මැදියම් රෑ හමු වූ මියගිය පෙම්වතිය


පෙනෙන ලොව සහ නොපෙනෙන ලොව

 

මිනිස් සිත කැලඹීමට ලක්වීම ස්වාභාවිකයි. මිනිස් මොළය නොයෙක් නොයෙක් අත ගමන් කිරීම වැළකිය නොහැකිය. බෙහෙවින් ත්‍රාසජනක සිදුවීම් අනුව මහා විපර්යාසයකට බඳුන් වන සිත ඒවා අකා මකා දැමීමට විවිධ ආකාරයේ ප්‍රතිකර්ම මාර්ගයෙන් ප්‍රකෘති තත්ත්වයට ගැනීම සිදු කරනු ලබයි.   


උසස් මනසක් ඇති නිසා ‘‘මිනිසා’’ යැයි කතාවෙන් ඔප්පු කළ හැකි වුවත්, ක්‍රියා​ෙවන් මිනිසා ද යන්න ඔප්පු කළ හැකි අවස්ථා ඉතා විරලය. අත්භූත ලෝකයට එබී බලන මනුෂ්‍යයා යකුන්, ප්‍රේතයින්, කුම්භාණඩයන්, භූතයන් ආදි වායු ශරීර මවා ගත් අමනුෂ්‍ය කොට්ඨාස මෙලොව සිටිතැයි අවිවාදයෙන් තොරව පිළිගන්නා කාරණයකි. ඒවායේ සත්‍ය්‍ය අසත්‍යතාව කොතක් දුරට විශ්වාසවන්තභාවයෙන් පිළිගත හැකි ද යන්න මහත් ප්‍රහේළිකාවකට තුඩු දෙන කාරණාවකි. 


මම එවකට තරුණ වියේ පසු වූ රජයේ සේවකයෙක්මි. 


ගමෙන් බැහැරව නගරයට ගොස් පරිපාලන ක්ෂේත්‍රයේ තුන් වන ශ්‍රේණීයේ ලිපිකරු රැකියාවක් කිරීමට තරම් පින් කර ඇත්තේ එවකට පත් වීම සිටි දේශපාලන අධිකාරිය නිසාවෙනි. අවම සුදුසුකම් යටතේ වුවත් මෙවැනි රැකියාවක් ලැබීම පෙර පින පෑදුණ අවස්ථාවක් හැටියට ගණන් ගත හැකි වේ. 


පාන්දර හතරට පමණ අවදි වී ලක ලෑස්තිව මාගේ මව විසින් පිළියෙල කර දෙන දහවල් ආහාරය ද රැගෙන මාගේ කුඩා යතුරු පැදියෙන් අතුරු නගරයට ​ෙගාස් එහි යතුරු පැදිය නවතා දමා ලංගම බස් රථයෙන් අගනුවර කරා යාම මාගේ දෛනික කටයුත්තයි. රාජකාරිය අවසන් වී අග නගරයේ සිට අපගේ අතුරු නගරයට විත් මා​ගේ යතුරු පැදියෙන් නිවස කරා ගමන් කිරීම අනෙක් කටයුත්තයි. අග නගරයේ සිට නිවසට පැමිණීම සඳහා එවකට පැය තුන හමාරක් හෝ හතරක කාලයක් ගත වන නිසා මට මහත් වෙහෙසකර තත්ත්වයකට මුහුණ දීමට සිදු වේ. එ් කෙසේ වෙතත් ගමනෙහි විඩාව සංසිඳු වනුයේ නිවසට විත් මඳක් විවේක ගත්තායින් පසුවයි. 


ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වැටුපක් නොලැබුණත් මාගේ මාසික වේතනයෙන් මතක සිටින යමක් ​රැගෙන විත් මව අතට දීමට පුරුද්දක් කරගෙන සිටියෙමි. මා පාසල් අවධියේ සිටම යහළු යෙහෙළියන් කිහිප දෙනෙක් ඇසුරු කළ අතර, එම යහළු යෙහෙළියන් අතරින් මාගේ සිත පැහැර ගත් තරුණියක ද වූවාය. ඇය ඉතා සුන්දර වු නිසාත් මාගේ ගම් පියසේ ජීවත් වන නිසාත් සුහද මිතුරු දම ආදරයක් බවට පෙරළෙන්නට වැඩි දවසක් ගත නොවීය. මාගේ මවට මෙන්ම මම ඇයටත් ආදරය කළ අතර, මාසික වේතනයෙන් ඇයට කැමති යමක් රැගෙන විත් දීම ද සිදු කරන්නේ මාගේ මවට ද නොදැනෙන පරිදිය. 

 

වේලාව රාත්‍රී ඒකොළහ පසු වී ඇත. මම ඇයව යතුරු පැදි ලාම්පුවෙන් මාගේ පෙම්වතිය බව හඳුනා ගත්තෙමි. එතැන් සිට ඇයගේ නිවසට කි​ලෝ මීටරයක පමණ දුරක් ගෙවා යා යුතුය. කුඹුරු යාය කෙළවරේ ඇයගේ නිවස පිහිටා ඇත. මම යතුරු පැදිය නතර කළ අතර ඇයට දෝෂාරෝපණ ස්වරූපයෙන් කතා කළ අතර මේ මහ රෑ තට්ට තනියම ගෙයක් දොරක් නැති වෙල් යාය කෙළවරට ආවේ ඇයි දැයි විමසීමි. ඇය වචනයකුද කතා නොකළ අතර හඬන්න පටන් ගත්තාය.


