ඔ​ෙබි කේන්දරයේත් මෙම යෝග තිබ්ය හැක


නෞකා යෝගය  


ලග්නයේ සිට හත්වැන්න දක්වා 1, 2, 3, 4, 5, 6, 7 යන රාශිවල රාහු - කේතු හැර අනෙක් සියලුම ග්‍රහයින් පිහිටීම නෞකා යෝගයයි. මෙම යෝගය ඇති අය ජලයට සම්බන්ධ රැකියාවලට සුදුසුය. විදේශ ගමන් යෙදේ. අරපිරිමැස්ම ඇත. ස්ථිර දියුණුව අඩුය.  


ජත්‍ර යෝගය

  
හත්වැන්නේ සිට ලග්නය දක්වා 7, 8, 9, 10, 11, 12, 1 යන භාවවල ග්‍රහයන් පිහිටීමෙන් ජත්‍ර යෝගය යෙදේ. මෙම යෝගය ඇති අයගේ ජීවිතයේ මුල සහ අග කාලය ශුභදායක වන අතර මැදභාගය තරමක් කරදර සහිතය. රජයේ රැකියා තනතුරු හිමිකම අැත.  


සමුද්‍ර යෝගය  


සියලු ග්‍රහයින් 2, 4, 6, 8, 10, 12 යන ස්ථානවල පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ. මෙය සැපවත් ජීවිතයක් ගත කළ හැකිවන යෝගයකි. මෙම යෝගය ඇති අයට ජලයට සම්බන්ධ රැකියා ව්‍යාපාර වලින් ධනය ලැබිය හැක. දේපළ හිමි පිරිසකට නායකයෙක් වැනි අයෙක් වේ.  


යුෂ යෝගය  


මෙය සියලුම ග්‍රහයින් 1, 2, 3, 4 යන භාව හතරේ පිහිටීමෙන් යෙදේ. මෙය අධ්‍යාපනයට සුබ යෝගයකි. ගුණයහපත් සංවර ආගමට ළැදි අයෙක් වේ.  


ශක්ති යෝගය  


සියලුම ග්‍රහයන් 7, 8, 9, 10 යන භාවවල පිහිටීමෙන් යෙදෙන මෙම යෝගය ඇති අය උනන්දුව උත්සාහය, ආත්ම ශක්තිය අඩු අයෙක් වේ.  


සර්ප යෝගය  


1, 4, 7, 10 යන භාවවල රවි, කුජ, ශනි යන පාප ග්‍රහයන් පිහිටීමෙන් මෙම යෝගය යෙදේ. මොවුන්ගේ ජීවන කරදර බාධකවලින් පිරි අසහනකාරී එකක් වේ.  


මාලා යෝගය  


1, 4, 7, 10 යන ස්ථානවල පමණක් බුධ, ශුක්‍ර, ගුරු යන ග්‍රහයින් පිහිටීමෙන් යෙදෙන මේ යෝගය ඉතා සුබ එකකි. ගේ දොර ඉඩකඩම් යානවාහන ආදී සැප සම්පත් ලැබෙන අතර ජීවිත කාලය ඉතා සතුටින් ගත කළ හැකිය.  


ඉෂු යෝගය  


සියළුම ග්‍රහයින් 4, 5, 6, 7 යන භාව හතරේ පිහිටීමෙන් මෙම යෝගය යෙ​දේ. මේ යෝගය ඇති අයට දැඩි හිතක් ඇත. දරුණු පුද්ගලයින් ඇසුරු කරන අය වේ.  


දණ්ඩ යෝගය  


10, 11, 12, 1 යන භාවවල සියලු ග්‍රහයින් පිහිටා තිබීමෙන් දණ්ඩ යෝගය යෙදේ. මේ අයට බොහෝ විට අනුන් යටතේ වැඩ කිරීමට සිදුවන අතර විවාහවීමේ වාසනාව හෝ දරුවන් අහිමිවීමට ඉඩ ඇත.  


චාප යෝගය  


මේ යෝගය යෙදෙන්නේ සියලු ග්‍රහයින් 10, 11, 12, 1, 2, 3, 4 භාවවල තැන්පත් වීමෙනි. මේ යෝගයෙන් තම සැප සතුට පමණක් හිතන අහංකාර ලැජ්ජා භය නැති අයෙකු බිහිකරයි.  


චක්‍ර යෝගය  


සියලු ග්‍රහයන් 1 - 3 - 5 - 7 - 9 - 11 යන ස්ථානවල සිටීමෙන් චක්‍ර යෝගය යෙදේ. මේ යෝගය ඇති අයට හොඳ ආර්ථික ස්ථාවර බවක් පවතී. ගරු බුහුමන් ලැබෙන නිලයක් බලයක් සහිත උසස් තත්ත්වයක් හිමි වේ.  

 

 

 


කපිල ඉන්ද්‍රික ගුණදාස  
මනස ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා සේවය  
මාලිබොඩ, දැරණියගල.