කොටි නායකයා අල්ලන්න සීඅයිඩියේ බැස්ටියන් පිල්ලේ මඩු කැලෑවට ගිය අවසන් ගමන


 

මඩකළපුව දිස්ත්‍රික් සංවර්ධන සභා ඇමැතිවරයාව සිටි එන්. කනගරත්නම් මහතා වෙඩි තබා ඝාතනය කළේ කොල්ලුපිටියේ පිහිටි ඔහු​ෙග් නිවසේ සිටියදීය. ඒ 1978 වසරේදීය.  


කනගරත්නම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ කටයුතු එවකට පොලිස්පතිවරයා ලෙස රාජකාරී කළ අානා සෙනවිරත්න මහතා විසින් පවරනු ලැබු​ෙව් රහස් පොලිසිය වෙතය.  

කනගරත්නම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භක කළ රහස් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනෙක් අතරේ සිටි පාසල් ගුරුවරයකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මේ ඝාතනය එවකට එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ උමා මහේෂ්වරන්ගේ අනුදැනුම හා සැලැස්ම අනුව සිදුවී තිබෙන එකක් බවටය. 


රහස් ​ෙපාලිසියේ අත්අඩංගුවේ පසුවූ පාසල් ගුරුවරයාගේ මග පෙන්වීමෙන් උමා මහේෂ්වරන් අල්ලා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සංවිධානය විය.   


රහස් ​ෙපාලිසියේ ​ෙපාලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ උප පොලිස් පරීක්ෂක ඒ. ඊ. පෙරම්පරම්, පොලිස් සැරයන් බාලසිංහම් සහ පොලිස් කොස්තාපල් රියදුරු සිරිවර්ධන යන මහත්වරුන් උමා මහේෂ්වරන් අල්ලා ගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායමට ඇතුළත් වූහ.   
උමා මහේෂ්වරන් අල්ලාගෙන ඒමට යමින් සිටි අතරවාරයේ පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්​ෙල් පොලිස් සැරයන් බාලසිංහම් සහ කොස්තාපල් සිරිවර්ධන යන නිලධාරීන් තිදෙනාව අතරමග රැක සිටි කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඉතා අනුමාෂික ලෙස ඝාතනය කළ අතර උප පොලිස් පරීක්ෂක පෙරම්බරම් මහතා දිවි ගලවා ගැනීමේ අපේක්ෂාවෙන් දිව යද්දී මියගියේ ළිඳකට වැටීමෙනි.   


මේ අපරාධය සිදුවූයේ මන්නාම මධු මුරුක්කන් ප්‍රදේශයේ කැලෑ ප්‍ර​ෙද්ශයක දී 1978 වසරේ අප්‍රේල් මාසයේ 8 වැනිදාය.   
රහස් පොලිසියේ සිව් දෙනකුට දිවි අහිමි වූ මේ මහා ඛේදවාචකය මීට වසර 39කට පෙර රට කැළඹු රටම තිගැස්සූ සිද්ධියක් විය.   
අපි ඒ ඛේදවාචකයේ මතකය හරා ඇවිස්සුවේ එවකට රහස් පොලිසියේ සේවය කළ හිටපු පොලිස් පරීක්ෂක ඇන්තනිපිල්​ෙල් සුසෙයිදාස් මහතා සමග කතා බහ කරමිනි.  


මේ කතාබහ අප කළ සුසෙයිදාස් මහතා​ෙග් මඩකළපුවේ පිහිටි නිවසේදීය.   
බැස්ටියන් පිල්ලේ මහත්තයා මගේ හොඳම යහළුවා. එයාගේ වෙඩිං එකේ බෙස්මන්ට් විදිහට හිටියේත් මමයි. බැස්ටියන්පිල්ලේ විවාහ වෙලා අවුරුදු තුනක් වත් නැහැ. එයා​ මේ වගේ ඉරණමකට ගොදුරු වෙද්දී යැයි පවසමින් ඔහු අප හා කතා බහට මුලපිරුවේය.   
බැස්ටියන්පිල්ලේ ඇතුළු රහස් පොලිසියේ නිලධාරීන් හතර දෙනකුට මරු කැඳවූ සිද්ධියේ පරීක්ෂණ සිදුකළ කණ්ඩායමට සු​ෙසයිදාස් මහතා ද ඇතුළත් විය.   


මේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපි කනගරත්නම් මහත්තයාගේ ගෙදරට ගියා. එල්ටීටීඊ ලාංඡනය සහිත ලෙටර් එකක් අපේ කණ්ඩායම නිවස ඉදිරිපිට තිබිය දී සොයා ගත්තා. ජාතිද්‍රෝහීන්ට අපි දෙන දඬුවම කියා එම ලියුමේ සඳහන් කර තිබුණා. එල්ටීටීඊ ලෙටර් එක දමා ගිහින් තිබුණේ තවත් කොළ කෑල්ලක ඔතලයි. අපි මේ කොළකෑල්ල හොඳට පරීක්ෂා කර බැලුවා. ඒ කොළ කැල්ලේ තවත් අැඩ්ඩ්‍රස් එකක් ටයිප් රයිටරයකින් ටයිප් කර තිබුණා. අපේ ඉදිරි පරීක්ෂණවලට මේ නම් කදිම හෝඩුවාවක් වෙත බව තේරැම් ගියා. කොළ කෑල්ලේ ටයිප් කර තිබුණ නම මොකක්ද කියන එක දැන් මට මතක නැහැ.

 
රහස් පොලිස් කණ්ඩායම ඒ කොළකෑල්ලේ තිබුණ ඇඩ්ඩ්‍රස් එක හොයාගෙන ගියා. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් අපේ කට්ටිය වැටලුවා. ඒ ගෙදර බෝඩිමක් පවත්වාගෙන යනවා. ඒගෙදර බෝඩිං වෙලා හිටිය දමිළ තරුණයන් හය දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් එල්ටීටිඊ ක්‍රියාකාරීන් බව පරීක්ෂණ වලින් හෙළිවුණා. ඒ විතරක් නොවේ මේ හය දෙනා අතර කනගරත්නම් මහත්තයාට වෙඩි තියන්න ගිය කෙනාත් ඔහු සමග ගිය අය හිටියා. මේ තරුණයන් හය දෙනාගෙත් ප්‍රශ්න කරද්දී ඔවුන්ගේ බෝඩිමට ඇවිත් සල්ලි දීලා ගිය පාසල් ගුරුවරයෙක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවුණා. මගේ මතකයේ හැටියට ඔහු හලාවත පැත්තේ ඉස්කෝලෙක ගුරුවරයෙක්.  


රහස් පොලිස් කණ්ඩායමක් එම තරුණයන් හෙළිකළ තොරතුරු ඔස්සේ ගොස් පාසල් ගුරුවරයා අත්අඩංගුවට ගෙන රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට රැගෙන ආවේ වැඩිදුර පරීක්ෂණ සඳහාය.   


සර් මේ වැඩේට ප්ලෑන් කළේ උමා මහේෂ්වරන් යැයි රහස් ​ෙපාලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේ පාසල් ගුරුවරයා කියා සිටියේය.   
පාසල් ගුරුවරයා මේ වැඩේට සම්බන්ධ වී ඇත්​ෙත් ඔහුට එල්ටීටීඊ එකෙන් ලැබෙන මුදල් නිසාය.   


රහස් පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරක් අනුව දෙහිවල ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසිකරනු ලැබු ඇත්තේ උමා මහේෂ්වරන් එම නිවසේ සැඟවී සිටින බවට ලැබී තිබූ ඔත්තුවක් මතය.  


දෙහිවල පිහිටි නිවස උමාගේ සහෝදරියකට අයත් එකක් විය.   


උමා මහේෂ්වරන් ඒ නිවසේ සිටියේ නැත.   


අයියා කොහේ ඉන්නවද කියන්න මා දන්නේ නැහැ යැයි උමාගේ සහෝදරිය රහස් පොලිස් නිලධාරින් සමග කීවාය.   


උමා මහේෂ්වරන් ඉන්න තැනක් ගැන මම දන්නවා, සර්ලා මාත් එක්ක ගියොත් මිනිහව ලෙහෙසියෙන්ම අල්ලාගෙන එල්ල පුළුවන් වේවි.   


පාසල් ගුරුවරයා රහස් පොලිස් නිලධාරීන් සමග පවසා සිටියේය.   


