භාවනාවෙන් දුටු පෙරභව මරණය


​පෙර භවයේ ප්‍රබල සාක්කි  

 

පූර්ණභව පර් යේෂණවලදී අතිශය පුදුම අයුරින් පෙර භවය හෙළි කළ දරුවන් පිළිබඳව අනාවරණය වේ. බොහෝ දරුවන් පෙරභව මතකය අවදි කරනු ලබන්නේ බහ තෝරන වියේදීය. එහෙත් වැඩි වියට පත්වීමෙන් පසු පෙර භවය හෙළි කළ අවස්ථා ඉතා දුර්ලභය. එවැනි අතිශය පුදුම උපදවන පෙර භවයන් පිළිබඳ හෙළි කළ දැරියක් උපත ලැබුවේ තායිලන්තයේදීය.  

තායිලන්තයේ පුනර්භව පර් යේෂණයන් මවිතයට පත් කළ එම දැරිය උපත ලැබුවේ 1944 වසරේදීය. ඇගේ පෙර භව මතක සටහන් අනාවරණය කරනු ලැබුවේ ඇය දස වැනි වියේ සිටියදීය. ඉත්තානු යනුවෙන් නම් ලද එම දැරිය ඉතා කුඩා අවදියේ සිට ආගම දහමට ළැදියාවක් දැක්වූ දැරියක වූවාය. ඇගේ දෙමාපියන් අනාවරණය කළ පරිදි ඇය වයස අවුරුදු දහයේ පමණ සිට භාවනාවට හුරු වී සිටීම විශේෂත්වයක් විය. භාවනා කිරීම සඳහා ඇය භාවනා මධ්‍යස්ථාන වෙත යෑමට ද පුහුණුව සිටියාය. මේ නිසා ඇය දෙමාපියන් නොසිතූ පරිදි සිල් මාතාවක බවට ද පත්වූයේ තරුණ වියට පා තැබීමටත් පෙරය.  


ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයෙන් ඉවත්ව ඇය වෙනත් ප්‍රදේශයක භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සඳහා ගියාය. එහිදී ඇය විපස්සනා භාවනාව වැඩීමේ යෙදී සිටියාය. වසරක පමණ සුළු කාලයක් භාවනාවේ යෙදී සිටි ඇයට ඇගේ පෙර භවය දක්නට ලැබිණි. ප්‍රථම වරට ඇයට දක්නට ලැබුණේ පෙර භවයේදී ඇය තෙමසක සිඟිති දැරියකව සිටියදී මරණයට පත්වීමය. ඇගේ බිලිඳු මළ සිරුර භූමදානය සඳහා අවමංගල්‍ය කටයුතු සිදු කරන පුද්ගලයකු විසින් එය රැගෙන ගිය අයුරු ඇය දුටුවාය. ඇගේ සිරුර ගෙනගිය ඔහු එම සිරුර සුසාන භූමිය වෙත යනු වෙනුවට ඒ අවට ප්‍රදේශයක වැළලූ අයුරු ද ඇයට දක්නට ලැබිණ. එම දර්ශනයෙන් අනතුරුව ඇගේ පෙර භව ජීවිතය ඇය අනාවරණය කළාය. එම දැරිය හෙළි කළ පෙර භව තොරතුරු විමර්ශනය කිරීමට පුනර්භව පර් යේෂණයෝ ඉදිරිපත් වූහ. ඔවුන් විසින් සිදු කළ විමර්ශනයේදී ඇය හෙළි කළ පෙර භව තොරතුරු ලිඛිතව සටහන් කර ඇත්තේ මෙසේය.  


