මසයිමාරා ජාතික උද්‍යානයේ දින පහක්


 

නැගෙනහිර අප්‍රිකාවේ - ටැන්සානියාවේ (East Africa Tanzania) අප්‍රිකානු වනජීවී කළමනාකරණ විද්‍යාලයේ දෑ අවුරුදු වනජීවී කළමනාකරණ පුහුණුව ලබමින් සිටි වකවානුවේදී (1982-1984) දිනපතා සවස 4.00 ට පමණ මගේ මිත්‍ර චන්ද්‍රා ජයවර්දන සමග කිලිමන්ජාරෝ (Kilimanjaro) කන්ද (උස අඩි 19360) ඉහළට දුර කිලෝ මීටර් හතරක් පහක් ඇවිද යාමට පුරුදුව සිටියෙමු.   


වනජීවී විද්‍යාලය පිහිටා තිබෙන්නේ කිලිමන්ජාරෝ දකුණු කඳු බෑවුමේ (Southern Slope) මවේකා (Mweka) නම් වූ ගම්මානයේය. (කිලිමන්ජාරෝ) කඳුමුදුන වසර පුරාම හිම කපොල්ලකින් වැසී පවතින අතර සම්පූර්ණ කන්ද වපසරිය හෙක්ටයාර් 75575 ක ජාතික වනෝද්‍යානයක් හැටියට ප්‍රකාශයට පත්වූයේ 1973 වසරේය.   
ඊට උතුරු දෙසින් පිහිටා ඇත්තේ කෙන්යාවේ අම්බොසෙලි ජාතික උද්‍යානයයි (වපසරිය හෙක්ටයාර් 39,206=392km2) කිලිමන්ජාරෝ කඳුබෑවුම්වල පදිංචිව සිටින්නේ (Chaga) චාගා ගෝත්‍රිකයන් වන අතර අම්බොසෙලි උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිව සිටින්නේ ‘මසායි’ ගෝත්‍රිකයන්ය. ඔවුන් (Massai) එකිනෙකාට නුරුස්සනා ජනකොට්ඨාස දෙකකි.   


මෙසේ ඇවිදගිය දිනක මම චන්ද්‍රා ඇමතුවෙමි. ‘‘චන්ද්‍රා ලබන අගෝස්තුවේ විද්‍යාලයේ නිවාඩු මාසේ දී කෙන්යාවේ මසායිමාරා ජාතික උද්‍යානයට ගොහින් දවස් (05) පහක් විතර ඉදිමු ද’’ විද්‍යාලයේ අපි එක්ක ඉන්න ‘‘ජෝන් අශේ’’ මා එක්ක කීවා. එම උද්‍යානයේ භාරකරු ‘මන්ගුබූලි’ අපේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කියලා. සමහරවිට එයාගේ නිල නිවාසයේ අපි දෙන්නට නවාතැන් දෙයි කියාලාත් ආදි ශිෂ්‍යයෙක් කියලා. සමහරවිට එයාගේ නිල නිවාසයේ අපි දෙන්නට නවාතැන් දෙයි කියලාත් ‘‘ජෝන් අශේ’’ කීවා එහෙම නැතිවුණොත් ‘සෙරීනා’ (Serena Lodge) ලොජ් එකේ නතර වෙන්න පුළුවන් නැත්නම් කූඩාරම් අරගෙන යනවා නම් ‘ග්‍රවර්නර්ස් කෑම්ප්’ එකේ කූඩාරම් ඉදිකරගෙන ඉන්න පුළුවන් කීවා. 

 

 
දවස් පහක් ලොජ් හෝටලයේ නතර වෙන්න ගියොත් බර වියදමක් දරන්න වෙයි   


චන්ද්‍රා ප්‍රතිචාර දක්වමින් ‘‘මම සූද‌ානම් අපි දෙන්නා කොලේජ් (College) එකේ පරිපාලන නිලධාරි (administrator) ජෝන්කාලේ හමුවෙන්න ගොතින් කොලේජ් වෑන් හයර් එකට ඉල්ලා ගනිමු. ගබඩාවෙන් කූඩාරම් දෙකක්. ඉලල්ලාගෙන කූඩාරම් ගසාගෙන ඉඳිමු විද්‍යාලයේ ගතකළ කාලය තුළදී මාස තුනකට වරක් ප්‍රායෝගික පුහුණුවීම් සඳහා ලේක්මන්යාර් ගියෙමු.   


ලේක් මන්යාරා (Lake Manyara) අරූෂා (Arusha) ටැරන්ගිරි (Tarangiree) මිකුමි (Mikumi) ආදී ජාතික උද්‍යානවලට ගිය අවස්ථාවලදී කූඩාරම් ඉදිකරගෙන සිටි බැවින් වනාන්තරයේ එසේ සිටීම අපි දෙදෙනාට හුරුපුරුදුය. 

 
♦ එදින රාත්‍රි අපි තීන්දු කළේ අගෝස්තු අට (08) වන දින ‘මසායි මාරාව’ බලා යාමටය. ඒ 1983 වසරේදීය Massai Mare   
♦ දින තුනක් ගත විය. එම කාලය තුළ අපි දෙදෙන කළේ ගමනට අවශ්‍ය ඇඳුම් හා වෙනත් කළමනා සූද‌ානම් කර ගැනීමය.   


පසුදින, චන්ද්‍රා මා අමතමින් ‘‘විල්සන් එහෙනම් අද යමං ‘කාලේ’ හම්බවෙලා කතා කොරගන්න’’ ඒ අනුව අපි දෙදෙන සවස්වරුවේ ‘ජෝන් කාලේ’ හමුවීමට ගියෙමු ‘‘හබරියාකු (Habariaku= ආයුබෝවන්) එසේ (වැඩි හිටියානම්) මම කාලේ ඇමතුවෙමි.   


ඔහු සුහදව අපි දෙදෙන පිළිගනිමින් ‘‘වෙල්කම් බානා (Welcome Bana) කියමින් අතට අත දුණි (Bana=යාළුවා) එතැන් සිට ස්වහිලි (රටේ ප්‍රධාන භාෂාව) භාෂාවෙන්ම චන්ද්‍රා ජයවර්ධන ‘කාලේ’ ඇමතුවේය   
‘‘ම්සේ (වැඩිහිටියාණනි) අපි දෙදෙනා ලබන අගෝස්තුවේ විද්‍යාලයේ නිවාඩු මාසේ දී මසායි මාරා’ ජාතික උද්‍යානයට ගොහින් දවස් පහක් (05) ඉදලා එන්නයි කල්පනාව’’ ‘‘කාලේ’’ අපි දෙදෙන අමතමින් ‘‘කරුණාකර වාඩිවෙන්න (Please Sit) ඔහුගේ ඇරයුම අනුව අපි වාඩිවීමි   


‘‘ඉතින් අපේ ගමනට විද්‍යාලයේ වෑන් රථය දෙන්න පුළුවන් ද අපි මුදල් ගෙවන්නම්   
‘‘අම්නා ෂීඩා බානා’’ ප්‍රශ්නයක් නැහැ යාළුවා කවද‌ාද යන්නේ? (කෝකිජි චවුලා) ‘‘අපි හිතාගෙන ඉන්නේ අගෝස්තු අට වෙනිද‌ා (08) මෙහෙන් පිටත් වෙන්නයි’’   

 


දක්ෂ පරිපාලකයකු වන ‘ජෝන් කාලේ’’ අසල සිටි මුරකරුවකුට කතා කොට ‘‘චාරියා’’ විද්‍යාලයේ වෑන් රථය පදවන ඩ්‍රයිවර් ‘‘සූරියෝ’’ ට මාව හම්බවෙන්න එන්න කියන්න රියැදුරු ‘‘සූරියෝ’’ ‘‘කාලේ’’ හමුවට පැමිණි වහාම අපගේ ප්‍රවාහන අවශ්‍යතාව ඉටුකර දෙන ලෙසට උපදෙස් දුණි.   


‘‘බානා අද සවස/ හතරට (4.00) ඇවිත් මාව හමුවෙන්න. මම ලිපි දෙකක් දෙනවා එකක් ආහාර ගබඩාවට අනික් ලිපිය ‘මසායි මාරා’ ජාතික උද්‍යානයේ භාරකරු ‘‘මන්ගු බුලිට’’ අපගේ ඉල්ලීම බෙහෙවින් සාර්ථක විය. ඔබ දෙදෙනා ගොහින් ගමනට ලෙහෙස්ති වෙන්න මම කාලේ අමතමින් ‘‘අසන්තේ සානා (Asante Sana Mse) වැඩිහිටියාණනි’’ කීවෙමි. ‘‘අසන්තේ’’ (බොහොම ස්තූතියි)   


මසායිමාරා ජාතික උද්‍යානය:   


ලෝක ප්‍රසිද්ධ සෙරෙන්ගෙටි ජාතික උද්‍යානයට (Serengeti) ප්‍රත්‍යාසන්නව පිහිටා ඇති මසායිමාරා ජාතික උද්‍යානය 1961 වර්ෂයේ ප්‍රකාශයට පත්වූයේ මුලින්ම වර්ග කිලෝමීටර් 520 ක අභය භූමියක් (Sanctuary) හැටියටය.   


