මාලිනී හා සබීතා දෙන්නටම මගේ තිබුණු බැඳීම අසීමිතයි


“මෙවැනි මාතෘකාවක් පිළිබඳව මා විස්තරාත්මකව කතා කරන්නේ ගොඩක් කාලයකට පස්සේ. ඊට ඉස්සෙල්ලා මා කියූ දේවල් අහුලගෙන යම් යම් මාධ්‍යවල පළවුණා. නමුත් මේක කරන එක හේතුවක් ඔබට බෑ කියන්න බැරිකමයි. අනිවාර්යෙන්ම නැත්නම් අාදරය, ප්‍රේමය පිළිබඳව බැහැරව ඉන්න හේතු රාශියක් තිබෙනවා. මෙහිදී ඔබට බොහෝ දෙනා දන්නේ නැති දේවල් විවෘතව මා කියනවා. මට රිදෙන්න ඕනෑ දෙයක් ලියැවුණාට කමක් නෑ. නමුත් මට බැහැ, මම ආදරය කරපු තුන්වෙනි පාර්ශ්වයට පොඩ්ඩක්වත් රිද්දන්න. ඒකට ඔබ මට ගෞරවයෙන් උදව් කරයි කියා මා සිතනවා”   


ඔහු කතාව පටන් ගන්න පෙරම කියූ දෙයට එකඟවෙමින් ‘‘ආදරය ප්‍රේමය සහ විවාහය’’ යන මාතෘකාව ඔස්සේ අපේ කතාබහ ආරම්භ කරන්න පටන් ගත්තෙමු. ඔහු ලාංකීය සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙකි. මේ නිසාම ඔහු බොහෝ නිළියන්ගේ ප්‍රේමවන්තයා ද විය. නිළියන් තිදෙනෙක් සමඟ විවාහවීමට ඔහු උත්සාහ කළ ද ඒ සියල්ල නිෂ්ඵල විය. අද ඔහු තනිකඩයෙක් ලෙස තම ජීවිතය ගෙවා දමන්නේය. වරෙක රංගධරයෙකි. වරෙක චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. මේ දිනවල ඔහු මොබයිල් ටෙලි නිර්මාණකරුවෙකි. දේශපාලන ක්ෂේත්‍රයේද ආන්දෝලානාත්මක චරිතයක් වූ ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කළ අයෙකි. ඔහු නමින් සනත් ගුණතිලකය. ප්‍රථම වරට විවෘතව ‘‘ආදරය ප්‍රේමය සහ විවාහය’’ ගැන ඔහු කතාකළේ මා හා ඔහු අතර ඇති මිත්‍රත්වය නිසාය. ඉදින් අපි ඔහුගේ හඬට කන්දෙමු.   

 

මුලින්ම ආදරයක් ඇතිවුණේ පාසල් කාලයේදී නේද? ඔබේ මව්පියන් දැඩි විරුද්ධත්වයක් ඒකට දැක්වූවා නේද?   
මුලින්ම මම දෙයක් කියන්නම්. මේක හැමෝම දැනගත යුතු දෙයක්. මගේ තාත්තයි, මායි අතර පරතරය අවුරුදු 40ක්. ඒකට හේතුව අම්මාට පළමු බබා හම්බවෙන්න ගිහිල්ලා, සීසර් ඔපරේෂන් එකෙන් පස්සේ නැවත ඇයට බබාලා හම්බවෙන්නේ නෑ කියලා තිබෙනවා. නමුත් අවුරුදු 12කට පස්සේ මාව හම්බවෙලා තියෙනවා. එහිදී අම්මාට අමාරු වෙලා. එතකොට මේ පරම්පරා වෙනස නිසා, ඔවුන් අපි දෙස බැලුවේ, ඔවුන්ගේ කාලයේ විදිහට. ඔවුන් වයස අවුරුදු 21 වනතුරු තවත් ආදර සබඳතා ඇතිවිය නොහැකියි කියාල සිතුවාද දන්නෙත් නෑ. අම්මයි තාත්තයි පුදුමාකාර ආදරයකින් සිටියේ. කවද‌ාවත් ඔවුන් අත් අල්ලාගෙන සිටියේ නෑ. නමුත් ජීවිතේට දැකලා නෑ දෙන්නා අතර සණ්ඩු සරුවල් වෙනවා.   
 
ඔය දේම එක හේතුවක් වෙන්නැති මම තවම අවිවාහකව ඉන්න. මේ දෙන්නා අතර තිබූ ගැළපීම, ඒ බැඳීම, අන්‍යොන්‍ය විශ්වාසය එද‌ා මට වැටහුණේ නැතිවුණාට, ආපසු හැරී බලද්දී විශාල විදිහට මට දැනෙනවා. ඒකම වෙන්න පුළුවන් මගේ තාත්තා නීතිඥවරයෙක්, අම්මා පාරම්පරික ගුරුවරියක්. ඒ වෘත්තීන්වලට කැපවීමෙන්, සම්පූර්ණ කාලය යොදවමින් කරන ගමන් තමයි අපිව හැදුවේ.   
 
 
කතාව වෙන අතකට යන්න පුළුවන්. ඔබගේ ප්‍රථම ප්‍රේමය ගැන අපි දැන් කතාකරමු නේද?   
එ්කට එන්න තමයි මුලින් මම අපේ පවුලේ තරම කිව්වේ. මොකද ඔවුන්ගේ බලපෑම සියල්ලටම තිබුණු හින්දයි. මම මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ගියේ. ඉගෙනීමට මම දක්‍ෂ ශිෂ්‍යයෙක් වෙලා සිටියේ. අනෙකුත් බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් පවා මා ගැන මේ නිසා දැනගෙන හිටියා. නමුත් ඒ ගැන මම දැනගෙන හිටියේ නෑ. නංගිගේ පංතියේ හිටපු ගැහැනු ළමයෙක් ගැන තමයි මුලින්ම ආදර හැඟීමක් ඇතිවුණේ. එයාගේ අම්මා, මගේ අම්මාත් එක්ක එකට උගන්වනවා. ඉතිං අපි ‘‘ඇන්ටිලා’’ කියාගෙන ඉන්නේ. අපි දෙන්නා අතර මිත්‍රත්වයක් ඇතිවුණා. පස්සේ තමයි මම දන්නේ ඒක එයාලා ගත්ත චැලෙන්ජ් එකක් කියලා.   
එ් කියන්නේ ජීවිතේට සනත්ට කෙල්ලෙක් සෙට්වෙන්නේ නෑ කියලා නංගීත් එක්කත් කිව්වාට, ඒ චැලෙන්ජ් එක ගන්න තමයි මාව යාළු කරගෙන තිබෙන්නේ. නමුත් අපි දෙන්නා අතර ප්‍රේමයක් ඇතිවුණා. ඒ සා.පෙළ කරන කාලයේ. මම ඇයගේ විද්‍යාලය ගාවට ගියේ නෑ. ඇය මාව සොයාගෙන ආවා. මුලින් සහෝදරියක් විදිහටයි මා හිතුවේ. නමුත් පස්සේ ආදරයක් ඇතිවුණා. ඒක දැනගත්ත වෙලාවේ අපේ ගෙදර තුන්වැනි ලෝක මහා යුද්ධය ඇතිවුණා. මම සිතුවේ නෑ කවද‌ාවත් එහෙම වෙයි කියලා. විශාල කලබැගෑනියක්.   
 
