිම් පෙර භව හෙළි කළ තවත් දරුවන් කීප දෙනෙක් ඉන්දියාව, ලෙබනනය සහ තුර්කියේ පුනර්භව පර්​ෙ‌ය්ෂණවලටද ඇතුළත්ව ඇත. එවැනි දරුවන් කීප දෙනෙකු පිළිබඳව මෙම ලිපියෙන් අනාවරණය කැරේ.  
 
අපේ අම්මා පාරේ යන කොට ඔළුව වහගෙන යනවා. තාත්ත ගේන කරවල රතුම රතු පාටයි. අපි වඳින්න ගිය තැන ගේ ඇතුළෙ ලොකු ළිඳක් තියෙනවා. අපි ඒකෙන් අත් කකුල් සෝදනවා. තම සිඟිති පුත්‍රයාගේ කතාව පිය පුදුමයට පත් කළේය.   


පියා නිවසට කරවල ගෙනා කීප විටකදීම දරුවා ප්‍රකාශ කළේ ඔහුගේ පෙර තාත්තා රතු පාට කරවල ගෙනෙන බවකි. තෙහැවිරිදි වියේ පසුවූ දරුවා ඔහුගේ මව ගැන කළ ප්‍රකාශයද මාපියන්ගේ අවධානයට යොමු විය.   


ඒ අම්මා ඔළුව වහගෙන යනවා යනුවෙන් තම දරුවා ප්‍රකාශ කරන්නේ කුමක්ද. මාපියන්ට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. මේ අතර දිනුක් තම පුත්‍රයා සමග ගමන් කරමින් සිටියදී හිස වසාගත් මුස්ලිම් කාන්තාවක්ද මාර්ගයේ ගමන් කරමින් සිටියාය. වහා ඇය වෙතට ඇඟිල්ල දිගු කළ දරුවා පියා ඇමතුවේය.   


අන්න අන්න අර වගේ ඇඳුමක් තමයි අපේ අම්මා ඇන්දේ. එයත් ඔය වගේ ඔළුව වහගෙන යනවා යැයි කීවේය. තම පුත්‍රයා කිසියම් මුස්ලිම් ජීවිතයක තොරතුරු අනාවරණය කරන්නේද යන්න පියාට සැක සිතුණි. අනතුරුව ඔහුගේ ප්‍රකාශ පිළිබඳව මාපියෝ දැඩි අවධානයක් යොමු කළහ.   


1959 වසරේදී වැහිගලදී උපත ලද මෙම දරුවා පස්දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැනි දරුවා විය. සිංහල බෞද්ධ මාපියන්වූ ඔවුන්ට මෙම දරුවා තුළත් ඉතා කුඩා අවදියේ දක්නට ලැබුණු විශේෂ හැසිරීම් රටාවක්ද විය. එනම් ඇතැම්විට ඔහු ඇඳ මත වාඩිවී මාපියන්ට නොතේරෙන භාෂාවක් ප්‍රකාශ කිරීමය. බහතෝරන වියට පත්වූ දරුවා ප්‍රකාශ කළේ ඔහු පෙර භවයේදී මහනුවර ජීවත්ව සිටි බවය.   


තවත් දිනක් මෙම දරුවා සමග මහනුවර නගරයේ ගමන් කරමින් සිටියදී මුස්ලිම් පල්ලියක් දුටු දරුවා සුෂි වඳින්න ගියේ ඔය වගේ තැනකට තමයි යනුවෙන් කීය. මෙම දරුවාට පෙර භව නම් කිසිවක් මතකයේ නොතිබිණි. සවසට පියා ලේපාට කරවල ගෙන එන බව කරන ප්‍රකාශය පිළිබඳව විමසීමට පියාට අවශ්‍ය විය.   


දිනක් ඔහු තම පුත්‍රයා මස් වෙළෙඳසලක් අසලට රැගෙන ගියේය. මස් කඩය දුටු සැණින් ඔහු පියා ඇමතුවේය. මම ලේ කරවල කිව්වේ අන්න ඒවට තමයි. ඔහුගේ ප්‍රකාශය විය.   
මේ අයුරින් පෙර භවය හෙළි කිරීම ආරම්භ කළ එම දරුවා පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පර්​ෙ‌ය්ෂණ කණ්ඩායමක් විසින් පූර්ණ පරීක්ෂණයක් සිදු කෙරිණ. එහිදී දරුවා විසින් හෙළි කරන ලද ප්‍රධාන කරුණු කීපයක් වාර්තාවක සඳහන් කර ඇත්තේ මෙසේය.   