පසුකාලීනව එම ආරක්ෂිත ප්‍රදේශය වපසරිය වැඩි වී තත්ත්වය (Status) ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් හැටියට 1974 වසර වන විට වපසරිය වර්ග කිලෝමීටර් 1825 ක ජාතික උද්‍යානයක් බවට පත්විය.   
මෙම ප්‍රදේශයේ පදිංචි මසායි (Massai) ගොත්‍රික ජනතාව, නයිල් ගංගා (Nileriver) (දිග කි.මී 6690) නිම්නයේ සිට සංක්‍රමණය වූවන් හැටියට සැලකෙයි. තවද උද්‍යානය ‘මසායි මාරා’ හැටියට නම් කෙරුනේ ඔවුන් වෙත දැක්වෙන ගෞරව බහුමානයක් හැටියටය.   


මසායි ගෝත්‍රික ජනතාව විශ්වාස කරන්නේ ඔවුන්ට ඉහළින් මෙලොව සිටින්නේ දෙවියන් වහන්සේ පමණක් බවය. (God Chosen People) එඬේර දිවි පෙවෙතක් ගතකරන ඔවුන් (Pluralists) සිතන්නේ. මෙලොව වෙසෙන සියලුම එල හරකුන් තම ගෝත්‍රික ජනතාවට අයිති දේපළක් හැටියටය. මසායිවරුන් කතා කරන භාෂාව මා හැටියට හඳුන්වනු ලබන අතර, එම භාෂාව කතා කරන ජනතාව සම්බූරු (Samburu) සහ කැමුස් (Camus) (කෙන්යාව) ගෝත්‍රිකයන් ඇතුළුව මිලියන බාගයකි. ප්‍රදේශයේ උස (Elevation) මීටර් 1500 සිට 2180 ක් වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 83 කි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 12 සිට 30 දක්වාය.   


♦ මසායි මාරාව ලො අග්‍රගණ්‍යයේ වනජීවී ප්‍රදේශයක් වන අතර සිංහයින් (Lion) අප්‍රිකානු කොටියා (African Leopard, චීටා (Cheetah) අලි, කුලුහරකුන් Cape Buffalo විල්ඩබීස්ට් (Wildebeest) සීබ්‍රා, ජිරාෆ්, තොම්සන්ස් ගැසල් (Thompson s Gazelle) රයිනෝසිරස් (Rhinoceros) හිපපොටේමස් ඡායාරූප ගැනීම සඳහා කදිම උද්‍යානයකි.   


වාර්ෂිකව සිදුවන මහා සත්ව සංක්‍රමණය (Great Migration) හේතුවෙන් අප්‍රිකාවේ පුදුම හතෙන් (Seven natural Wonders) එකක් සහ ලොව පුදුම දහයෙන් (10) එකක් (Ten Wonders of The World) දැකිය හැකි බව පරිසර විද්‍යාඥයින් මතපල කොට තිබේ.   


මාරා ගංගාව (Mara River) ටැලෙක් (Tale k River) ගංගාව සෑන්ඩ් (Sand River) ගංගාව ප්‍රදේශය හරහා ගලා යන ගංගා හැරුණු කොට ප්‍රදේශය වැඩිහරියක් වසා පැතිර ඇත්තේ තණ බිම්ය. ‘මසායි’ මාරාවේ බටහිර දෙසින් වැටී ඇත්තේ ඉතියෝපියා (Ethiopia) රතුමුහුද (Red Sea) කෙන්යාව, ටැන්සානියාව, මාලාවි (Malawi) හරහා මොසැම්බික් (Mozambique) දක්වා පැතිර ඇති - අප්‍රිකානු මහා සුවිබේද නිම්නයයි (Great African Rift Valley) මෙම නිම්නය දිගින් කි.මී 6400 ක්ද පළල කි.මී 48 සිට 64 ක් වන අතර මීට වසර මිලියන 30 කට ඉහත දී බිහි වූවක් බව විශ්ව කෝෂය පෙන්වා දෙයි.   

 


 

 

ගමන ආරම්භ කිරීම:


ජෝන් කාලේ ගේ උපදෙස් පරිදි අපි දෙදෙන එදින සවස හතරට (04) කාලේ හමු වූයෙමු.   


