ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකළ පුනර්භව පර්යේෂණ


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

 

 

 

​පෙර භවයේ හෙළි කළ දරුවන්ගේ ගති සිරිත් සහ හැසිරීම් රටා මගින් ඇතැම් විට පුදුම තොරතුරු පර්​ෙ‌ය්ෂණවලදී රුධිරය සම්බන්ධ ඩී.එන්.එ්‍. පරීක්ෂණ සිදු කළ අවස්ථා ද ඇත. එවැන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ නිවුන් දරුවන් විසින් හෙළි කළ පුනර්භව සාධකවලදීය.   


විශේෂයෙන් නිවුන් දරුවන් දෙදෙනෙක්ම පෙර බවය හෙළි කළ අවස්ථාවලදී ඔුවන්ගේ රුධිර සාම්පල් නිරීක්ෂණය කිරීම පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී ඇත. ජීවියෙකු මෙලොව බිහි වීමේදී ප්‍රථම සෛලයට මවගේ සහ පියාගේ වර්ණ දේහ අනුව ජීවියා හට ගන්නා බැව් වෛද්‍ය සිද්ධාන්ත වේ. ඒ අනුව ජාන මගින් දරුවන්ගේ ගති සිරිත් පිහිටන බැව් ද පිළිගත් තවත් සිද්ධාන්තයකි. එහෙත් ඉන් පරිභාහිරව දරුවන් මගින් මතු වන ප්‍රතික්‍රියාවන් තුළ කිසියම් සැඟවුණු රහස් ඇති බැව් පුනර්භව පර්​ෙ‌ය්ෂණ්‍යවලදී දක්නට ලැබේ. එවැනි පුනර්භව සිදුවීම්වලදී ඔවුන්ගේ පෙර භවයට සම්බන්ධ සිරුරේ පිහිටීම් සහ ගති සිරිත් දක්නට ලැබුණු අවස්ථා ද රැසක් ඇත. නිවුන් දරුවන් මව් කුස තුළ සිටියදී ඔවුන් එකම කෝෂයකින් බිහි වී තිබේ ද නැතහොත් කෝෂ දෙකකින් උපත ලබා තිබේ ද (One Egg Or Two EGG) යනුවෙන් විමර්ශනය කරනු ලැබේ. නිවුන් දරුවෝ බොහෝ විට එක හා සමාන හැඩරුවින් යුතුව උපත ලබන බැව් සාමාන්‍ය පිළිගැනීමය. එහෙත් ඇතැම් නිවුන් දරුවෝ එකිනෙකාට මුළුමනින්ම වෙනස් හැඩරුවින් යුතුව උපත ලබන අවස්ථා ඇත.   
නිවුන් දරු උපත් පිළිබඳව ​ෙවෙද්‍ය සිද්ධාන්ත අනුව එකම කෝෂයක් තුළින් බිහි වන දරුවන් (Monocigotic) යනුවෙන් හැඳින්වේ. කෝෂ දෙකක් තුළින් බිහි වන නිවුන් දරුවන් (Dicigotic) ලෙස හැඳින් වේ. ඒ අනුව පෙර භවය හෙළි කළ නිවුන් දරුවෝ ඇතුළත් වන්නේ කුමන වර්ගයකට ද යන්න විමර්ශනය කිරීම පුනර්භව පර්​ෙ‌ය්ෂණවලට ද අතිශය වැදගත් වේ.   


පෙර භවය හෙළි කළ නිවුන් දරුවන්ගේ ඇතැම් විවිධ චාර්යාවන් පෙර භවයේ පුද්ගලයන්ට සමාන වූ අවස්ථා රැසක් ඇත. ඒ සඳහා සියුම් පර්​ෙ‌ය්ෂණයක් ලෙස රුධිර පරීක්ෂණ සිදු කෙරේ.   


පෙර භවය හෙළි කළ නිවුන් දරුවන් තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් වී ඇත්තේ බොහෝ විට ඔවුනොවුන් වෙනස් හැඩරුව ලබා උපත ලැබීමය. නිවුන් දරුවන් ලෙස ඉපදී දෙදෙනාම පෙර භවය හෙළි කළ සිදුවීම් පනහක පමන සංඛ්‍යාවක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට එක්ව ඇත. එවැනි සාධක ලැබී ඇති රටවල් අතර ඉන්දියාව, බුරුමය, එංගලන්තය සහ ශ්‍රී ලංකාවද ඇතුළත් වේ. එම දරුවන් පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණවලදී ඔවුන්ගේ හැඩරුව සහ හැසිරීම් රටා අතර සිරුරේ පිහිටීම් ද වෙනස් බවකින් දක්නට ලැබේ. ඇතැම් විට ශාරීරික රෝගාබාධ ද එම දරුවන්ගේ පෙරභවය සම්බන්ධ වූ අවස්ථාද තිබේ.   


