ජ්‍යෝතිෂ විමර්ශන හා අත්දැකීම්


ජ්‍යෝතිෂය බොරු යැයිද? එහි කිසිම ප්‍රායෝගික වැදගත් කමක් නැතැයිද වරක් බ්‍රිතාන්‍ය තාරකා පර්යේෂණායතනයක සමාජිකයකු විසින් පවසා ඇත. මෙය ජ්‍යොතිෂය ගැන සැලකිල්ලක් දක්වන්නන් තුළ කුතුහලය දනවන්නක් වනු ඇත. 

හිරු හා සඳුගේ බලපෑම් ගැන බොහෝ දෙනා දනිති. හිරුගේ රැස්වල බලපෑමක් නොමැතිව ගස්වල ඵළ නොදරණ බවත් ගොවිතැන් කරණ අය දන්නා අතර සඳුගේ බලපෑම නිසා ක​ෙඳ් ඉරිමදය ඇති වන බවත් ගස් කපන්නෝ දනිති. දැරියක වැඩිවිය පැමිණීම සඳුගේ ගමන උක්ත කුජ නිසා සිදුවන බව ‘‘ජ්‍යෝතිෂචන්ද්‍රාකි’’ය සඳහන් කරයි. 


බොහෝ විට අනාවැකි වරදින්නේ නිවැරදි වේලාව නොතැබීම හේතුවෙනි. නිවැරදි වේලාව විය යුත්තේ දරුවකු බිහිව මෙලොව ඉස්මහත් වේලාව බව ඉන්දියා වේ. ප්‍රකට ​ෙජ්‍යා්තිෂ උගත කු වූ කයිලාස අයිසාර් බ්‍රාහ්මණ පඬිවරයා විසින් ප්‍රකාශ කොට ඇත. ඇතැම් අවස්ථාවල දරුවකු හඬාගෙන උපදින අතර ඉපදී තත්පර ගණනක් නිහඬව සිටින අවස්ථා ද ඇත. 


හැඩීමත් හුස්ම ගැනීමත් දෙකම එක විටම සිදුවන්නකි. බොහෝ විට වේලාව වරදින්නේ . ස්ථානයන් මාරුවන අවස්ථාවක උපදින දරුවන්ගේය. එවැනි අවස්ථාවලදී අනුගමනය කළ හැකි ශාස්ත්‍රීය නාම ජ්‍යෝතිෂයෙහි දක්වා ඇත. දවාදශාංගතය සෙවීමෙන් උපන්නේ පිරිමි දරුවෙක්ද නැතහොත් ගැහැනු දරුවෙක්ද එසේත් නැතහොත් තිරිසන් සතකුද යන්නත් හෙළිකරගෙන නිවැරදි ලග්නය තීරණය කළ හැකි වනු ඇත. 


ලෝපස, පරාශර, යවන මෙන්ම නාසි ශාස්ත්‍රයෙහි විචක්‍ෂණය වූ ........... වැනි සෘෂිවරුන් රැසකගේ දැනුමෙන් හා තාස්‍යය වරාහම්හිරි වැනි පඬිවරුන්ගේද බ්‍රාහ්මණ ආදි වියතුන්ගේද ආභාෂයෙන් වර්ධනය වූ ජ්‍යෝතිෂයේ පරස්පර තැන්ද නැතැයි කිව නොහැකිය. 


සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලයෙහි රජකුගේ වුණත් රාජ්‍ය විනාශ වී දිලින්දකු බවට පත්වන බවද යවන සෘෂිවරයා විසින් පවසා ඇත. එසේ වූවද අප රටේ සිටි ප්‍රසිද්ධ දේශපාලකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති පදවියටත් ඊට පසු, ජනාධිපති පදවියටත් පත් වූයේ වර්ෂ හත හමාරක් ජන්ම ඒරාෂ්ටකය පවතිද්දී බැව් හෙළිවේ. 


පුනර්භවය හා දිව්‍ය ලෝක සංකල්පයද බුදු දහමේ මෙන්ම ජ්‍යොතිෂයෙහිද දක්වා ඇත. ‘‘ඉරිද‌ා ලංකාදීප’’ පුවත් පතෙහි පසුගියද‌ා පල වූ පුනරුත්පත්තිය පිළිබඳ පුවතෙක මෝටර් රථ අනතුරකින් මිය ගිය අයකු නැවත උත්පත්තිය ලැබූ පසු හිසෙහි වූ තුවාලය ද පෙර ආත්මයේ හිසේ වූ තුවාලයේ ලකුණක් බව ප්‍රත්‍යක්‍ෂ විය. 


‘‘රැස ඉපදුන අඟහරුවා සිටිමින 
සත ගුරු කිව් වත් ගොස් සිටියේනින 
හිසමැද ලකුණක් වත් ලපයක් වන 
බස පෙර ඕවනාචාරී පවසන’’ 


උගත්කම, භාෂා කේෂත්‍ර දැනුම පෙර ආත්මවල ලබාගත් දැනුම අනුව සිදුවන බව පෙනේ. සිදුහත් කුමරු ගිය සරසවියක් නැත. සර්ධාමිත්‍ර වෙතින් උගත්තේ රාජය පාලනය හා භාෂා ගාත්‍ර පිළිබඳ කරුණුය. නමුත් උන්වහන්සේ සර්වඥ වූහ. 


‘‘යුවති රැසේ යෙදුනෝතින් සිසිහුන් 
පුවත සිල්ප දරමින් විය පොහොසත් 
දියත ඉසුරු සැබ සේනා පිරිසත් 
අමත වීදුරු යෝගය ඇප මුනි උන්’’ 


මෙම යෝගය ඇතිව උපන් යුවතියක් දැනට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයේ ඉගෙනීම ලබයි. ගම්බද පාසලක උගෙන පස්වැන්නේ ශිෂ්‍යත්වය සමත්ව කොළඹ උසස් විදුහලක උගත් ඇය විශ්ව විද්‍යාලයට තේරී ඇත. 


මෙම යෝගය ඇයගේ කේන්ද්‍රයේ විද්‍යාස්ථානය වූ පස්වන්නේ යෙදී ඇති අතර වෘෂභ ලග්නයෙන් උපන් ඇයගේ එකොස් වැන්නේ ගුරු ග්‍රහයා ද පිහිටා ඇත. 


මතුගම ආනන්ද ශාස්ත්‍රලයේ දේශනයකට පැමිණි ලක්දිව ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයකුගේ කේන්ද්‍රයේ ඔහු විශාරද වෛද්‍යවරයකු වන බව දක්වා ඇත. දේශනය අවසානයේ විවේක අවස්ථාවේදී එම දේශනය ඇසීමට පැමිණ සිටි විදුහල්පතිවරයකු සමඟ කළ සතුටු සාමිච්චියේදී ජ්‍යෝතිෂ්‍ය ගැන සැලකිල්ලක් දක්වන කෙනෙකු වූ එම විදුහල්පති අත්දැකීමක් ලබන රිසියෙන් දේශකයාගේ කේන්ද්‍රය ගැන විමසූ වේලේ ඔහුට මතක ඇති ආකාරයට ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිවීම් ද විදුහල්පතිවරයාට දෙන ලදී. 


‘‘බලවත් ගිරුගුරු කෙදුරක පත්වී හිරු ගුරු දිනයක වන්උපනා වෙදසත් දැනගත් පුගූලෙකු වන්නේය. කතුරැස් කැල්මෙන් යුතුදිලෙනා. 


මෙම දේශකයා ඉපදී ඇත්තේ ගුරුදිනයකදී වන අතර ග්‍රහ පිහිටීම් ද වෛද්‍ය විශාරදයෙකු විමට හේතුවන අයුරින් පිහිටා තිබුණි. 


කොත්මලේ ගණිතයා ප්‍රේම රිට්ටාව පෙන්වූ සැටිද, සිකුරු වෙස් මවාගෙන පැමිණ‘‘ අද සිකුරු එන්නේ කොහේ දැයි’’ ඇසූ වේලේ ‘‘සිකුරු මා ළඟම’’ සිටිනැයි කියූ බවද ජනශ්‍රැතියෙහි වේ. මේ ගැන ශ්‍රී විජය රාජසිංහ රජු ඔහුට ‘සිකුරාජපති’ යන ගෞරව නාමය දුන් බව ජනප්‍රවාදයෙහි වේ. එම පරපුරෙන් පැවත එන අය අදත් කොත්මලේ පෙදෙසෙහි වෙසති. 

 

 


සම්භාව්‍ය පොතපත ඇසුරෙනි.

 

 

 

 

 

 

 

 

 

 

 
විශ්‍රාමලත් විදුහල්පති (ශ්‍රී.ලං.වි.සේ 1) 
පාරම්පරික ජ්‍යොතිෂ්‍යවේ දී 
ඇම්.ඩී.ඊ. සුමනරත්න, 
හොරවල- වැලිපැන්න.