බාගෙට විලිවහගෙන අරාබ් ලෝකය කුපිත කරවන කෙල්ල


හැඩ රුව ඇති අය නටන නාඩගං

  • වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන පහයි   

මියා කලීෆාගේ ජනප්‍රිය පැරණි වීඩියෝ සියල්ලක්ම පාහේ ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඇය එම වෙබ් අඩවිවලින් ඉල්ලා දැන් ටික දවසක්. නමුත් ඒවා ඉවත් කරනු වෙනුවට එක් එක් අයුරින් නැවත නැවත ඒවා යාවත්කාලීන කිරීමට ලෝ ප්‍රකට වැඩිහිටි චිත්‍රපට වෙබ් අඩවි කටයුතු කර තිබෙනවා. එයට හේතුව නම් ඇය රඟපෑ එම මතභේදාත්මක චිත්‍රපට සඳහා තවමත් ඉහළ ඉල්ලු‍මක් පැවතීමයි. 

 
ඒ වගේම මියාගේ වැඩහිටි චිත්‍රපට වීඩියෝ ඉවත් කරන ලෙස ඉල්ලා මිලියන එක හමාරක (1.5 million) පමණ ජනතාවක් පෙත්සමක් අත්සන් කර තිබෙනවා. කෙසේ වුවද ඇයගේ වීඩියෝ ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එවැනිම ජනතාවක් වෙනම ම පෙත්සමක් ද අත්සන් කර තිබෙනවා. ඇය වෙනුවෙන් පෙනී සිටින රසිකයන්ගේ අත්සන් ද ගංගාවක් සේ ගලා එමින් පවතිනවා කියල 'Justice for Mia Khalifa' (Change.org petition) කියන වෙබ් පෝටලය මගින්ද විස්තර කරනු ලැබ ඇත. කෙසේ වුවත් හිජාබය සහිත වීඩියෝවක් නිසා ඉස්ලාමීය ලෝකය ගිනි ඇවිලූ මියා සඳහන් කරන්නේ Pornhub සහ BangBros යන වෙබ් අඩවි තමන්ට මෙතෙක් ගෙවා ඇත්තේ ඩොලර් ලක්ෂයකට මදක් වැඩි මුදලක් බවයි. නමුත් ඇයගේ වීඩියෝවලින් පමණක් ඔවුන් ඩොලර් මිලියන ගණනක් උපයා තිබෙන බව ඇය සඳහන් කරනවා.   


හිජාබය සහිත වීඩියෝව නිසා ISIS සංවිධානයේ මරණ තර්ජනවලට පවා ලක්වූ මියා සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඇය මානසික පීඩාවට පත්වූ බවයි. එවැනි කැරලිකාර සරාගිනියක් වූ මියා කලීෆා ගැනයි මේ කියැවෙන්නේ   


මියා කලීෆා උපත ලබා ඇත්තේ 1993 දී ලෙබනනයේ බීරූට් නගරයේ දීය. ඇයගේ මවුපියන් ඇය වයස අවුරුදු 7 දී ඇමරිකාවට සංක්‍රමණය වී ඇති බව සඳහන් වේ. 


ඇය අසභ්‍ය නොහොත් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම, ඇමෙරිකාවේ මියාමි නගරයේ බර්ගර් අවන්හලක සේවය කර ඇත. තවද ඇය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි එල් පාසෝ විශ්වවිද්‍යාලයේ කලා සහ ඉතිහාසය පිළිබඳව පශ්චාත් උපාධිධාරිනියකි.   


2011 වර්ෂයේ දී ඇමරිකනු පුද්ගලයෙකු සමඟ විවාහ ගිවිසගෙන ඇති ඇය, විවාහ වූ පුද්ගලයා ඇයගේ පාසල් වියේ පෙම්වතා ලෙස ද සඳහන් වේ. 2014 වර්ෂයේ දී මියා කලීෆා තම සැමියාගෙන් වෙන්වී ඇති අතර 2016 වනවිට දික්කසාද වූ බව ද සඳහන්.   


2019 මාර්තු 14 දින සුවිස් ජාතික සූපවේදියෙක් වන රොබර්ට් සෑන්ඩ්බර්ග් විසින් මියා වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඇය එම යෝජනාවට එකඟ වී ඔවුන් එහිදී විවාහ ගිවිසගෙන ඇති බව ද සඳහන් වේ. මේ දෙදෙනා 2020 වසරේ දී ජූනි මස විවාහ මංගල්‍ය පැවැත් වීමට සූදානම්ව සිටිය ද, ලෝකයේ ඇතිවී ඇති කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ උත්සවය කල්යැවීමට තීරණය කළ බව සඳහන් වේ. තවද මියා කලීෆා තමන්ගේ විවාහ ගිවිසගත් මුදුව සමග ඡායාරූප රැසක් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහන් කර ඇත.   