පියා උස සිහින් සිරුරකින් යුක්ත අයෙකි.  
පියා ගුරුවරයෙකි.  
පියාගේ දත් අතර හිඩැසකි.  
ඔවුන්ගේ නිවස පිහිටියේ කැලෑබද පෙදෙසකය.  
නිවස සාදා ඇත්තේ උණ ලී වලිනි.  
නිවස තනි තට්ටුවේ නිවසකි.  
ඇය රෝගී වීම නිසා ප්‍රතිකාර ගනු ලැබිණි.  
ඇගේ මරණය සිදුවූයේ මාස තුනක වයසේ සිටියදීය.  
මරණය සිදුවූයේ මව අත සිටියදීය.  
බිලිඳාගේ මරණය සිදුවූයේ රාත්‍රියේදීය.  
මළ සිරුර සමග නිදා සිටි මෙට්ටය ද රැගෙන ගියේය.  
සිරුර භූමදාන කළ පුද්ගලයාගේ නම ප්‍රකාශ කළේය.  
භූමදානය සිදු කළේ සුසාන භූමියෙන් පිටත ස්ථානයකය.  
දැරියගේ මරණයෙන් පසු දෙමාපියෝ වෙනත් නිවසකට ගියහ.  
එවර ඔවුන් පදිංචි වූයේ මහල් නිවසකය.  


මේ අයුරින් පෙර භවයට සම්බන්ධ තොරතුරු රැසක් ඇය අනාවරණය කළාය. ඒ අතර මවගේ සහ පියාගේ නම ද ඇතුළත් වී තිබිණි. ඒ හැරුණ විට පුද්ගල නම් කීපයක්ද හෙළි කිරීමට හැකිවීම ද විශේෂත්වයක් විය.  
එහි තිබූ තවත් අතිශය පුදුම කරුණක් වූ​යේ ඇතැම් පුද්ගලයන්ගේ නම් ඇයට ශ්‍රවණය වීමය. වැඩි වශයෙන්ම ඇගේ මතකයට නැගී ඇත්තේ බිලිඳු සිරුර භූමදානය සිදු කිරීම සඳහා ගෙන රැගෙන ගිය අයුරු වීම ද තවත් විශේෂත්වයක් විය.  


තමාට මතකයට එන පෙර භව තොරතුරු ඇය දෙමාපියන් සමග හෙළි කළ නමුත් ඔවුහු ඒ පිළිබඳ උනන්දුවක් නොදැක්වූහ. එහෙත් ඇගේ පෙර භවය සොයා ඒ ගැන විමර්ශනයක් කිරීමට ඇයට අවශ්‍ය විය. ඇගේ පෙර භවයට සම්බන්ධව මතකයේ අැති ගම් ප්‍රදේශයට යෑමට ඇය තීරණය කළාය. ඒ සඳහා එම ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක් තෝරා ගැනීමට ඇයට හැකි විය. එහි මූලික අදහස වූයේ එම ප්‍රදේශයට ගොස් පෙර නිවෙස සොයා ගැනීමය. ඇගේ මතකයේ තිබූ පුද්ගල නම් සහ පෙර භවයේ ගම් ප්‍රදේශයේ භාවනා ස්ථානයක් වෙත ඇය ගියාය. එම ගම් ප්‍රදේශය පිහිටා තිබුණේ ඇය උපන් ගමේ සිට සැතපුම් අසූවක් පමණ දුරිනි.  
භාවනා කටයුතුවල නියැළෙන අතර ඇගේ පෙර භවය සම්බන්ධ ප්‍රදේශය සහ පුද්ගලයන් පිළිබඳව ඇය විමර්ශනය කළාය. එහිදී බිලිඳු සිරුර භූමදානය කළ පුද්ගලයා සොයා ගැනීමට ඇයට හැකි විය. ඔහු හමුවී බිලිඳු සිරුර භූමදානය සිදු කළ පුද්ගලයාගෙන් ඒ ගැන ප්‍රශ්න කළාය. බිලිඳු මළ සිරුර භූමදානය කළ පුද්ගලයා මවිතයට පත් විය. වසර ගණානාවකට උඩදී ඔහු සිදු කළ භූමදානය සොහොන් පිටියෙන් ඉවත සිදු කළ බැව් ඔහු සනාථ කළේය.  


තෙමසක දැරියක වූ එම බිලිඳිගේ සිරුර සො​හොන් පිටියෙන් පිටත ස්ථානයකදී සිදු කිරීමට හේතුව ද ඔහු අනාවරණය කළේය. එය සොහොන් පිටිය ආසන්නයේ කොටින් ජීවත් වූ බවත්, බිලිඳු සිරුර රැගෙන සුසාන භූමිය වෙත යෑමට සූදානම් වුවත් එම ප්‍රදේශයේ කොටින් ගැවසෙන නිසා බියපත් වී සුසාන භූමියට නොගොස් ඉන් පිටතදී භූමදානය සිදු කළ බැව් හෙළිකළේය.  