වෙල්කම් (Welcome Bana) බානා (යාලුවා) ඇවිත් වාඩිවෙන්න. අප්‍රිකානුවන් කවදත් සුහදශීලීය. අපි කෝපි එකක් බීලා ඉදිමු. අපි දෙදෙන වාඩිගත් පසු ඔහු කෝපි (Coffee) පිළියෙල කොට අපි දෙදෙනට පිළිගැන්වීය ‘‘මෙතන තියෙන එක් ලිපියක් විද්‍යාලයේ ගබඩාවට අනික් ලිපිය උද්‍යාන භාරකරු මන්ගුබුලිට මන්ගුබුලි ඔයාලගේ කූඩාරම ඉදිකර ගන්නයි ආහාර පිළියෙල කොර ගන්නයි කම්කරුවෙක් දෙයි. ගබඩාවෙන් දෙයි දවස් පහකට සෑහෙන්න ආහාර ද්‍රව්‍ය, කූඩාරම් උපකරණ මේසයක් බංකු පුටු දෙකතුනක් ලාම්පුවක් බානා (යාළුවා) වෙන මොනවද මගෙන් කෙරෙන්න ඕන’’ චන්ද්‍රා පිළිතුරු දෙමින් ඔබතුමාට බොහොම ස්තූතිය කෙන්යාවෙන් ඔබතුමාට මොනවද ගේන්න ඕන කියන්න’’ එම වකවානුව වන විට ටැන්සානියාවේ ජනාධිපති වූයේ ‘ජුලියස් නයිරියරේය (Julius Nyrere) රටේ වෙළෙඳ පොළවල සබන්, දත් බෙහෙත් මිලට ගැනීමට තිබුණේ නැත. ඇඳුම් පැලඳුම් නැත. සපත්තු ජෝඩුවක මිල අහස උසට නැග තිබුණි. කාලේ ප්‍රතිචාර දක්වමින් බානා විල්සන් චන්ද්‍රා ඔය දෙන්නා දන්නවානේ මේ රටේ අග හිඟකම් ඔය දෙන්නා සතුටින් දෙන දෙයක් මම භාර ගන්නවා. ඔබ දෙදෙනාට ශුභ ගමන්’’   


ගබඩාවට ගොස් ‘කා​ලේගේ’ ලිපිය භාරදුන් පසු අවශ්‍ය ආහාර තොගය, කූඩාරම් උපකරණ නිකුත් කෙරිණි. කලින් කතාකරගෙන තිබූ පරිදි රියැදුරු ‘සූරියෝ’ වෑන් රථය පදවාගෙන පැමිණි පසු බඩු ආම්පන්න සියල්ල පටවාගති.   


වේලාව ප.ව 4.00 පමණ විය. එහෙනම් සර්ලා දෙන්නා හෙට උදේ හතහමාරට (පෙ.ව 7.30) කොලේජ් (College) ඉදිරිපිටට ඇවිත් ඉන්න. උදේ ආහාරය කාලා ආවා නම් හොදයි’’‘‘සූරියෝ යන්න එපා පොඩ්ඩක් ඉන්න’’   
මම චන්ද්‍රා ඇමතුවෙමි. චන්ද්‍රා අපි දෙන්නගෙන් කියලා මේ රියැදුරු සූරියෝ ට සිලිං 5000 දෙමු ද?’’ හරි බං දීපං ඕක මගෙන් අහන්න ඕන ද? ආ මෙන්න මගේ 2500 උඹේ 2500 ක් දාලා. සිලිං 5000 ‘‘සූරියෝට දීපං’’ අසන්තේ සානා මිසේ බොහොම ස්තූතියි ඔය මුදල් ඔයාගේ නෝනාට දෙන්න ‘‘සූරියෝ’’ ඔහු සතුටින් ඉපිළ ගියේය.   
       කලින් කතිකා කරගත් පරිදි අපි දෙදෙනා ඇඳුම් බෑග් රැගෙන උදේ 7.30 ට විද්‍යාලය ඉදිරිපිටට පැමිණි අතර රියැදුරු ‘‘සූරියෝ’’ වෑන් රථය පදවාගෙන පැමිණියේය. නගින්න සර්ලා දෙන්නා. සර්ලාගේ බඩු වෑන් එක ඇතුළේ තියෙනවා. එහෙනම් අපි යන්න පිටත් වෙමු. ‘‘ම වේකා’’ ගමේ (වනජීවී විද්‍යාලය) සිට කිලෝමීටර් 32 ක් ධාවනය වූ තැන අපි පිවිසියේ මොෂි (Moshi) නගරයටයි. එහිදී අපි දෙදනා ඉදිරි දින පහට අවශ්‍ය කළමනා සම්පූර්ණ කරගෙන ටැන්සානියා කෙන්යා (Kenya) දේශ සීමාවේ නමංගා (Namanga) මධ්‍යස්ථානයට ළඟාවීමු.   
මොෂි නගරයේ සිට ‘නමංගා’ වලට දුර කිලෝ මීටර් 165 කි. වනජීවී විද්‍යාලයේ පරිපාලන නිලධාරි ‘ජෝන් කාලේ’’ ගේ ලිපිය දේශ සීමාව හරහා යාමට පිටුවහලක් විය. මෙහිදී මම රියැදුරු ‘සුරියෝ’’ ඇමතුවෙමි.   
‘සුරියෝ’ නමංගා සිට ‘මසායිමාරා’ උද්‍යානයට දුර කීය ද? දුර තිබෙනවා කිලෝ මීටර් 437 ක්. පැය අටක (08) ගමනක් අතර මග තිබෙනවා අවන්හල්. සර්ලා දෙන්නට බඩගිනි නම් කියන්න’’ ‘‘සූරියෝ තව විනාඩි 45 ක් විතර ඉදිරියට ගොගින් මොනවා හරි කාලා කෝපි ​බොමු.   


