කාන්තාවන්ට නුසුදුසු දේහ ලක්ෂණ


 

කාන්තාවකගේ දෙනෙත වට වූද මොළොක් වූයේ ද නිල් පැහැ වූයේ ද ඇස් බැම දුන්නක් ආකාර වූයේ ද ඇය රාගාධික වන අතර, තුනී වූ පහතට නැවුනා වූ ඇස් ඇත්තී පරපුරුෂයන් කරා යන්නේය. තවද දිගුවන් වූ ද මහත් වූ ද ඍජු වූද අක්ෂි යුගල සහ තුනී වූ ලෝම සහිත දෙබැම ඇත්තී අශිෂ්ට ගුණ​ෙයන් යුතු වේ.

 

අග මහත් වූ රත් පැහැ ගැන් වූ නැමීගිය ස්වභාවයක් පෙන්නුම් කරන නහය ඇත්තී සැමියා විසින් අතහැර දමන්නියක් වන බවත්, අග පැතලි වූ නාසය ඇත්නම් අනුන්ට බැලමෙහෙවරකම් කරන්නියකි. පහතට එල්බෙන්නා වූ නාසය ඇත්තී සැමියාට විරුද්ධකම් කරන ගුප්ත ලෙස සොර සැමියන් සොයායන්නියකි. වෛශ්‍යාවකගේ නාසය මුල කවාකාරව ද අග කොටස මහත්ව තැලුන ස්වභාවයක් ද ගනී.


ස්ත්‍රී නළල් තලය රෝමවලින් වැසී තිබීම ලෙඩ රෝග වැලඳීමට හේතු වේ.


පිරුණු බවින් යුතු කොණ්ඩය ඇති කත මානයෙන් හිස උදුම්මා ගත් දාමරික අය සමග සම්බන්ධකම් පවත්වන වැරැදි ක්‍රියාවලට සම්බන්ධ වන කෙනෙක් වන අතර, පිගුවන් වූ මහත් වූ ඝන හිස කෙස් පිහිටි තැනැත්තිය කනවැන්දුම් කතකි.


වඳ ස්ත්‍රියකගේ තල්ල මැද නිල් පාට ස්වභාවයක් ගනී. රළු තල්ල ඇත්තී දුක්ඛිත ජිවිතයක් ගෙවන්නියකි. විශාල නළල් ඇත්තී දිළිඳුය.
මදක් නිල් පාට දිව ඇත්තී නිතර අඬදබර කරන්නියකි. දිවේ කළු ලප වැනි පැල්ලම් ඇත්නම් කටකාර දබර කරන කටවහ ඇති කතකි.


කාන්තාවකගේ ඉදිරි දත් පෙළ අතර හරි මැද හිදැසක් තිබේ ද ඇයගේ විවාහ ජිවිතයට කරදර ඇති වේ. යට ඇන්දේ දත් විකාර ලෙස පිහිටියේ නම් ඇය විශ්වාස කළ නොහැකි වැන්දඹුවකි.


මහත් වූ ග්‍රීවය අැති ස්ත්‍රිය සැමියා අතහැර දමන්නියක වන බවත්, බෙල්ලේ සුළියක් ඇත්තේ නම් සැමියා මියයන බවත් පෙන්වන අතර, පැතලි ආකාර බෙල්ලක් වූයේ නම් සැමියකු නොලබයි.


නිකට හරි මැද උපන් ලපයක් පිහිටීම කාමුක බව පෙන්වයි. තවද නිකටෙහි රැවුල මෙන් රෝම ඇත්තේ පාපී ස්ත්‍රියන්ටය. ඉන්නෙක් මෙන් විශාල ලපයක් නිකට මැද ඇත්නම් ඇය චරිතය කෙලෙසා ගන්නා පව්කාරී කාන්තාවකි.


දබරවලට පැටලී වියරු ලෙස හැසිරෙන කාන්තාවන්ගේ උරහිස් පුරුෂයකුගේ මෙන් පෘෂ්ටිමත්ව වැඩී ඇත.


ස්ත්‍රියකගේ වම් අතේ මාපටඟිල්ලේ සිට සුළැඟිල්ල කරා රේඛාවක් විහිදී ගියේ නම් ඇය තම හිමියා හැර යන්නියක් හෝ නසන්නියකි.


වෘක මැසි ගෝණුසු නාග සත්ත්වයන්ගේ ලකුණු අත්ලේ සටහන් වූ ස්ත්‍රිය බොහෝ රෝගාබාධවලින් පීඩා විඳින්නියකි.
සක් පබළු බෙලිකටු සමාන වූ ද වළගැසුණා වූද දුර්වර්ණ වූ ද නියපොතු පිහිටි ස්ත්‍රිය දුක් පීඩා විඳින දිළිඳු කෙනෙකි. සොර සැමියන් සමග අනාචාරයේ හැසිරෙන කාන්තාවන්ගේ නිය මතුපිට ස්වේත වර්ණ ලප ඇති වේ. නිය මතුපිට කළු ලප ඇති ස්ත්‍රිය අඬදබර කර ගැනීමට පෙළඹෙන අශුභ තැනැත්තියකි.


ස්ත්‍රියකගේ රෝම කූපයක රෝම දෙක බැගින් පිහිටියේ නම් ඇය දිළිඳු වැන්දඹුවකි. රළු රෝම සහිත ස්ත්‍රිය දරුණුය, දුෂ්ටය, හිතුවක්කාරිය.


අයහපත් කාන්තාවන්ගේ භගය රෝමවලින් ආකුල වී විවෘත ස්වභාවයක් පෙන්වයි. භගය ලම්බමානවද පැතලිව ද අධි රෝමවලින් ගැවසුණේ ද ඇය නිතර අපවාද විඳින දිළිඳු කතකි. වමට කැරකී ගිය රෝම සහිත භග තලය ඇත්තී පරපුරුෂයන් සතුටු කරන සමාජයේ නින්දා අපහාසවලට ලක්වෙන අගෞරවයට ලක්වන්නියකි.


ක්ෂ වූ ද රෝම සහිත වූ ද ගොරහැඩි ආකාර වූ ද කොණ්ඩා පිහිටි ස්ත්‍රිය සමාජ අගෞරවයට පත් වන අනාචාරයේ හැසිරෙන්නියකි.
ස්ත්‍රියකගේ දඹර ඇඟිල්ල පමණට වඩා දික්වූ යේ ද ඇය ඉතා මුරණ්ඩු තම සැමියාට පවා නින්දිත ලෙස කතා කරන තැනැත්තියකි.
පොළවට මහත් ඉහළින් සුළැඟිල්ල පිහිටි කතගේ සැමියා අඩු වයසින් මියයයි. පර පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවගේ සුළැඟිල්ල අහස දෙසට ඉස්සී තිබේ.


ස්ත්‍රියකගේ පාදයේ ඇඟිලි එක පිට එක සිටින ආකාරයට පිහිටියේ ද ඇය පරපුරුෂයන් සමග සතුටු වන්නීය. නිරූපිකාවන්ගේ ඇඟිලි මෙසේ පිහිටා ඇත.


ගමන් කරන විට දෙවැනි ඇඟිල්ල බිම ස්පර්ෂ නොවේ නම් ඇගේ පළමු සැමියා මියයයි. ඇගේ දෙවැනි සැමියාත් මියයයි. මැදඟිල්ල බිම ස්පර්ශ නොවේ නම් තෙවැනි සැමියා ද මියයනු ඇත.


දෙවැනි ඇඟිල්ල හෝ මැදඟිල්ල නොපිහිටි කත වැන්දඹුවකි. මැදඟිල්ල බිම නොවදින අය හිමියන් තිදෙනකු ද ලබයි.


කාන්තාවකගේ යටි පතුල සම්පූර්ණයෙන් පොළව ස්පර්ශ කරයි නම් ඉතා අශුභය. ඇය අශෝභන ජීවිතයක් ගත කරන්නියකි. තාරවකු මෙන් ගමන් කරන ස්ත්‍රිය නිතර ඇවිදින රහසින් පව් කරන්නියකි.

ජ්‍යොතිෂවේදී, වාස්තු උපදේශක, යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන