ගව පට්ටියට ගිය තාක්ෂණය


 

 

කෘෂිකර්මය යනු ඉන්දියානු ආර්ථිකයේ දැවැන්ත කොටසකි. රටේ ජනගහනයෙන් අඩක් පමණම කෘෂිකර්මාන්තයේ නියැළී සිටින අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් පමණ ලැබෙන්නේ කෘෂිකර්මාන්තයෙනි. 


යල් පැන ගිය යටිතල පහසුකම් හා ව්‍යාපාර නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා ලැබෙන අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යයි. මේ ගැටලුවලට විසඳුමක් වශයෙන් කෘෂිකර්මය ආශ්‍රිත ව්‍යාපාර සඳහා තාක්ෂණය හඳුන්වා දී ඇති අතර සමාගම් රාශියක් සිටීම නිසා අතිශය තරඟකාරී බවක් ඇතිව තිබේ. ඒ අනුව පශු සම්පත් සඳහා, එනම් සතුන්ගේ සිරුරුවලට සවි කරන නොයෙක් උපාංග මෙන්ම ගවයන්ගේ මුහුණු හඳුනාගත හැකි ඇප් එකක් දක්වා තාක්ෂණය භාවිත කිරීමට අපේක්ෂිතය. 


අධික ණය බර නිසා ගොවියන් සිය දිවි හානිකරගන්නා සහ අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා තවත් පිරිසක් උද්ඝෝෂණය කරන පසුබිමක ගොවියන්ගේ ආදායම ඉහළ නැංවීමට අගමැති මෝදි පොරොන්දු වී සිටියේ 2018 සිටය. ඩිජිගාඕන් නමැති සංකල්පය හඳුන්වා දෙන්නේ ඒ අනුවය. ඩිජිටල් තාක්ෂණයෙන් යුත් ගම්මානය යන තේරුම ඇති මෙම ව්‍යාපෘතිය මගින් ගම්මුන් ලක්ෂයක් පමණ අන්තර්ජාලයට සම්බන්ධ කරමින් බැංකු කටයුතු, සෞඛ්‍ය හා අධ්‍යාපනය ආදී පහසුකම් සැලසීමට අපේක්ෂිතය. 


අන්තර්ජාලය ඇසුරිනි. 
නිසංසලා