බැස්ටියන් පිල්ලේ මහතා උමා කොහේද ඉන්නේ කියා ඇසුවාම ගුරුවරයා කියා තිබෙනවා නෙල්ලිඅඩි ප්‍ර​ෙද්ශයේ ගෙදරක උමා මහේෂ්වරන් ඉන්නවා කියා. ගුරුවරයා එක්ක බැස්ටියන් පිල්ලේ මහත්තයා උමා මහේෂ්වරන් අල්ලාගෙන එන්න කියලා ගියා. පාසල් ගුරුවරයා නෙදුන්කර්නි උමා ඉන්නවා කියන ගෙදර ළඟට ගියාම සර්ලා ඔතැන හැංඟිලා ඉන්න මම ගෙදර ගිහින් මිනිසා ඉන්නවාද කියා බලලා සංඥාවක් දෙන්නම් කියා තිබෙනවා. එහෙම කියා ගුරුවරයා එ් ​ෙගදර ඇතුළට ගිහින් පස්සා දොරෙන් පැනලා ගිහින්. උමා මශේෂ්වරන් ඒ ගෙදර හිටියෙත් නැහැ. ඒ නිසා අපේ කට්ටිය හිස් අතින් රහස් පොලිසියට ආවා.   


නෙදුන්කර්නි ප්‍ර​ෙද්ශයේ තියෙන ෆාම් එකක උමා මහේෂ්වරන් ඉන්නවා කියලා ​තොරතුරකට අනුව බැස්ටියන් පිල්​ෙල් මහත්තයා ඇතුළු කණ්ඩායමක් ඒ ෆාම් එකට ගියා. ඒත් ඒ ෆාම් එකේ එකේ ඔහු සිටියේ නැහැ. ෆාම් එකේ මැනේජර් විදියට හිටියේ සෙල්ලක්කලී කියා කෙනෙක්. සෙල්ලකිලිගෙන් කට උත්තර අරගෙන ආවා. එදා නෙදුන්කර්නි ​ෆාම් එකේ හිටිය සෙල්ලක්කලි පස්සේ කොටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වුණා. සෙල්ලක්කලි කියන මනුස්සයා ඇතුළු එල්ටීටීඊ කණ්ඩායක් තමා 83 අවුරුද්දේ යාපනයේ තින්නවේලි ප්‍රදේශයේදී යුද හමුදාවේ නිලධාරීන් ඇතුළු 13 මරා දැම්මේ. 83 ජූලි කලබල වලට මගපෑදුවෙත් ඔය සිද්ධිය මුල්කර ගෙනයි.   
බැස්ටියන් පිල්​ෙල් කියන්නේ ​බොහොම දක්ෂ පොලිස් නිලධාරියෙක්. උතුරේ ක්‍රියාත්මක දෙමළ සන්නද්ධ කල්ලි ගැන වාගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ද හොඳ දැනුමක් අවබෝධයක් ඔහුට තිබුණා. බැස්ටියන් පිල්ලේ මහත්මයාට ලැබුණු ඔත්තුවක් අනුව එදා නැදුන්කර්නි ප්‍ර​ෙද්ශයේදී පැනලා ගිය ගුරුවරයා අත්අඩංගුවට ගත්තා.   


මඩු ප්‍රදේශයේ කැලෑවක එල්ටීටීඊ කුඩා කඳවුරක් තිබෙන බවත් එහි උමා මහේෂ්වරන් ඉන්නා බවත් ගුරුවරයා එක්ක ගියොත් වැටලීම සාර්ථක කර ගන්න පුළුවන් වෙන බව කියා ඔහුත් එක්ක ඒ ගමන යන්න පිටත්වුණා. බැස්ටියන් පිල්ලේ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ගිය මෙම වැටලීමට පොලිස් සැරයන් බාලසිංහම් හා කොස්තාපල් රියදුරු සිරිවර්ධන ගියා. රහස් පොලිසියට අයත් පර්ජෝ වර්ගයේ කාර් රථයකින් තමා මේ ගමන යන්න පිටත් වුණේ.   


උප පොලිස් පරීක්ෂක පෙරියම්පරම් රහස් පොලිසියේ රාජකාරි කරමින් සිටියත් ඔහු මෙම රාජකාරී කටයුතුවලට යොදවා තිබුණේ. ඒ නිසා පෙරියම්පරම් යාපනයේ රාජකාරි කරමින් සිටියා. ඔහු යාපනයේ ඉඳලා රාජකාරී කටයුත්තක් සඳහා රහස් පොලිසියට පැමිණ තිබුණා. ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගෙන තිබුණා. උමා මහේෂ්වරම් අල්ලන්න යන කට්ටිය ගිය කාර් එකට ඔහුත් නැග්ගා ඒ ඔහු යාපනයට එන්න හිතාගෙනයි.   