අපේ අම්මා අර ගැහැනු ළමයාගේ ගෙදරට ගිහින් බැනලා විතරක් නෙමෙයි ‘‘ඕගොල්ලන්ගේ දුව මගේ පුතාව රවට්ටගත්තා’’ කියලා දෝෂාරෝපණයක් කළා. මාව හදලා තිබ්බ තරම ඒකෙන් වැටහෙනවා නේද? පවුල් දෙක අතර විශාල විරසකයක් පවා සිද්ධ වුණා. ඒ ඇන්ටි දවසක් මාව හොයාගෙන ඇවිත් ‘‘ඇයි පුතේ, ඔයා රත්තරං දරුවෙක්. අපි රවට්ටගත්තේ නැහැනේ. මම කැමතියි ඔයා වගේ කෙනකුට මගේ දුව දෙන්න’’ කියලා කිව්වා. ඔය ගැටුම තදබල ලෙස ගිය නිසා අපිට ඈත්වෙන්න සිදුවුණා.      
 
 
ඊට පස්සේ සබඳතා ඇතිවුණේ නැද්ද?   
පාසල් කාලයේ නම් ආපහු ඇති වුණේ නෑ. සා.පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලැබුණා. උසස් පෙළ කළා. විශ්වවිද්‍යාලයට යන්න තරම් පාස් වුණා. ඊට පස්සේ මගේ තාත්තා කතෝලික, අම්මා බෞද්ධ, තාත්තා එක්ක මම පල්ලියට ගියා. පල්ලියේදී කෙනෙක් මට හමුවෙනවා. එතනදී සම්බන්ධතාවක් ගොඩනැගෙනවා. ඒ ආදරය තදබල ලෙස යනවා. මේ ගැහැනු ළමයා වැඩ කරන්නේ විශ්වවිද්‍යාලයේම වෛද්‍ය පීඨයේ ‘‘ඩීන්’’ ගේ ලේකම්තුමිය විදිහටයි. ඇය ඉන්නේ එතන. මම දැන් ළඟදීම විශ්වවිද්‍යාලයට යන්නනේ ඉන්නේ. කොහෙද මට යන්න බැරිවුණා. මට ලකුණු 2ක් මදිවුණා. එයින් මට මාර අප්සෙට්.  
 
එකක් තමයි මේ විදිහට වෙච්ච එක. අනෙක් එක මේ ගැහැනු ළමයාත් මට අහිමි වෙයි කියන එක. ඊට පස්සේ අම්මා ගෙනවා චෝදනාවක්, පල්ලියට එක්කන් ගිය හින්ද‌ා තමයි කොල්ලා නරක් වුණේ කියලා. තාත්තා කිව්වා, නරක්වෙන එකා කොහොමත් නරක් වෙනවා’’ කියලා මම එහෙම කිව්වේ අර පාරම්පරික කතා ඒත්තු ගන්වන්නයි. ඒක හරියට අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ තිබුණු යුද්දෙ වගෙයි. ගෙදර හෙන ගෝරියයි.   
 
 
ඔබ එ්ත් විශ්වවිද්‍යාලයට යනවා නේද ඒ ගැහැනු ළමයා එක්ක මේ පෙම්කරන්න?   
ඔව්, ඒක තමයි ලස්සනම දේ. ඔය කාලයේදී වෛද්‍ය සිසුන් එක්ක ඕන කෙල්ලෙක් යාළු වෙන්න පුළුවන්නේ. වෛද්‍ය සිසුන් එන්න ඕනේ රීගල් එකේ ෆිල්ම් බලන්න. ඒක ඉස්සරහ තමයි අපේ ගෙවල් තිබුණේ. ඒ අය ‘‘බෝඩ්’’ වෙලා හිටියෙත් ඒ ළඟමයි. ඒ අයට වඩා බාල වයසේ සිටියත් මාත් එක්ක හිනාවෙලා, කතාකරනවා. අපේ අම්මා හදලා දෙන අග්ගලා වගේ දෙයක් මම ගිහින් දෙනවා ඔවුන්ට. අම්මාත් හරි කැමතියි. මොකද මේ අය ඉස්සරහට වෛද්‍යවරුන් හින්දා. මාත් ඉතිං ඒ පැත්තට යයි කියලා මම ඊට පස්සේ ඔවුන්ට කියනවා මගේ පෙම්වතිය ඉන්නේ අතන ඇයට මොකුත් බලපෑම් කරන්න එපා කියලා.   
 
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ ‘‘ලවර්ස් ලේන්’’ අස්සේ සරසවියෙන් පිට අයට යන්න බැහැ. නමුත් මට පර්මිෂන් හම්බවෙනවා. ඒ නිසා අවුරුදු 2ක් යනතුරු කිසිම කෙනෙක් පිට අය මේ සම්බන්ධය දැන ගත්තේ නෑ. මොකද ලව් කරන්නේ සරසවියේ ‘‘ලවර්ස් ලේන්’’ එකේ හින්දා. ඊට පස්සේ ඒත් ආරංචි වුණාට පස්​ෙස්, අර විදිහේ ලොකු ප්‍රශ්නයක් වෙලා, වෙන ගැටලුසහගත තැනකට යනවා. අැයටත් ප්‍රශ්න එනවා. මේ විරසකවීම තුළ මම මොකක් හරි රස්සාවක් හොයාගන්න ඕනැ කියලා. සිතුවා. ඒකට තාත්තාගෙන් තදබල විරෝධයක් ආවා. මොකද මම තව පාරක් විභාගය නොකර රස්සාවක් සෙවීම හින්දා. ඒ හරහා තමයි මම කොළඹට එන්නේ.     
 
 
ඒ ගැහැනු ළමයා ඊට පස්සේ ඔබට හම්බවුණා නේද රූපවාහිනියකදී? එත​කොට මොකද සිතුණේ?   
ඇත්ත, එයා මට හම්බවුණේ මම චන්ද්‍රිකා මැතිනියගේ මාධ්‍ය උප​​ දේශක ලෙස කටයුතු කරද්දී. ඇය රූපවාහිනි නාළිකාවක සභාපති කෙනෙක්ගේ අර විදිහටම ලේකම්වරියක් ලෙස කටයුතු කරනවා. ඊට පස්සේ ඇයගේ සහයෝගය මට හොඳට ලැබුණා. එයා විවාහවෙලා ළමයි එහෙම ඇයට සිටියා. අපි අතර ආපහු ප්‍රේම සබඳතාවක් ඇතිවුණේ නෑ. නමුත් අපේ වැඩකටයුතුවලට ඇය හුඟාක් උදව් කළා. මොකක් හෝ මේ දෙන්නා අතර තිබිලා තිබෙන බව අර සභාපතිතුමාටත්, කීපදෙනෙකුටත් වැටහුණා. මොකද කතා කරද්දී අපි දෙන්නා කියන, කරන දේවලින් ඒ මිතුදම අදටත් අපි අතර තිබෙනවා.   
 
