ගමේ හිටිය දොඩම්පේ මුදලාලි ආණ්ඩු පෙරළන සැකකාරයෙක් වෙලා


සී.අයි.ඩී. හතරවැනි තට්ටුවෙන් වැටී මියගිය දොඩම්පේ මුදලාලිගේ ගම්බ්ම් සොයා ගිය ගමන-2

 

 

රත්නපුර පානදුර පාරේ රත්නපුර දෙස සිට පැමිණි නිල් පැහැති ෆෝඩ් ප‍්‍රිෆට් රථය දොඩම්පේ පසුකර ඉදිරියට ඇදී ටික දුරක් ගිය පසු දකුණට ඇතිි‘අධිකාරිය’’ ගමට යන ගුරු පාරට හැරෙව්වේයග ඒ මීට පනස් දෙවසරකට පෙර සිදුවූ සිදුවීමක අතීතාවර්ජනයකි. 

මේ කියන ගුරු පාර අද කොන්ක‍්‍රීට් කර ඇතග දැන් අපි ඒ පාර දිගේ ගමන් ගන්නෙමු.


ි‘ඉස්සර මේ හැරෙන හන්දියේ ගෙවල් තිබුණේ නෑග මේ හැරෙන හන්දියට කියන්නේ බේකරි හන්දිය කියලාග මෙතන බේකරියක් තිබුණාග මුලු පළාතටම බේකරි කෑම දුන්නේ මෙතනින්ග මාටුවාගලල මුදුන්කොටුවල හොලීපිටිය වාගේ ඈත පළාත්වලටත් බේකරි කෑම ගෙනිච්චේ මේ බේකරියෙන්ග එදා පාණදුර පාරේ නිතර යනෙන වාහන රියැදුරන් මේ බේකරිය දන්නවාග අද නම් ඒ බේකරිය නෑග’’ මට මග පෙන්වන අයි.කේ. සෝමවීර මහතා අතීතය සිහිපත් කරයි


‘‘ඒ බේකරියේ පාන් පිච්චෙනකොට පළාතටම සුවඳ ගහනවාග අපි කොල්ලෝ කුරුට්ටෝ කාලෙනෙග ගමේම අප වගේ දහ පහළොවක් ඉන්න ඇතිග ලොකු සෙනඟක් නෑග ඒ හිටපු අය හරිම සමගියෙන් හිටියේග’’ සෝමවීර මහතා කියයි


අපි මේ යන්නේ හරියටම මීට පනස් දෙවසරකට පෙර ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ සිදුවූ වැදගත් සිද්ධියක කතානායකයාගේ උපන්ගම සොයාගෙනය


ඔහු දොඩම්පේල අධිකාරිය ගමේිඑල්ගවීග පොඩිඅප්පුහාමි’ යග නමුත් ඒ නමින් ඔහු හඳුනන්නේ ගමේ කිහිප දෙනෙක් පමණිගි‘දොඩම්පේ මුදලාලි’’ කියන්නේ ද ඔහුටයගිදොඩම්පේ මුදලාලි’ කියූ සැණින් ඔහු ගැන දන්නා අයට වගේම අවුරුදු හැට ඉක්ම වූ රටපුරා සිටින බොහෝ වැඩිහිටියන්ට ඔහු ගැන යම් මතකයක් තිබේ

   
ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළන කුමන්ත‍්‍රණ ඉතිහාසයේ දෙවන කුමන්ත‍්‍රණය සම්බන්ධව රහස් පොලීසියේ අත්අඩංගුවේ සිටියදී කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ හතරවන තට්ටුවෙන් පැන හෝ වැටී මියගියේ ඔහුයග අවිවාහකයකු වුවත් සිය ඥාතීන්ට ගමේ හිතවතුන්ට හැකි පමණින් සැලකූ දොඩම්පේ මුදලාලි ඔහුය