කලීෆා නිල් චිත්‍රපට නිළියක් වීම නිසා ඇගේ මවුපියන් තවමත් කිසිදු සබඳතාවයක් ඈ සමග නොදක්වන බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. ඇය බෙහෙවින්ම බැට්මෑන් රසිකාවියක් වන අතරම බාස්කට් බෝල් ක්‍රීඩාවට ද ප්‍රිය කරන්නියකි.   


තමාගේ වසර හයක් පැරණි වීඩියෝවක් නැවත නැවත වෙළෙඳපළ වෙනුවෙන් යාවත්කාලීන කිරීම ගැන නොසතුට පළකරන ඇය කියා සිටින්නේ තමා අද වනවිට ක්ෂේත්‍රයේ නොමැති අවස්ථාවක මෙවන් යාවත්කාලීන වීම් හරහා වැරදි පණිවිඩයක් සමාජගත වන බවයි. ‘මේ වෙබ් අඩවි හැම විටම උත්සාහ කරන්නේ මා සක්‍රීයව ක්‍ෂේත්‍රයේ සිටින බව හැඟවීමට. එයින් ඔවුන් විශාල ලාභයක් උපයනවා’ යනුවෙන් ඇය පවසනවා.   


මාස තුනක් වැනි කෙටි කාලයක් මේ වෙබ් අඩවි දෙක සඳහා පෙනී සිටි ඇයගේ මේ ‘අපකීර්තිමත්’ යනුවෙන් නම් කළ වීඩියෝ උණු කැවුම් මෙන් තවමත් අලෙවි වන බැවින් කොතරම් ඇය උත්සාහ කළ ද ඒවා ඉවත් කිරීම ඒ වෙබ් අඩවි විසින් මේ දක්වා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මියාගේ මෙම ව්‍යායාමය සඳහා අත්සන් ලක්ෂ තුනක් එකතු කිරීම මුලින් අපේක්ෂා කළ ද අද වනවිට එය අත්සන් 1,542,470 දක්වා ඉහළ නැග තිබෙනවා. වැඩිහිටි චිත්‍රපට වෙබ් අඩවිවල මේ කොල්ලකාරී මාෆියාව සමඟ සටන් වදින විසි හත් හැවිදිරි බීරුට් හි උපන් කලීෆා සඳහන් කරන්නේ වසය විසි එකේ දී තමා මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ කළ කී දෑවලින් සමස්ත ජීවිතයම නිරූපණය කිරීම බලවත් අසාධාරණයක් බවයි.   


කෙසේ වුවත් ඇයගේ අතීතය එසේ මකා දැමිය නොහැකි බවටත් ඒ අතීතය පිළිගනිමින් ඇය ජීවත් විය යුතු බවටත් ඇතැම් විචාරකයින් මත පළ කරනවා. අද මියා කලීෆා යනුවෙන් චරිතයක් ලෝකය දන්නේ නම් එසේ දැන ගැනීමට හේතුව අර ‘අපකීර්තිමත්’ ඉතිහාසය හේතුවෙන් ම බව ඔවුන්ගේ මතයයි. අද මිලියන තුනක් ඉක්මවා යන ඇයගේ චිත්‍රපට ලෝලීන් යනු ඇය අර අපකීර්තිමත් බව නිසාම උපයා ගත් දේපළක් බව ඔවුන් පවසනවා. 

 
කිසිදු ගැහැනු ළමයෙක් ඒ විෂ සහිත වැඩිහිටි සිනමාව වෙත නොයායුතු බවට අද ඇය විශාල ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙනවා. එහෙත් මියා ‘හොඳ ළමයෙක්’ විතරක් වූවා නම් මේ කිසිදු දෙයක් කීමට මියා කෙනෙක් නොසිටිනු ඇති කියල හිතන්නත් කෙනෙක්ට පුළුවන්. බීරුට්වල පිපිරීමෙන් අසරණ වෙච්ච අයට උපකාර කරන්න ඇයගේ අපකීර්තිමත් උපැස් යුවල බර ගාණකට අලෙවි කරන්න පුළුවන් වුනෙත් ඒ ‘නරක’ ඉතිහාසය නිසාමයි. ඒ ඉතිහාසය නිසාම මේ වන විට ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන පහකට ආසන්න වේ.

 

 

සටහන  තිළිණි ද සිල්වා