කොළඹට ආවේ ඔබ රස්සාවක් බලාගෙන නේද? ඉතිං එතනදීත් ප්‍රේම සබඳතාවල පැටලුණාද?   
ප්‍රධාන දේ මම කොළඹට එන්නේ රස්සාවක් හොයාගන්නයි. ඉතිං ප්‍රේම සබඳතා ගැන මම සිතුවේ නෑ. කැම්පස් එකේ ළමයා එක්ක යාළුවෙලා ඉන්න කාලයේ මට ටුබැකෝ එකේ ජොබ් එකක් ලැබෙනවා. පුරුදු වෙන්න යන්න වුණේ මහියංගණයට. දවස් දෙකක් ගියාම එයාව මතක් වෙලා, රස්සාව දමලා ගහලා ආවා. ඔය වගේ දේ නිසා ඇය අහිමිවීමෙන් මානසික පීඩනයකට ලක්වුණා. ඒ මත තමයි කොළඹට එන්නේ. රස්සාවක් ලැබෙන්නේ නෑ. විජය ධර්ම ශ්‍රී මහත්මයා මාව රඟපාන්න තෝරාගන්නවා. මම හිතනවා, මෙහෙම රඟපාන ගමන් රස්සාවක් කරනවා කියලා. තව රස්සාවල් කරන්න යනවා. ඒවා ලැබෙන්නේ නෑ. එද‌ා ඉඳලා මම  රඟපාන්න ඉගෙනගන්න උත්සාහ කරනවා. ඒ මේක තුළ රැඳෙන්න. ඒ නිසයි අදටත් මා ඒ තුළ සිටින්නේ.   
 
 
● එතනදී නිළියෝ ඔයාට අාදර බැල්ම ද‌ාන්න ඇති නේද? ​මොකද ඔයා ඒ කාලයේ තරුණ කොල්ලෙක් හින්ද‌ා?   
ඔහුගේ ‘‘සිටු කුමරියෝ’’ චිත්‍රපටය ෂූටිං කළේ ස්ටැෆර්ඩ් එ​ෙක්. එහි ගැහැනු ළමයි ගොඩාක් අතිරේක චරිතවලට තෝරාගෙන තිබුණේ. කිසිම අතිරේක ගැහැණු ළමයෙක් එක්ක විනාඩි 5කට වඩා කතා කරන්න විජය ධර්ම ශ්‍රී මට දුන්නේ නෑ. ඔහු බලාගෙන ඉන්නවා. මට අවශ්‍ය වෙලා තිබුණෙත් නෑ. ඔහු කිව්වේ ‘‘අතිරේක නිළියන් සමඟ ඔයාට කතාවක් නෑ’’ කියලයි.   
 
 
● එතකොට අනුෂ්කා මැදිවක නිළිය සමඟ ඔබේ ආදර සම්බන්ධය ඔය කාලයේ ඇති වෙනවා නේද?   
මම සම්බන්ධතා තිබූ නිළියන්ගේ නමක් කියන්න පුළුවන් එකම නිළිය අනුෂ්කා මැදිවකයි. ඇයගෙයි මගෙයි සම්බන්ධය ඉතාම කෙටි කාලයක් වෙන්න පුළුවන්. නමුත් අපි දෙදෙනා අතර ඇති වූ බැඳීම සමහර විට ඊට පස්සේ ඇති වූ බැඳීම් එක්ක බලද්දී අහසට පොළව වගේ. මොකද ඒ වගේ බැඳීමක් තිබීම ​වෙනත් කෙනෙක් සමඟ මගේ ඊට පස්සේ ඇතිවුණේ නෑ. අනුෂ්කාට පෙර මම තරුණ නිළියන් රාශියක් එක්ක වැඩ කරනවා. නමුත් මට අවශ්‍ය වුණේ නෑ ඔවුන් එක්ක සබඳතා තියාගන්න.   
 
ඒ කාලයේ ලස්සන කෙල්ලෝ හිටියේ. විජය ධර්මශ්‍රීගේ අවවාද වගේම මගේ ජීවත්වීමේ ප්‍රශ්නය යන කාරණ නිසා මම ඔවුන් ගැන සිතුවේ නෑ. අපි දෙන්නා ‘‘සත්කුළු පව්ව’’ කියලා චිත්‍රපටයක රඟපානවා. එතකොට තමයි මම දැනගන්නෙ ඇය හිටපු ජනාධිපතිවරයෙක් වූ විලියම් ගොපල්ලව මහතාගේ මිනිබිරිය කියලා. මට ඒක ගැටලුවක් නෑ. ඇයත් නුවර, ඇයගේ මව මා පිළිබඳ ලොකු පැහැදීමකින් හිටියේ. මොකද මම රඟපාන එක මූලික කරගෙන සිටි හින්ද‌ා. ඒ චිත්‍රපටයේ වැඩ කරන්න ගියාම අපි දවසක් ලංකාතිලක විහාරයේ ෂූටිං එකකට යනවා. ඔය විහාරයට මම කැම්පස් එකේ ළමයා එක්කත් ගිහින් තිබෙනවා. ඒක මම අනුෂ්කාට කිව්වා. ඇය එවෙලේ කිව්වේ, සනත් අම්මා කිව්වා ඔයාට ගෙදර එන්න කියලා.   
 
ඊට පස්සේ දවසක මම ගෙදර යනවා. මම හිතුවේ අපේ සම්බන්ධය ගැන කතා කරන්න කියලා. හැබැයි කතා කළේ ඊට පරිබාහිර දෙයක් ‘‘අනුෂ්කා හිතාගෙන හිටියාට, මම ඒ වගේ දේවල් කරන්න ඉඩ තියන්නේ නෑ. මේක මේ ගම්පෙරළියේ නන්දා, පියල් ගැන හිතුව විදිහට වෙන්නේ නෑ. නන්ද‌ාව අපි දෙන්නේ ජිනද‌ාස කෙනෙකුට’’ කියලා අම්මා කිව්වා. මට ඉතිං කනේ පාරක් වැදුණා වගේ වුණා. මම ඉතිං ‘‘ඔව්, ඔව්’’ කියනවා. ඒ ඇන්ටි මට ආදරෙයි, ඔක්කොම කියලා, මට කියනවා. හැබැයි සනත් මෙහේ ආවා ගියාට කමක් නැහැ කියලා. අනුෂ්කා ඒ වේලාවේ. ‘‘අම්මේ මේ ඕනෑ නැති දේවල් කියන්නේ නැතුව ඉන්න’’ කිව්වා. ඒ වන විට අනුෂ්කා මට කැමති බව අම්මාට කියල. අම්මගේ විරුද්ධත්වය ඒකට නෑ. නමුත් අම්මා කියන්නේ අපට මෙහෙමත් කළ හැකියි කියලයි. ඊට පස්සේ අපේ සම්බන්ධය ඉතාම හොර රහසේ යනවා.   
 
ෆීල්ඩ් එකේ අය දන්නේ නෑ අපි ලොකේෂන්වලට එනවා. සම්බන්ධතා නැති විදිහට තමයි අපි දෙන්නා වැඩ කරන්නේ. එක අවස්ථාවක මේකප් අප්ආර්ට්ස්ට් කෙනෙක්ට යුනිට් එකේ ළමයෙක් ගහන්න හැදුවා. මම පැනලා ඌව බේරගත්තා. යුනිට් එකේ අනෙක් අය ‘‘ඇයි ඔයා අතදැම්මේ කියාල’’ ගහන්න එනවා. අනුෂ්කා එකපාරටම කෑගහගෙන මෙතැනට එනවා. එතනින් තමයි දැනගත්තේ අපි දෙන්නා යාළුයි කියලා. ප්‍රේමය දිගටම ගියා. එතකොට අම්මා කිව්වා, ඔය කතන්දරේ නවත්වලා, මෙයාවත් බැඳගෙන ඉස්සරහට යමු කියලා. හැබැයි එකම දේ අම්මලාට කියන්නැත්නම් අපි ඔයා අල්ලගත්තා කියලා කියයි කිව්වා. මාව නුවර ගෙදරට යවනවා. අම්මාට කිව්වාම, ඕනෑ නැති දේවල් කරන්නේ නැතිව හිටපන් කිව්වා. මම ඇවිත් කියනවා අම්මලාගෙන් ප්‍රශ්නයක් නෑ කියලා. ඔය අතරේ මට චිත්‍රපට පෝලිමට ලැබෙනවා රඟපාන්න.   
 
අනුෂ්කාට චිත්‍රපටයක් ලැබෙන කොට එයාගේ අම්මා අහනවා, කවුද මේකේ ඉන්නේ කියලා. වෙන කෙනෙක්ගේ නමක් කිව්වොත් අම්මා අහනවා සනත් ගුණතිලක මේකට ගන්න බැරිද කියලා. මම ඒ වන විටත් ඇයගේ ගෙදර කාමරයක ඉන්නේ. මට ඇහෙනවා කියන දේ. අම්මා කියනවා සනත් ඉන්නවානම් දුව එවන්නම් කියලා. මේ විදිහට ලව් එක යනවා. ඔය අතරේ ‘‘රිදී නිම්නය’’ හම්බවෙනවා. නිහාල්සිංහ එක්ක වැඩකරද්දී එන්න හම්බවෙන්නේ නෑ. සුමාන 2-3ක් ගියාම ඒක තදින්ම ඇයට බලපානවා. ඒ එක්කම මට ‘‘ගඟ අද්දර’’ එනවා. එතනදී මට එකක් ‘‘ගඟ අද්දර’’, නැත්නම් අනුෂ්කා කියලා තෝරා ගන්න වෙනවා. ඒක මට හොඳට දැනෙනවා. අන්තිමට කල්පනා කරලා, මම ‘‘ගඟ අද්දර’’ ලොකේෂන් එකට යනවා. අනුෂ්කා කැමති වුණේ නෑ යනවාට. ඒක මට හොඳටම දැනෙනවා. ඒකට මම අදටත් කිසි තරහක් ඇය ගැන නෑ. නමුත් එයා ඒ මොහොතේ මාව රිදවන්නද දන්නේ නෑ වෙන අතක් බලාගන්නවා.   
ඒ බලාගත්ත අත තමයි අදටත් තිබෙන්නේ. නමුත් පහුකාලීනව අැයගේ සැමියාත් මගේ හොඳ මිත්‍රයෙක් වෙනවා. අදත් අනුෂ්කයි මමයි කතාකරකර ඉන්නකොට ඔහු හොඳටම හිනාවෙමින් ඉන්නවා. අපි අතර ඉතාම සහෝදරාත්මක සම්බන්ධතාවයක් අදටත් තිබෙනවා.      
 
මෙතරම් ආදරය කළ අනුෂ්කා නැතිවීම ගැන ඔබට දුකක් ඇති වුණෙ නැද්ද?   
විශාල දුකක් ආවා. විරහව ආවා. හරියට ඒ විරහවත් එක්ක පොඩි ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, තරහවක්, වෛරයක් ඇති වුණා. දැන් ඒ වගේ දේවල් එන්නේ නෑ. තරුණ වයසේ හින්ද‌ා ඒවා තදබල ලෙස ආවා. ඒකට ප‍්‍රතික‍්‍රියා කිරීමේ ශක්තියක් මට තිබුණේ නෑ. ඊට පස්සේ එයා ෂූටිංවලට එනකොට සැමියා බොඩිගාඩ්ලා කීප දෙනෙක් එයා එක්ක එව්වා. මොකද අපේ සම්බන්ධය ඔහු දන්න හින්ද‌ා. හැබැයි ඒවා ගැටලු සහගත වුණේ නෑ. නමුත් අනුෂ්කාගේ සිතුම් පැතුම් තිබුණු කෙනෙක් ඊට පස්සේ මට නොලැබුණු හින්ද‌ා තමයි මෙහෙම තනිකඩ වෙලා ඉන්නේ.   
 
නමුත් ඔබ පසුකාලීනව මාලිනී ෆොන්සේකා සමග සබඳතාවක් ඇති කර ගන්නවා නේද? ඔබ ඇය විවාහ කර ගන්නත් ගියා නේද?   
මාලිනී කියන්නේ අදටත් අපි ගරු කරන ගරු කළ යුතු සහ සිංහල සිනමාව වෙනුවෙන් සම්පූර්ණයෙන් ඇප කැප වූ තැනැත්තියක්. ඒ නිසා මට වචන පාවිච්චි කිරීම හා ඔබ මොනවා ඇසුවත් ඔබෙයි මගෙයි සුහදතාව එහෙමම තියාගෙන මම සමහර ප‍්‍රශ්නවලින් වැළකී සිටින්න ඉඩ තිබෙනවා. එහිදී ඔබ මට දොස් පැවරුවත් කරන්න දෙයක් නෑ. මොකද ඔබට නොකියන දෙයක් නෑ කියලා ඔබ දන්න හින්දා. නමුත් ඇය සමග ඇති වන කිට්ටු සම්බන්ධතාව ඇත්ත වශයෙන්ම අද මම හිතනවා. ඒකේ නොගැළපීමක් තිබෙනවා නම් එය තිබෙන්න ඇත්තේ කාල පරාස දෙකේ වෙන්නැති.   
 