   
‘‘ඔය කාලේ මට මතකයිග මේ පාරවල් දෙපැත්තේ ගෙවල් තිබුණේ නෑග තිබුණ ගෙවලුත් වත්ත ඇතුළට වෙන්න තිබුණේග මෙහෙම නෙමෙයි දෙපැත්තේ ලොකු ගස් කොළන් තිබුණාග කොස්ල දෙල්ල පොල්ල පුවක් වගේම කිතුල් ගසුත් හැම වත්තකම තිබුණාග ඒ කාලේ මේ ගමක ගෙදරකට ගියාම කිතුල් හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්පයක් තමයි හම්බවෙන්නේග ඇත්තටම වැඩිපුර දෙන්නේ හකුරු කෑලි නෙවෙයිලිහකුරු ගුළි’ග සමහරු මේිහකුරු ගුළි’ වලටිහකුරු කැට’ කියලත් කියනවාග ඇත්තටම තේ කහට වලට වඩා රණවරාල බෙලිමල් වගේ දේවල් තිබුණේග මේ කාලේ වගේ තේ වගාවක් තිබුණේ නෑග සමහර අය වත්තේ තේ ගස් දෙක තුනක් හිටවලා තිබුණාග ඒවාට කියන්නේි‘ඇට තේ’’ කියලාග සෝමවීර මහතා කියයි

   
‘‘ඒ තේ ගස් තේ ඇට වලින් හදාගත්තු ඒවාග ඒවායේ දලු කඩලා ගෙදරදී අතින් පොඩිකරලා ගෙවල් වලම තේ හදාගත්තා වාගේ මතකයිග එහෙම නැත්නම් සමාගම් කඩෙන් තේ කොළ කාලක් හමාරක් ගේන එක තමයි කරන්නේග මේ කියන කාලේ වෙනකොට උඩරට තමයි තේ වගාව ප‍්‍රචලිත වෙලා තිබුණේග’’ ඔහු කරුණු කාරණා පැහැදිලි කරයිග ඔහුිසමාගම්’ කඬේ කියන්නේ ගමේ සමුපකාර කඩයටයි

   
ගුරු පාරේ දකුණු පැත්තේ කුඹුරු යායක ලකුණු තැනින් තැන පෙනේග අද ඒ හැම තැනක්ම වල්බිහි වී ගොසිනිග දකුණු පැත්තේ මහ ගස්කොළන් තිබුණු බව කියූව ද අද ඒවා නැතග සෝමවීර මහතා කියන විට මැවුණුිගම’ එහි නැතග කොස්ල දෙල්ල පොල්ල පුවක්ල ගස් වෙනුවට තැනින් තැන තේ වගාවයග තේ වගාව මැද ගොඩ නැංවුණ ගෙවල් ය

 

 

 

‘‘ඔය වම් පැත්තේ තියෙන්නේ දොඩම්පේ මුදලාලිගේ උපන් ගේ තිබුණ වත්තග’’ සෝමවීර මහතා මාව දැනුම්වත් කළේයග තැනින් තැන වූ විවිධ වර්ගයේ ගස් මෙන්ම පොල්ගස් කිහිපයක් ද එහි වෙයිග එක කොටසක තේ වගාවක් ද වෙයි

   
‘‘දොඩම්පේ මුදලාලිගේ මුල් ගේ දැන් නෑග ඒ ගේ කඩා වැටුණට පස්සේ ඥාති පුතෙක් වන රංජිත් වීරවර්ධන මහතා අලුතින් ගෙයක් හදාගෙන ඉන්නවාග රංජිත් වීරවර්ධන කියන්නේ දොඩම්පේ මුදලාලිගේ වැඩිමහල් සහෝදරයෙකුගේ පුතෙක්ග මේ හරියේ ඉන්නේ එයාගේ ඥාතීන්’’ සෝමවීර මහතා පැහැදිලි කරයි

   
පනස් දෙවසරකට පෙර දී සිදුවූ දොඩම්පේ මුදලාලිගේ මරණයෙන් පසු ඒ මතකය ඈත්වන තෙක්ි‘අධිකාරිය’’ ගමට අලුත් අවුරුදු කුමාරයා පැමිණියේ නැතග සැබැවින්ම වූයේ අලුත් අවුරුදු කුමාරයා ආවත් ගම්මුන්ටිගමේ කුමාරයාගේ’’ හෙවත්ි‘ දොඩම්පේ මුදලාලි’’ගේ වියෝව අමතක කළ නොහැකි නිසා ගම්මු අවුරුද්දට පිටුපෑහ

   
නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් යග වැඩිහිටියන් කිහිප දෙනෙකු හැරුණුවිට සෙසු අය මේ ඉතිහාස කතාව ගැන අවධානයක් නැතගිඅධිකාරිය’ ගමේ වත්මන් තරුණ පරපුර වෙනත් ගම්වල තරුණ පරපුර මෙන්මයග ඔවුන්ට මේ වැළලුණ ඉතිහාසය ගොඩ දමන්නට උවමනාවක් නැතග අතීතය වළ දමා වර්තමානය තුළින් අනාගතය ගොඩනැගීමේ වෑයමක ඔවුන් නිරතව සිටින බව දැකගත හැකි විය

