මාතලීගේ දුවට පාතාල ලෝකයෙන් සහකරුවෙක්


භාරත දේව සභාව

බලාගත් අත බලාගෙන ඉන්නා ගුණකේසි දුටුවිට මාතලී දිව්‍ය පුත්‍රයාගේ හිත සැළිණි. විවාහ වන වයස පසුකරමින් සිටින තම දියණිය වෙනුවෙන් සුදුසු සහකරුවකු සෙව්වත් සුදුස්සකු සොයාගැනීම අපහසුවිය.   

ගුණකේසි යනු අවලස්සන තරුණියක නොවේ. වරක් බැලුවකු තවත් දෙතුන් වතාවක් බලන තරමට ලස්සන සිරුරක් ඇයට හිමිය. ඒ නිසාම බොහෝ දිව්‍ය කුමාරවරු ඇගේ අත පතා පැමිණියහ. එහෙත් ඒ සියල්ලන්ටම කාගේ හෝ අප්‍රසාදයක් එල්ල විය. එක්කෝ ගුරුකේසි අකමැතිය. නැතිනම් මාතලී අකමැතිය.
   
මේ නිසා ගුණකේසිට සුදුසුම සහකරුවා සෙවීමේ වගකීම කරට ගන්නට මාතලී තීරණය කළේය. එසේ වුවත් දිව්‍ය ලෝකයේ නම් ඇයට ගැලපෙන සහකරුවකු සිටියේම නැති තරම්ය.   


ගුණකේසිට ගැලපෙන සහකරුවෙක් නැත්තෙ මගෙ වැරැද්ද නිසාවත්ද?   


මාතලී වරෙක කල්පනා කළේය. ‘‘ඇගේ අත පතාගෙන ආ හුඟාක් දේව කුමාරවරු ඇයට නොගැළපෙන අය ඒකයි මම ඔවුන්ට අකමැති වුණේ.   


මාතලී තමන් නිවැරැදි වීමේ අදහසින් මිමිනුවේය.   


‘නාරායන නාරයන’’ ලෙසින් මුමුණන හඬ මාතලීට ඇසුනේ මේ මොහොතේදීය.   


කලබල වූ මාතලී වහා හිස හරවා බැලුවේය.   


නාරායන ලෙස හැම තිස්සේම මුමුණමින් ගමන් බිමන් යන්නේ ​ඉසිවර නාරද බව පවා ඒ මොහොතේ මාතලීට අමතකව තිබිණි.   


තමාගේ පසු පසින් සිටගෙන සිටි නාරද දුටුවිට මාතලීට සතුටක් දැනිණි. ඔහු වහා සිනා පා ඉසිවර නාරද පිළිගත්තේය.   


එහෙත් ඉසිවර නාරද සිනාසුණේ නැත. නිහඬ මුවින් දොඩන ඇසින් ඔහු මාතලී දෙස බලා සිටියේය.   


ඉසිවර නාරද යනු තුන් ලොවෙහිම සැරිසරන්නෙකි. දිව්‍ය ලෝකය මනුස්ස ලෝකය මෙන්ම නාග ලෝකය යන තුන් ලොවම සැරිසරන ඔහු නොහඳුනන කෙනෙක්ද නැති තරම්ය.   


‘‘ඉසිවර නාරදට හැකිවේවි මට පිහිට වෙන්න.’’   


මාතලීගේ හිත කීවේය.   


වහා අසුනින් නැගීසිටි මාතලී තම දෝතින් ඉසිවරගේ දෝතම අල්ලාගත්තේය.   


‘‘ඉසිවර නාරද මට ​ඔබගෙන් උපකාරයක් අවශ්‍යයි.’’   


මාතලී පැවසුවේය.   


ඉසිවර නාරද එවර සිනාවක් පෑවේය.   


