කුජ සහ යුරේනස් හදිසි විපත්වලට දායක වෙනවාද?


ග්‍රහ ලොවේ චණ්ඩියා ලෙස සලකන කුජ හෙවත් අඟහරු කේන්ද්‍රයක අශුභ ස්ථානගත වීමෙන් හදිසි විපත් අනතුරු, ලේ සෙලවීම් ආදිය ඇතිවන බව නොරහසකි. මේෂ වෘශ්චික රාශිවලදී කුජ ස්වක්ෂේත්‍ර බලය ලබන අතර මකරයේදී උච්චබලය ලබයි. කටකයේදී නීචවේ.   


කුජ අධිපතිත්වය දරන මේෂ වෘශ්චික හිමියන් තරමක් මුරණ්ඩු, තේජවන්ත, යටත් නොවන, සටන්කාමී, උෂ්ණාධික ශරීර ඇත්තෝ වෙති. උපතින් කුජට යහපත් ස්ථාන ලෙස හඳුන්වන 3, 6, 10, 11 (උපචය ස්ථාන) යන භවයන්හිදී යහපත් ප්‍රතිඵල ලබාදෙන බව කිව යුතුයි. අශුභ ස්ථාන ලෙස 1, 2, 4, 5, 7, 8, 12 දැක්විය හැකිය. එහෙත් මෙම ස්ථානවල කුජ බලවත්ව හෝ ශුභ ග්‍රහයන් දකීනම් අගුණ අඩු වේ.   


කුජ 10 වැන්නේදී දිග් බලය ලබන බැවින් යහපත් සංවිධාන ශක්තිය, උසස් රැකියා, ප්‍රධානත්වය පාලනය කිරීමේ හැකියාව වැනි ගුණාංග ලැබේ.   


සාමාන්‍යයෙන් 1, 2, 4, 7, 8, 12 යන ස්ථාන විවාහ ජීවිතයට අයහපත් බලපෑම් ඇති කරන බැවින්, එයට ගැළපෙන ලෙස කේන්ද්‍ර පරික්ෂා සිදු කිරීමද ප්‍රසිද්ධ කරුණකි. 

 
තවද කුජ ශනි සමග සංයෝග වීම ශනි මංගල යෝගය ලෙසද කුජ චන්ද්‍රයා සමග සංයෝග වීම චන්ද්‍ර මංගල යෝගය ලෙසද ජ්‍යොතිෂයේ හැඳින්වේ. මෙම යෝගය එක් කේන්ද්‍රයක පවතී නම් විවාහය ප්‍රමාද වීම හෝ අසාර්ථක වීම හෝ ඉක්මනින් වැන්දඹු වීමටද බලපෑ හැකි බැවින් විවාහ වන දෙදෙනාගේම කේන්ද්‍රවල එම යෝග පවතී නම් එය යහපත් ලෙස සලකනු ලබයි.   


එසේම අශුභ කුජගේ දශාවක් ගත කරන්නේ නම් එම කාලවකවානුව තුළ ශල්‍යකර්ම, අනතුරු, තුවාල පීඩා, ලේ දූෂ්‍ය වීම්, නින්දා අවමන්, හිතුවක්කාර ගති විවාහය කඩාකප්පල් වීම්ද සිදුවිය හැකිය. විශේෂයෙන් කේන්ද්‍රයක 1, 2, 8, 12 යන ස්ථානයක කුජ සිටී නම් හදිසි මරණ අනතුරු අවි ආයුධවලින් පීඩා, නහර පිපිරීමෙන් මරණය ගෙන දිය හැකියි.   
එසේම යුරේනස් ග්‍රහයාද කුජ සිදු කරන කාර්යයන්වලට දායකත්වය දෙනු ලබන ග්‍රහයෙකු වේ. හදිසි විපත්වලින් ජීවිතය අහිමි වූ සමහර පුද්ගලයන්ගේ කේන්ද්‍රවල යුරේනස් ග්‍රහයා කුජ සමග සංයෝගව සිටින බව පෙනී ගොස් ඇත. එසේම කුජ සහ යුරේනස් වෙන වෙනම 1, 2, 8, 12 වැනි ස්ථානවල සිටීමද හදිසි අනතුරු, වෙඩි වැදීම්, ගින්නෙන් අනතුරු, බෝම්බ පිපිරීම්, සියදිවි නසාගැනීම් ආදියට හේතු විය හැකියි.   


යුරේනස් තනිව හෝ කුජ සමග සංයෝගව ලග්නෙන් 8 වැන්නේ සිටීම විශේෂයෙන් අයහපත් ග්‍රහ පිහිටීමක් වේ. එහෙත් ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහයෙකුගේ දෘෂ්ටිවලින් විපත් වැළකෙන අවස්ථාද ඇතිවිය හැකිය.   


2017.05.13 යුරේනස් මේෂ රාශියට පැමිණි අතර 2024.06.02 දක්වා යුරේනස් එම රාශියේ ගෝචර වේ. 2019.02.06 කුජ ද මේෂ රාශියට පැමිණ 2019.03.23 දක්වා ගමන් කරයි. මේ නිසා කුජ සහ යුරේනස් එකට සංයෝගව ගමන් කිරීම නිසා බොහෝ රටවල්වල හදිසි අනතුරු සමූල ඝාතන පිපිරීම්, මිනීමැරීම්, වෙඩි තැබීම්, වසංගත රෝග, ගිනි ගැනීම්, වැඩිවශයෙන් සිදුවිය.   


හදිසියේ ජීවිතයෙන් සමුගත් බොහෝ අයගේ කේන්ද්‍රවල ඉහත සඳහන් ආකාරයට කුජ යුරේනස්ගේ අශුභ පිහිටීම් ඇති බව ජ්‍යොතිෂ පර්​ෙ‌ය්ෂණවලදී දක්නට ලැබුණි. ඒ අතර දේශපාලනයට දායක වූ අය, ආරක්ෂක අංශවල නිලධාරීන්, බෝම්බ වෙඩිතැබීම්වලින් ජීවිත අහිමිවූ අය සියදිවි නසාගත් අය රිය අනතුරුවලින් මියගිය අයද වූහ.   

 


ජ්‍යොතිර්වේදිනී   
​ෙඛ්මා සුභාෂිණී වීරතුංග   
මාඉඹුල, නිට්ටඹුව