  
පොල්ගස් කිහිපයක් යට වූ තේ වගාවක් මැදිවූ දියසෙවෙල බැඳි පොළොවෙන් එහා මෙහා වූ අඩියක් පමණ උසට නැගී සිටි අත්තිවාරමක් මැද වියළි තණකොළ ​ෙරාඩු ගොඩකි

   
‘‘ඔය තියෙන්නේ දොඩම්පේ මුදලාලිගේ සොහොනග’’ සෝමවීර මහතා මට කුඩා අත්තිවාරම පෙන්වීය   

 

රටක් කතා කළ දොඩම්පේ මුදලාලිගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අඩක් නිමා කළ සොහොන් ගැබ කාලයාගේ ඈවෑමෙන් විනාශ මුඛයේයග එයට පවුලේ කිසිවෙකුටත් දොස් තැබිය නොහැකග නමින් දොඩම්පේ මුදලාලි වුණත් ඔහුගේ ඥාතීහු මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ නොවෙතිග සාමාන්‍ය ජීවන රාටාවක් ගෙනයන මේ ඥාතීන්ට දොඩම්පේ මුදලාලි ගේ සොහොන් ගොඩනැගීමට වඩා කරන්නට දේවල් වැඩියග ඒ නිසා ම පනස් වසරකට පෙර සිංහල අවුරුදු සමයේ රටම කතා කළ චරිතයක භෂ්මාවශේෂ අත්තිවාරමකට සීමා වූ සොහොනකය

   
මේ සොහොනේ තැන්පත් කර ඇති භෂ්මාවශේෂ අයත්ි‘දොඩම්පේ මුදලාලි’’ හෙවත්්ි‘එල්ගවීග පොඩිඅප්පුහාමි’’ ගැන මුලින් පැහැදිලි කළ යුතුව තිබේග ඒ වර්තමාන පරපුර ඔහු ගැන නොදන්නා නිසා යග හොලීපිටියේ පදිංචිව සිටින එම්ගඒග ධර්මදාස මහතා හැටපස් වියේ පසුවෙයිග ඔහු විවාහව සිටින්නේ දොඩම්පේ මුදලාලිගේ මල්ලී වන නැසී ගිය එල්ගවීග ගුණවර්ධන මහතාගේ දුවක සමගයග මේ සිදුවීම් වන කාල වකවානුවේ ධර්මදාස මහතා අවුරුදු දාහතරක පමණ වයස් වූ කොලුගැටයෙකිග ඇසින් දුටු සිද්ධීන් ඔහුට හරිහැටි මතක නැතත් වැඩිහිටියන්ගෙන් ඇසූ දේවල් ඔහුට හොඳට මතකය

   
‘‘ඒ කාලේ රත්නපුර නගරයට කෝච්චියත් ආවාග පාරවල් අද වගේ දියුණුවට තිබුණේ නෑග ඔරලෝසු කණුව තිබුණාග බස් ජනසතු කරලා තිබුණ නිසා ලංගම බස් තිබුණාග අද ලංගම බස් නැවතුම කියන්නේ ඒ කාලේ කෝච්චි ස්ටේෂමේග පුංචි කෝච්චිය ආවේග ඕපනායක තමා අන්තිම ස්ටේෂමග ඒ කාලේ හැටියට ටවුමේ කඩ කිහිපයයි තිබුණේග ඒ කඩවලින් දෙකක් දොඩම්පේ මුදලාලිට තිබිලා තියනවා

   
‘‘ඉස්සර වෙලාම දොඩම්පේ මුදලාලි ළඟ තිබුණේ 1 ශ‍්‍රී 1631 ෆෝඩ් ප‍්‍රිෆට් කාර් එක කියලයි අහලා තියෙන්නේග ඒකේ හුඩ්එක කහ පාටයිග යට කොටස කළුපාටයිග ඒ කාලේ ඉතිං කාර් එකක් තියනවා කිව්වාම ලොකු දළකාරයෙක් තමාග’’ ධර්මදාස මහතා තමන්ගේ මතකය අවදි කළේ ය