 

තායිලන්තයේ පුනර්භව පර් යේෂණයන් මවිතයට පත් කළ එම දැරිය උපත ලැබුවේ 1944 වසරේදීය. ඇගේ පෙර භව මතක සටහන් අනාවරණය කරනු ලැබුවේ ඇය දස වැනි වියේ සිටියදීය. ඉත්තානු යනුවෙන් නම් ලද එම දැරිය ඉතා කුඩා අවදියේ සිට ආගම දහමට ළැදියාවක් දැක්වූ දැරියක වූවාය. ඇගේ දෙමාපියන් අනාවරණය කළ පරිදි ඇය වයස අවුරුදු දහයේ පමණ සිට භාවනාවට හුරු වී සිටීම විශේෂත්වයක් විය. භාවනා කිරීම සඳහා ඇය භාවනා මධ්‍යස්ථාන වෙත යෑමට ද පුහුණුව සිටියාය. මේ නිසා ඇය දෙමාපියන් නොසිතූ පරිදි සිල් මාතාවක් බවට ද පත්වූයේ තරුණ වියට පා තැබීමටත් පෙරය.  


ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයෙන් ඉවත්ව ඇය වෙනත් ප්‍රදේශයක භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සඳහා ගියාය. එහිදී ඇය විපස්සනා භාවනාව වැඩීමේ යෙදී සිටියාය. වසරක පමණ සුළු කාලයක් භාවනාවේ යෙදී සිටි ඇයට ඇගේ පෙර භවය දක්නට ලැබිණි. ප්‍රථම වරට ඇයට දක්නට ලැබුණේ පෙර භවයේදී ඇය තෙමසක සිඟිති දැරියකව සිටියදී මරණයට පත්වීමය. ඇගේ බිලිඳු මළ සිරුර භූමදානය සඳහා අවමංගල්‍ය කටයුතු සිදු කරන පුද්ගලයකු විසින් එය රැගෙන ගිය අයුරු ඇය දුටුවාය. ඇගේ සිරුර ගෙනගිය ඔහු එම සිරුර සුසාන භූමිය වෙත යනු වෙනුවට ඒ අවට ප්‍රදේශයක වැළලූ අයුරු ද ඇයට දක්නට ලැබිණ. එම දර්ශනයෙන් අනතුරුව ඇගේ පෙර භව ජීවිතය ඇය අනාවරණය කළාය. එම දැරිය හෙළි කළ පෙර භව තොරතුරු විමර්ශනය කිරීමට පුනර්භව පර් යේෂකයෝ ඉදිරිපත් වූහ.

 

ඉන් අනතුරුව ඇගේ පෙර භව දෙමාපියන් සහ නෑදෑ පිරිස හමුවීමට ද අවස්ථාව ලැබිණ. ඇගේ පෙර භව නෑදෑ පිරිස හමුවන විට ඇගේ වයස අවුරුදු විසි එකක් පමණ විය. භාවනාවේ යෙදී සිටියදී ඇයට මතකයට නැඟුණ පරිදි පෙර භව මතක සටහන් ලිඛිතව සටහන් කිරීමට ද මෙම පර් යේෂණයේදී හැකි විය.  


පෙර භවයේ පියාගේ හැඩරුව ඇගේ මතකයේ තිබූ පරිදි ඔහු සිහින් උස සිරුරක් ඇති පුද්ගලයෙක් විය. පියා ගුරුවරයකු බැව් ද ඇය අනාවරණය කළාය. පියා පිළිබඳව හෙළි කළ අතිශය ප්‍රබලම සාක්කියක් වූයේ පියාගේ දත් අතර තිබූ හිඩැසකි. එම කරුණ ද මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් විය. මවගේ හැඩරුව ද ඇය ප්‍රකාශ කළ පරිදි නිවැරැදි බව සනාථ විය. මවගේ මුහුණේ දක්නට තිබූ කැළලක් ද ඇය හෙළි කළාය. ඒ අනුව සිදු කළ පර් යේෂණයේදී ඇගේ මව කුඩා කල දී සිදුවූ අනතුරකින් මුහුණේ කැළල පිහිටා තිබිණ.  