‘‘ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට උපකාර කිරීමයි නාරදගේ පිළිවෙත. නමුත් ඔබ වැනියෙකුට මගෙන් ලැබිය යුතු උපකාරයක් වේයැයි මට සිතාගන්නට බැහැ. දිව්‍ය ලෝකයේ සිටින දක්ෂතම දිව්‍යරථ රියැදුරා වන ඔබ නාදුනන දෙවියෙක් සිටිය නොහැකියි. සැබෑවටම ඔබට මගෙන් ලැබිය යුතු උපකාරය කුමක්ද? 

 
ඉසිවර නාරද ප්‍රශ්න කළේය.   


විශේෂයෙන්ම දෙව්ලොව අධිපති දෙවියා වන ඉන්ද්‍රටයි ඔබ සේවය කරන්නෙ ඉතින් 

 
‘‘ඔබ නිවැරැදියි’’   


මාතලී කීවේය’’ නමුත් මා ඔබෙන් උපකාර ඉල්ලන්නේ පවුලේ ප්‍රශ්නයකට මට වැටහෙන පරිදි මේ ප්‍රශ්නයට මගේ ප්‍රධානියා වන ඉන්ද්‍රට උපකාර කළ නොහැකියි’’   


‘‘පවුලේ ප්‍රශ්නයකට?’’   


ඉසිවර නාරද විමසුවේය.   


‘‘මාතලී, ඔබ හරිම වාසනාවන්තයෙක් ආදරණීය බිරිඳක් සිටින ඔබට සුන්දර දියණියක් සිටිනවා. මා දන්නා තරමින් ඔබේ බිරිඳත් ඔබේ දියණියත් ගුණ ගරුකයි. පින්බරයි ඔබට පවුල් ප්‍රශ්නයක් තිබිය නොහැකියි’’   
‘‘ඔබ නිවැරැදියි‘’   


මාතලී යළිත් කීවේය ‘‘නමුත් ඔබ දන්නවා දැන් ගුණකේසි සිටින්නේ විවාහවන වයසේ දවසින් දවස ඇගේ විවාහය ප්‍රමාද වෙනවා. ඇගේ අතගන්නට සුදුස්සකු මේ දෙව්ලොවෙන් මට හමුවූයේ නැහැ. ඒ නිසා තුන් ලොවෙහිම සැරිසරන ඔබටයි මගේ දියණියට සුදුසු සහකරුවකු සොයා දිය හැක්කේ.   


ඉසිවර නාරද දෙනෙත් පියාගෙන දැහැනකට සම වැදුණේය.   


‘‘ඇයට සුදුසු සහකරුවකු දෙව්ලොවෙහි නැහැ’’   


අනතුරුව ඔහු හීන් හඬින් පැවසුවේය.   


‘‘ඉසිවරයාණෙනි, පවතින ලෝක ද‌ාහතරෙන් එකක ඇගේ සහකරුවා ​ඇති’’   


මාතලී විමසුවේය.   


‘‘ඔව් ඇයට සුදුසුම සහකරුවා මා දන්නවා’’   


ඉසිවර නාරද සිනාසෙමින් කීවේය   


මාතලීගේ දෙනෙත් විකසිත විය   


‘‘මා සිතනවා ඔහු සිටින්නේ පාතාල ලෝකයේ’’   


‘‘පාතාල ලෝකයේ?’’   


මාතලී ඇසුවේය.   


පාතාල ලෝකය යනු නාග ලෝක වලින් එකකි.   


‘‘කව්ද ඒ?’’   


‘‘මාතලී ඒ කව්දැයි නොකියා මම ඔබට ඔහු මුණගස්වන්නද?’’ ඉසිවර නාරද ඇසුවේය   


‘‘එය වඩාත් සුදුසුයි’’   


මාතලී එකඟ විය.   


‘‘එසේ නම් මා සමඟ යන්නට එන්න’’   


ඉසිවර නාරද එසේ කියා යළිත් නාරායන මන්ත්‍රය ජප කරන්නට පටන් ගත්තේය.   