 
මේ කියන වකවානුවේ ලංකාවේ කුලී රථ සේවයේ තිබී ඇත්තේ ද මේ ආකාරයට වර්ණ ගැන්වූ මෝටර් කාර්යග දොඩම්පේ මුදලාලිගේ මේ මොටර් කාර් එකත් කුලී හයර් ගිය බවට මතකයක් ඇති බව කිහිප දෙනෙක්ම පැවසුවේ තොරතුරු හොයා යද්දීය

   
‘‘අද වගේ පාරේ ගාල් කරගෙන හයර් එනකං හිටියේ නෑග කාර්එක තියන තැනට ගිහිං කතා කරගෙන තමයි කුලී ගමන් ගියේග හැටේ අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් තිබිලා තියනවාග ඒ කාලේ මේ කියන කාර්එක ගැන වැඩි දෙනෙක් කතාකරලා තියනවාග’’ ඒ තොරතුරු දන්න කිහිප දෙනෙක් ම පැවසුවේ ය

   
‘‘හැටේ මැතිවරණය වෙනකොට දොඩම්පේ මුදලාලිට අවුරුදු විසි නවයක් තිහක් විතර ඇති කියලා තමයි අපි අහලා තියෙන්නේග ඒ කාලේ රත්නපුරේ මුද්දුව පිරිවෙනේ හිටපු හේන්පිටගෙදර ඤාණසීහ කියන හාමුදුරුවෝ දේශපාලනයෙන් හරි බලවන්ත හාමුදුරුනමක් කියලා තමයි අපි අහලා තියෙන්නේග උන්වහන්සේ ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයෙක්ලුග බණ්ඩාරනායක මහත්තයත් එක්ක ගොඩාක් ළඟින් ඇසුරු කළාලුි‘ 

 
‘‘මේ කියන කාලේ ටෙලිෆොන් හැම තැනම තිබුණේ නෑග තැපැල් කන්තෝරුවෙයිල පොලීසියෙයිල කච්චේරියෙයිල ඉස්පිරිතාලෙයි ඇරුණම හාමුදුරුවෝ හිටපු පන්සලෙත් ටැලිෆොන් එකක් තිබිලා තියනවාග අපි අහලා තියන විදියට හාමුදුරුවෝ කෙළින්ම බණ්ඩාරනායක අගමැතිතුමාට වගේම එතුමාගෙන් පස්සේ පක්‍ෂයේ නායිකාව වුණු සිරිමාවෝ මැතිනියටත් කතා කරනවලුග ටැලිෆොන් පණිවිඩ ගන්න එක්ස්චේන්ජ් එකට ඉල්ලුම් කරලා ගොඩාක් වෙලා ඉන්න ඕනෑග ඒ කාලේ ඒවාට කිව්වේ ට‍්‍රන්ක් කෝල් කියලා’’ 

 

 

රත්නපුරේ දුම්රිය ස්ථානය එදා  

දොඩම්පේ මුදලාලි උපන් ‘අධිකාරිය’ ගමට යන පාර   

 

 

‘‘ඉතිං මේ මහා බලවන්ත හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ දොඩම්පේ මුදලාලි එක්ක ළඟ ඇසුරක් තිබිලා තියනවා කියලා තමයි අපි දැනගෙන තිබුණේග ඒ හින්දා දොඩම්පේ මුදලාලිවත් ශ‍්‍රී ලංකා කාරයා කියලා තමයි රත්නපුරේ වැඩි දෙනෙක් දැනගෙන ඉඳලා තියෙන්නේග’’ ධර්මදාස මහතාගේ මතකයන්ය

   
‘‘හැටේ මාර්තුවේ තිබුණ මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා එක පැරදිලා යූඑන්පී එක දිනලා තියනවාග ඩබ්ලි සේනානායක මහත්තයා තමයි අගමැති වෙලා තියෙන්නේග කොහොම හරි ඒ ආණ්ඩුවේ ආයුෂ තිබිලා තියෙන්නේ මාස දෙක තුනයිග ජූලි මාසේ ආ​ෙය මහ මැතිවරණයක් තියලා තියනවාග ඒකෙදි ඩඩ්ලි මහත්තයා පැරදිලා ශ‍්‍රීලංකා එක තමයි දිනලා තියෙන්නේග ඊට පස්සේ 1965 දී ආයේ මහ මැතිවරණයක් තියලා තියනවාග ඒකෙන් දිනලා තියෙන්නේ යූඑන්පී එක’’   