එවැනි දරුවන් පිළිබඳව සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ මගින් ඔවුන්ගේ ශාරීරික පිහිටීම් සහ ගති සිරිත් ඉතා සියුම් ලෙස පරීක්ෂා කරනු ලැබේ. එය සිදු කරනු ලබන්නේ වෛද්‍ය අංශ මගින් හඳුන්වා දී ඇති නිවුන් දරුවන් අයත් වන වර්ගීකරණයට සම්බන්ධ (ZYGOSTTY සහ MONOZYGOTIC) යන පරීක්ෂණ මගිනි.   


හැඩ රුවින් වෙනස් වී හැසිරීම් රටා ද වෙනස් බවක් තිබූ පෙර භවය හෙළි කළ නිවුන් දරුවන් දෙදෙනෙකුගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවේ මාහාචාර්ය ස්ටීවන්සන් විසිනි. එම පරීක්ෂණ පැවැත්වූයේ වර්ජීනියා මහ​ රෝහලේදීය.   


බුරුමයේ දී සිදු කළ පුනර්භව පර්​ෙ‌ය්ෂණයකදී නිවුන් දරුවන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂණ ප්‍රථම වරට සිදු කරනු ලැබුවේ. 1978 වසරේදීය. අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ පෙර භවය හෙළි කළ නිවුන් දරුවන් කීප දෙනෙකුගේ රුධිර සාම්පල් පරීක්ෂා කැරිණි. ශ්‍රී ලංකාවේ නිවුන් දරුවන් හතර දෙනෙකුගේ රුධිර පරීක්ෂණ 1979 සහ 1982 යන වසරවල දී සිදු කැරිණි. මෙම රුධිර පරීක්ෂාවන් සඳහා පෙර භවය හෙළි කළ දරුවන් සමග පවුලේ ලේ නෑයන් රැසක් ද සහභාගි කරවනු ලැබීය. රුධිර පරීක්ෂණ පැවැත්වූ ප්‍රථම ශ්‍රී ලංකාවේ දරුවන් දෙදෙනා උපත ලැබුවේ වැලිගම ප්‍රදේශයේදීය.   

 

පෙර භවය හෙළිකළ නිවුන් දරු දෙදෙනෙක්

 

 


ඔවුන්ගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ඉයස් ස්ටීවන්සන් එම රුධිර සාම්පල් වර්ජීනියා මහ රෝහල වෙන රැගෙන ගියේය. එහිදී රුධිර පරීක්ෂාව සිදු කැරිණි.   


ඒ 1979 වසරේදීය. ඔවුන් දෙදෙනා උපත ලැබුවේ 1972 වසරේදීය. පිරිමි දරුවන් දෙදෙනෙකු වූ ඔවුන් දෙදෙනාම පෙර භව තොරතුරු අනාවරණය කළහ. ඔවුන්ගේ හැඩරුවද එකිනෙකාට වෙනස් බවක් දැක්වීය. එක් දරුවෙකු ප්‍රකාශ කළේ ඔහු බළපිටිය ප්‍රදේශයේ ජීවත් වූ බවකි.   


මියගිය අයුරු පැහැදිලිව හෙළි නොකළ නමුත් පෙර භවයේ නිවෙස් පිහිටා තිබූ අන්දමත් පෙර භවයේ පාසල් ජීවිතය ගැනත් ඔහු නිවැරදිව අනාවරණය කළේය. අනෙක් නිවුන් දරුවා පැවසුවේ වෙඩි පහරකට ලක් වී මරණය සිදු වූ බවය. ඒ සමගම තවත් කීප දෙනෙකුට වෙඩි වැදුණ බවක් ද ඔහු අනාවරණය කළේය. එය සිදුවූයේ බළපිටිය ප්‍රදේශයේ දී බැව් ද ඔහුට ද මතක තිබිණි.   