ඉසිවර නාරද සහ මාතලී දිව්‍ය පුත්‍රයා ඊළඟ මොහොතේ සිටියේ ලෝකයේ පහළින්ම පිහිටි පාතාල ලෝකයේය. විසිතුරු මලින් පිරුණු මල් උයනක් මැද හරිත තණ පලසක සිටි මාතලී වට පිට බැලුවේ සුන්දරත්වය විඳින්නටය.   


‘‘එන්න මා සමඟ’’   


ඉසිවර නාරද මල් උයන මැදින් ගමන් කළේය.   


හමුවන නාගයන් සියල්ලෝම වාගේ ඉසිවර නාරදට ගෞරව බුහුමන් දැක්වූහ.   


‘‘ආර්යක සිටිනවද?’’   


ඉසිවර නාරද එක් නාගයකුගෙන් ඇසුවේය. මට අවශ්‍යයි ඔහුට මාතලී මුණගැස්වීමට’’   


‘‘මාතලී’’   


නාගයා විශ්මය පළ කළේය.   


‘‘මාතලී කියන්නෙ ඉන්ද්‍ර දෙවියන්ගේ රථයේ රියැදුරු නේද?’’   


‘‘ඔව් ඔහු තමයි’’   


‘‘එන්න මම ආර්යකගේ මන්දිරය පෙන්වන්නම්’’   


ඉසිවර නාරද හා මාතලී එම නාගයාගේ පිටුපසින් ඇවිද ගියහ.   


විසිතුරු උයනක් මැද පිහිටි නාග රාජ මන්දිරය තුළ සුවපහසු අසුනක වාඩි වී ආර්යක සිටියේය.   


‘නා...රද’’   


ඉසිවර නාරද දුටු සැණින් ආර්යක අසුනින් නැගිට පැරැණි මිතුරා වැළඳගත්තේය. ඔබ පැමිණියේ කලකට පසුව. 


එහෙමයි. මේ පැමිණියේත් මාතලීගේ වුවමනාවකට’’   


‘‘මාතලී?’’   


ආර්යක විමසුවේය.   

 

‘‘ඉන්ද්‍ර විසින් අමෘතය නාගයන්ට ලබාදීම වැළැක්වූවා. ඒ මොහොතේ ගරුඩාගේ ආහාරය ලෙස නාගයන් නම් කිරීමත් ඉන්ද්‍ර විසින් කරනු ලැබුවා. ඒ අනුව හැම මසකටම වරක් එක් නාගයකු බැගින් ගරුඬා වෙත කප්පම් ලෙස යවන්නට සිදුව තිබෙනවා. ආර්යක යටිතොල හපාගත්තේ ගරුඩා කෙරෙහි හටගත් කෝපයෙනි.  මාතලී සියල්ල තේරුම් ගත්තේය. ගරුඬා වෙත නාගයින් බිලි දෙන්නට සිදුවීම නිසා ආර්යක නාගයන්ගේ අප්‍රසාදයට පත්වූ පාලකයකුව සිටින්නේය.

 


ඔබද මාතලී ඉන්ද්‍ර දෙවියන් ගේ අතිදක්ෂ රියැදුරු?   


‘‘ඔබ නිවැරැදියි’’   


ඉසිවර නාරද පැවසුවේය. ‘‘ඔහු තරම් දක්ෂ රියැදුරකු දිව්‍ය ලෝකයේ නැහැ.’’


වහා මැදුරේ ඇතුලේ කුටියකට ගිය ආර්යක සේවිකාවන් බනවා තේ පිළියෙල කරන්නට කීවේය.   


මොහොතකට පසු ඉතා ප්‍රණීත තේ මේසයක්ම සුදානම් කෙරිණි. එහි ගිය ඉසිවර නාරද සහ මාතලී කුස පිරෙනතෙක්ම ආහාර අනුභව කළහ.   


‘‘සුමුක’’   


ආර්යක යම් කිසිවෙකුට කතා කළේය.   


ඇතුළු කුටියක සිටි කඩවසම් කුමාරයකු ආර්යක වෙත පැමිණියේය. ඔහුගේ රූපකාය දුටු මාතලී සැණින් ඔහුට වසඟ වූවේය. ඔහු නෙත් ඇරගෙන සුමුක දෙස බලාසිටියේය.   
‘‘මොහු නම් මගේ දියණියට සුදුසුම සහකරුවෙක්.’’   


මාතලී මිමිනුවේය.   


තම සීයා ළඟ එකත්පස් වූ සුමුක තමා කැඳවූයේ කුමකටදැයි දැනගන්නට බලාසිටියේය.   


අනතුරුව සීයා ඉදිරිපිට සිටින අමුත්තන් දෙස බැලුවේය.   


‘‘පුතා මේ ඉන්නේ නාරද ඉසිවරයා සහ මාතලී දිව්‍ය පුත්‍රයා මේ මාතලී තමයි ඉන්ද්‍ර දෙවියන්ගේ අශ්වරථය පදවන රියැදුරා මොහු තරම් දක්ෂ රියැදුරෙකු මුළු දිව්‍ය ලෝකයේම නැහැ.’’   
ආර්යක විස්තර කළේය.   


සුමුක මද සිනා අැතුව මාතලී දෙස බලා සිටියේය.   


‘‘අප පැමිණි කාරණය පවසන්නට අවසරද?’’   


ඉසිවර නාරද ආර්යකගෙන් ඇසුවේය.   


‘‘ඔව් පවසන්න’’   


මාතලී හරි බරි ගැහුණේය.   


‘‘මට ඉන්නවා රූමත් ගුණ ගරුක දියණියක් ඇගේ නම ගුණකේසි ඔබට කියන්න මේ වන විට ඇය සිටින්නේ විවාහ වන වයසේ ඉතින් මා ඇයට සුදුසු සහකරුවකු සොයනවා’’   


‘‘ඉතින් ඔහු මට පැවසුවා ඇයට සුදුසු සහකරුවකු දිව්‍ය ලෝකයෙන් හමුනොවූ බව’’   


ඉසිවර නාරද කතා කරන්නට පටන් ගත්තේය.   


‘‘ඔහු මගෙන් ඉල්ලා සිටියා ගුණකේසිට සුදුසු සහකරුවකු මේ තුන් ලෝකයේ කොතැනකින් හෝ හොයාදෙන ලෙස. ඉතින් මට එක්වරම සිහිපත් වූයේ සුමුකයි. ඔහු තරම් ඇයට ගැලපෙන සහකරුවකු මේ තුන් ලෝකයේ නැහැ අාර්යක’’   


ආර්යක, ඉසිවර නාරද දෙසත්, මාතලී දෙසත් සුමුක දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.   


‘‘මට හොඳටම විශ්වාසයි මේ යුවතිපතීන් විශිෂ්ඨ ලෙස ගැලපෙන බව.’’


ඇරත් මෙය දිව්‍ය ලෝකය හා නාග ලෝක එකිනෙකට බැඳ තබන විවාහයක්’’   


එහෙත් ආර්යක කතා කළේ නැත.   


ඔහුගේ නිහඬතාවය මේ විවාහය කෙරෙහි අකමැත්ත ප්‍රකාශ කරතැයි මාතලීට සිතිණ. ඒ නිසාම මාතලී තවත් කතා කරන්නට ගියේ නැත. වෙන එකත් තබා ඉසිවර නාරද ද නිහඬ වූයේය.
නිහඬතාවය බොහෝ වේලාවක් පැවැතියේය.   


‘‘ආර්යක කුමක්ද ගැටලුව?’’   


ඉසිවර නාරද විමසුවේය   


‘‘ගැටලුවක් තියෙනවා.’’


ආර්යක කෙදිරීය.   


‘‘මගේ මුනුපුරා සුමුකට ඔබේ දියණිය ගැළපෙන්නට ඉඩ තිබෙනවා. නමුත් ගැටලුව මේ මොහොතේ සුමුකගේ පියා මේ මැදුරෙහි නොසිටීමයි. තම පුතා ගැන තීරණයකට එළඹිය හැක්කේ පියාට මිස සීයාට නෙවෙයි.   
මාතලී හිස සැලුවේය.   