එදා මගේ වේතන දිනයයි. රාජකාරිය අවසන් වීමට පෙර ආයතන ප්‍රධානියාට කල් වේලා ඇතුව දන්වා කාර්යාලයෙන් පිට වී අග නගරයට පැමිණ මාගේ මවට ද, පෙම්වතියට ද සරිලන දෑ රැගෙන මා ජීවත් වන අතුරු නගරයේ ගම් පියස බලා බස් රථයෙන් පිටත් වීමි. කෙසේ වෙතත් එදා තරමක ප්‍රමාදයකින් පසුව රාත්‍රී දහය පසු වී මිනිත්තු හතළිස් පහට පමණ නගරයට සේන්දු විය. මම වහා වහා බස් රථයෙන් බැස ගත් අතර යතුරු පැදියෙන් නිවස බලා පිටත් වීමි. මාගේ නිවසට අතුරු නගරයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ තිබෙන අතර නගරයේ සිට පැමිණෙන විට කි​ලෝ මීටර් භාගයකින් මෙපිට සුන්දර වෙල් යායක් හමුවේ. කිලෝ මීටර් භාගයක් පැමිණ වෙළ අද්දර පසු කරනවාත් සමග පාද වළලු කර දක්වා වැසෙන සේ සුදෝ සුදු ගවුමකින් සැරසී යම් තරුණියක් යතුරු පැදිය නවත්වන ලෙස සංඥාවක් කළාය. 


වේලාව රාත්‍රී එකොළහ පසු වී ඇත. මම ඇයව යතුරු පැදි ලාම්පුවෙන් මාගේ පෙම්වතිය බව හඳුනා ගත්තෙමි. එතැන් සිට ඇයගේ නිවසට කි​ලෝ මීටරයක පමණ දුරක් ගෙවා යා යුතුය. කුඹුරු යාය කෙළවරේ ඇයගේ නිවස පිහිටා ඇත. මම යතුරු පැදිය නතර කර ඇයට දෝෂාරෝපණ ස්වරූපයෙන් මේ මහ රෑ තට්ට තනියම ගෙයක් දොරක් නැති වෙල් යාය කෙළවරට ආවේ ඇයි දැයි විමසීමි. ඇය වචනයකුද කතා නොකළ අතර හඬන්න පටන් ගත්තාය. මම ඇයව අස්වසාලූ අතර කිසියම් කරදයක් නිවෙස් හිමියන් විසින් ඇයට සිදු කර ඇතැයි වැටහී ගිය හෙයින් යතුරු පැදියට නංවාගෙන නිවස අසලට ඒමට පිටත් වීමි. එන අතර මඟ දී ද ඇය කතා නොකළ අතර සිදු කළේ හැඬීම පමණි. 

 


නිවස ඇසට නොපෙනෙන මානයට ළං වේ. මම විමසිලිමත් වීමි. වෙනදාටත් වඩා එම නිවස විදුලි ආලෝකයෙන් වැඩි වී ඇත. ගම් වැසියන් ද තැන තැන එක් රොක් වී කතා බස් කරනු පෙනේ. විදුලි ආලෝකය අතරින් අනිච්ඡාවත සංඛාරා මෙනෙවියට නිවන් සැප ලැබේවා යැයි සුදු පසුබිමේ කළුවන් අකුරින් මාර්ගයේ පැත්තකින් ප්‍රදර්ශනය කර තිබිණී. 
නිවසේ ගෙමිදුල සමීපයේ යතුරු පැදිය නතර කළ මම පිටුපස බැලීමි. මාගේ පෙම්වතිය අතුරුදන් වී ඇත. මම වටපිට බැලීමි. ඇය මිය ගොස් ඇති බව සත්‍ය වශයෙන්ම තේරුම් ගිය නිසා අසල්වාසීන්ගෙන් අසා දැන ගත් කරුණු අනුව ඇය උදේ වරුවේ රිය අනතුරකට භාජනය වූ අතර ඇයගේ මෘත දේහය නිවසට රැගෙන විත් අැත්තේ ඇය මට හමු වීමට විනාඩි පහකට පමණ පෙරය. 


අැත්ත වශයෙන්ම මෙය මනඃකල්පිතයක් නොවේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සාරාංශගත කෙටි කතාවකි. මෙම සිදුවීම් සියල්ල කිසිවෙකුටත් නොකීමට මම වගා බලා ගත්තෙමි. ඇය වෙල් යාය අද්දරින් මාගේ යතුරු පැදියට ගොඩ වූයේ ​ෙකසේද ? ඇය මිය ගිය බව මා හට කළ අතුරු සංඥාවක් ද? කෙසේ වෙතත් ඇය මට දැක්වූ අසීමිත ආදරයේ මායා දර්ශනයක් ද? 


එ් කෙසේ වෙතත් මෘත දේහය නැරඹීමෙන් පසු මා හට හැඟී ගිය එක් කාරණයක් නම් දේහයට පලඳවා තිබු ඇඳුමම සමග කල් වේලා ඇතුව දර්ශනය වූයේ කෙසේද යන්නයි. සත්‍ය වශනේම මෙය භූත ලෝකය හා සම්බන්ධ වූ කාරණයක් ද?  

 


කුලියාපිටියේ එස්. ප්‍රබෝධ සමරක්කොඩි