මුදල් වංචාවකට වැලිගම නගර සභා සේවකයකුගේ වැඩ තහනම්


(තරංග ගුණරත්න) 

වැලිගම නගර සභාවේ කොම්පොස්ට් ව්‍යාපෘතිය හරහා වංචනිකව  මුදල් ඉපයීම සම්බන්ධයෙන් නගර සභාවේ සේවකයකුගේ වැඩ අද (5) දින සිට තහනම් කළ බව වැලිගම නගර සභාවේ නගරාධිපති රේහාන් ජයවික්‍රම මහතා පැවසීය.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ  වැලිගම නගර සභාවට අයත්  කප්පරතොට පෙදෙසෙහි පිහිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙමගින් නගරයේ  දෛනිකව එකතු වන කැළි කසළ  වර්ගීකරණය කිරිමෙන් පසු  කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනී. පසුව සහන මිලට අලෙවි කිරිමෙන් නගර සභාවේ අරමුදලට එකතු වන බව පැවසේ. 

එහෙත්  මෙම ව්‍යපෘතිය බාරකරුගේ මැදිහත් වීමෙන් වැලිගම නගර සභාවේ කිසිදු අවසරයකින් තොරව   කැළි කසළ ටිපර් රථ ගණනක් දිනපතා  ඇඹිලිපිටිය  පෙදෙසෙහි  සිට ගෙන එන කැළි කසළ  වැලිගම නගර සභාවට අයත් කප්පරතොට කොම්පොස්ට් ව්‍යපෘතිය අංගනයට  ගෙනවිත් දමන බවට වැලිගම නගරාධිපති වෙත  පැමිණිලි ලැබී තිබිණි.