මම ආධුනික ශිල්පියෙක්. ඇය ඒ වන විටත් ජාත්‍යන්තර සම්මාන 2 ක් දිනපු ශිල්පිණියක්. මේ දෙක තුළ තිබෙන නොගැළපීම එක්තරා ආකාරයට මගේ පැත්තෙන් මට වැටහුණේ නැතුව ඇති. නමුත් එතනදී බලපාන්නේ තමන්ගේ තත්ත්වයවත් වත්කමවත්, ලස්සනවත් මොනවත් නොවෙයි. නමුත් ඇය සතු හොඳ ගති ගුණ රාශියක් තිබුණා. ඒ වගේම මම කවදාවත් නොකියූ දෙයක් කියනවා. ඇය සතු දුර්වලතා තිබුණා. මම කියන්නේ පෞද්ගලික දුර්වලතා නොවෙයි. දැන් නම් එයා යම් කිසි ආකාරයකට කාල සීමාවකට වැඩ කරනවා. නමුත් ඉහළම තලයේ ඉන්න කාලයේ ඇයගෙන් වෙලාවක් ගන්න අමාරුයි. නිෂ්පාදකවරු ඇයව ගත යුතු නිසා ගත්තා. මම මේ දෝෂාරෝපණයෙන් නොවෙයි කියන්නේ. නමුත් ඇයට එහෙම ‘‘ඩිමාන්ඩ්” කරන්න ශක්තියක් තිබුණා.   
 
මම ”සිටු කුමරියෝ” චිත‍්‍රපටය කරද්දී ඇය ගොඩාක් උදව් කළා. ඒ කාලයේ ඇයත් එක්ක සබඳතාවක් තිබුණේ නෑ. ඇයට දවසක් ටැක්සියක් එවනවා ගෙන්න ගන්න. ඇය ඒක ආපහු හරවලා එවනවා. ඒ වෙලාවේ ඇය ​ෙලාකේෂන් එකට ඇවිත් මේක කිව්වාම මම ඇහුවා ඇයි එහෙම කළේ කියලා. එතකොට මාලිනී කිව්වේ මම එහෙම කළා නම් හෙට ඔයාව බක්කි කරත්තයෙන් ගෙන්වයි කියලා. මොකද මම අලුත් නළුවානේ. එහෙම කොලිටි ඇය තුළ තිබුණා. එයා ඒවා ‘‘මේන්ටේන්” කළා.   
 
 
ඔය දෙන්නාගේ සබඳතාව බිඳ වැටුණේ ඇයි?   
මම හිතනවා, ඇයව උදව්වක් කර ගනිමින් මම මට තැනක් හදා ගත්තා කියලා ඇයගේ ‘‘සසර වේතනා” චිත‍්‍රපටයෙන්. එහි වැඩ කටයුතු කරන්න ගියාම, ඇය තුළ තිබූ කාල කළමනාකරණය හා ඇය තුළ තිබූ සංවිධාන ශක්තිය අතින් ඊට වඩා මට තිබුණා කියලා මම කියනවා. මේක මම ප‍්‍රථම වතාවට කියන්නේ. ඇයව පහත් කරලා කියන දෙයක් නොවෙයි. නිළියක් හා අධ්‍යක්ෂවරියක් විදිහට ඇය මට වඩා ගව්ගණනක් ඉදිරියෙන් හිටියේ. මෙතන වැඩ පරක්කුවෙනවා මම දකිනවා. කොහොම හරි චිත‍්‍රපටයේ වැඩ ඉවර කර ගන්න මම තදබල ලෙස මෙයට කැපවෙනවා. ඒ නිසා මම ප‍්‍රඩක්ෂන් එක ගැන හා සංවිධානය පිළිබඳ හොඳ පරිචයක් ලබාගත්තා. එය අදටත් තදින්ම තිබෙනවා. ඔය බලපෑම මම කරද්දී ඇයට ඒක රිදීමක් වෙන්න ඇති. ”සසර වේතනා” එක්ක තමයි අපි දෙන්නගේ විවාහයක් ගැන සමාජය තුළ පැතිර ගියේ. ඒ අතරතුර ඇතිවෙනවා දෙන්නට දෙන්න නොගැළපීම්. ඒවා එළියට කතා කරන්නේ නෑ. ඒ මත අපි යම් ආකාරයක වෙන් වීමක් සිද්ධ වුණා. ඊට එහා මම මෙහෙම කිව්වොත් මාලිනීට දැනෙන්න ඇති මම ගැළපෙන්නේ නැති කෙනෙක් කියලා. ඒ හින්ද‌ා මම ඈත් වුණේ. ඒ ගැන කිසිම ද්වේෂයක් මා තුළ නෑ. අදටත් මට ඇය ගැන තිබෙන්නේ ගෞරවයක්. මම මාලිනීව ප්‍රේක්ෂකයෙක් ලෙස වින්ද‌ා අදටත් කලාන්තරයකට පස්සේ කතා කරන කොට ඇය කෙරෙහි කිසිම ආකාරයක වෛරයක් වගේ හැඟීමක් එන්නෙම නෑ. මට පසුගිය කාලයේ ඇය ගැන පොඩ්ඩක් තරහක් ආවා.   
 
ඇය දේශපාලනයට සම්බන්ධවීම නිසා ගෞරවයට හානි වුණාද කියලා. නමුත් ඒකටත් කියන්න දෙයක් නෑ. මොකද මමත් ඒ වැරැද්ද කරපු කෙනෙක්. නමුත් මම විශ්වාස කරනවා මාලිනී ෆොන්සේකාට මා අතින් වැරැද්දක් වුණේ නෑ කියලා. ඒ වගේම මාලිනී නම් තැනැත්තිය මගේ ජීවිතේට කිසියම් හොඳක් කළා මිසක් නරකක් කළා කියලා කිසිම දිනෙක මා කියන්නේ නෑ.   
 
 
 
ඊට පස්සෙත් නිළියන්ගෙන් ආදර යෝජනා ඔබට එන්න ඇති නේද? ඔබ අනංගයෙක් වුණාද?   
එහෙම කවදාවත් වෙලා නෑ. අනංගයෙක් වෙලා නෑ. මාලිනී නමැති ශ්‍රේෂ්ඨ නිළිය ගැන කිව්ව හින්ද‌ා මට වාක්‍යයක් මතක් වුණා. මේක ලියා ති​ෙබන්නේ සිග්මන් ප්‍රොයිඩ් වැරැදියි කියලයි. ඒ රිචඩ් වෙබ්ස්ටර් විසින් රචිත "WHY FREUD WAS WRONG" කෘතියයි. ඔය පොත ගැන මට මිත‍්‍රයෙක් කියනවා එහි ඉතා ලස්සන වාක්‍යයක් තිබෙනවා. ඒ තමයි "Murder is a Crime. Describing murder is not. Sex is not a Crime. Describing it is"   
 
ඒක තමයි මටත් කියන්න තිබෙන්නේ. මම අනංගයෙක් වුණේ නෑ. යම් යම් අය සමග බැඳීම් ඇති වුණා. නමුත් එතනින් එහාට මට ඔවුන්ගේ නම් ගම් කියන්න බැහැ. ඒ මම ආදරය කළ හින්ද?   
පසුකාලීනව සනත් - සබීතා යුගයක් සිනමාවේ ඇති වෙනවා. එහිදී ඔබ සබීතා සමග සබඳතාවක් ඇති කර ගත් බවයි සමාජයේ පැතිර ගියේ. කොහොමද ඒ සිදුවීම ඇති වුණේ?   
 