තව අම්මා කෙනෙක් ඉන්නවා   
තව තාත්තා කෙනෙක් ඉන්නවා   
අපි හිටියේ මහනුවර   
තාත්තා කෝට් එකක් ඇන්ඳා   
තාත්තා ලී සෙරෙප්පු දැම්මා   
අපි එහෙදි ලේ කරවල කනවා   
වඳින තැන ලොකු ළිඳක් තිබුණා.   
වඳින තැන බිම පැදුර දමනවා   
එහෙදී ඌරු මස් කන්නේ නෑ   
සිකුරාදාට වඳින්න යනවා   


මෙම දරුවා හෙළි කළ පෙරභව ජීවිත තොරතුරු විමර්ශනය කිරීම දුෂ්කර විය. එහෙත් ඔහුගේ ගති සිරිත් හා ඉතා කුඩා කල සිට කළ ප්‍රකාශ අනුව ඔහු මුස්ලිම් ජාතිකයෙකු බැව් පැහැදිලිව දක්නට ලැබිණි. එම දරුවා ඉතා කුඩා අවදියේ සිට රාත්‍රී ඇමතුමක වාඩිවී මුස්ලිම් දේවස්ථානයකදී දේව මෙහෙය පවත්වන අයුරින් හඬ නගා කෑගැසීමටද පුරුදුව සිටියේ අතිශය පුදුම අයුරිනි.   


මුස්ලිම් පෙර භවයක තොරතුරු හෙළි කළ තවත් ශ්‍රී ලංකාවේ දරුවෙකු උපත ලැබුවේ ගම්පහ ප්‍රදේශයේදීය. එම දරුවා ඉතා කුඩා අවදියේ සිට ලී පතුරක් සොයාගෙන එමගින් මස් කපන අයුරු නිරූපණය කළේය. ඒ වනවිට කිසි දිනෙක මස් කඩයකට නොගිය එම දරුවා මස් කඩයක චිත්‍රයක්ද ඇඳ පෙන්වීය.   


“අපේ තාත්තා ලොකු පිහියකින් කොටසක් උඩ තියලා මස් කපනවා” යැයි ඔහු ප්‍රකාශ කළේ වයස අවුරුදු තුනේ පමණ සිටය. ඒ සමගම දිනක් ඔහු හිස පොළොවට තබාගෙන කිසිවක් ප්‍රකාශ කරන බැව් මවට දක්නට ලැබිණි. එය දුටු මව ඒ දෙස බලා ඔයා මොකද කරන්නේ යැයි විමසුවාය.   


“මම වඳිනවා. එහෙදී අපි වඳින්නෙ මෙහෙම තමයි.” යනුවෙන් කීය. එම දරුවාද මුස්ලිම් ජාතිකයන්ගේ ඇඳුම් පිළිබඳව ඉතා හොඳ මතකයක් තිබිණි. 


“අපේ අම්මා එහෙදී ඇන්ද සාරිය ඔළුව වහගෙන යනවා. තාත්තා ඔළුවට තොප්පියක් දානවා.” යැයිද එම දරුවා මතකයන් හෙළි කළේය.   

 

 


ඒ වන විට ඔහු කිසිවිටෙක මුස්ලිම් ජාතිකයෙකු නොදැක සිටීමද විශේෂයක් විය. බෞද්ධ සිංහල පවුලක උපත ලබා සිටි එම දරුවා නිවසේ මුළුතැන් ගෙට ගිය සෑම විටෙකම නිවසේ තිබූ පිහිය සෙවීමටද සිරිත වී තිබිණි.   


ලෙබනනයේ දී සිදුකළ පුනර්භව පරීක්ෂණයකදී ද මුස්ලිම් පුනර්භව සාධකයක් අනාවරණය විය. 1963 වසරේදී ලෙබනනයේ දී උපත ලද ෆාරුක් නම් එම දරුවා පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ලැබුවේ 1970 වසරේ දී මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පර්​ෙ‌ය්ෂකයන් පිරිසක් විසිනි. වයස අවුරුදු තුනහමාරක් පමණ වයසේ සිටි එම දරුවාගේ නිවසට පැමිණි අමුත්තෙකු ඔහු අත තිබූ දුම්වැටියක් දැල්වීමට ලයිටරයක් දැල්වීය. එය දුටු දරුවා එක්වරම එදෙස බලා,   