පෙර භවයේදී ඇයට නමක් දී නොතිබිණි. ඇයව හඳුන්වනු ලද්දේ ‘‘දුව’’ යනුවෙනි. පෙර භව නිවස පිහිටා තිබුණේ කැලෑබද පෙදෙසක බැව් කළ ප්‍රකාශය ද නිවැරැදි විය. මෙම දැරිය පිළිබඳව (Pim Thai) පුවත්පත පළ කළ වාර්තාව තායිලන්ත පුනර්භව පර් යේෂණ අතර අතිශය වැදගත් කතා පුවතක් බවට පත් විය. එය පළ කරනු ලැබුවේ 1966 ජූනි 19 වන දාය. ඒ වන විට ඇය විසි දෙවැනි වියේ පසුවූවාය.  

 

මෙම දැරියගේ පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් ද සියුම් පර් යේෂණයක් සිදු කළේය. ඉන්තානු දැරිය හෙළි කළ පරිදි පෙර භවයේදී ඇගේ මරණය සිදුවී ඇත්තේ ඇය මාස තුනක දැරියක් ලෙස සිටියදීය. ඇය පෙර භවයේ ජීවත්ව සිටි ගම් ප්‍රදේශය පිහිටා තිබූ දිස්ත්‍රික්කය ද ඇගේ මතකයේ තිබීම ද අති විශේෂ සිදුවීමක් විය.  


පෙර භවයේ හෙළි කළ දරුවන් අනාවරණය කළ ජීවන තොරතුරු අතරින් භාවනාවක් මතින් පෙර භවය දුටු මෙම දැරිය පැවසුවේ, පෙර භවයට සම්බන්ධ නම් කීපයක්ම ඇයට ශ්‍රවණය වීමක් ද සිදු වූ බවය. ඉන්තානු දැරිය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර් යේෂණය වාර්තාව ඔහුගේ පර් යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කර ඇත.  


එම දැරිය සිය පියා පිළිබඳව අනාවරණය කළ තොරතුරු අතර වැදගත් සාක්කියක් බවට පත්වූයේ පියාගේ දත් අතර වූ හිඩැසය. ඒ පිළිබඳව සිදු කළ සියුම් විමර්ශනයේදී පියාට සිදුවූ අනතුරක් ද අනාවරණය කර ගැනීමට පර් යේෂණයන්ට හැකි විය. ඔහු තරුණ වියේ සිටියදී බොක්සින් ක්‍රීඩකයෙක්ව සිටියේය. එහිදී සිදුවූ බොක්සින් පහරක් නිසා ඔහුගේ දතක් ගැල වී සිදුවූ අනතුරෙන් එම දත් හිඩැස ඇති වූ බැව් ඔහුගෙන් හෙළි විය.  


පියාගේ දත් හිඩැස පිළිබඳව දැරිය කළ අනාවරණය මහාචාර්ය ස්ටීවන්සන් විසින් වැදගත් කරුණක් ලෙස ද පිළිගනු ලැබූ අතර එය සඳහන් වී ඇත්තේ (Her ​Father Had a Hole in a Tooth) යනුවෙනි. එයට හේතු වූ අනතුර ද එම පර් යේෂණ වාර්තාවට ඇතුළත් කර තිබේ. (A Blow He Received When Boxing At The AGE of About Eighteen Had Displaced It) වයස අවුරුදු 18දී බොක්සිං ක්‍රීඩාවේ යෙදුණ විටදී එම අනතුර සිදුවී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස දත් හිඩැස සිදු වී ඇති බැව් තහවරු විය. වයස මාස තුනක ඉතා කුඩා බිලිඳියක මියයෑමෙන් පසු සිදුවූ පුනර්භව සාධකයක් ලෙස මෙම පර් යේෂණය ප්‍රබල සාක්කිවලට ඇතුළත් වී තිබේ.   

 

 

 

 


තිස්ස ජයවර්ධන