පළමු න්‍යෂ්ටික ප්‍රහාරය වසර දහස් ගණනකට පෙර ඉන්දියාවේ ?


ඉන්දියාවේ අබ්රහස්

 

මිනිසා නව ලෝකයක එළිපත්තේ සිටින්නේද? නැතිනම් අතීතයේ සිදුවූ විනාශකාරි සිදුවීම්වලින් පාඩම් ඉගෙන නොගෙන වෘත්තාකාර දුෂ්ට චක්‍රයක යළි ගමන් කරන්නේද යන්න පිළිබඳ විමසා බැලීමට කාලය එළැඹ තිබේ. මිනිසා නව තාක්ෂණය යොදාගනිමින් සිදුකරන විවිධ අත්හදාබැලීම් මගින් අති බිහිසුණු න්‍යෂ්ටික යුද්ධයකට මඟ සැලසිය හැකි යැයි බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.

පුරාණ ප්‍රබන්ධ කතාවන්හි අහසින් ගමන් ගන්නා විමාන පිළිබඳව සඳහන් වේ. විමාන යනු සැබෑ යානා වර්ගයක් වූ අතර ගුවන් යානාවේ සම්භවය එමගින් සිදුවූ බවට අනුමාන කෙරේ. ඉන්දියාවේ පුරාණ ආගමික පාඨ ග්‍රන්ථයන්හි මහා සටන් පිළිබඳව හා එහිදී භාවිත වූ ඇතැම් ආයුධවල දිග පළල පිළිබඳ තොරතුරු සඳහන්ය. ඇතැම් ආයුධ ආලෝක වර්ෂ ගණනක් පමණ දිගින් යුතු යැයි පැවසෙන අතර, ඇතැම් ඒවා පළලින් පරමාණුවක් තරම් වෙතැයි පැවසේ. 


මහාභාරතයේ දැක්වෙන මෙම පාඨය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.


“විශ්වයේ සමස්ත බලශක්තිය කැටිකොටගත් අග්නි සරයකින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල විය. ඉන් දීප්තිමත් සූර්යයන් දහසකගේ ආලෝකයෙන් යුතු රෂ්මියක් දසත පැතිර ගියේය. ලම්භාකාර පිපුරුමක් සමඟ විශාල දුම් වළාවක් ඉහළට නැඟිණි. එම දුම් වළාව දැවැන්ත හිරු ආවරණයක් සේ වෘත්තාකාරව ඉහළට නැඟෙන්නට විය. එය කිසිවකු  නොදන්නා අවියක් වූ අතර මරණයේ දූතයකු බඳු විය. එමඟින් වෘෂ්නීස් සහ අන්ධාකා යන ප්‍රජාවන් දෙකම මහා අඵ ගොඩක් බවට පත් විය. 


මියගියවුන්ගේ කෙස් සහ නිය ගැලවී තිබූ අතර මළසිරුරු හඳුනාගත නොහැකි අයුරින් දැවී ගොස් තිබිණි. මැටිබඳුන් විනාශ වී තිබූ අතර සියලු පක්ෂීන් සුදු පැහැ ගැන් වී තිබිණි. සුළු මොහොතකින් සියලු ආහාර ද්‍රව්‍ය විෂ බවට පත් විය. මහා ගින්නෙන් ගැලවීම සඳහා සොල්දාදුවෝ අසල තිබූ ගංගාවලට පනින්නට වූහ.”


හිරෝෂීමාවට සහ නාගසාකියට පරමාණු බෝම්බ හෙළන තෙක් පුරාණ ඉන්දියානු පාඨ ග්‍රන්ථයන්හි සඳහන් වූ මෙම අවිය මෙතරම් විනාශකාරී යැයි නූතන මානවයාට වැටහීමක් නොවීය. එහෙත් න්‍යෂ්ටික පිපුරුමක් යනු කෙබන්දක්ද යන්න ඉතාම නිවැරැදි ලෙස එකී පුරාණ පාඨ ග්‍රන්ථයන්හි විග්‍රහකර තිබේ. විකීරණශීලී විෂවීම් හේතුවෙන් කෙස් සහ නිය ගැලවී යෑම සිදුවේ. ජලයේ ගිලී සිටීමෙන් මඳ සහනයක් ලද හැකි වුවද ඉන් සුවය ලැබිය නොහැකිය.