“ඔය තියෙන්නෙ මගේ ලයිටරය යැයි පැවැසීය.” තම දරුවාගේ ප්‍රකාශය මාපියන්ට ගැටලුවක් විය. අනතුරුව ඔහු සිය පෙර බව තොරතුරු අනාවරණය කරන්නට විය.   
පෙරභවයේ පවුලේ සාමාජිකයන් කීප දෙනෙක් සහ ඔවුන්ගේ නම් කීපයක්ද ඔහු පැවැසීය. පෙර භවයේදී ඔහු හැඳින්වූයේ මොහොමඩ් යනුවෙන් බැව් පැවසූ දරුවා මාපියන්ගේ නම්ද ප්‍රකාශ කළේය. සොහොයුරියක් සිටි බවත් ඇය මියගිය බවත් එම දරුවාට මතක තිබිණි. ඔහු පෙර භවයේදී දුම්පානය කළ බැව් හෙළි කළ එම දරුවා දුම්වැටිවල නමද අනාවරණය කිරීම විශේෂත්වයක් විය.   


පාසල් සිසුවෙකු ලෙස සිටි බැව් පැවසූ ඔහු මිලදී ගත් දුම්වැටි දල්වන ලයිටරයක් නිවසේ දී නැතිවූ බැව් කීය. එය සොයාදෙන ලෙස මවට පැවසූ නමුත් එය නොලැබුණ බව කීය. අනතුරුව ලයිටයරක් මිලදී ගැනීමට මව ඔහුට මුදල් දුන් නමුත් ඔහු එය ප්‍රතික්‍ෂ්ප කළ බවද පැවසීය. ලයිටරය නැතිවීමේ කෝපය නිසා ඔහු සියදිවි නසා ගත් බවද එම දරුවා පැවැසුවේ එය සිදුකරගත් ආකාරයද පැහැදිලිව ප්‍රකාශ කරමිනි.   


“මම මැරුණේ සිගරැට් ලයිටරය නිසා. මම එදා වහළට නැගලා වස බිව්වා.” යැයි ඔහු කීය. ෆාරුක්ගේ මෙම ප්‍රකාශ මොහොමඩ්ගේ මාපියන්ට සැලවීමෙන් පසු ඔවුහු ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වූහ.   


අනතුරුව මහාචාර්ය ස්ටීවන්සන් සිය පර්​ෙ‌ය්ෂණ සඳහා ෆාරුක්ගේ මාපියන්ගේ සහායද ලබා ගත්තේය. එහිදී ෆාරුක් දරුවාට සිය පෙරභවයේ නිවසට යාමට අවස්ථාව ලැබිණි. එහිවූ තවත් විශේෂත්වයක් වූයේ පෙර නිවසට යන ගමන් මාර්ගය එම දරුවා විසින් නිවැරදිව පෙන්වා දීමය.   


අනතුරුව නිවසට ගිය ඔහු එදා සිය දිවි නසා ගැනීමට වහළනැගි අයුරුද අනාවරණය කළේය.   


නිවසේදී පිහි දෙකක් එම දරුවාට පෙන්වීය. ඉන් එක් පිහියක් පෙර භවයේදී ඔහු භාවිත කළ පිහිය විය. එදෙස ඉතා පරීක්ෂාවෙන් බැලූ ෆාරුක් මොහොමඩ් භාවිත කළ පිහිය නිවැරදිව හඳුනා ගනු ලැබීය.   


මෙම දරුවා අනාවරණය කළ පෙරභවයේ තැනැත්තා මරණයට පත්වූ අයුරු පර්​ෙ‌ය්ෂණයේදී අනාවරණය විය. දුම්වැටි ලයිටරය නැතිවීමෙන් ඔහු එදා දැඩි ලෙස කෝපයට පත්වී සිටියේය. ලයිටරයක් අලුතින් මිලදී ගැනීමට මව මුදල් දුන් නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ පළමු ලයිටරයට අවශ්‍ය බැව් කියමින් ඔහු දබර කරන්නට විය. අනතුරුව නිවසේ වහළයට නැග වස පානය කර මරණයට පත්විය.   


මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයේ ඒ බැව් සඳහන් කර ඇත්තේ (Mahomad went up to the roof of the house and there drank some insect poison) යනුවෙනි.   
දුම්වැටි ලයිටරය නිසා ඔහු වහළට නැග සියදිවි නසාගත් බැව් මෙම දරුවා ප්‍රකාශ කරනු ලැබුවේ වයස අවුරුදු තුනේ සිටය. මේ අයුරින් මුස්ලිම් ජාතික දරුවන් කීප දෙනෙකුගේ යළි ඉපදීමේ සිදුවීම් පිළිබඳ සිදුකළ පුනර්භව පර්​ෙ‌ය්ෂණ (Moslems belief in reincarnation) යනුවෙන් පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත් කර තිබේ.   

 

 


තිස්ස ජයවර්ධන