ඔබ මගෙන් අහන නම්වලට තමයි උත්තර දෙන්නේ. නැතුව මම කිසිම කෙනෙක්ගේ නමක් කියන්නේ නෑ. සබීතා හා සනත් අතර සබඳතාවක් තිබුණේ නෑ කියලා කිව්වොත් මේ වර්තමානයේ මම මෝඩයෙක් කියලා හිතන්න පුළුවන්. එහෙම සමීපතාවක් ඇති වුණේ අපි දෙන්නා එකට චිත‍්‍රපටවල රඟපෑව හින්දයි. අපට යුගයක් ඇති කරන්න කිසිසේත්ම වුවමනාවක් තිබුණේ නෑ. යුග කියන ඒවා ඇති කරන්න බැහැ. ඒවා ඇති වෙනවා. මමවත් විශ්වාස කළේ නෑ සනත් - සබීතා යුගයක් ඇති වෙයි කියා.   
 
මෙතනදී මම දැක්කේ ඇයගේ සිනමාවට දැක්වූ කැපවීමයි. මම දැන් හැරිලා බලද්දී දකින විදිහ තමයි කියන්නේ. ඇයගේ මව සහ පියා ජනප‍්‍රිය නළු නිළි යුවළක්. හැබැයි විශාල චිත‍්‍රපට ප‍්‍රමාණයක ගර්ලි ඇන්ටි ඇක්ට් කළේ නෑ. ස්ටැන්ලි අන්කල් නම් චිත‍්‍රපට කීපයක රඟපාලා තිබුණා. ඒ වකවානුවේ ඔහු හොඳ හීරෝ කෙනෙක්. නමුත් ගාමිණී ෆොන්සේකාලා කරපු පරිවර්තනය කරන්න ඔවුන්ට බැරි වුණා. දක්ෂතාවෙන් ජනප‍්‍රියත්වය ලබාගන්න සබීතාට වුවමනාව තිබුණා. ඒක පෘථග්ජන හැඟීමක්. තමන්ගේ අම්මා හෝ තාත්තා වගේ ජනප‍්‍රිය කෙනෙක් වෙන්න ආසාවක් තිබෙන්න ඇති. මොකද තරුණ ළඳක් නිසා. නමුත් ඇයට තිබුණේ දක්ෂ හොඳ නිළියක් වීමටයි. ඇයට තිබූ රූප සම්පත්තියද ඒකට බාධාවක් වුණා. ඇයගේ රූපය නිසා පාකිස්තානයේ අප‍්‍රමාණ ලෙස ජනප‍්‍රිය වුණා. ඒ නිසාම ඇයට බොරු කතන්දර ඇති වුණා. ඒ වෙලාවේ මම ඇය වෙනුවෙන් පෙනී හිටියා.   
 
නමුත් පසුකාලීනව තිස්ස අබේසේකරට, ප‍්‍රසන්න විතානගේට, චන්දන සිල්වාට වැනි හොඳ චිත‍්‍රපට කළ අයට ඇය හඳුන්වා දුන්නේ මමයි. අද දවසේ දී ඇය ඒක කියුවත් එකයි නැතත් එකයි. ඒ හඳුන්වා දීම තුළ මම ගෞරවයක් ලබාගත්තේ ඇය ඔවුන්ගේ ආදරයට, ප‍්‍රශංසාවට ලක් වූ හින්දයි. ප‍්‍රසන්නගේ සිසිල ගිනි ගනී ඒකට හඳුන්වා දීමේදී ප‍්‍රසන්න ඇයට මුලින් කැමති වුණේ නෑ. නමුත් විරාගය හා පොඩි රාලහාමි චිත‍්‍රපටවලට ඇය කළ කැපවීම මා දැක්කා. ඒ කාලයේ එයයි මායි ඇමරිකන් සෙන්ටර් එකේ චිත‍්‍රපට නරඹලා තිස්ස අබේසේකරගේ ගෙදර ගිහින් අපට තේරෙන්නෙ නැති ඒවා අහගත්ත. සබීතා චිත‍්‍රපටය ගිය මුල් දවසේම ප‍්‍රසන්න මාව ඇවිත් හමු වෙලා කිව්වා නංගී විශ්වාස කරන්න බැරි තරමට මගේ සිත ඇදිලා ගියා කියලා. එහෙම තැනක හිටියේ.   
 
ඒ නිසා ඇයව තේරුම් ගත්ත පුද්ගලයෙක් හැටියට මා දන්නවා ඇය සිනමා වෘත්තියෙන් සමු ගැනීම විවාහයෙන් හෝ දරුවෙක් ලැබුණාට පස්සේ හෝ සිදුවෙන්න තිබුණා. අදත් ඇය රඟපානවා. ඒකේ වැරැද්දක් මා දකින්නේ නෑ. ඒ නිසා ඇය සිනමාවට කැප වූ ස්ත්‍රියක්. එහෙම කැප වූ කෙනෙක් සමඟ ඒකටම බැඳිච්ච කෙනෙක් හැටියට ඒ කාල සටහනටම වැඩ කළා කෙනෙක් ජීවත්වීම හරිම අසීරුයි. ඒක තමයි අපි දෙන්නාගේ විවාහයක් සිදු නොවන්න ප‍්‍රධානම හේතුව ලෙස මා දකින්නේ.   
 
ඇත්ත කතන්දරය ඒකයි. ඔය කට්ටිය කියපු විදිහට පූසෙක් ඇවිල්ලා අපි වටේ කැරකුණේ නෑ.   
 
එහෙම කැරකුණු පූසෙක් ඉන්නවානම් එන්න කියන්න. එහෙම මත ද‌ාගෙන ඉන්න ඇති.   
 
ඇය හොඳ විවාහ දිවියක් ගත කරනවා. මම ඔවුන්ගේ සමහර දේවල්වලට දායකවෙලා තිබෙනවා. මගේ සමීප ඇසුරක් නෑ. නමුත් ඒ අය දන්නවා.   
 
එතුමිය පිළිබඳ අදටත් මගේ තිබෙන්නේ බොහොම සෙනෙහෙබර හැඟීමක්.   
 
● මාලිනී හා සබීතා සමග ඔබගේ මේ බැඳීම් නැති වුණේ කුමක් හින්ද‌ා කියලද අද ඔබ සිතන්නේ ? මොකද ඒවා විවාහය දක්වා ගිය ඒවා හින්ද‌ා.   
මම අද විශ්වාස කරන්​ෙන යම් යම් නොගැළපීම් මත ඒ දේවල් සිදු වෙන්න ඇති කියලා. ඒ දෙන්නාට මගේ තිබුණු හිතවත්කම බැඳීම් අසීමිතයි. අසීමිතව සිටීමෙන් අනෙක් පාර්ශ්වයට කරදරයක් වෙනවානේ. ඒ දෙන්නා අද කොහොම කියනවාද කියා මා දන්නේ නෑ. ඒවා දැන් තමයි මට වැටහෙන්නේ. ඒ අයගේ හැම දෙයක් ගැනම බැලීමක් මා අතින් සිදු වුණා. එදා මාලිනීගේ ඒ ප‍්‍රඩක්ෂන් එක මට මොකට ද කියා පැත්තකට වෙලා ඉන්න තිබුණා. අසීමිතව බැඳීම නිසා තමයි ඒ දේ කරට අරන් කළේ. නළු නිළි රස්සාවේදී මේ අසීමිත බැඳීම තමයි යම් යම් ආකාරවලට බාධක බවට පත් වෙන්නේ. මා හිතන්නේ මටත් සිදු වුණේ ඒක තමයි.   
 
පසුකාලීනව ඔබ හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනියගේ මාධ්‍ය උපදේශක ලෙස ළඟින්ම කටයුතු කරනවා. මේ පිළිබඳවත් සමාජයේ නොයෙකුත් කතා පැතිරුණා. මේ ගැන ඔබට මොකද කියන්න තිබෙන්නේ?   
ඔය ප‍්‍රශ්නයට මම ඔබලාට උත්තර දෙන්නේ නෑ. මොකද ඔය කියන කතන්දර අපි හිතන්න බැරි පාරිශුද්ධ යැයි ඉන්න සමහර ඔස්තාර්ලා මාධ්‍ය ඔස්තාර්ලා කුණුහරුප පොත් ලිව්වා. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය අළලා මෙවැනි දේවල් ලිවීම හරි නෑ. ඇය අදටත් දේශපාලන ලෝකයේ ප‍්‍රභූවරියක් විදිහට අගමැතිවරු දෙදෙනකු ගේ දියණියක් වීම හා විධායක ජනාධිපතිවරියක් වීම නිසා ඇයට මම කරන්න තිබූ සේවාව ඉටු කළා. ඒ සේවය 1995 සිට 2000 දක්වා කළා. ඒ කරන අතරතුරදී මම එතුමියට කිව්වා ඊළඟ පාර මම වැඩ කරන්නේ නෑ කියලා. ඇයත් කිව්වේ මේ වැඩ කටයුත්ත කරන්න ඇවිත් ඔයාගේ සිනමා ජීවිතය නාස්ති කර ගත්තා කියලා. ඒක සත්‍යයක්.   
 
ඇයත් එක්ක එකතු වෙලා සිනමාව සම්බන්ධයෙන් බොහෝ දේවල් කරන්න මම ප්ලෑන් කළා. මම කරපු දේවල් කෙටුම්පත් වෙලා තියෙනවා. නමුත් ඒවා ක‍්‍රියාත්මක වුණේ නෑ. මම පොතක් ලිව්වා. ඊට පස්සේ නම් කවුරුවත් කතා කරන්න ආවේ නෑ. මම කැමතියි තර්ක කරන්න. නමුත් ඔබේ මාතෘකාව වෙන එකක්නේ. කාන්තාවක් හා තැනැත්තියක් විදියට ඇය තුළ තිබූ විශිෂ්ට ගති ගුණ මම අනෙක් අයගෙන් දැකලා නෑ. අද ඇය සමග කතා බහ කරනවා. ඇයට දේශපාලනයෙන් මිදෙන්න බැහැ. එයින් සමු ගන්නවා කිව්වාට එය කරන්න බැහැ. ඒක හරියට මම සිනමාවෙන් සමු ගන්නවා කියනවා වගේ. ඒ තුළ මම දිගටම ඉන්නවා. අපි දෙන්න ඈත්වීම මා හිතන්නේ සුබම දෙයක් කියලයි.   
 
 
ඔබට ඔය කාලයේදීම අනෝජා වීරසිංහ ප‍්‍රවීණ නිළියගේ ගෙදරට ගිනි තිබීම ගැන විශාල චෝදනාවක් එල්ල වුණා නේද? මොකක්ද ඒ කතාව?   
සම්පූර්ණ අමූලික බොරුවක්. මට ඕනෑ නම් ඒක ගැන හාරගෙන යන්න පුළුවන්. එද‌ා මම වින්ද වේදනාව මොහොතකට හෝ අනෝජා විඳිනවාට මම කැමති නෑ. වර්තමානයේ අනෝජා හා මා අතර තිබෙන කිට්ටු සබඳකම එළියේ ද‌ාගෙන මම නටන්නේ නෑ. නමුත් ඇය මා තේරුම් අරන් ඇති. මට කියන්න තිබෙන්නේ කොහොමද මනුස්සයෙක් මේ තමන් නොදන්නා ප‍්‍රදේශයකට ගිහිල්ලා ඔය වගේ කටයුත්තක් කරන්නේ කියලා. ඒක තුළ යම් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වුණා මිස වෙන දෙයක් සිදු වුණේ නෑ. මම දන්නේ නෑ අනෝජා අද මොන මතිමතාන්තරයක ඉන්නවාද කියා. මම දැන ගන්න හදන්නෙත් නෑ. අනෝජයි මායි අද බොහෝ දේවල්වලදී එක මතයේ ඉන්නවා. එකට කතා කරනවා. විශේෂයෙන් ඇය පුහුණු කරන අලුත් අය තමයි මගේ නිර්මාණවලට ගන්නේ. නමුත් අපි දෙන්නා අදටත් ඔය ප‍්‍රශ්නය ගැන කතා කරලා නෑ.   
 
 
පසු කාලයේ දී ඔබ විවාහක කාන්තාවක් සමග සමීප ඇසුරක් තියා ගත්තා නේද? ඔවුන් ඔබට ආදරය කළාද? නැත්නම් ඔබගේ ජනප‍්‍රියත්වය පාවිච්චි කළාද?   
ආදරයට වයස, විවාහක අවිවාහක ද කුලය, ගෝත‍්‍රය වගේ සීමාවල් නෑ. ඒ සීමාවල් නැතිව ඔබ ඔය කියන ආකාරයට මගේ සම්බන්ධයක් තිබුණා නම් එහි මූලිකව තිබුණේ දෙදෙනා අතර ඇති අන්‍යොන්‍ය බැඳීමයි. එහෙම දේවල් ඒ ආකාරයට සිද්ධ වුණා. නමුත් මාත් එක්ක සමහර කාන්තාවන් සබඳතා පවත්වාගත්තේ තමන්ට යමක් ලබා ගැනීමේ අරමුණින් අවස්ථාවාදීකමෙන් ප‍්‍රයෝජනය ගන්නයි. මා හින්ද‌ා ලැබෙන සැලකිල්ල, නැත්නම් වෙනත් ෙතාරතුරු ලබාගන්න. සබඳතා පැවැත්වු කාන්තාවන් දෙතුන් දෙනෙක් හිටියා. ඒවා මගේ මෝඩකමට වූ දේවල්. ඒවාට මම දොස් කියන්නේ නෑ. මම තදබල තීරණයක් අරන් තිබෙනවා. ඒවායින් මම ඈත් වෙන්න. ඒ පරිසරවලින් ද ඈත් වෙන්න මම තීරණයක් අරගෙන තිබෙනවා.
  