උමා මහේෂ්වරම් අල්ලා කුදලාගෙන ඒමට රහස් පොලිස් කණ්ඩායම පර්ජෝ කාර් රථයෙන් මඩු ප්‍රදේශය බලා පිටත්ව ගියා. එම කාර් රථයේ සිටි සැකකාර පාසල් ගුරුවරයාගේ මග පෙන්වීම අනුව මේ ගමන ගොස් තිබේ. 


මෙතැනින් එහාට කාර් එකේ ගියොත් අපි එන බව දැනිලා උමා පැන ගන්න පුළුළුනි. ඒ හින්දා සර් මෙහෙ කාර් එක නවත්වලා අපි පයින් යමු කියා ගුරුවරයා යෝජනා කර තිබෙනවා. බැස්ටියන් පිල්ලේ මහතා ඔහු කළ ඒ යෝජනාවට කැමති වෙලා. කොස්තාපල් සිරිවර්ධන කාර් එකට වෙලා ඉන්න කියා අනිත් කට්ටිය පා ගමනින් කැලේ ඇතුළට යන්න පිටත් වෙලා තබෙනවා. පෙරියම්පරම් යාපනය යන ගමන පසෙක දමා උමා අල්ලන්න යන ගමනට එකතුවෙලා. උමා මහේෂ්වරන් අල්ලාගෙන එන්න යන අතරවාරයේ එල්ටීටීඊ කණ්ඩායමක් සඳහාම සිටිරහස් පොලිස් කණ්ඩායමට වෙඩි තබා තිබෙනවා.  


මේ අවස්ථාවේ දිවි බේරා ගැනීමට උප පොලිස්පරීක්ෂක පෙරම්බරම් දිවගොස් තිබෙනවා. පෙරම්බරම් ඒ වෙනකොට මැදිවිය පසුකර තිබු කෙනෙක්. ඔහු දිව යද්දී පොළොවට සමාන්තරව තනා තිබූ විශාල ළිඳක් තුළට ඇද වැටුනා. වෙඩි ශබ්ද ඇසුන නිසා සිරිවර්ධන හිතලා තියෙන්නේ අපේ කට්ටිය කොටින්ට වෙඩි තියනවා කියලා. ඔහු ඒ ගැන විපරම් කර බලන්න ගියාම ඔහුටත් කොටි වෙඩි තබා මරාදමා තිබෙනවා.   


රහස් පොලිසියේ කට්ටිය ආපු කාර් එක පැහැරගෙන එකෙ නැගලා පලා ගිහින් තිබෙනවා. ඒ කාර් එක කොළඹ යාපනය දුම්රිය මාර්ගයට ආසන්නයේ ඕමත්ත ප්‍රදේශයට ගෙන ගොස්  ළදු කැලෑවක් ළඟදී පුලුස්සා දමා අපරාධය සිදුකළ කොටි පලා ගිහින්. කොළඹ ඉඳලා යාපනයට යන යාල්දේවි කෝච්චියේ රියදුරු කාර් රථයක් ගිනි ගන්නවා දැකලා ඒ බව දුම්රිය බලධාරීන් දැනුම්වත් කරලා ඊට පස්සේ මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පොලිස් කණ්ඩායමක් ගොස් පිළිස්සි ගොස් තිබුණ කාර් රථය සොයා ගත්තා. උමා මහේෂ්වරන් අල්ලා ගන්න ගිය රහස් පොලිසියේ අයට වෙච්ච දෙයක් ගැන කිසිම හෝඩුවාවක් දැන ගැනීමට ලැබුණේ නැහැ.  
රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක සුසෙයිදාසන් මහතා ඝාතනය කළ රහස් පොලිස් නිලධාරීන්ගේ සිරුරූ සොයාගෙන ඒවා ​ෙස​ා​යාගත් ආකාරය ගැන සිය මතකය අවදිකරමින් වචනවලට පෙරළුවේ මෙසේය. 

