දේව ආශිර්වාදයෙන් මරණය ජයගත් තරුණයා


පෙනෙන නොපෙනෙන ලෝකය

 

 

අනාදිමත් කාලයක සිට සම්ප්‍රදායානුකූල නොවන පුද පූජාවන්ට ගරු කිරීමට මිනිසා පුරුදුව සිටියේය. යම් තැතිගැන්මක් හෝ බියකට පත් වූ ආදිතමයා ගස්, වැල් ඇළ දොළ, ග්‍රහතරු වන්දනා කිරීමටත්, එහි පිහිට ලබාගැනීමටත් උත්සුක විය. ඉතා විශ්වාසයෙන් යුතුව කරන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලබාගත් බවද සත්‍යයකි.


ලෝකය කාර්මීකරණය තුළ මංමුළා වුණු සමහර මිනිසුන් බුද්ධි ගෝචර නොවන විවිධ භක්තිවාද පිටුපස යෑමෙන් අපට පෙනී යන්නේ මිනිසා සතු අනාගමික ඥානය සෑහෙන ප්‍රමාණයකට සිතට සැනසීමක් ලෙස දුන් බවයි. අනාගමික ඥානයෙන් සැදුම්ලත් විවිධ ආගම් පිළිගත් මිනිස්සු එය බුද්ධි ගෝචර වන ආගම් තුළටද කාවැද්ද වීමට ද උත්සාහ ගැනීම හා දැනටමත් ඒවාට එකතු කර තිබීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.


ඔහුට තවදුරටත් ජීවත් වීමට සිදුවූයේ රාජ්‍ය නීතිය සාධාරණත්වය යන කරුණු ගැන යම් හෝ හැඟීමක් හදවතට ඇතුළු නොවූ තරුණ අවධියේය. තමන්ගේ ජීවිතයට කළ සමහර බලපෑම් අතර රහසිගත කල්ලිද, නොයෙක් ආකාරයේ මතවාද අතර ගැටුම් ඉවරයක් නොවීම මහත් ඉසරදයක් විය. ඔවුන් අතර මහා පරිමාණයේ වැවිලි සමාගම්වල අයිතිකරුවන් මෙන් ම, වතු වැවිලි සමාගම්වල කම්කරුවන් වශයෙන් බඳවා ගත් කළු ජාතිකයෝ වූහ. සමහර කළු ජාතිකයින් වතු හම්පුතුන්ගෙන් වරප්‍රසාද ලබා ගැනීම සඳහා ඉතාමත් රහසිගතව ‘‘තොප්පිය’’ නමින් හඳුන්වා ගත් ත්‍රස්ත කල්ලියක් මෙහෙයවීමෙන් වැවිලිකරුවන් බියගන්වා තම තමන්ට අවශ්‍ය අයිතීන් දිනාගත්තේය.


කෙසේ වෙතත් ඔහු වෙනත් වැවිලි සමාගමකට මාරුවී යාමට අදහස් කළේ කළු ජාතිකයින් දෙදෙනෙකු විසින් තමන් සේවය කළ ගොවිපොළහි දුගී දුප්පත් වැන්දඹුවක් අතවර කර මරා දැමීමේ ශෝකජනක සිද්ධියෙන් පසුවයි. තවද තමන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම ද තවත් හේතුවක් විය. ඝාතනය සිදුවී සතියකින් ඔහු තමන් අපේක්ෂා කළ වැවිලි සමාගම වෙත මාරුවීමක් ලබාගත් අතර එහි දී ඔහුට සිදුවූ හිංසාපීඩා නවක හාම්පුතුන් හට සැලකර සිටීමට වග බලා ගත්තේ ය. එයින් ඔහුට තමන්ගේ පළපුරුද්ද අනුව එම වැවලි සමාගමේ වතු අධිකාරී තනතුරට පත් කිරීමට නව හාම්පුතුන් වැඩි දවසක් ගත්තේ නැත.
මෙසේ කාලය ගෙවී යන අතරවාරයේ දී කාන්තා ඝාතනය සම්බන්ධව පොලිස් පරීක්ෂණවලදී සැකකරුවෙකු ගැන අනාවරණය කර ගත් අතර අන් කවුරුවන් නොව මෑතකදී ස්ථාන මාරුවීම් ලබා ගිය නවක වතු අධිකාරි බව හෙළි විය. නමුත් ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නොවූයෙන් අත්අඩංගුවට ගැනීමට නීතියේ ප්‍රතිපාදනවලට නොගැළපෙන තත්ත්වයක් උදා වූ අතර සාක්ෂි නොමැතිව උසාවියේ, පොලිසිය විසින් එ්ක පාක්ෂිකව සාක්ෂි මත අපරාධ නඩුවක් ගොනු කෙරිණ. එයින් පසු නවක වතු අධිකාරිවරයා චූදිතයෙකු කර නඩු නිමිත්තට උසාවියේ පෙනී සිටින ලෙස සිතාසි යවන ලදී.


ඇත්ත වශයෙන්ම මොහු නිර්දෝෂි පුද්ගලයෙකු බව දන්නේ නොපෙනෙන දෙවියන් පමණි. පැරණි වැවිලි සමාගමෙන් කෙරෙන අරියාදු මහත් අසහනකාරී තත්ත්වයකට පත්වූයේ ඔහුගේ පැරණි ගොවි පොළක කම්කරුවන් දෙදෙනෙකුට එනම් ඔහුගේ අතිජාත මිත්‍රයන් දෙදෙනාට සිද්ධිය සැලකර සිටියේය. තමන්ගේ ගජමිතුරා කෙදිනකවත් අමනොඥ ක්‍රියාවක් සිදුනොකළ බව මිතුරන් දෙදෙනා ඉතා හොඳින් දන්නා නිසා ඔවුන් දෙදෙනාම මෙම නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන් වශයෙන් ඉදිරිපත් කරන ලෙස නවක වතු අධිකාරිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.


ඉහළ අධිකරණය දක්වා මෙම නඩු විභාගය ගිය අතර දින මාස අවුරුදු ගණන් ඇදී ගියේය. මේ අතර වාරයේ දී විත්තියේ සාක්ෂිකරුවන් දෙදෙනා මෙම සාපරාධි ක්‍රියාව සිදුකළ සත්‍ය පුද්ගලයින් කවුරු දැයි සොයා බැලීමට උත්සුක වූහ. මෙසේ සොයාගෙන යන කළ මිනීමැරුම සිදු වූ ස්ථානයට යාබද වතු කාමර පෙළේ ඉහළ මහලයේ මෙම වැවිලි සමාගමේ සේවය කළ කම්කරුවෙකුගෙන් අපූරු සාක්ෂියක් හමුවිය.


තමන්ට එදා නිවාඩු දිනයක් බැවින් තම නිවසේ ඉහළ මහලයේ දහවල් ආහාරය රැගෙන අවසන් වී තරමක විවේකි සුවයෙන් බරාදයේ පසුවන අවස්ථාවේ දී මධ්‍යහ්නය පසු වෙත්ම කාන්තා කෙඳිරිලි හඬක් ඇසූ බවත් ඒත් සමග ම වෙඩි හඬ කීපයක් නිකුත් වූයෙන් වඩාත් විමසිලිමත් වීමේදී කැලෑ රොදේ පඳුරු අතර සිට තුවක්කුවක් රැගෙන දෙදෙනෙකු දිවගොස් සැඟවුණ බවත්, ගොවිපොළ කම්කරු වැන්දඹු කාන්තාව තමා ගමන් කළ අසරුවාට එපිටින් වැටී සිටි බවත් පවසා සිටියහ.


ඊළඟ උසාවි දිනය ළඟා වූයෙන් විත්තියේ සාක්ෂි විමසීම ආරම්භ කළ අතර වතු කම්කරුවන්ගේ සාක්ෂි ඉතා කදිම ආකාරයෙන් ඉදිරිපත් කළේය. එම සාක්ෂිවලට අනුව නියම විත්තිකරුවන් වන කළු ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට පත් කරන ලදී. ඔවුන් පාවිච්චි කළ ගිනි අවිය මාස ගණනකින්වත් පාවිච්චි කර නැති බව රසපරීක්ෂකවරයා උසාවිය වෙත දැන්වීය. නැවත වාරයක් නඩු විභාගය කල් දැමූ අතර ඊළඟ වාරයේ දී මෙම සාපරාධි ක්‍රියාව සම්බන්ධයෙන් තීරණයක් දී නඩුව අවසන් කරන බව දන්වන ලදී.


