දෝෂ නැතිව නැකතක් හදා ගන්නේ මෙහෙමයි


නැකත් තැනිනම් ශුභ මුහුර්ථ සකස් කිරීමේදී දෝෂ රහිතව සකස් කිරීම අසීරු කාර්යකි. යම් යම් දෝෂ පැවතිය ද ඒවා භංග වන ක‍්‍රම ජ්‍යෙතිෂයේ දක්වයි.

 

01. කැති, සා, සිත, රේවති, සියාවස, අස්ලිස, මුල යන නැකත්වලින් එකක් රවි, කුජ, ශනි දිනයකට පැමිණියහොත් නන්දා යෝගය වන්නේය. සියලු වැඩ සඵල වේ. 

02. සිද්ධි, සාධක, අමෘත, වර නන්දා යෝගවල සියලු යහපත පිණිස ශුභ මංගල්‍ය ක‍්‍රියා ආදිය කරන්නේය. 

03. බුධ ග‍්‍රහයා ලග්නයේ තබා සකස් කරන නැකත් පන්දහසක් දෝෂ භංග කෙරේ. 

04. සිකුරු ග‍්‍රහයා ලග්නයේ තබා සකස් කරන ශුභ නැකත් දස දහසක් දෝෂ භංග කෙරේ. 

05. ගුරු ලග්නයේ තැබූ විට සියලු දෝෂ භංග වේ. 

06. 1, 4, 7, 10, 5, 9 යන ස්ථානවල ග‍්‍රහයින් බලවත් නම් සියලු දෝෂ භංග වේ. 

07. ස්වක්‍ෂේත‍්‍රව හෝ උච්චව සිටින සඳු ග‍්‍රහයා සිකුරා විසින් දකී නම් සියලු දෝෂ යටපත් කර ශුභපල දේ 

08. ලග්නාධිපති ග‍්‍රහයා ලග්නයේ සිටියදී ශුභයින්ට පෙනේනම් ශුභයෝ 4 හෝ 10 සිටී ද එසේනම් දෝෂ භංග වේ. 

09. දස වැන්නේ සිටි ගුරු පුර සඳු දකිනු ලබයි ද දෝෂ භංග වේ. 

10. වර්ගෝත්තම අංශකයට ගිය පුර සඳු අස්විද, රෙහෙණ යන එක නැකත සිටියදී චන්ද්‍රයා ලග්නයේ තබා සාදනු ලබන නැකත් සියලු දෝෂ භංග කරයි. 

11. වර්ගෝත්තම කුජ, අස්විද, අනුර යන නැකතක සිටියදී එම කුජ ලග්නයේ තබා සකස් කරන නැකත සිංහයා ඇතුන් නසන්නා සේ සියලු දෝෂ භංග කරයි. 

12. අස්විද, කැති, රේවතී. සා, පුෂ යන නැකතකට ගියා වූ බලවත් සිකුරු ලග්නයේ තබා සකස් කරන වේලාව ද සියලු දෝෂ භංග කරය.

 
13. ලග්නයේ සඳු සිටියදී 12 සහ 2 වැන්නේ ශුභ ග‍්‍රහයින් සිටියදී සකස් කරන වේලාව ද දෝෂ භංග කරයි. 

14. බලවත් වූ රවි ග‍්‍රහයා දිවා කාලයේදී 11 වැන්නේද, බලවත් පුර සඳු රාත‍්‍රී කාලයේ 11 වැන්නේ ද තබා සකස් කරනු ලබන ශුභ මුහුර්ත ලක්ෂයක් දෝෂ භංග කරනු ලබන බව ජ්‍යොතිෂයේ පෙන්වයි.  

 

 

 

 

 

 

 

ජ්‍යොතිෂවේදී 
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන 
133 සී. ජයන්ති පාර, දොම්පේ 
0717322467