මේ අයුරින් පෙර භවය හෙළි කළ එම නිවුන් දරුවන් දෙදෙනාගේ හැසිරීම් රටා තුළින් දක්නට ලැබුණු විශේෂ සිදුවීම් අතර ඔවුන්ගේ දක්නට ලැබුණු බියපත්වීම්ද ඇතුළත් වීය. එක් දරුවෙක් ආහාර ගැනීමේදී මිරිස්වලට මහත් ආසාවක් දැක්වීය. අනෙක් දරුවා මිරිස් දැඩි ලෙස අප්‍රිය කළේය. ඔහු ආගමික අංශයට දැඩි නැඹුරු බවක් පෙන්වීය. අනෙක් දරුවා තුළින් එවැන්නක් දක්නට නොවීය. එක් අයෙක් රථ වාහනවලට මහත් බියක් දැක් වීය. 

 
අනෙක් දරුවා කිසිදු බියක් නොදැක්වීය. එම හැසිරීම් රටා පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී හෙළි වූයේ මිරිස් කෑමට රුසි බවක් දැක් වූ දරුවා හෙළි කළ පෙර භවයේදී ඔහුගේ ප්‍රියතම ආහාරය වී ඇත්තේ පිසින ලද මිරිස් ව්‍යංජන බවය. මෙම දරුවන් දෙදෙනා පිළිබඳව සිදු කළ රුධිර පරීක්ෂණය නිරීක්ෂණය කිරීම ද සිදු කරනු ලැබුවේ වර්ජීනියා මහ රෝහලේ රසායනාගාරයේදීය. එහිදී සනාථ වූයේ ඔවුන් දෙදෙනා (MONOZYGOTIC) යනුවෙන් හැඳින් වූ නිවුන් දරු උපතක් බවය.   


ඔවුන් දෙදෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂාව පිළිබඳ මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කළ පරීක්ෂණයේ ප්‍රතිඵල ඔහුගේ පර්යේෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත්තේ මෙසේය.   
(ANALYSIS OF THE BLOOD GROUP AND SUBGROUP SHOWED THAT PROBABILITY OF THE TWIN BENG MONOZYGOTIC) යනුවෙනි.   


ශ්‍රී ලංකාවේ දෙවන රුධිර පරීක්ෂණය සිදු කළ නිවුන් දරු දෙදෙනෙකු වූයේ ගාල්ල ප්‍රදේශයේ දී උපත ලද දැරියන් දෙ​ෙදනෙකි. උපතින් එම නිවුන් දැරියෝ මුළුමනින්ම වෙනස් රුව ලබා සිටියහ. ඔවුන්ගේ චර්ම වර්ණ සහ උස ප්‍රමාණ වෙනස් වී තිබිණි. එක් දැරියකගේ සිරුරේ පැහැදිලි උපන් ලපයක් ද දක්නට ලැබිණි. බහතෝරන වියට පත් වූ එම දැරියන් දෙදෙනාම පෙර භවය අනාවරණය කළහ. එක් දැරියකු උසින් අඩු වූ අතර වර්ණයෙන් අනෙක් දැරියට වඩා පැහැපත් විය. ඇය පැවසුවේ සිරුරේ ඇති උපන් ලපය ඇති ස්ථානයට වෙඩි පහරක් එල්ල වූ බවය. ඇගේ පෙර භවයේ නම ද අනාවරණය කළ දැරිය පෙර භවයේ දී ඇය තරුණයෙකු ලෙස සිටි බැව් කීය.


 පෙර භවය හෙළි කළ අනෙක් දැරිය උසින් වැඩි බවක් දක්නට ලැබිණි. ඇය ද පෙර භවයේ නම අනාවරණය කළාය. ඇය ද පැසුවේ පෙර භවයේදී තරුණයෙකු ලෙස ජීවත්ව සිටි බවකි. මෙම දැරියන් දෙදෙනාගේ හැසිරීම් රටා සහ ගතිසිරිත් පිරිමි ගතිසිරිත් නිරූපණය කරන්නට විය.   


​ෙමම දැරියන් දෙදෙනාගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී ඔවුන් අනාවරණය කළ පෙර භවයේ නිවෙස් සහ පුද්ගලයන් හමුවීමට ද එම දැරියන්ට අවස්ථාව ලැබිණි. පෙර භවයේදී ඔවුන් දෙදෙනා මිතුරන්ව සිටියහ.   


එහිදී සනාථ වූ අතිශය පුදුම ප්‍රබල සාක්ෂියක් බවට පත් වූයේ පෙර භවයේ මියගිය තරුණයන්ගේ ශාරීරික සමාන කම් එම දැරියන් මගින් සනාථ වීමය. උසින් අඩුව පැහැපත් බවක් ලබා සිටි දැරිය පෙර භවයේ සිරුර හා සමාන බව දක්නට ලැබීමය. අනෙක් දැරියගේ ශාරීරික සමාන කම් ඇය හෙළි කළ තරුණයාගේ සිරුරට සමාන බවක් දැක්වීය. මේ අනුව ඔවුන් එකම කෝෂකින් උපත ලබා ඇත් ද කෝෂ දෙකකින් උපත ලබා තිබේද යන්න නිරීක්ෂණය කිරීමට රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදුකෙරිණි. එහිදී සනාථ වූ රුධිර පරීක්ෂණය මහාචාර්ය ස්ටීවන්සන් විසින් පර්යේෂණ වර්තාවකට ඇතුළත් කර ඇත්තේ මෙසේය.   


(Fifteen Members of the Family Including Twins Gave Blood and Brought the Samples Back to the United Statets Examination Of the Samples In Blood Bank Of the University Of Virginia Showed the Twin Were Dizygotic)   

 

 

වර්ජීනියා මහ රෝහල

 


යනුවෙන් හඳුන්වා දී තිබේ. එක් කෝෂයක් තුළින් බිහි වූ කළල දෙකකින් ඔවුන් බිහි වී ඇති බැව් එමගින් සොයා ගැනීමට හැකි විය. එම දරුවන් දෙදෙනා එකිනෙකාට වෙනස් බවක් දැක් වුවද උපත සිදුවී ඇති ආකාරය මෙම පරීක්ෂණයට ඉතා වැදගත් බැව් එහි සඳහන් වේ. නිවුන් දරුවන් වුවද ඔවුන්ගේ ගති ලක්ෂණ සහ සිරුරේ පිහිටීම පෙර භවයේ පුද්ගලයන්ට සමාන වීම පුදුම උපද වන සුළු විය.   


එංගලන්තයේදී උපත ලද තවත් නිවුන් දරුවන් දෙදෙ​ෙනක් ඔවුන්ගේ පෙර භවය අනාවරණය කළහ. මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ මෙම පුනර්භව සාධකය හෙළි වූයේ ලන්ඩනයේ හෙක් හැම් ප්‍රදේශයේ 1958 වසරේදීය. ඔවුන් දෙදෙනාම එකම මවකගේ දරුවන් ලෙස ජීවත්ව සිට රිය අනතුරකින් මරණයට පත් වූ දැරියන් දෙදෙනෙක් වූහ.   


එම නිවුන් දරුවන් දෙදෙනාට පෙරභව අනතුර සිදුවීම නිසා සිරුරේ සිදු වූ තුවාල කැළල් උපන් ලප ලෙස ද පිහිටා තිබිණි. ඔවුන්ගේ හැසිරීම් රටා තුළින් ද පෙර භවයේ ජීවත්ව සිටි දරු දෙදෙනාගේ ගති සිරිත් සහ හැසිරීම් රටා වලට බෙහෙවින් සමාන විය. 

 
මෙම නිවුන් දැරියන් දෙදෙනා පෙර භවයේ අකුරු ලිවීමේදී පෑන් සහ පැන්සල් භාවිතා කළ අයුරුම යළි උපත ලද දැරියන් මගින් ද දක්නට ලැබීම අතිශය පුදුම උපදවනසුලු විය.   
මොවුන් පිළිබඳව ද රුධිර පරීක්ෂාවක් සිදු කැරිණි. එය සිදු කරනු ලැබුවේ එංගලන්තයේ ෂෙපීල්ඩ් හි පිහිටි (National Blood Transfusion Service in Sheffield) හිදීය. එම රුධිර පරික්ෂාව පිළිබඳව ද මාහචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තාවේ සඳන් කර ඇත්තේ ඔවුන් ද අයත් වන්නේ (MONOZYGOTIC) මොනොසිගොටික් වර්ගයට අයත් වන බවය.   
​මේ අනුව පෙර භවය හෙළි කළ දරුවන්ගේ සිරුරුවල පිහිටීම් සහ ඔවුන් උපතින්ගෙන එන හැසිරීම් රටා පුනර්භවයට ප්‍රබල සාක්කි බවට පත් වී තිබේ. එම සාක්කි තහවුරු කෙරෙන සියුම් පරීක්ෂණයක් වී ඇත්තේ රුධිර පරීක්ෂාවන් බැව් දක්නට ලැබේ.  

 

 


තිස්ස ජයවර්ධන