කෙසෙල් ගස් සහ අඹකොළ හින්දු සැරසිලිවලට ගන්නේ ඇයි ?


 

හින්දු ආගමේ “වායු දේවතා” ලෙස හඳුන්වන ජලය නොමැතිව කිසිවෙකුට පැවතිය නොහැකි අතර අපගේ පැවැත්මට ගස් හා වැල් අත්‍යවශ්‍ය බවට සැකයක් නැත. හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ස්වභාදහමට අයත් ගස්, වැල් හා සතුන් අවංකවම විශාල භක්තියකින් යුතුව වන්දනාමාන කරනු ලැබේ. පුරාණයේ සිටම හින්දු ආගමිකයින් අතර ගස්, දෙවියන් ලෙස ගෞරවයට පාත්‍ර වන අතර සෑම ගසක්ම සහ සතෙකුම හින්දු දෙවියන් සහ දේවතාවියන් හට සෘජුවම සම්බන්ධ වනවා මෙන්ම විශේෂ ගුණයන්ගෙන් යුතුව වැදගත් ලෙස සලකනු ලබයි.


● හින්දු බැතිමතුන් ආගමික සහ වෙනත් උත්සව සඳහා කෙසෙල් ගස් භාවිත කරන්නේ ඇයි? 


පූජාවන්හි සහ මංගල අවස්ථාවල වන්දනාවට පාත්‍රවන තුල්සි, පීපල්, නීම්, ආම්, අශෝක, බිල්වපත්‍රා, නරියාල්, අඹ සහ තවත් බොහෝ ශාක මෙන් කෙසෙල් පැළයට ද හින්දු ආගමික සංස්කෘතිය තුළ වන්දනාමාන කෙරේ. 


කෙසෙල් ගසේ මුල, කඳ, පත්‍ර සහ ගෙඩි යන සෑම කොටසක්ම වැදගත් ලෙස සැලකේ. කෙසෙල් ගස ගසක් නොවුණත් එහි ව්‍යුහය සහ ශෛලිය නිසා ගසක් ලෙස දිස්වේ. මෙම පූජනීය කෙසෙල් ගස බ්‍රහස්පති දෙවියන් ලෙස සලකනු ලබන අතර පවුලේ සුබසාදනය පතා වන්දනා කරනු ලබයි. කෙසෙල් ගස විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දෙවියන් ද සංකේතවත් කරන අතර විෂ්ණු දෙවියන් එහි වැඩ හිඳින බව පැවසේ. 


බ්‍රහස්පතින්දා දිනයේ විෂ්ණු සහ ලක්ෂ්මී දෙවියන්ට කෙසෙල් ගෙඩි පූජා කරන යුවළට එය ප්‍රීතිමත් සහ සාමකාමී විවාහ දිවියක් ගෙනදෙන බව ආගමික විශ්වාසයයි. එමගින් හොඳ මූල්‍ය ස්ථාවරයක් ලබා දෙන බව ද පැවසෙන අතර මෙම පූජාව සඳහා වසරේ දීප්තිමත්ම භාගයේ (දෙසැම්බර් - ජනවාරි) එකළොස් වැනි දිනය සුභදායක යැයි සැලකේ. 
බ්‍රහස්පති ග්‍රහදොස්වලින් දුෂ්කරතා හා පීඩා විඳින උදවිය සෑම බ්‍රහස්පතින්දාවකම කෙසෙල් ගසට නමස්කාර කිරීම ඇරඹිය යුතු අතර එහි අයහපත් බලපෑම් මගහරවා ගැනීමට බ්‍රහස්පති මැණික් ගලක් පැළඳිය නොහැකි නම් කෙසෙල් ගසේ මුල් කොටස් පැළඳිය හැකි බව සඳහන් කරයි. කෙසෙල් ගෙඩි විෂ්ණු දෙවියන්ට පූජා කරනවා සේම එහි පත්‍ර ගණ දෙවියන්ට පූජා කරනු ලබන්නේ පවුලේ සතුට සහ සමෘද්ධිය පතා ආශිර්වාද ලබා ගැනීමටය. එමෙන්ම ආහාර පූජාවන් සඳහා ද පත්‍ර භාවිතා කරන අතර කෙසෙල් කැන් සහිත ගස් හින්දු ආගමික උත්සවයන් හිදී ඇතුල්වීමේ දොරටුව සැරසීමට යොදා ගන්නේ එම ස්ථානයට දෙවියන් වැඩීම පිළිගැනීම සඳහා ය. තවද විවාහයක දී යුවළගේ ජීවිතය සදා හරිත විය යුතු බවත් සදාකාලික බැඳීමකට මගපෑදිය යුතු බවත් සංකේතවත් කරමින් විවාහ ශාලාව දෙපස මනාලයා සහ මනාලිය නියෝජනය කරමින් කෙසෙල් ගස් දෙකකින් සැරසීම අනිවාර්ය සාම්ප්‍රදායික සිරිතක්ව පවතී. 


● නිවසට ඇතුල්වන දොරටුවේ අඹ කොළ මාලයක් එල්ලන්නේ ඇයි? 


හින්දු බැතිමතුන්ගේ පොදු සිරිතක් ලෙස නිවසේ හෝ කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන සහ ඕනෑම අවස්ථාවක අඹ කොළ මාලයකින් දොරටු අලංකාර කිරීම සිදුකරයි. ඊට හේතුව ඔවුන් අඹ කොළ ඉතා පූජනීය ලෙස සැලකීමයි. ඕනෑම හින්දු ආගමික උත්සවයක දී අඹ කොළ පහකින් කළයක් සරසා එහි සින්දූර් ආලේප කිරීම සිරිතකි. අඹ කොළ මාලයක් එල්ලීමෙහි ප්‍රධානතම වැදගත්කම නම්, අඹවලට ඉතා ඇළුම් කළ පාර්වතී දේවතාවියගේ සහ ශිව දෙවියන්ගේ පුතුන් දෙදෙනා වන ගණපති සහ මුරුගන් දෙවියන් සංකේතවත් කිරීමයි. මෙය හුදෙක් සම්ප්‍රදායක්ම පමණක් වුවත් එහි යම් විද්‍යාත්මක හේතූන් ද පවතී. 


මෙසේ අඹ කොළ එල්වා තැබීමෙන් නිවසට හෝ පූජාවන් පැවැත්වෙන ස්ථානයට ඇතුළු වන සෘණාත්මක ශක්තිය අවශෝෂණය කරන බව පැවසේ. එනිසා එමගින් නපුරු ආත්මයන් පලවා හරින බව හින්දූන්ගේ විශ්වාසයයි. මෙම මාලය උත්සව අවස්ථාවල දී පමණක් නොව සාමාන්‍ය දිනවල ද එල්ලා තබන අතර ඉන් නිවසට සහ නිවැසියන්ට ආශිර්වාදයක් සැලසෙන බව ද පැවසේ. 


මෙම මාලය සැකසීමට යොදා ගන්නේ නැවුම් තද කොළ පැහැ පත්‍රයි. අප කවුරුත් දන්නා පරිදි හරිත පත්‍ර කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් මුදාහරින අතර එමගින් වායුගෝලය පිරිසිදුව තබාගැනීමට සහ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙයි. කෘමි සතුන් ද ඊට ආකර්ෂණය වන නිසා වාසයට සුදුසු පරිසරයක් ගොඩ නැගේ. කොළ පැහැය මනසට නැවුම් බවක් සහ සහනයක් ලබා දෙයි. අතිශයින්ම ආතති සහගත ජීවිතයක් ගතකරන පුද්ගලයන්ට සොබාදහමත් සමග කාලය ගතකිරීම සැනසිලි සුවයක් ගෙනදේ. එය මොළයට විවේක ගැනීමට ඉඩ සලසන අතර නොදැනීම කායික මානසික නිරෝගීකම රැකදෙයි. අවධානය, සිහිය සහ ශක්තිය නැවත ස්ථාපනය කරමින් කාංසියේ මට්ටම අඩු කරයි. එබැවින් දොරටුවේ හරිත අඹ කොළ මාලයක් එල්ලීම මානසික ආතතිය සමනය කිරීමට සහ වළක්වා ගැනීමට යොදාගන්නා උපක්‍රමයක් ද විය හැකිය. 

 

 


පැතුම් වීරසිංහ