මොහෙන්ජොදාරෝ සහ හරප්පාහි වානේ යුගය තෙක් කරන ලද කැනීම්වලදී නගරය පුරා විසිර තිබූ අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. කිසියම් භයානක සිදුවීමක් හේතුවෙන් බියපත්ව එකිනෙකාගේ අත් අල්ලා වීදි ඔස්සේ දිවයන්නට ගොස් මරණයට පත් වූ සෙයක් දැක්වෙන පරිදි එම සිරුරු බිම විසිරී තිබිණි. ඒවා බිම පතිතව තිබුණා විනා කිසිවකු විසින් මිහිදන් කළ ආකාරයක් දැකිය නොහැකිය. එම ගවේෂණයේදී එලෙස විසිර තිබූ මළසිරුරු 44ක් හමුවිය. ඒ අතර අත්වැල් අල්ලාගෙන මිය ගිය පියා මව සහ කුඩා දරුවකුගේ අස්ථි කොටස්ද විය. එම ඇටසැකිලි සාම්ප්‍රදායික පුරාවිද්‍යාත්මක කාල නිර්ණය අනුව වසර දහස් ගණනක් පැරණි බවට සනාථ විය.


මෙම සිදුවීමට පාදක වූයේ කුමක්ද? මෙතරම් පැරණි අස්ථි කොටස් නොදිරා තිබීමට හේතු වූ සාධකය කුමක්ද? ඒවා සතුන්ගේ ආහාර බවට පත් නොවූයේ මන්ද? එම මරණ කිසියම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් මත සිදුවූ බවට සාධක නොමැත.

 

හරප්පාහි හමුවූ අස්ථි කොටස් සාමාන්‍ය විකීරණශීලිත්වයට වඩා 50 ගුණයකින් අධික විකීරණශිලිත්වයක් පැවැතියේය.  එය හිරෝෂිමා සහ නාගසාකියෙන් හමු වූ මිනිස් අස්ථි කොටස්හි තිබූ විකීරණශීලිත්වය ඉක්මවා තිබූ අතර මෙතෙක් හමු වී ඇති විකීරණශීලිත්වයෙන් අධිකම අස්ථි කොටස් සේ සැලකෙයි. දකුණු ඉන්දියාවේ රාජ්මහල් කඳුකරයෙන්ද අධික විකීරණශීලිත්වයෙන් යුත් අස්ථි කොටස් හමු වී ඇත. ඒවා අධික තාපයෙන් දැවී මිය ගිය පුද්ගලයන්ගේ බවට නිගමනය වී තිබේ. 


මොහෙන්ජොදාරෝ හෝ හරප්පා හෝ වෙනත් ප්‍රදේශයන්හි හෝ ගිනි කඳු පිපුරුමක් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැත. මැටිබඳුන් දිය වී යෑමට තරම් ප්‍රබල උණුසුමක් නිර්මාණය විය හැක්කේ න්‍යෂ්ටික පිපුරුමක් මගින් හෝ වෙනත් හඳුනා නොගත් අවියකින් යැයි අනුමාන කළ හැකිය. මෙම නගර සදා කාලයටම වැනසී  ගියේය.


රාජස්ථාන් ප්‍රදේශයෙන්ද විකීරණශීලී අඵ සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එමඟින් රාම රාජ්‍යය විනාශ වූයේ න්‍යෂ්ටික යුද්ධයකින්ය යන මතය තහවුරු වනු ඇතැයි ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඉන්දු නිම්නය වර්තමානයේ කාන්තාරයක් බවට පත්ව තිබේ.  විකීරණශීලී අඵ හමුවූයේ ඉන්දු නිම්නයේ බටහිර ජෝද්පූර් ආසන්නයෙනි. ජෝද්පූර්හි සිට සැතපුම් 10ක් පමණ දුරින් වර්ග සැතපුම් 3ක පමණ ප්‍රදේශක අධික විකීරණශීලිත්වයකින් යුතු අළු සොයා ගැනිණි.