එදා තීරණාත්මක දිනයක් වූයෙන් නඩුවට අදාළ සියලුම දෙනා පැමිණ සිටියහ. කෙසේ වෙතත් ප්‍රධාන විනිසුරුවරයාගේ තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ සාක්ෂි පරස් පර බවත් කළු ජාතිකයින් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන බවත්ය. නවක වතු අධිකාරිවරයාගේ පොලිස් පැමිණිල්ලට අනුව වැරදිකරු බවත්, එහි ප්‍රමාණවත් සාක්ෂිය වන්නේ මිනීමැරීම සිදුවී සතියක් ඇතුළත ස්ථාන මාරුවී යාම බවයි. එම නිසා ජුරිසභාවේ ඒකමතික තීරණය අනුව මොහුව වැරදිකරු කරන බවත් පළාත් ආණ්ඩුකාරවරයා නිම කරන දිනයක දී එල්ලා ගෙළ සිරකර මරා දැමීමට තීන්දු කරන බවත් ප්‍රකාශ කර නඩු නිමිත්ත අවසන් කෙරිණි.


ඔහු එල්ලා මැරීම පළාත් ආණ්ඩුකාරවරයාගේ දිනය හා වේලාව නියම විය එම පළාතේ නීතිය හා සිරිත වූයේ රහසිගතව නොව ප්‍රසිද්ධව මහජනයා ඉදිරියේ එල්ලා මරා දැමීමය. අදාළ දින බන්ධනාගාර භූමියට දස දහස් ගණන් ජනතාව එක්රැස් වී බලා සිටියහ. රාජකාරියට අදාළ සියලුම නිලධාරීහු සහ අලුගෝසුවාද තම කාර්යය ඉටුකිරීම සඳහා නිරන්තර සූදානමක පසුවූහ. පෝරකය ක්‍රියාකාරීත්වද කීපවතාවක් පෙරහුරු පරීක්ෂණ මගින් නිරීක්ෂණය කර ලබාගත් දත්ත සටහන් ද බන්ධනාගාර ප්‍රධානියාට ලබා දී තහවුරු කළ අතර පළාත් ආණ්ඩුකාර තැනගේ නියම කරන වේලාව ළං වූ හෙයින් අදාළ රාජකාරී නිලධාරියා විසින් ඔහුගේ දෑත් පිටුපසට තබා ඉතා තදින් ගැට ගසන ලදී. අලුගෝසුවා ඔහු වෙත ළං විය. ඔහු අත රතු පැහැයෙන් බබළන මුහුණ ආවරණය සඳහා සූදානම් කළ රෙදි කඩද විය.


‘‘ඔබට අවසන් මොහොතේ යමක් කියන්න තියනවාද’’


‘‘මට කිසිම දෙයක් කියන්න නැහැ කෙසේ වෙතත් මම නිවැරදිය ඔවුන්ගේ කැමැත්ත අනුව මා මුදාහරියි කියලයි මම විශ්වාස කරන්නේ’’ යැයි වතු අධිකාරිවරයා ඉතා සුපැහැදිලි තැන්පත් ස්වරයෙන් කීහ. මෙම ස්ථානයට ආගමික වතාවත් සඳහා කතෝලික සභාවේ පියතුමා ද පැමිණ සිටියේය. එම කතාව අසා සිටි සභාවේ දේව ගැතිවරයා මෙම නවක වතු අධිකාරිවරයා සමග මිත්‍ර සමාගම් පැවැත් වූ පියතුමෙකි. තීන්දුව දීමෙන් පසුව සිරගතව සිටි කාලයේ දී නිතරම තම මිත්‍රයාව මුණගැසී සුව දුක් විමසීමට ද ගිය අයෙකි. මෙම චූදිතයා සතෙකුටවත් හිරිහැර නොකරන අයෙක් බව හඳුනාගත් දේවගැතිවරයා ඔහු වෙනුවෙන් හැකි සෑම අවස්ථාවකම දෙවියන් ඉදිරියේ යාච්ඤා කරන්නත්, සෙත් පතන්නටත් විය.


ජීවිත දානය උදෙසා නඩු විභාගය පැවැත්වෙන සෑම දිනකම සහ සෑම ඉරිදා දිනකම දෙවියන් ඉදිරියේ යාච්ඤා කරන්නට ඔහු ඉදිරිපත් විය. සුළු පිරිසකගෙන් ඇරඹි යාච්ඤා මෙහෙය පසුව දේවගැති සාලාව පිරී ඉතිරි යන්ට තරම් වාසනාවන්ත වූවේය. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම කැමැත්ත අනුව ඔවුන්ගේ යාච්ඤාවට කන් දෙනු ඇතැයි යන්නය. පෝරකය යැවීමට පෙර දින රාත්‍රියේ පියතුමා ආගම් ළැදි මහජනයා සමග පල්ලියේ විදුලිය නිවා දමා දේව මෙහෙයක නිරත විය. එයින් පසු බන්ධනාගාරයෙන් අවසර ඇතිව චූදිතයාගේ අවසන් කැමැත්තට අනුව දෙදෙනා සමග යාච්ඤා මෙහෙයක් ද සිදු කරන ලදී. ඒ අවස්ථාවේ දී චූදිතයා පියතුමාට එසේ නැතිනම් තම මිත්‍ර දේවගැතිවරයාට ඉතාමත් සන්සුන් මනසකින් හා ශාන්ත දාන්ත විලසින් පුදුම දනවන සහනයක් ලබා දුන්නේ තමා හෙට දිනයේ මරණය කරා ළඟා වන බවත් සන්සුන් මනසකින් හැසිරීමට අපහසු බවත් දැන දැනය.
‘‘ඇත්තටම ගරු පියතුමනි, මට වේදනාවක් දැනෙන එකක් නැහැ මගේ ආත්ම ශක්තිය ගැන මටම ආඩම්බරයි’’ යනුවෙන් ද දේව ගැතිවරයාට මොහු පවසා තිබිණි.


පෙර දවසේ රාත්‍රියේ දෙදෙනා විසින් බන්ධනාගාරයේ අවසර පිට පැවැත්වුණ යාච්ඤා මෙහෙය පිළිබඳ මතකය දේවගැතිවරයාගේ හදවතට නැගෙද්දී අනෙක් පැත්තෙන් රතු රෙදි කැබැල්ල ඔහුගේ හිස මත වැටිණ. හිස සහ මුහුණ ආවරණ කරන ගමන් අලුගෝසුවා පවසා සිටියේ ‘‘ඔබට දෙවියන්ගේ පිහිට ලැබෙයි යාච්ඤා කරන්න’’ යනුවෙනි.


එසේ පවසමින් චූදිතයා පාද තබා ඇති ලීවරය ක්‍රියාත්මක කරන ලදී. දෙපා පහළ විවරය ඈත් වී ඉතා වේගයෙන් ශබ්ද නගා පහළට ශරීරය තොණ්ඩුව සමග ඇද වැටිණි. නරඹන ජනතාව දෑස් පියාගත්තේය. සමහරු ඔල්වරසන් දුන්හ. සමහර උදවිය හඬන්නට, කෑගසන්නටත් වූහ. ගත වූයේ මොහොතකි. අවට ජනතාවගෙන් කොටසක් ඔල්වරසන් දෙන්නටත් සමහර අය වැලපෙන්නටත් පටන් ගත්හ. ඔවුන්ට එය ප්‍රීතියක් බවට පත් වූයේ රතු රෙදිකඩ සමග වැරදිකරු විවරය තුළට වැටී සිනාමුසු මුහුණින් සිටින බව දැනගත් පසුවයි. හඬා වැලපුණේ මරණකාරීගේ ඥාතීහු ය.


ප්‍රීතිඝෝෂා මැද දේවගැතිවරයා ජනතාව අමතමින් මෙසේ කියා සිටියහ.


‘‘මගේ භක්තිවන්ත ආදරණීය ජනතාවනි’’ මෙය දෙවියන් තීන්දු කළ දෙයක් මොහු නිවැරදි කරුවෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි තොණ්ඩුව ගිලිහී ගියේය. මොහුට නැවත වරක් මරණීය දණ්ඩනය දෙන්න බැහැ. දෙවියන් විසින් දුන් අභයදානයට විරුද්ධ වෙන්න කිසිවෙකුටත් බැහැ” යනුවෙනි.
ඉන් පසු පළාත් ආණ්ඩුකාරවරයාට මෙම සිද්ධිය සැලකර සිටි අතර ඔහුගේ නියමයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර චූදිතයාව බන්ධනාගාර ගත කරන ලදී.


පසුව පොලිසිය පැමිණ මුළු කාර්ය මණ්ඩලයෙන්ම කරුණු විමසා ප්‍රකාශ සටහන් කරගත් අතර චූදිතයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත්තේය.
‘‘මට විශාල ශබ්දයක් ඇසුණා දොරක් විවර වී පහළ ඇදවැටෙනවා වගේ දැනුණා. නමුත් සිදු වූ දේ හරි හැටි පැහැදිලිව කියන්නට තේරෙන්නේ නැහැ.’’ මට සිහිය එන විටත් යාච්ඤා කරමින් හිටියේය.’’ යැයි ඔහුගේ ප්‍රකාශය විය.


කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයාගේ පරීක්ෂණයෙන් අවට බලා සිටි ජනතාවද පරීක්ෂණය භාජනය කළ අතර පෝරකය අක්‍රිය වීමට හේතුව ​සොයා ගැනීමට නොහැකි විය. ඉන් පසු චූදිතයාට බන්ධනාගාරයෙන් නිදහස ලැබිණි.


ඇත්ත වශයෙන්ම මෙම ස්ථානයේ සිදු වූයේ කුමක්ද? විශාල නිලධාරී කණ්ඩායමක් පරීක්ෂා කළ එල්ලුම් ගසේ තොණ්ඩුව ගිලිහී යන ආකාරයෙන් සකස් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. ලිවරය ක්‍රියාත්මක කිරීමේදී තොණ්ඩුව ගිලිහී ගියා යැයි අදහස් කරන්නේ තොණ්ඩුව කුඩා වීමය. තොණ්ඩුව කුඩා වීම යනු චූදිතයාගේ ගෙල සිරවීමයි. නමුත් තොණ්ඩු විවරයේ කිසිම වෙනසක් නැත. පසුව පරීක්ෂා කිරීමේ දී ගෙලෙහි ප්‍රමාණයට තොණ්ඩුව තිබූ බව මිනුම්වලින් තහවුරු කර ගන්නා ලදී.


කරුණු කෙසේ වෙතත් තම තමන්ගේ ආගම ධර්මයට අනුකූලව කටයුතු කරන්නේ නම්, තමා මානව ආත්ම විශ්වාසයෙන් යුතුනම් කුමන හෝ දේවත්වයක් අදෘශ්‍යමාන බලවේගයක් තමාගේ පිහිටට පැමිණෙන බව සැබෑවක්ද? උසාවි නීතියේ තීන්දුවට ඉහළින් දෙවියන් වහන්සේගේ බලපෑම ඔහු වටා පැතිර තිබුණේ ද යන්න මෙම සිදු වීමෙන් හෙළි වේද? එහෙමත් නැතිනම් නොපෙනෙන ලෝකයේ දෘශ්‍යමාන බලවේගයක ප්‍රතිඵලයක්ද? එසේත් නොමැති නම් පෙනෙන ලෝකයේ අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වූයේ ද? නමුත් සත්‍ය දන්නේ ඔහුගේ ගෙල ප්‍රදේශය පමණි.


මෙය සත්‍ය සිදුවීමකි. මෙය සිදුවූයේ ක්‍රි.ව. 1894 පෙරවාරි මස 7 වන දා වේලාව පෙරවරු 10.00ටය. ඇමෙරිකාවේ කොලොම්බියා ප්‍රාන්තයේ මිසිපිසි නගරයේ විසූ ‘‘විල් පාර්මිස්’ නමැති විසිඑක් වියැති ගොවිපළ වතු අධිකාරීවරයකු එල්ලා මැරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

 

 

කුලියාපිටියේ
එස්. ප්‍රබෝධ සමරක්කොඩි