අප යන මඟ දෙපස ඇත්තේ විවෘත තණබිම් සහිත වනාන්තරයයි. ඒ තණ බිමේ ජිරාප් (Giraffe) සිබ්‍රාවුන් (Zebra) ඉම්පාලා (Impala) සහ ඉතාම්යන්ස් ගැසල් තණ බුදින ආකාරය අපට පෙනේ. ඈතින් පෙනෙන්නේ අට (08) දෙනෙකුගෙන් සමන්විත අලි රංචුවක් (Loxodonta africana) නිසොල්මනේ ගමනේ යෙදෙන ආකාරයයි. විවෘත (Open) තණ බිමේ තැනින් තැන කුඩා ජලාශයයි. අලි ගමනේ යෙදෙන ස්ථානයට නුදුරින් ස්වාභාවික ඇළකි. රියැදුරු සුරියෝ අපි දෙදෙනා අමතමින් සර්ලා දැක්කද අර අලි රංචුව? ඇළට බහින්න යනවා වගේ.   
ස්වභාවධර්මයේ චමත්කාරය මෙතෙකැයි කියා නිම කළ නොහැක. වෙලාව දෙකයි. (02.00) චන්ද්‍රා ජයවර්ධන මා ඇමතීය. හරිම බඩගිනියි. බං. මොනව හරි කමු. සුරියෝ කෑම කන්න කඩයකට අල්ලන්න. හොඳමයි සර්. ආ මේ කඩයට යමු. සුරියෝ ඔයාත් එන්න අපි එකක්. කැම කන්න. අපගේ ආහාර වේල වූයේ රෝස්ට් කරන ලද එළු මස් හරක් මස් චපාති (රොටි) සහ කෝපිය (coffe). චන්ද්‍රා ජයවර්ධන වාඩි වූ ගමන්ම රොස්ට් කරන ලද හරක් මස් කන්නට විය. අපි නයිරෝබි (Nairobi) සහ මුගුමු නගර පසු කරමින් දුර කි​ලෝ මීටර් 400 ඉදිරියට යන විට ඈත තියාම දුටුවේ මයාසි මරා උද්‍යානයේ දැවැන්ත නාම (සංඥා) පුවරුවයි. (Nameboard)   
නයිරෝබි නගරයට දිවා කාලයේ කලබලකාරි තත්ත්වයකි. මෙහිදී චන්ද්‍රා මා අමතමින්. විල්සන් උඹට මතක ද ගිය අවුරුද්දේ නයිරෝබි ඇවිත් හෝටලයකට නතර වෙලා රාත්‍රී කෑම කාලා වීදි සංචාරයක යන ගමනේදී ලස්සන තොල් රතු කරපු කෙන්යා කාන්තාවන් දෙදෙනෙක් අපේ ඉදිරියට ඇවිත් අපි දෙන්නගේ අත් අල්ලා ගත්තා. ඔව්. ඔව්. උඹට මොනවත් කර ගන්න බැරි වුණේ මම නිසානේ. චන්ද්‍රා නිහඬ විය. නයිරෝබි නගරය රාත්‍රී කාලයේ වර්ණවත් කාන්තාවන්ගෙන් පිරි ඇති සුරංගනා ලෝකයකි. අදටත් එසේමය.   


අපගේ රථය මසායි මාරා ගේට්ටු පිවිසුම කරා ධාවනය වෙයි. නාම පුවරුවේ සඳහන්ව ඇත්තේ කරිබු (ආයුබෝවන්) Karibou Masaimara National park ආයුබෝවන් මයාසිමාරා ජාතික උද්‍යානය යන්නය.   
ගේට්ටු කනු උස දැවැන්ත කොන්ක්‍රීට් කනු දෙකකි. කනු දෙකේම සීබ්‍රා (Zebra) වුන්ගේ සහ ජිරාෆ් (Giraffe) වුන්ගේ රූප පින්තාරු කොට තිබුණි. සුරියෝ රියැදුරු අපගේ රථය ගේට්ටුව ඉදිරිපිට නතර කොට රථයෙන් බිමට බැසගති. ගේට්ටුව මුරට සිටි භටයා රයිෆලයක් දකුණු කරේ එල්ලා ගෙන අප ඉදිරියට එමින් ඉදිරියට එමින් රියැදුරු සුරියෝ දැක හබාරියාකු වාපි (habariaku Waapi) ආයුබෝවන් කොහෝ යන ගමන්ද? තම මිතුරා ඇමතීය. ඔවුන් දෙදෙන ස්වහිලි භාෂාවෙන් කතා කර ගති. ඒ අතර තුරේදී අපි දෙදෙනට අතවනා කතා කොට ඉංග්‍රීසි භාෂාවෙන් සර් කාලේ මහත්මයාගේ ලිපිය මේ අයට පෙන්වන්න. ලිපිය කියවු ඔහු තම අත තිබු වෝකි වෝකි Walki Talkie යන්ත්‍රයෙන් සගයකු අමතා ගෙන්වා ගෙන අපි දෙදෙනා උද්‍යාන භාරකරු මන්ගුබුලි වෙත රැගෙන යන ලෙස දැන්වීය. අප දෙදෙනා ඔහුට ස්තූති කළෙමු. අසන්තේ සානා (Assante Saana )   
උද්‍යාන කාර්යාලය තුළට අපි දෙදෙනා ගිය පසු රියැදුරු සුරියෝ අපි අමතමින් සර්ලා දෙන්නා වාඩි වෙලා ඉන්න. මම ගොහින් උද්‍යාන භාරකරු තුමාට කතා කරලා එන්නම්. ස්වල්ප වේලාවකින් සුරියෝ පැමිණ අප දෙදෙන මන්ගුබුලි අසුනෙන් නැගිට අපි දෙදෙනාට අත දෙමින් වෙල්කම් (Welcome) චන්ද්‍රා. විල්සන් Please Sit මමත් ඔයලගේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ නිසාම මම එය දෙන්නාට උපරිම වශයෙන් උදව් කරනවා. මගේ සේවකයන් ඔය දෙන්නගේ කුඩාරම් ඉදි කරලා ආහාර උයලා දෙයි. මගේ ලෑන්ඩ් රෝවර් රථය දෙන්නම්. උද්‍යාන සංචාරයට වෙනත් අවශ්‍ය දෙයක් තියේ නම් මට කියන්න. රාත්‍රී කාලයේ කූඩාරම් පොළේ සිංහයන් ගැවසෙනවා. ඒ නිසා රයිෆල් ඇතැති සේවකයන් දෙදෙනකු නතර වෙන්න එවනවා. අවශ්‍යම කාරණේකට ඇරෙන්න රාත්‍රියේදී කූඩාරමෙන් එළියට යන්න එපා. තව හයිනා (Hyena) ත් ගැවසෙනවා. චන්ද්‍රා කතා කරමින් මන්ගුබුලි උද්‍යාන භාරකාර තුමනි. අද රාත්‍රී අපේ කූඩාරමට එන්න කෑමට. අපි සෑහෙන්න ආහාර ද්‍රව්‍ය ගෙනැවිත් තියෙන්නේ ස්තූතියි. බානා (යාළුවා) චන්ද්‍රා විල්සන් හොඳයි මම එන්නම්. රාත්‍රී අටට (8) පමණ මන්ගුබුලි (Mangubuli) උද්‍යානයේ රථයක් පදවාගෙන අපගේ කූඩාරම් පොළ වෙත පැමිණියේය. ඒ වන විට මන්ගුබුලි ලබා දුන් කම්කරුවන් දෙදෙනා අපි දෙදෙනගේ කූඩාරම් දෙක ඉදි කොට රාත්‍රී ආහාරයට පිළියෙල කරමින් සිටියහ. රථයෙන් බිමට බැස ගත් මන්ගුබුලි කූඩාරම්පොළට පැමිණ සිටි සේවකයන් දෙදෙනාට කතා කොට ඔහුගේ රථයේ තිබු මලු දෙකක් (2) අපි දෙදෙනට බාර දෙන ලෙස දැන්වීය. මොනව ද මේ මන්ගුබුලි ද මම විමසුවෙමි. ඔය දෙන්නගේ කෑමට පෙයාර්ස් සහ දොඩම් (Oranges) මේ පළාතේ ඔය (Pears) පළතුරු හොඳට වගා කරනවා. මිලත් අඩුයි. Thank You Magubuli.   


අපි ඔහුට අසුනක් පිළිගැන් වූයෙමු. ඉක්බිතිව මම ඔහු ඇමතුවෙමි. රාත්‍රී ආහාරය පිළියෙල කරන කම් අපි ටිකක් කතා කරමු. මුලින්ම අපි දෙදෙනා ගැන කියන්නම්. මන්ගුබුලි මේ චන්ද්‍රා මම විල්සන්. ලංකාවේ ජාතික උද්‍යාන දෙකක් භාරවයි ඉන්නේ. ලංකාව ඉන්දියන් සාගරයේ දූපතක්. (Island) වපසරිය වර්ග කි.මි. 65610 දිග කිලෝ මීටර් 432 ක්. පළල කිලෝ මීටර් 224 ක් විශාලත්වය අතින් ටැන්සානියාව ශ්‍රී ලංකාව මෙන් දහසය (16) ගුණයක් ලංකාවේ භූමියෙන් දහයෙන් පංගුවක් (10%) ප්‍රකාශයට පත් වෙලා තිබෙන්නේ ආරක්ෂිත භූමි හැටියටයි.   


ලංකාවේ වන සතුන් ගැන කියනවා නම් ක්‍ෂීරපායි සතුන් (Mammals) විශේෂ 91 යි. පක්ෂි විශේෂ 227 ක් උරග (Reptiles) විශේෂ 171 උභය ජීවින් (Amplubia) 106 ක් මිරිදිය මාළු විශේෂ 82 ඉන් විශේෂ (Species) 223 ක් පැවැත්ම තර්ජනයට (Threatened) ලක්ව ඇති සතුන්.   


වෘක්ෂලතාදිය ගැන පවසනවා නම් මල් හට ගන්නා ශාක (Angiospermae) 3771 මීමන ශාක විශේෂ 348 යි. මම එක දිගට කියා ගෙන ගියෙමි. එතැන් සිට මන්ගුබුලි කතා කරමින් චන්ද්‍රා විල්සන් ඔය දෙන්නා දවස් (05) ඉන්නවානේ. ඒ දවස් පහේම මගේ නිල රථයෙන් උද්‍යානයේ එය දෙදෙනා සංචාරයට ගෙනි යනවා. ඒ යන ගමන් උද්‍යානයේ සහ සතුන් ගැන විස්තරය කියන්නම්. මේ උද්‍යානයේ මම අවුරුදු පහක් (05) වැඩ කරලා තියෙනවා. එහෙම කරමුද? චන්ද්‍රා ප්‍රතිචාර දැක්වමින්. හොඳයි හොඳයි.   


එහෙනම් කෑම කමු. රාත්‍රී ආහාරය වුයේ සුරියකාන්ත තෙල් වලින් බැදගත් අර්තාපල් පලු තක්කාලි මිශ්‍ර හරක් මස් සුප් සමගය. ඊට අමතරව උගාලි ද (Ugali) පිළියෙල කොට තිබුණි. අවුළුපත් (Dessert) වූයේ මන්ගුබුලි ගෙනැවිත් තිබු පෙයාර්ස් සහ පැණි දොඩම්ය. රාත්‍රී ආහාරයෙන් පසු මන්ගුබුලි අපි දෙදෙනා අමතමින් විල්සන් චන්ද්‍රා එහෙනම් හෙට උදේ අටට (8.00) මගේ රයෙන් මම එනවා. ඔය දෙදෙනා උදේ ආහාරයට අරගෙන සුදානමින් ඉන්න සවස හතර (4) විතර වෙනකම් සංචාරයකට බොන වතුර බිස්කට් පෙයාර්ස්, දොඩම් සූදානම් කර ගන්න හෙට දිනයේ එයාලගේ කෑමට ඊලන්ඩ් (Eland) ගව මස් ගෙනැවිත් දෙනවා. ඊට පසුව ඉම්පාලා (Impala) මුව මස් ලැබෙනවා. මට ලැබෙන බලපත්‍රය අනුව ඊලන්ඩ් ගවයින් (Eland) තුනක් 3 සහ ඉම්පාලා (Impala) හය දෙනෙක් ආහාරය සඳහා වෙඩි තබා මැරිමට අවසරය තිබෙනවා යැයි පැවසීය.  