‘‘ඒ වෙලාවෙත් අගමැති වෙලා තිබුණේ ඩබ්ලි මහත්තයාග ඒ ආණ්ඩුව පෙරළන්න හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවොත් එක්ක රත්නපුරේ හෝටලයක කුමන්ත‍්‍රණය කළා කියලා තමයි රහස් පොලීසියෙන් දොඩම්පේ මුදලාලි හොයලා තියෙන්නේග අපි අහලා තියන විදියට දොඩම්පේ මුදලාලිට අසාධාරණයල බොරුවල වංචාව පේන්න බැරිලුග එවැනි දෙයක් දැක්කොත් එයා ඊට එරෙහිව නැගී සිටිනවාලුග’’ ධර්මදාස මහතා සිය ඥාතියා ගැන කතා කළේ මහත් වූ ආඩම්බරයෙනි

 
‘‘දොඩම්පේ මුදලාලි හතර රියං මිනිහා හින්දා එයා දැක්කම ඕනෑම චණ්ඩියෙක් වුණත් තිගැස්සෙනවාග ඒ තරමට ඇඟපත තියනවාග හේන්පිටගෙදර හාමුදුරුවෝ ඒ හින්දා මෙයා ලංකරගත්තා කියලත් මිනිස්සු කියනවාග හැබැයි හේන්පිටගෙදර හාමුදුරුවෝ කවදාවත් දොඩම්පේ අධිකාරිගමට ඇවිත් නෑ කියලයි කියන්නේග ඒකේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑග’’ ධර්මදාස කතාව වෙනතකට පෙරළුවේය

  
‘‘මම අහලා තියන විදියට දොඩම්පේ මුදලාලි එයාගේ අම්මා වූ රන්මල්හාමි ආතාම්මා බලන්න ආපු අවසන් සිංහල අවුරුද්ද තමයි 1966 සිංහල අවුරුද්දග වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙවෙයිලු එදා ගමට ආවේග ලොකු කලබල ගතියක් එයා තුළ තිබිලා තියනවාග ඒ වුණාට වෙන දා වගේ ගමේ කොල්ලෝ කුරුට්ටන්ට රෙදිපිළි ආදිය දීලා පිටත්වෙලා තියෙන්නේිමට අතක් තිබ්බොත් මරාගෙන මැරෙනවා’ කියලාලු අපේ වැඩිහිටි අය කියනවා අහලා තියනවාග’’ ජීගඑම්ග ජයරත්න මහතා පනස් දෙවසරකට පෙර සිදුවූ සිදුවීම ස්මරණය කළේ ය

 

 

ඔහු සහ තවත් අය කියන සුපුරුදු පරිදි තමන්ගේ අම්මා බලන්නට රත්නපුරේ සිට දොඩම්පේිඅධිකාරිය’ ගමට දොඩම්පේ මුදලාලි ආ අන්තිම ගමන එය වියග අපේ‍්‍රල් 13දා ඔහුට අයත්ව තිබූ නිල් පැහැති ෆෝඩ් ප‍්‍රිෆට් කාරයෙන් පැමිණි ඔහු එහිම නැගී පානදුර පාරෙන් කිරිඇල්ල දෙසට ගොස් ඇත්තේ කොළඹ රහස් පොලිස් මූලිස්ථානයට යන්නටය

   
රජය පෙරළීමේ කුමන්ත‍්‍රණයට දොඩම්පෙ මුදලාලි සම්බන්ධ බවට රහස් පොලීසියට සැක ඇතිවුණේ හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් රහස් පොලිස් අත්අඩංගුවට පත්වූ පසුව බවයි ඔහුගේ ගමේ වැඩිහිටි ඥාතීන් පවසන්නේ

   
‘‘මේ කියන වකවානුවේ මම හිටියේ ගොරකඇළග මට මතක හැටියට 1966 සිංහල අවුරුද්ද දවසග 13දා 14දා කියලා හරියටම මතක නෑග රේඩියෝවේ හවස ප‍්‍රවෘත්තිවලට කියලා තිබුණා ආණ්ඩු පෙරළීමේ කුමන්ත‍්‍රණයේ සැකකාරයකු වූිදොඩම්පේ මුදලාලි’ මොටර් රථයකින් පලායද්දී ඉංගිරියේදී අල්ලා ගත්තා කියලාග’’ හොලීපිටියේ එම්ගඒග ධර්මදාස මහතා තමන් ඇසූ දේ අපට කීවේය