මඩු මුරුන්කන් ප්‍රදේශයේ තිබුණ ළිඳට වතුර ගෙන්න ගිය ඒ ළඟ තිබුණ වත්තක හේවාරාළ කෙනෙක් ළිඳේ මළ සිරැරක් තිබෙනවා දැක ඒ ගැන ඕමන්ත පොලිසියට කිව්වාට පස්සේ පොලිසියේ රාලහාමි කෙනෙක් පා පැදියක නැගී ඒ ළිඳ තිබෙන ඉසව්ව සොයාගෙන ගිහින්. උදේ මළ සිරුරක් දැක තිබෙනවා. පොලිසියේ රාලහාමිට ඉවසන්න බැරි කුණු ගඳක් දැන අවට ප්‍රදේශය තුළ විපරම් කර බැලුවාම මළ සිරුරු දෙකක් මුලින් දැක ගැනීමට ලැබිලා. තව ටිකක් සොදිසිකර බලද්දි තවත් මළ සිරුරක් දැක ගැනීමිට ලැබිලා. මළ සිරුරු තුනම හඳුනා ගැනීමට නොහැකි තරමට නරක්වෙලා.  


පොලිස් රාලහාමි මේ ගැන පොලිසියට දැනුම්දීලා ​ෙපාලිස් කණ්ඩායමක් සිරුරු තිබුණ තැනට ඇවිත් තිබෙනවා. ළිඳේ තිබුණ සිරුරු ගොඩ ගන්නකොටත් ඒ සිරුරු හඳුනා ගන්න බැරි තරමට නරක්වෙලා. කාලයක් රහස් ​ෙපාලිසියේ සේවය කරලා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස්වීමක් ලැබිලා. නිෂාම් මහත්තයාත් ඒ වෙනකොට වවුනියාවේ රාජකාරී කරලා. ඒ සහකාර පොලිස් අධිකාරී නිෂාම් මහත්තයාත් සිද්ධිය ​ෙවච්ච තැනට ඇවිත්. ළිඳෙන් ගොඩට ගත්ත සිරුර පරීක්ෂා කර බලලා එතකොට කලිසම් සාක්කුවේ අයිඩෙන්ටි කාඩ් එකක් තිබිලා හම්බවෙලා. ඒක සි.අයි.ඩී එක නිකුත් කරලා තිබුණ හැඳුනුම්පතක්. සහකාර පොලිස් අධිකාරීවරයා මේ ඉන්නේ එස් .අයි. පෙරම්බරම්නේ කියා හැඳුනුම්පත පරීක්ෂා කර බලා පවසා තිබෙනවා. ඊට පස්සේ තමා මරලා දාලා තිබුණ අනිත් තුන්දෙනා කවුද කියලා හඳුනා ගත්තේ.   


පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ සහ පොලිස් සැරයන් බාලසිංහම් යන නිලධාරීන් දෙදෙනාගේ සිරුරු කීතු කීතුවලට කපා දමා තිබෙන බවත් පොලිස් කොස්තාපල් සිරිවර්ධනට වෙඩි තබා මරා දමා ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවුණා. උප පොලිස් පරික්ෂක පෙරම්බරම් මියගොස් තිබෙන්​ෙන් දිව යද්දී ළිඳට ඇද වැටී වතුර පෙවීම නිසා බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වුණා. මේ සිද්ධිය වෙලා දවස් ගණනකට පස්සේ තමා සිරුරු සොයා ගත්තේ. ඒ වෙනකොටත් අත්අඩංගුවට පත්ව සිටි පාසල් ගුරුවරයා සොයමින් සිටියේ යැයි රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයා කීය.   


රහස් පොලිසියේ හතර දෙනා සමග උමා මහේෂ්වරන් අල්ලාගෙන ඒමට ඔහු ඉන්න තැන පෙන්වීමට ගිය පාසල් ගුරුවරයාට වෙච්ච දෙයක් ගැන ඒ වනවිටත් කිසිදු හෝඩුවාවක් රහස් පොලිසියට ලැබී තිබුණේ නැත.  


සැකකාර ගුරුවරයා කල් ඇතිව කරන ලද සැලැස්මකට අනුව රහස් පොලිස් කණ්ඩායම මඩු කැලෑ ප්‍රදේශයට උපක්‍රමශීලීව කැඳවාගෙන ගොස් කොටි ත්‍රස්තවාදීන් ලවා මරා දමන්නට ඇති බවට රහස් පොලිසිය සැක කරයි.   


