කොම්පියුටර් මොළෙන් පොරොන්දම් බලන්න එපා


විවාහ දිවියට ඇතුළු වන සෑම අයෙක්ම විවාහ විමට ප්‍රථම කේන්ද්‍ර ගළපා විවාහ ජීවිතයට ඇතුළත්වීම ඉතා සුභදායක කරුණකි. එසේ ගැළපීමක් නැති දෙදෙනෙකු විවාහ වීමේදී සාර්ථක යුග දිවියක් ගත කිරීමට අපහසුයි. දික්කසාදවීම් බහුල සිදුවන යුගයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රේම සබඳතාවලට මුල් තැන දී කේන්ද්‍ර බැලීම පැත්තකට විසිකර කරන විවාහ ජීවිතවලට මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පෑමට සිදු වේ.   

 

අපේ පැරණි දෛවඥ මහතුන් විසි පොරොන්දම් පසුපස ​ෙගාස් සීයට මෙතෙකැයි කියා අනුමත කර විවාහවීමට අනුමැතිය ලබා දෙයි. එසේ කරන ලද විවාහ ජීවිත දින කිහිපයකට සීමා වී වෙන්වීමට සිදු වේ. දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍ර අතට ගත් සැණින්ම ගැළපෙනවාද කියා විනාඩි කිහිපයකදී නිගමනය කිරීමට පුළුවනි. එ් අද්දැකීම් අනුවයි.   


ඔබට කොම්පියුටරයෙන් පො​ෙරාන්දම් බලන්න එපා කියන්නේ කොම්පියුටරයට අද්දැකීම් නැති නිසයි. අද්දැකීම් ඇත්තේ මිනිස් මොළයටයි. ශිල්පය පිළිබඳ පරිණත අයටයි. ඉන්දියාවේ භාවිත වන විසි පොරොන්දම් ක්‍රමයෙහි අප රටට නොගැළපෙන අනවශ්‍යකම් රාශියක් ඇත. එයින් කිහිපයක් නම්, මහේන්ද්‍ර පොරොන්දම, වෘක්ෂ ​ෙපාරොන්දම, වර්ණ පොරොන්දම, ගෝත්‍ර පොරොන්දම, ආයු බලය, ඒරාෂ්ටක අපල, මාරක අවස්ථා, දෙදෙනාගේ රෝගී තත්ත්වයන් හොඳින් විමසා බැලිය යුතුයි. පාපාංශක ගැළපීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සඳු මුල් කොට ගෙනයි.   


ප්‍රබල විවාහ දෝෂ 20ක් පමණ ඇත. එයට අවධානය ​ෙයාමු කළ යුතුයි. කොම්පියුටරයට ශනි මංගල දෝෂ පවා කිව නොහැකියි. එයට ශාන්ති කර්ම ඇතත් එය සාර්ථකව සිදු වන බවක් අපට පෙනී ගොස් නොමැත. පොරොන්දම් බැලීමට ප්‍රථම මේ කාලයේ බැලීමට වැදගත් කරුණක් ඇත. එ් මත් උවදුරු වලට වඩාත් නැඹුරු අයෙකු ද යන්න සොයා බැලිය යුතුයි. මත්පැන් වලට ඇබ්බැහි වූ අයෙක් නම් දස පොරොන්දම්, විසි පොරොන්දම් කොපමණ ගැළපුණත් විවාහය අසාර්ථක වන බව කිය යුතුමයි. එසේ නොමැති වුවහොත් සහකාරියට ගුටි බැට කන්නට සිදුවේ. සැමදාම විවාහයෙන් සැපතක් නම් නැත. අඬා අඬා වැලපී සිටීමට සිදු වේ.   
කොම්පියුටරයෙන් ​ෙපරොන්දම් බලන විට මත් කුඩු, මත්පැන් බොන අය කිව නොහැක. දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට මේ සෑම කරුණක්ම හොඳින් විග්‍රහ කළ හැකියි. සමහර අය එවෙලෙහිම පොරොන්දම් බලා ගැනීමට පැමිණෙන අයද අප අතර සිටිති. එම පොරොන්දම් බැලීමෙන් වැළකී දින දෙක තුනකට පසු පිළිතුරු ලබාගන්න.  


අවසාන වශයෙන් කිව යුතු වැදගත් කරුණක් ඇත. එය අපේ තරුණ පරපුරටයි. ප්‍රේම සම්බන්ධතා අනුව විවාහ වූවාට වරදක් නැත. ​ෙපාරොන්දම් ගැළපී ඇතිනම් පමණක් විවාහවන්න. දෙමාපියන්ට කීකරු වී ඔබේ අනාගතය සාර්ථක කර ගන්න. විශේෂයෙන් විසි පොරොන්දම් දස පොරොන්දම්වලට වඩා වැදගත් වන්නේ ග්‍රහ පොරොන්දමයි. එම නිසා ග්‍රහ පොරොන්දමට මුල් තැන දී විවාහය පරීක්ෂා කර ගන්න. සියලුම සත්‍ය වාර්තා ඇත්තේ කේන්ද්‍රය තුළයි.   

 


ඔබට ජයක්ම වේවා! තෙරුවන් සරණයි!   

 

 

 

 

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී   
වාස්තු විද්‍යාඥ   
තිලක් රත්නායක   
අනුරුද්ධ විද්‍යාල මාවත,   
ලුණුවිල, වෙන්නප්පුව   
දු.ක. 0776604283