ජිවිතය ජය ගන්න සුබ වේලාවක් මෙන්න


දඩයම් යුගයෙන් ​ගොවි යුගයට පා තැබු ආදී කාලීන මිනිසා විශ්වයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට තරම් බුද්ධිමත් විය. හිරුගේ හා සඳු ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වයෙන් කාලගුණික තත්ත්වයෙහි වෙනස් වීම් සිදු වන බව අවබෝධ කර ගැනීම ඊට මූලාරම්භය විය. අපගේ මුතුන්මිත්තෝ යල මහ වගා ක්‍රමය අනුව ඊට සුදුසු බීජ වගා කිරීමෙන් අස්වැන්න සරු කර ගැනීමට සමත් වූයේ ද ඒ අන්දමිනි. පොහොර භාවිතයක් නොමැති නිසා වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය නිපදවා ගැනීමටද සමත් වූහ.
   
අපරදිග ජාතීන් විසින් ඔරලෝසුව සොයා ගැනීමට පළමු අප රට ජනතාව කාල හෝරාව අනුව කටයුතු කිරීමෙන් පල ලබා ගත්හ. ඔරලෝසුව භාවිතයට පැමිණීමෙන් පසුව ද ඊට අනුරූපව කටයුතු කළ අපගේ වැඩිහිටියෝ දවසේ ආරම්භය හිරු උදාවෙන් බව පැහැදිලි කළහ. ඒ අනුව දින​ෙය් පළමු හෝරාව (ඔරලෝසුව අනුව) පළමු පැය හෙවත් විනාඩි හැට කොටස් පහකට බෙදා සුබ අසුබ තත්ත්වය අත්දැකීමෙන් මතු පරපුරට ද දායාද කරන ලදි.   


කාල හෝරාව 

 
කාල හෝරා චක්‍රය සකස් කර ඇත්තේ හිරු උදාව 6.00 ලෙස සැලකීමෙනි. (පාංචාංග ලිත නොමැති අයට සතිපතා නිකුත් වන ජ්‍යොතිෂ පත්‍රයකින් හිරු උදාව දැනගත හැකිය.)   


​ෙව්ලාව ඉරිදා සඳුදා අඟහ. බදාදා බ්‍රහස් සිකු. සෙන.   


දිවා   


6.7 රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි   
7.8 ශක්‍ර ශනි රවි චන්ද්‍ර කුජ බුද ගුරු   
8.9 බුද ගුරු ශුක්‍ර ශනි රවි චන්ද්‍ර කුජ   
9.10 චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රවි   
10.11 ශනි රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර   
11.12 ගුරු ශුක්‍ර ශනි රවි චන්ද්‍ර කුජ බුද   
12.1 කුජ බුද ගුරු ශුක්‍ර ශනි රවි චන්ද්‍ර   
1.2 රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශූක්‍ර ශනි   
2.3 ශුක්‍ර ශනි රවි චන්ද්‍ර කුජ බුද ගුරු   
3.4. බුද ගුරු ශුක්‍ර ශනි රවි චන්ද්‍ර කුජ   
4.5 චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රවි   
5.6 ශනි රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර   


පංචම කාල හෝරාව   


මිනිත්තු රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි   
0.12 රවි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි   
12.24 චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රවි   
24.36 කුජ බුද ගුරු ශුක්‍ර ශනි රවි චන්ද්‍ර   
36.48 බුද ගුරු ශුක්‍ර ශනි රවි චන්ද්‍ර කුජ   
48.60 ගුරු ශුක්‍ර ශනි රවි චන්ද්‍ර කුජ බුද   


විෂම පංචම   


ගුරුගේ සඳු පංචමය අසුබ වුවද ඡන්ම කේන්ද්‍රයේ සඳු හා ගුරු බලවත් නම් එම කාලය විස නැත.   


සති​යේ පළමු දිනය හිරුට ප්‍රධානත්වය දිමට ඉරු දින (ඉරිදා) හිරු උදාවේ සිට පළමු විනාඩි හැට රවි හෝරාව ලෙසත්, පසු දින සඳු ග්‍රහයාට අයිතිය පැවරීමෙන් (සඳුදා) පළමු විනාඩි හැට සඳු හෝරාව ආදී වශයෙන් ඒ ඒ දිනයන්හි මුල් පැය දිනයේ නමින් හැඳින්වීමට පුරුදු වුහ. මෙසේ හෙළ බස අරුත් ගන් වන පරිදි සතියේ දිනයන් හඳුන්වනු ලැබීය. බටහිර ජාතීන් සන්ඩේ, මන්ඩේ යනුවෙන් නම් කරනු ලැබුවද ඔවුන්ගේ බසින් එය විග්‍රහ කිරීමට නොහැකි වී තිබීම ද වර්තමානයේ බොහෝ දෙනෙකුට අමතක වී ඇත.   


සුබ හෝරාවන් තෝරා ගැනීම.   


රවි හෝරාව ප්‍රභූවරයෙකු හමු වීමට, සම්මුඛ පරීක්ෂණයට ද 

 
සඳු හෝරාව - සියලු සුබ කටයුතු වලට ද   


කුජ හෝරාව සටනට මෙන්ම භූමිය කැනීම වගා කටයුතු වලට ද   


බුදු, ගුරු හෝරාවන් බුද්ධිමත් කටයුතු වලට ද   


ගුරු හෝරාව විවාහයට ද   


සිකුරු හෝරාව ව්‍යාපාර කටයුතු වලට හා ගමනට ද   


ශනි හෝරාව පුණ්‍ය කටයුතු වලට හා මහන කිරීමට ද යහපත්ය.   


මීට අමතරව ජ්‍යොතිෂ් ශාස්ත්‍රය ගැන උන්නදුවක් දක්වන අයට ඡන්ම කේන්ද්‍රයේ පුණ්‍යස්ථානය හෙවත් නව වැන්න අධිපති ග්‍රහයාට අයත් කාල හෝරාවක් ද තෝරා ගත හැකිය.   


රාහු කාලය (දිවා රාත්‍රී දෙකටම)   


ඉරිදා 4.30 සිට 6.00 දක්වා ද, සඳුදා 7.30 සිට 9.00 දක්වා ද අඟහරුවාදා 3.00 සිට 4.30 දක්වා ද, බදාදා 12.00 සිට 1.30 දක්වා ද,   


බ්‍රහස්පතින්දා 1.30 සිට 3.00 දක්වා ද සිකුරාදා 10.30 සිට 12.00 දක්වා ද   


සෙනසුරාදා 9.00 සිට 10.30 දක්වා ද රාහු කාලය පවතින බව පොත් පත් වල සඳහන් වුවද අද දවසේ එම නියමයන් නොතකා හැරීමට ඇතැම්හු පුරුදුව සිටිති. නැතහොත් සුබ කටයුතු කිරීමේදී තමන් විසින්ම සිතා මතා බාධා ඇති කරමින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට තරම බුද්ධිමත් වෙති.   

 

 

 

 

 


ජ්‍යොතිර්වේදී   
මිල්ටන් හේවා පතිරණ.