   
ආණ්ඩු පෙරළීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් දොඩම්පේ මුදලාලි රහස් පොලීසියට හෙවත් සීඅයිඩීයට භාරවූ බව සමහරු කියතිග තව සමහරු කියන්නේ ඔහු රහස් පොලීසියෙන් අල්ලාගෙන ගිය බවයිග ධර්මදාස මහතා පවසන්නේ ඔහු අසා ඇත්තේ ඉංගිරියේ දී රහස් පොලීසියෙන් අල්ලා ගත් බවකි

 
‘‘මම අහලා තියන විදියට දොඩම්පේ මුදලාලි අධිකාරිය ගමේ එයාගේ මහ ගෙදරට ගිහිං රන්මල්හාමි අත්තම්මට බුලත් දීලා වැඳලා මුදලාලිගේ කාර් එකෙන් සීඅයිඩී එකට යනවා කියලා ගියාට මගදී කාර් එක මාරු කරලා තියනවා කියලයිග අද වාගේ නෙවෙයි ඒ කාලේ කාර් තිබුණේ කිහිපයයිග ඒ හින්දා දොඩම්පේ මුදලාලි එයාගේ කාර්එක කිරිඇල්ලේ එම්ගජීග ලොකුමහත්තයා කියන කෙනාට දීලාල ලොකුමහත්තයා ළඟ තිබුණ කාර් එකෙන් කොළඹ යද්දී ඉංගිරියේදී රහස් පොලීසියෙන් අල්ලා ගත්තා කියලා තමයි මම අහලා තියෙන්නේග’’ ධර්මදාස මහතා හෙළිකරයි

   
හේන්පිටගෙදර ඤාණසීහ හාමදුරුවෝල සුනිල් හේවගේ කියන අය සහ දොඩම්පේ මුදලාලිල යන තුන්දෙනා රත්නපුර නගරයේ හෝටලයක් තුළ 1965දී මහ මැතිවරණයෙන් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලත් සිවිල් වැසියෝ වූහග ඊට අමතරව එවකට සිටි යුද හමුදාපතිවරයා වූ මේජර් ජනරාල් රිචඩ් උඩුගම ද තවත් ආරක්‍ෂක සේවයේ සේවය කරන සහ විශ‍්‍රාම ලත් රාජ්‍ය නිලධාරීන් ද සමග 31 දෙනෙක් එම කුමන්ත‍්‍රණ නඩුවේ චූදිතයන් වූ බව සිද්ධිය පිළිබඳ අතීත තොරතුරුවල දැක්වේ

   
කොහොම නමුත් සුනිල් හේවගේ නැමැත්තා අතුරුදන්ව තිබූ බව කියැවෙන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාස පහකට පමණ පසුවයග මේ කාලයේ රහස් පොලීසියෙන් කෙනෙක් අල්ලාගත් බව පැවසූ විට සාමාන්‍ය ජනතාවගේ ඇඟ කිළිපොලා යන බවයි වැඩිහිටියන් පැවසුවේ

   
‘‘ඒ කාලේ රහස් පොලීසියට අල්ලන් ගියා කියලා කියනවා අඩුයිග හතර වෙනි තට්ටුවට ගෙනිච්චා කියලා තමයි කියන්නේග හතර වෙනි තට්ටුව ගැන විවිධ මත සහ මවාගත් තොරතුරු ජනතාව අතර තිබුණාග විදුලි පුටුවක් ගැන සමහර කියවනවාග එල්ලලා ගහලා හරි ඕනෑ තොරතුර සීඅයිඩී එක ගනී කියලා මතයක් මිනිස්සුන්ගේ තිබුණාග ඒ හින්දා සාමාන්‍ය පොලීසියට වඩා අපරාධයක් අල්ලන්න නම් රහස් පොලීසියට දෙන්න ඕනෑ කියලා විශ්වාසයක් ජනතාව තුළ තිබුණාග දොඩම්පේ මුදලාලිත් හතරවෙනි තට්ටුවට ගෙනිච්චා කියලා ප‍්‍රවෘත්ති වලින් අහනකොට කවුරුත් කතා බහ කළ බව තමයි ඒකාලේ වැඩිහිටියෝ කියනවා ඇහුණේ’’ ධර්මදාස මහතා පැහැදිලි කළේ ය

 

  
තවත් කොටසක් ලබන සතියේ

 

 

   
සටහන- ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය