මඟුල්ද‌ාම විවාහ දිවිය එපා කරවන ග්‍රහ පිහිටීම්


 

විවාහයෙන් පසු දෙදෙනාගේ බැඳීම් වැඩිවී සයන දෙදෙනකු කිරි පැණි සෙයින් රන් රස ලෙසින් එක්වී යුග දිවිය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ලිංගිකත්වය තදින් බලපානු ඇත. මෙය විවාහයේ සැඟවුණ තැනයි. ලිංගිකත්වය දුර්වලවීම, අතිධාවනකාරී වීම නිසා යුග දිවිය අවුල් වේ. මේ ගැළපීම් ධනය, දේපළ වස්තු, රැකියා හා කුලය අනුව තෝරා බේරා ගත නොහැක.


කුමන තරාතිරමක වුවද යම් පුරුෂයකු තමා දුබලතාවෙන් පෙළෙනවා යයි කියන්නේ නැත. එය හොඳින් දැන ගැනීමට නම් දක්ෂ දෛවඥයකුගෙන් ජන්ම පත්‍රය පරීක්ෂා කර ගත යුතුයි. මෙය පොරොන්දම් ගැළපීමෙන් පමණක්ම දැන ගත නොහැක. එනිසා කේන්ද්‍රයක ග්‍රහයින්ගේ පිහිටීම විශ්ලේෂණය කර මේ රහස හෙළි කර ගත යුතුයි. එසේ නැති නම් යුග දිවිය එක් රාත්‍රියක් තුළදීම අතහැර දැමීමට සිදුවන බව නොඅනුමානව කියමි. මගේ අත්දැකීම් තුළ මෙයින් අසරණ වන්නේ කාන්තාවයි.


යමෙකුගේ කේන්ද්‍රයේ 7 වැන්න තුළ කේතු ග්‍රහයා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ ලිංගිකයන් හකුළුවා තබයි. එසේ වන්නේ කේතු හකුළුවන ග්‍රහයෙක් නිසාය. රාහු විසුරුවන ග්‍රහයකු වෙයි. යුරේනස් විනාශ කරන ග්‍රහයාය. යම් කෙනෙකුගේ 7 වැන්න ලිංගික ස්ථානය නිවේදනය කරයි. එහි කේතු පිහිටියහොත් රහස් අවයව විකෘති වීමට, අප්‍රාණිකත්වයට හේතු​ වේ.


සමහර විටෙක කේතු දුර්වලව සතුරුව සිටියහොත් එතරම් ශුභ නොවේ. එවැන්නෝ විකෘති ක්‍රියාවල යෙදෙති.


ඒ ගැන සලකා බලන විට සිකුරු 8 වැන්න තුළ තැන්පත්ව උපන්නේ නම් ශනි 8 වැන්න තුළ තැන්පත්ව උපත ලැබීම ද දුබලතාවළන් ඇති කරයි. එය කේන්ද්‍රයක සිකුරු කුජගේ රාශියක සිටින විට බලපායි.


ජන්මියකු​ උපදින විට ස්ත්‍රී රාශියක රවි ද කුජ පුරුෂ රාශියක වීම ද, නපුංශකත්වය ඇත්තන් බිහි කිරීමට හේතු වේ. ස්ත්‍රී රාශියක සඳු පිහිටියේ ද පුරුෂ රාශියක සිටි රවි ඔවුනොවුන් දකින්නේ ද ඔහු නපුංශකයකු වෙයි.


එමෙන්ම බුධ පුරුෂ රාශියකත් ශනි ස්ත්‍රී රාශියකත් සිට ඔවුනොවුන් දකී ද නපුංශක බවට පත්ව ඔහු ඉපදී ඇත. ජන්මියකුගේ ස්ත්‍රී රාශියක සිටින චන්ද්‍රයා ද පුරුෂ රාශියක සිටින බුධ ද කුජ දකී නම් එම මිනිස් ජීවයන් නපුංශකයකු වෙයි.


ජන්මියකුගේ රාහු හෝ ශනි 2 වැන්නේ සිටියදී බුධ 8 වැන්නේද, සඳු 12 වැන්නේ ද සිටිය හොත් එවැන්නෝ දුබලතාවයෙන් පෙළේ. බුධ 8 වැන්න තුළ ශනි සමග යෝගව සිටියදී සඳු රාහුගෙන් පීඩාවට පත් නම් ඔහු ද දුබලතාව ඇත්තෙකි. චන්ද්‍රයා පාපින්ට මැදි වී පීඩා විඳිද්දී බුධ හෝ කේතු හෝ 8 වැනි භාවයේ සිටියහොත් ඔහු ද දුබල තත්ත්වයෙන් පෙළෙන්නෙකුය. බුද 7 හෝ 8 වැන්නේ සිටී නම් ඇය හෝ ඔහු දුර්වලතා ඇති අය වේ.


බුධ ශනි සමග සං​ෙයා්ගව 7 වැන්න තුළ වීම නපුංසකත්වය ඇති කිරීමට ​හේතුවකි. බුධ කේතු සමග 7 නම් සිරුරේ ශක්තිය හීන වනු ඇත.


7 වැන්න තුළ කුජ කේතු සංයෝග වීම ද දුබලතා ඇති කිරීමට හේතු වේ.


යමෙකුගේ බුධ හා කේතු සංයෝග වී හතේ හෝ 8 සිටීම ශක්තිය දුර්වල කිරීමට මුල් වේ.


මෙවැනි දුර්වලතා ඇතිවන්නේ උපතින්ම ගෙන එන ග්‍රහයෝග බලයෙන් ද, කෙටි කාලයක් පමණක් පවතින දුර්වලතාවන් ද යන්න ඔහුගේ ජන්ම කේන්ද්‍රයෙන් පෙන්වන 12 වැන්න බලා ඖෂධ වර්ග, යන්ත්‍ර තෛල හා ආලේප වර්ග කිරීමෙන් පමණක් ශරීර දුර්වලතා හා ආබාධ මගහරවා ගැනීමට හැකි වේ.


ජ්‍යෙතිෂ්‍යවේදී
ජිනදාස එදිරිසිංහ