කනගරත්නම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී උමා මහේෂ්වරන් අල්ලා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ඝාතනය කරන අවස්ථාවේ පලා ගිය පාසල් ගුරුවරයා ගැන කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබිය දී ඔහු ගැන ඔත්තුවක් ලැබී තිබුණේ ද සුසෙයිදාසන් මහතාටය.   


මේ ඒගැන තොරතුරු හෙළිකරමින් ඔහු කී කතාවයි.   


අපේ අත්අඩංගුවේ සිටියදී මඩු ප්‍රදේශයට ගිය අවස්ථාවේ පලාගිය ඉස්කෝලේ ගුරුවරයා වැල්වැටිතුරේ පැත්තේ ඉන්නවා කියා ඔත්තුවක් මට ලැබුණා. මම සී.අයි.ඩී. එකේ තවත් රළහාමි කෙ​ෙනක් එක්ක කාර් එ​ෙකන් වැල්වැටිතුරේට ගියා. මම රියැදුරෙක් වශයෙන් වෙස්වළාගෙන හයර් එකක් යන කෙනෙක් විදියට තමා ගියේ. එහෙම ගිහින් මම පාසල් ගුරුවරයා අත්අඩංගුවට අර ගත්තා. ඔහු අත්අඩංගුවට ගත්තේ සිද්ධිය වෙලා මාස හයකට පස්සේ.   


වැල්වැටිතුරේ දී අල්ලා ගත්තා ගුරුවරයාත් ප්‍රශ්න කරද්දී ඔහු එදා කැලෑවේදී වෙච්ච දේවල් අකුරක් නෑර වැමෑරුවා. එ්ත් කනගරත්නම් මහතාගේ ඝාතනයට සම්බන්ධ වුණ උමා මහේෂ්වරන් අපිට කවදාවත් අල්ලාගන්න ලැබුණේ නැහැ.   


කනගරත්නම් මහත්මයාගේ සහාය සම්බන්ධයෙන් අපේ කට්ටිය අල්ලා ගත්තු දමිළ දරුවන් හය දෙනාගෙන් කෙනෙක් කොල්ලුපිටියේ බෝඩිමේ ඉන්නකොට නිකමට වාගේ ඒ බෝඩිමේ තිබුණ ටයිප්රයිටරයේ එයාගේ නමයි නැවතිලා ඉන්න බෝඩිමේ එඩ්ඩ්‍රස් එකයි ටයිප් කරලා ඒකෙන් තමා එල්ටීටීඊ එක කනගරත්නම් මහත්තයාගේ ගේ ළඟ දාලා ගිහින් තියෙන්නේ ඒ කොල්ල නික්මට වාගේ එයාගේ නම එඩ්ඩ්‍රස් එක ටයිප් නොකරන්න කනගරත්නම් මහත්තයාගේ ඝාතකයින් වැඩි කරදරයක් නැතිව අල්ලාගන්න පුළුවන්කම ලැබුණා. ඒ කොහොම වුණත් දක්ෂ රහස් පොලිස් නිලධාරීන් හතර දෙනකු අපට අහිමි වුණා. බැස්ටියන් පිල්ලේ වැනි දක්ෂ පොලිස් නිලධාරියෙක් අහිමිවීම අපට තදින්ම දැනුණා යැයි හිටපු ​ෙපාලිස් පරීක්ෂකවරයා වසර 39ක අතීතය සිහිපත් කරමින් පවසයි.   


ඒ කාලයේ වගේම අදත් රහස් පොලිසියේ බොහොම දක්ෂ නිලධාරීන් ඉන්නවා. රහස් පොලිස් නිලධාරියකු විදිහට මම හරිම තෘප්තියෙන් රාජකාරී කළා. ත්‍රස්ත විමර්ශන කටයුතුවල දිගටම නියැලි හිටිය නිසා මටත් එල්ටීටීඊ එකෙන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට දමිළ පොලිස් නිලධාරීන් හොය හොයා මරා දමන්න පටන්ගෙන තිබුණ කාලයක්. මමත් එල්ටීටීඊ එකේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව දැන ගැනීමට ලැබුණා. ඒ නිසාම මම රට හැර ගියා. මම ගියේ ඩුබායි රටට. ඒ ර​ෙට් රස්සාවක් කරලා කොටි කලබල අඩුවුණාම තමා අපහු ලංකාවට ආ​ෙව්. සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් වෙලා හිටිය රාජපක්ෂ මහත්තයා මට ආයෙත් රහස් පොලිසියට එන්න කියා කතා කළා. නමුත් අයෙත් පොලිසියට බැඳෙන්න හිටියේ නැහැ. එත් මම අදටත් රහස් පොලිසියට ආදරය කරනවා. ගෞරව කරනවා.   


ඒ හිටපු පොලිස් පරීක්ෂක සුසෙයිදාසන් මහතාගේ හඩයි.   


රහස් ​ෙපාලිසියේ එවකට පොලිස් පරීක්ෂකයකු ලෙස සේවය කර නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා විශ්‍රාම ලබා සිටින සිසිර මෙන්ඩිස් රහස් පොලිසියේ ස්ථානාධිපති සිට නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ලැබූ එස්. සී. පතිරණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕ​.කේ. හේමචන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී,වී. ඩබ්ලිව්. ඩී. සිල්වා, නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටි සුන්දරලිංගම්, බී.ඒ. ජෙගනාදන් මිලර් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුව සිටි ජී.ඩී.බී. පෙරේරා යන මහත්වරුන් ද මේ පරීක්ෂණවලට සම්බන්ධවී සිටියා මට මතකයි.   


සිසිර මෙන්ඩිස් කියන්නේ රහස් පොලිසියේ ඉන්න කාලයේ බොහොම අවංකව රාජකාරීවල දක්ෂ නිලධාරියකු බවත් මට මෙහිද විශේෂයෙන් සිහිපත් කරන්න අවශ්‍ය යැයි ද හිටපු පොලිස් අධිකාරීවරයා කීය.   


සුසෙයිදාසන් මහත්තයා 1971 වසරේදී ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙනි.   


රහස් පොලිසියේ සැරයන්  වසර 05ක පමණ කාලයක් රාජකාරීකර ඇති ඔහු දක්ෂ බාස්කට් ​ෙබා්ල් ක්‍රීඩකයකු ද විය.   


ශ්‍රී ලංකා පොලිස් බාස්කට් බෝල් සංගමයේ නියෝජිත වශයෙන්ද සුසෙයිදාසන් මහතා වසර ගණනක් කටයුතු කර ජයග්‍රහණ රැසක්ම අත්කර දී පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරියෙකි.   


කනගරත්නම් මහතාගේ ඝාතනයට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි උමා මහේෂ්වරන් පසුකාලීනව ප්‍රභාකරන් සමග විපිරිසරක් ඇති කරගෙන ඔහුගෙන් ප්ලොට් සංවිධානය පිහිටුවාගෙන එහි නායකත්වයට පත් වුණා. උමා මහෙස්වරන් පසුව ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයට එකතු වුණා. ප්ලොට් නායක උමා මහේශ්වරන් 1989 වසරේ ජූලිමාසයේ දිනක බම්බලපිටියේ දී ඝාතනය වුණා. උමා එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ තද වෛරයක පාත්‍රව සිටි අයෙක් බවද කතාවට එක් කරමින් හිටපු රහස් පොලිස් පරීක්ෂකවරයා කීය.   


කනගරත්නම් මහත්තයා කියන්නේ හොඳ අවංක දේශපාලනඥයෙක්. ඔහු හැම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලපු දේශපාලනඥයෙක්. එහෙම දේශපාලනඥයකුව තමා මරා දැම්මේ. කනගරත්නම් මහත්තයා මරන්න හවුල්වන උමා මහේෂ්වරන්ව අවසානයේ කොටි මරා දැම්මා යැයි ඔහු පැවසීය.     


 රහස් ​ෙපාලිසියේ හිටපු පොලිස් පරීක්ෂක ඇන්තනිපිල්ලෙ සුසෙයිදාාස් මහතා මටහමුකර දෙනු ලැබුවේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ නිහාල් කරුණාරත්න මහතාය.   


ඒ මහතා ඔහු හඳුන්වා නොදෙන්නට මෙවැනි කතාවක් ලියැවෙන්නට ඉඩ නොතිබිණි. ඒ නිසා නිහාල් කරුණාරත්න මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.   

 

සටහන: ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය   
ඡායාරූප මාදම්පේ එස්. හේරත්.