‘‘කෙ​ෙස් වෙතත් මේ මොහොතේ ඔබේ යෝජනාවට එකඟවීමට සුමුකට හෝ මට බැහැ’’   


‘‘කුමක් නිසාද ඒ?’’   


ඉසිවර නාරද කුතුහලයෙන් ප්‍රශ්න කළේය.   


‘‘හේතුව ගරුඩා’’   


ආර්යක කීවේ රහසින් මෙනි   


‘ගරුඩා?’’   


මාතලී විමසුවේය’’ අපේ ශිව දෙවියන්ගේ වාහනය වන ගරුඩාද?   


‘‘ඔහු තමයි’’   


සුමුක ගැහෙන්නට පටන් ගත්තේය.   


‘‘සීයා කරුණාකර මේ මොහොතේ ඔහුගේ නමවත් මතක් කරන්නට එපා’’   


සුමුක කීවේය.   


ආර්යක මුණුබුරා දෙස බලා යළි මාතලී දෙස බැලුවේ කෝපයෙනි   


‘‘කුමක්ද හේතුව මට කිසිවක් වැටහෙන්නේ නැහැ’’   


මාතලී ඇසුවේය.   


ආර්යක තම අසුනේ හරි බරි ගැහුණේය.   


‘‘ඔබ දන්නවද ගරුඬා විසින් දෙවියන්ගේ අමෘත බඳුන රැගෙන ආ බව’’   


ආර්යක ඇසුවේය.   


‘‘ඔව් මා දන්නවා’’   


මාතලී කීවේය   


‘‘නමුත් ඔහු රැගෙන ආවේ අමෘත බඳුන පමණයි’’ ඉන්ද්‍ර විසින් අමෘතය නාගයන්ට ලබාදීම වැළැක්වූවා ඒ මොහොතේ ගරුඩාගේ ආහාරය ලෙස නාගයන් නම් කිරීමත් ඉන්ද්‍ර විසින් කරනු ලැබුවා. ඒ අනුව හැම මසකටම වරක් එක් නාගයකු බැගින් ගරුඬා වෙත කප්පම් ලෙස යවන්නට සිදුව තිබෙනවා.   


ආර්යක යටිතොල හපාගත්තේ ගරුඩා කෙරෙහි හටගත් කෝපයෙනි.   


මාතලී සියල්ල තේරුම් ගත්තේය. ගරුඬා වෙත නාගයින් බිලි දෙන්නට සිදුවීම නිසා ආර්යක නාගයන්ගේ අප්‍රසාදයට පත්වූ පාලකයකුව සිටින්නේය.   


‘‘ඔබ දන්නවද ගිය මාසයේ ගරුඬාගේ ආහාරය ලෙස යවනු ලැබුවේ සුමුකගේ පියාණන්ව මේ මාසයේ යවන්නට සිදුව ඇත්තේ මගේ මේ මුනුපුරු සුමුකවයි ඒ නිසා ඔබේ විවාහ යෝජනාවට එකඟ වීමට මට පුළුවන් කමක් නෑ’’   


මාතලී, වික්ෂිප්තව ආර්යක දෙස බැලුවේය.   


‘‘කණගාටුයි’’   


ආර්යක කීවේය.   


මොහොතකට පසු මාතලී මද සිනාවක් පෑවේය. 

 
‘‘මේ ගැටලුවට ඔබ ළඟ විසඳුමක් නැති බව මට පැහැදිලිය නමුත් ආර්යක මට කරන්නට යම් දෙයක් තියෙනවා.’’   


එසේ කී මාතලී සුමුක දෙස බැලුවේය.   


ඔහු වැනි කඩවසම් ඉලන්දාරියකු අර යෝධ ගඳ ගහන ගරුඩාගේ මසක ආහාරය ලෙස කැප කරන්නේ කෙසේද?   

 

 

 


ලබන සතියට ....

 

 


ශාන්ත කුමාර විතාන