මම තාවකාලිකව පැවිදි බව ලබාගත්ත කෙනෙක්. යම් කිසි ආකාරයට මම ඉදිරියේදී සසුන්ගත වෙනවාද කියලා ඔබ ඇසුවොත් ඒකට මට කෙළින් උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් මම ජීවිතය පිළිබඳව, බුද්ධ ධර්මය පිළිබඳව අනිත්‍යය පිළිබඳව තෘෂ්ණාව පිළිබඳව බොහෝ දේවල් ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසා ලැබෙන දෙයක් ලැබෙනවා විනා තව කෙනෙකුට වින කරන්න යන්නේ නෑ.   
 
ඒ හින්දද ඔබ විවාහ වුණේ නැත්තේ?   
විවාහ නොවීමට කරුණු 2 ක් බලපෑවා. එකක් තමයි අර අම්මයි තාත්තයි ගැන කියු දේ. මම දැක්කා අද විවාහ වෙලා හෙට සිදු වන කතන්දරය මොකක්ද කියලා. එහෙම සිද්ධීන් මම ඇහැට දැකලා තිබෙනවා. අද වර්තමානයේ විවාහය ඉතා සුළු දෙයක් විදිහට සලකනවා. ඊට අමතරව මා හිතනවා අනුෂ්කා වගේ මාව තේරුම් ගත් කෙනෙක් හමු නොවුණ හින්ද‌ා විවාහය සිදු වුණේ නෑ කියලා. කීප වතාවක් විවාහ වෙන්න තීරණය කළා. මෙතනදී හිතන්න පුළුවන් කෙල්ලද වැරැදි. මම හරි සුදනා කියලා. නෑ, මගේ වැරැදි තිබෙන්න ඇති. සමහර අයට තේරුම් කරලා දුන්නා. මට මගේ යාළුවෝ විවාහ යෝජනා ගේනවා. අන්තිමට මට සිතුණා මෙහෙම වෙලා ඇයි මම දුකක් විඳින්නේ කියලා. ඒ හින්දා තමයි විවාහයක් සිදු නොවුණේ.   
 
 
සමහරු කියන්නේ ඔබ නුවර පැත්තේ කෙනෙක් සමග හොරෙන් විවාහ වෙලා ඉන්න බවයි. ඔබට දරුවන් පවා ඉන්න බවයි. මේ කතාව ඇත්තක්ද?   
මට දරුවන් හිටියා නම් ඔවුන් ගැන නොසලකා හරින්නේ නෑ. ඔබ ඔය නුවර පැත්තේ කියූ නිසා ඒ ගැන සොයා බලන්න වෙනවා. සමහර වෙලාවට සමහරු විවිධ විවිධ ක‍්‍රියා කරලා. ඒ ”හෝල් සේල් සියල්ල මගේ පිටට ද‌ාපු එ්වාත් තිබෙනවා. ඔක්කොම රවුම් ගහලා මගේ පිට ද‌ාපු ඒවා තිබෙනවා. එහෙම එකක් ද දන්නේ නෑ. දරුවන්ට මම හරි ආදරෙයි. මේ ළඟදී ‘‘මංගල තෑග්ග” කරද්දී එක ගෙදරක පොඩි කොලු පැටියෙක් මම අඬ ගැහුවම, මගේ ළඟට ඇවිත් ඔඩොක්කුවේ ඉඳගත්තා. මට දැන් නැගිටින්න විදියක් නෑ. මා ගැන හොඳට දන්න රවීන්ද්‍ර, ඒ ගෙදර අයට කිව්වා ”මෙයාට ළමයි නැති වුණාට පොඩි ළමයි එක්ක මෙයා හරි කිට්ටුයි. ඒ වගේම පොඩි ළමයි පවා මෙයාට ආදරෙයි. පුංචි කාලයේ මගේ පුතාත් මෙයාගේ ඔඩොක්කුවේ තමයි හිටියේ.” කියලා. රවීගේ දෙවැනි පුතා මගේ ඔඩොක්කුවේ හිටියේ. දැන් උස් මහත් වෙච්චි ලොකු කොල්ලෝ.   
 
 
ඔබ දැන් ක්ෂේත‍්‍රයේ අලුතින් ආ නිළියන් සමග ලොකු ආසාවකින් කටයුතු කරන බව ආරංචියි. ඔවුන් ඔබ එක්ක සබඳතා තියා ගන්නේ ආදරේටද?   
ඒක ඉතිං දන්නේ නැහැනේ. ඔවුන් මට ආදරේ ඇති. ඔබ ඔය කියන කට්ටියගෙන් එක්කෙනෙක් දෙන්නෙක් මට හඳුන්වා දෙන්න. මම හරි කැමතියි, එවැනි කෙනෙක් හඳුනා ගන්න.   
 
 
ඔබ එක කාලයක නිරෝෂා පෙරේරා ගැන උනන්දුවෙන් කතා කළා. ඇයගේ පිංතූරයක් ගෙදර ඇතුළුවෙන තැනම තියාගෙන හිටියා. මොකක්ද එහි රහස?   
නිරෝෂා ගැන මම අදටත් කතා කරනවා. අදත් ඒ රූපය රාමු කරලා මගේ නිවසේ තියෙනවා. මගේ එකමත් එක රටකයි, නිරෝෂයි කියන්නේ දෙන්නෙක් නොවෙයි එක්කෙෙනක්. නිරෝෂා ගැන ආසාවක් ඇති නොවන්නේ කාටද? නිරෝෂාට එහෙම ආසාවක් ඇති වන්නේ නැහැනේ. ඒකට මොනවා කරන්නද?   
 
ඔය කාන්තාවන්ගෙන් තෑගි බෝග එහෙම හම්බ වෙන්න ඇති නේද?   
එහෙමම ලොකුවට ලැබුණු දෙයක් නෑ. හැබැයි නොලැබුණෙත් නෑ. ඒවා මගේ තිබුණු ගුණ යහපත් කම් වලට ලැබුණු ​ෙදයක් මිස වෙන දෙයකට නම් නොවෙයි. එක සැරයක් මට සරම අඳින එක පුරුදු කළෙත් කාන්තාවක් තමයි. ඒ තරමට සමහරු මගේ දුක සැප සොයා බැලුවා.   
 
 
මේ දිනවල ඔබ අලුත් නිළියක් එක්ක වාහනයක රවුම් ගහනවා නේද?   
වාහනයක යන්නේ නැතිව පයින් යන්