හරප්පාහි හමුවූ අස්ථි කොටස් සාමාන්‍ය විකීරණශීලිත්වයට වඩා 50 ගුණයකින් අධික විකීරණශිලිත්වයක් පැවැතියේය.  එය හිරෝෂිමා සහ නාගසාකියෙන් හමු වූ මිනිස් අස්ථි කොටස්හි තිබූ විකීරණශීලිත්වය ඉක්මවා තිබූ අතර මෙතෙක් හමු වී ඇති විකීරණශීලිත්වයෙන් අධිකම අස්ථි කොටස් සේ සැලකෙයි. දකුණු ඉන්දියාවේ රාජ්මහල් කඳුකරයෙන්ද අධික විකීරණශීලිත්වයෙන් යුත් අස්ථි කොටස් හමු වී ඇත. ඒවා අධික තාපයෙන් දැවී මිය ගිය පුද්ගලයන්ගේ බවට නිගමනය වී තිබේ. 


මොහෙන්ජොදාරෝ හෝ හරප්පා හෝ වෙනත් ප්‍රදේශයන්හි හෝ ගිනි කඳු පිපුරුමක් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැත. මැටිබඳුන් දිය වී යෑමට තරම් ප්‍රබල උණුසුමක් නිර්මාණය විය හැක්කේ න්‍යෂ්ටික පිපුරුමක් මගින් හෝ වෙනත් හඳුනා නොගත් අවියකින් යැයි අනුමාන කළ හැකිය. මෙම නගර සදා කාලයටම වැනසී  ගියේය.


රාජස්ථාන් ප්‍රදේශයෙන්ද විකීරණශීලී අඵ සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එමඟින් රාම රාජ්‍යය විනාශ වූයේ න්‍යෂ්ටික යුද්ධයකින්ය යන මතය තහවුරු වනු ඇතැයි ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඉන්දු නිම්නය වර්තමානයේ කාන්තාරයක් බවට පත්ව තිබේ.  විකීරණශීලී අඵ හමුවූයේ ඉන්දු නිම්නයේ බටහිර ජෝද්පූර් ආසන්නයෙනි. ජෝද්පූර්හි සිට සැතපුම් 10ක් පමණ දුරින් වර්ග සැතපුම් 3ක පමණ ප්‍රදේශක අධික විකීරණශීලිත්වයකින් යුතු අළු සොයා ගැනිණි.


මෙම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට ඉන්දියානු රජය පියවර ගත් අතර කල් ගත වන විට එම ප්‍රදේශයේ ළදරු මරණ සහ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අධික වූ හෙයින් විද්‍යාඥයන් පිරිසක් ඒ සම්බන්ධයෙන්  පර්​ෙ‌ය්ෂණයක් ඇරඹූහ. එම භූමියේ අධික විකීරණත්වයකින් යුතු අඵ පවතින බවට තහවුරු වූයේ එකී පර්​ෙ‌ය්ෂණය මගිනි. ඉන්දියානු රජය එම ප්‍රදේශය වසා දැමීමට පියවර ගත් අතර වසර 12000ත් 8000ත් අතර ඈත අතීතයේ මෙම ප්‍රදේශයේ තිබූ පුරාණ නගරයක් න්‍යෂ්ටික ප්‍රහාරයකින් සහමුලින්ම විනාශ වූ බවට මෙම අඵ මගින් සනාථ වන බවට විද්‍යාඥයෝ සඳහන් කර තිබේ. ඔවුන්ගේ අනුමානය අනුව ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් හා මිලියන භාගයක් පමණ ජනයා එම ප්‍රහාරයෙන් විනාශ වී තිබේ. එක් විද්‍යාඥයකුට අනුව එම න්‍යෂ්ටික අවිය 1945 ජපානයට හෙළන ලද න්‍යෂ්ටික බෝම්බයට සමානය.

 

මොහෙන්ජෝදාරෝවෙන් හමුවූ උණුවූ පාෂාණ

 


මුම්බායි ආසන්නයේ ඇති දැවැන්ත ආවාටයද පුරාණ ඉන්දියාවේ න්‍යෂ්ටික යුද්ධ පැවැති බවට කුතුහලය දනවන තවත් සාධකයකි. වසර 50,000ක් පමණ පැරණි එම ආවාටය පිහිටා ඇත්තේ මුම්බායි නගරයට කිලෝමීටර 400ක් පමණ ඊසාන දෙසිනි. එහි වට ප්‍රමාණය මීටර 2,154කි. එය උල්කාෂ්මියකින් නිර්මාණය වූ බවට සාධක නොමැති අතර න්‍යෂ්ටික යුද්ධයක බලපෑමෙන් ඇති වූ බවට අනුමාන කෙරේ. තද පාෂාණයකින් යුතු එම ආවාටය කිසියම් බලපෑමකින් (අධික කම්පනයකින් මෙය නිර්මාණය වන්නට ඇතැයි සැලකෙන අතර, එය වායුගෝලයේ පීඩනය මෙන් 600,000 ගුණයකටත් වඩා අධික යැයි විශ්වාස කෙරේ) නිර්මාණය වූ ලොව ඇති එකම ආවාටය වශයෙන් එය හැඳින්වේ.


පුරාණ සංස්කෘත පාඨ ග්‍රන්ථ පිළිබඳ මනා අවබෝධයක් ඇති විද්‍යාඥයකු වන ආචාර්ය ජේ. රොබට් ඔපෙන්හයිමර් සමඟ ඇලමොගොර්ඩෝ න්‍යෂ්ටික පර්යේෂණයෙන් සත් වසකට පසු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී එය ලොව පළමු න්‍යෂ්ටික බෝම්බය විය හැකිදැයි විමසූ අවස්ථාවක ඔහු “දැන් මම ලෝකය විනාශ කරන්නා වන මරණය වෙමි.”යනුවෙන් භගවත්ගීතාවේ එන පාඨයක් උපුටා දක්වමින් මෙලෙස සඳහන් කර තිබේ. “පුරාණ නගරයන්හි ඉතිරිව ඇති ගඩොලින් හා කළුගලින් ඉදිකෙරුණු බිත්ති පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී ඒවා එකිනෙකට දැඩි සේ බද්ධ වී තිබූ අයුරු දැකගත හැකි වුණා. එවැනි නෂ්ටාවශේෂ ඉන්දියාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය, තුර්කිය වැනි රටවලින් හමු වී තිබෙනවා. එම බිත්ති එලෙස එකිනෙකට බද්ධවීම සිදුවිය හැක්කේ න්‍යෂ්ටික පිපුරුමකට ලක්වීමකින් පමණයි. ඒ හැර වෙනත් ක්‍රියාවලියක් තුළින් එවැන්නක් සිදුවිය හැකියැයි මා සිතන්නේ නැහැ”යි ඔහු සඳහන් කර තිබේ.


හිරෝෂිමා සහ නාගසාකියේ සිදු වූ න්‍යෂ්ටික පිපුරුමට සමාන තොරතුරු ඉන්දියානු ආගමික ග්‍රන්ථවල බහුලව සඳහන් වී ඇතැයි ඉන්දියානු ඉතිහාසඥයකු වන කිසාරි මොහාන් ගංගුලි සඳහන් කරයි. විනාශකාරී ආයුධවලින් සන්නද්ධව අශ්ව රථවල නැගී ගුවනේ සිට කරන ලද සටන් පිළිබඳව ඒවායේ සඳහන් වන අතර මහාභාරතයේ එන ‘ද්‍රෝන පාර්ව’ නමැති පුරාණ යුද විස්තරයේ මේ අයුරින් සඳහන් වන්නේ යැයි ඔහු සඳහන් කරයි.
“සමස්ත හමුදාවටම මහත් විනාශයක් අත්පත් කර දුන් මහා සටනේදී විනාශකාරී ආයුධයකින් නික්මුණු මහ පිපුරුමට හසුවූ අශ්වාරෝහකයන්, හස්තීන් හා ඔවුන් සතු ආයුධ සුළඟට හසු වූ පරඬලා පත් සේ දසත ගසා ගෙන ගියේය. හත්තක ආකාරයෙන් අහසට නැඟුණු දුම් වලා සූර්යයා ආවරණය කරමින්  නැගෙන්නට විය. 


“ආහාර විෂවීම හා මිනිස් හිසකෙස් සහ නිය ගැලවී යාම වැනි තොරතුරු අනුව අපට පෙර බොහෝ අතීතයේ විසූ එක්තරා ශිෂ්ටාචාරයක් සතුව න්‍යෂ්ටික තාක්ෂණය පැවැති බවට අනුමාන  කළ හැකියැ”යි ගංගුලි පවසයි. එමෙන්ම න්‍යෂ්ටික අඵ සොයා ගැනීමෙන් ඉන්දියානු පුරාණ පාඨ ග්‍රන්ථයන්හී සඳහන් න්‍යෂ්ටික යුද්ධවලට සමාන තොරතුරුවල විශ්වසනීයත්වයක් ඇති බවට නිගමනය කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 

 

 

 


අන්තර්ජාලයෙනි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා