දිගුකල් පවතින බෝතල් ජලයේ පිළිකා අවදානමක්


නව ලොව

 

නවීන තාක්ෂණයත් සමග මිනිසාටද ඇත්තේ කාර්යබහුල ජීවිතයකි. ඇතැම් විට ඔවුනට දවසේ පැය 24 ක කාලයද එදිනෙදා ජීවිතයේ කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැත.   


මේ නිසා බොහෝදෙනා එදිනෙදා පහසුවෙන් කරගෙන යාම සඳහා නවීන උපකරණ භාවිත කරති.   


අතීතයේ වී කුරහන්, තල, මෙනේරි වැනි ධාන්‍ය වර්ග නිවසේදීම සකස් කරගත් ගැමියන් අද වන විට විවිධ විදුලි උපකරණ වලින් එම කටයුතු සිදු කරගන්නේ ඔවුන්ගේ වැඩි පහසුව සඳහායි.   


එදා උණුකර නිවාගත් හෝ ළිඳෙන් ගත් ජලය පානය කිරීම පුරුදු වූ මිනිසා අද බෝතල් කළ පානීය ජලයට පුරුදුව සිටී. එහෙත් එය කොතරම් ශරීරයට අහිතකරද යන්න ඔවුන් සිතන්නේ නැත.   


අද භාවිත කරන නවීන පන්නයේ විදුලි උපකරණ මිනිස් ශරීරයට කෙතරම් අහිතකරද? වෛද්‍ය දිලීප වික්‍රමසේකර මහතා අපට මෙසේ පිළිවදන් දුන්නේය.   


කාර්යබහුල ජීවන රටාව නිසා අපගේ කෑම බීම පරිහරණය කරන භාණ්ඩ ද සම්පූර්ණයෙන් නවීකරණය වී ඇත.   


මහන්සියක් හා කාලය වැය කිරීමක් නැතිව ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන උපකරණ භාවිතයට සමාජය පෙළඹී ඇත. ඒ අතර බෝතල් කළ පානීය ජලය මුල් තැනක් ගනී.   
දැනට සොයාගෙන ඇති පරිදි බෝතල් කළ පානීය ජලය විෂකාරක සුළු මට්ටමේ සිට සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා වෙනස් වන පරිදි අන්තර්ගත වේ. මෙය බොහෝ විට බෝතල් කිරීම සඳහා යොදාගන්නා ප්ලාස්ටික් බෝතලය හා එහි මූඩිය මගින් එක්කෙරේ.   


මෙහි ප්‍රධාන විෂකාරක දෙකකි. i bisaprolol A සහ රසායනික නිෂ්පාදන සංඝටක ii Micro Plastic   


ප්ලාස්ටික් නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය මෙම ද්‍රව්‍ය කෙළින්ම බෝතල් කළ ජලයට බෝතලය මගින් එක්කරන අතර ජලය ගබඩා කර තිබෙන කාලය සහ ආකාරය අනුව විසරණය වැඩිවේ.   


මෙවැනි රසායනික ශරීරගත වීමෙන් හා සාන්ද්‍රගත වීමෙන් පිළිකා අවදානම වැඩිවෙනවාට අමතරව අධික ස්ථූලභාවය, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි හෝර්මෝන ආශ්‍රිත රෝග අවදානම වැඩිවීම සිදුවේ. නවතම සොයාගැනීම් මගින් පෙනීයන ආකාරයට මෙහි අන්තර්ගත සමහර රසායනික ශරීරයේ ඊස්ටජන් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරකම් සිදුකරන බැවින් මදසරු බවට හේතුවිය හැක.  


එවැනි අවදානම නිසා ලොව bisoprolol අන්තර්ගත ප්ලාස්ටික් බෝතල් හා කුඩා ළමයින්ගේ උපකරණ තහනම් කර ඇත.   


Micro Plastic වනාහි 5mm ට වඩා කුඩා කැබලිය. බෝතලය පරණවත්ම හා සූර්යා ලෝකයට කෙළින් නිරාවරණය වීම මගින් අන්තර්ගත ජලයට එක්වීම වැඩි වේ.   


මේ නිසා වතුර ගබඩා කිරීමට ප්ලාස්ටික් බෝතල් හා ටැංකි ද ආහාර ගබඩා කිරීම සඳහා ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ද අවම කළ යුතුය. විකල්ප ලෙස වීදුරු බෝතල් සහ ස්වභාවික භාජන භාවිතයට ගත යුතුය. කෙසෙල් කොළ වැනි දේවල් භාවිතය වඩාත් සුදුසුය. ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතය නොකළ යුතුය.   


කෑම පිසීමේදී Micro Wave උඳුන්වල අධික විකිරණශීලීත්වයක් ඇත. විකිරණ මගින් කිරි හා ධාන්‍ය වලින් පිළිකාකාරක සංඝටක නිපදවයි. එම නිසා එවැනි ද්‍රව්‍ය අන්තර්ගත ආහාර සැකසීමට භාවිත නොකළ යුතුය. 60% 90% අතර බොහෝ පෝෂක ගුණයන් අධික තාපය හමුවේ විනාශ වේ.   


ඊට අමතරව විටමින් B/C/E විනාශ කරයි. උඳුන වටා ඇතිවන ක්ෂුද්‍ර තරංග වපසරිය ඇතිකරන සෞඛ්‍ය හානිය ගැන අවධානය වර්තමානයේ යොමුව ඇත.   


ඇලුමීනියම් භාජන Alzheiners වැනි රෝග සඳහා අධිකව ඇලුමීනියම් ශරීර ගතවීම හේතු වේ. නමුත් දිනකට 50mg ට වඩා ශරීරගතවීම ශරීරයට විෂ නොවන ආකාරයට යාමනය කරගත හැක. කෑම පිසීමේ දී යොදාගන්නා භාජන වලින් ඉතා පහසුවෙන් ඇලුමිනියම් ආහාරයට එකතු වේ.   


එය වැඩි වේලාවක් පිසීමෙන් පිසූ ආහාර ඒවායේ ගබඩා කිරීමෙන් ආහාරයට එකතු වන ඇලුමිනියම් ප්‍රමාණය වැඩිවේ. ආම්ලික ආහාර (තක්කාලි, දෙහි) යනාදියට ඇලුමිනියම් වැඩිපුර උරාගැනේ.   


මල නොකන ලෝහ සහ යකඩෙන් සෑදූ භාණ්ඩ මේ ආකාරයෙන්ම ආහාරයට යකඩ, නිකල්, ක්‍රෝමියම් එක් කළ ද ඒවා බො​හෝ විට ශරීරයට අහිතකර මට්ටමට වඩා අඩු අගයක් ගනී.   


මේ ආකාරයට පළඳුවුණු Nonstick භාජන වලින් භාජන පිරිසිදු කරගන්නා යකඩ දැල් මගින් ලෝහ වර්ග ශරීරගත විය හැක.   

 


ධනු විජේරත්න