       එවිට මට සිහිපත් වූයේ 1964 ට පෙර වකවානුවේදි ලංකාවේ යාල සහ විල්පත්තු ජාතික උද්‍යාන වල සේවය කළ සියලු සේවකයන්ගේ ආහාරයට සඳහා වනජිවී සංරක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් තිත් මුවන් (Spotted Deer) 06 ක් සහ ගෝනුන් හය 6 දෙනෙකු වෙඩි තබා මැරීමට බලපත්‍රයක් (Permit) නිකුත් කරන ලද බවයි. රාත්‍රී ආහාරයෙන් පසු මන්ගුබුලි පිටත්ව ගියේය. වේලාව රාත්‍රී 09.00 ට පමණ විය. හතර වටින්ම අපි දෙදෙනාට ඇසෙන්නේ අලි රංචු වල කුංච නාදයන් සහ නිශාචර හයිනා (Hyena) ගේ ගෙරවීම් හඬවල්ය. ඈතින් ඇසෙන සිංහරංචු වල (Lions) ගෙරවීම් (Roaring) ඒ සියල්ල අබිබවායයි. චන්ද්‍රා විල්සන් රාත්‍රී අවශ්‍ය දෙයකට හැරෙන්න කූඩාරමෙන් එළියට යන්න එපා. අපි දෙදෙනට මන්ගුබුලි දුන් අවවාදය සිහිපත් වුණි. කූඩාරම් වටේ සිංහයෝ ගැවසෙනවා. ලංකාවෙන් නැගෙනහිර අප්‍රිකාව බලා (වසර 1982) පිටත් වීමට බණ්ඩාරනායක අන්තර් ජාතික දෙවන තොටුපළට මා සමග පැමිණි මගේ භාර්යාව සිහිපත් විණි. කඳුළින් තෙත් වු දෙනෙතින් ඇය මා දෙස බලා සිපගත් ආකාරය මට සදා සිහිවටනයකි. ඇය සිටින්නේ මා සිටින දේශයේ සිට කිලෝ මීටර් 4964 ක දුරිනි. ඇය දැකීමට වසර දෙකක් (02) ඉවසා සිටිය යුතුය. කල්පනාවේ නිමග්න වෙමින් මම කූඩාරමෙන් පිට නොසොල්මනේ පුටුවක වාඩි වී සිටින ආකාරය දුටු චන්ද්‍රා ජයවර්ධන මොකද කල්පනාව උඹ අද රාත්තිරි සිංහයන්ට කැම කවන්නද? බලාගෙන ඉන්නේ උඹ දන්නවා ඇතිනේ මගේ ගෑනි බඩින් (Pregnant) වරෙං කූඩාරමට උඹට වැඩිය කල්පනා කොරන්න ඕන මමයි. මම කිසිත් නොදොඩා කූඩාරමට රිංගා ගති. අපි දෙදෙනගේ කූඩාරම්වල පරතරය මීටර් දෙකක් (02) පමණය. අඩහෝරාවක් ගත වන්නට ඇත. සිංහයින් රංචුවක් අපගේ කූඩාරම් පොළට ඇතුළු වී ඇති බව පසක් වූයේ උන්ගේ ගෙරවීම් පොර කන ශබ්ද ඇසීමෙනි.   
අපි දෙදෙනගේ උපදේශක ගමාසා (Gamasa) මීට වසර ඉහත දී ටැරන්ගිරි ජාතික උද්‍යානයේ දී (Tarangire National Park වපසරිය වර්ග කි.මි. 1020) පැවසූයේ චන්ද්‍රා විල්සන් සිංහ රංචුව සංවාසයේ යෙදෙනා විට දී හරිම ඝෝෂා කාරියි. යනුවෙනි. දහවල් කාලයේ දී උන් සිටින්නේ හත් අට දෙනාගේ රංචු හැටියටය. (Prides) එවැනි කුඩා රංචු දෙක තුනක් පිරිමි සතා (Male Lion) භාරයේ සිටිත් වරින් වර පිරිමි සතා උස් හඬින් කෑගසයි. ඕ තම වැයික්කිය පිහිටීම අනික් පිරිමි සතුන් දැනුම්වත් කිරීමටය. ඒ හඬ නොතකා වැයික්කියට ඇතුළු වන පිරිමි සතා (බලාත් ප්‍රවිෂ්ටයා) දුටු විගස නේවාසික සිංහයා (Resident Male) හතර පයින් නැගිට ඉදිරියට ගොස් ප්‍රවිශ්ටයා සමග සටනට එළඹෙයි. නේවාසික සිංහයා පරාජිත වුවහොත් උෟ පැන යයි. එතැන් සිට ගැහැනු රංචුව නව සිංහයා භාර ගන්නවා. පමණක් නොව උන්ගේ රැකවරණයේ සිටි පැටවුන් සියල්ල සපා කා මරා දමයි. එහෙත් ගැහැනු සතුන් ඊට හරස් වන්නේ නැත. එතැන් සිට ගැහැනු සතුන් සමග සංවාසයේ (Copulation) යෙදී පැටවුන් බිහි කරති. සිංහයෙකුගේ ආයු කාලය වසර තිහකි. (30) ගැබ්බර කාලය දින 106 කි. 

 
මතු සම්බන්ධයි....